IMG-LOGO

2024 ඔක්තෝබර් මස 11 වන සිකුරාදා


පැරලිම්පික් තරග බලන්න ක‍්‍රීඩා ඇමැති ලන්ඩන් යයි

ලන්ඩන් නුවරදී දැන් පැවැත්වෙන 14 වැනි පැරලිම්පික් කී‍්‍රඩා උළෙල නැරඹීම සඳහා කී‍්‍රඩා ඇමැති මහින්දානන්ද අලූත්ගමගේ මහතා දැන් ලන්ඩන් නුවරට පැමිණ සිටියි. පැරලිම්පික් උළෙල පැවැත්වෙන ”ලන්ඩන්” ප‍්‍රධාන ඔලිම්පික් ක‍්‍රීඩාංගනයට පෙරේදා (03) පැමිණි කී‍්‍රඩා ඇමැති අලූත්ගමගේ මහතා ශ්‍රී ලංකා කී‍්‍රඩක ලෙස්ලි කුමාර උස පැනීමේ ඉසව්වට තරග වදින අයුරු නැරඹීය. එහිදී ඔහු ”ලන්ඩන්’’ නුවරට පැමිණ සිටින ශ්‍රී ලංකා පැරලිම්පික් කණ්ඩායමේ කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් හා නිලධාරින්ද මුණ ගැසුණි. ඔලිම්පික් කී‍්‍රඩාංගනයේදී ශ්‍රී ලංකා මාධ්‍යවේදීන්ට අදහස් දැක්වූ ඇමැතිවරයා මෙසේ ද පැවැසීය. ”පැරලිම්පික් උළෙලේදී අපේ කී‍්‍රඩකයන් පැරදුණා. එකෙන් කියන්නෙ අපිට අලූතින් යමක් සිතන්න සිදුවෙන බවයි. මෙතනට ආවම පේනවා අපි ඉන්නෙ කොතැනද කියලා” යයි කී‍්‍රඩා ඇමැතිවරයා පැවැසීය. වැඩිදුරටත් අදහස් දැක්වූ කී‍්‍රඩා ඇමැතිවරයා කියා සිටියේ ශ්‍රී ලංකාවේ ආබාධිතයන් සඳහා වන කී‍්‍රඩා ඉසව් යුද්ධයෙන් ආබාධිත තත්ත්වයට පත්වූ හමුදාවේ අයට සීමාවි තිබෙන තත්ත්වයක් පෙනෙන බවත් එහෙත් එය  මුළු රටේම ආබාධිතයන් සඳහා පුළුල් කළ යුතු බවට තමන් විශ්වාස කරන බවත්ය. එල්.ටී.ටී.ඊ. හිටපු සාමාජිකයන් අතර දක්ෂයන් ඉන්න බව මා දැක්කා. ඔවුන්ටත් මේ සඳහා ඉදිරියේ අවස්ථාව ලබාදිය යුතුයි” යයි ද ඇමැතිවරයා පැවැසීය. මේ අතර ඇමැතිවරයා පැවසුවේ ”ලන්ඩන්” පැරලිම්පික් උළෙල සඳහා සහභාගි වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ ක‍්‍රීඩකයන්ට හා නිලධාරීන්ට ගුවන් ප‍්‍රවේශ පත‍්‍ර සහ නිල ඇඳුම් ලබා දීමෙන් කී‍්‍රඩා අමාත්‍යංශය අනුග‍්‍රහය දැක් වූ බවයි.



අදහස් (0)

පැරලිම්පික් තරග බලන්න ක‍්‍රීඩා ඇමැති ලන්ඩන් යයි

චන්ද්‍රසිරි Wednesday, 05 September 2012 01:22 PM

මෙම තරඟ සඳහා මීට වඩා හොඳ පුහුණුවක් ලබාදිය යුතුයි..(ස)

:       0       0

ෂෙරීෆ් Wednesday, 05 September 2012 07:48 PM

මෙම ඔලිම්පික් උළෙලේ ඇමතිවරුන්ටත් ඉසවුවක් වෙන් වුණා නම් කොපමණ ෂෝක්ද? (නි)

:       0       0

ගයා Thursday, 06 September 2012 09:00 AM

අපේ දේශපාලනයෙන් බිහිවෙන පැරා කට්ටිය මේ තරග වලට සහභාගි කරවන්න අදහසක් නැද්ද? (නි)

:       0       0

ගුණරත්න Wednesday, 05 September 2012 08:40 PM

නිලධාරීන් යන්නේ නැද්ද? (නි)

:       0       0

ධනුක Wednesday, 05 September 2012 08:47 PM

නියම ප්‍රවෘත්තියක්. මම හත් වතාවක් කියෙවුවා. තවත් කියවන්න ආසයි. (නි)

:       0       0

ලලිත Thursday, 06 September 2012 09:23 AM

පැරා ඔලිම්පික් ,ඔලිම්පික් කොමිටි එකෙන් යම්කිසි මුදලක් ඒ ඒ රටවලට දෙනවා . (නි)

:       0       0

සිසිර Wednesday, 05 September 2012 02:23 PM

ක්‍රීඩා ඇමතිතුමාව හුග කාලෙකට පස්සෙනේ මතක්වුණේ (නි)

:       0       0

සමන් Wednesday, 05 September 2012 02:39 PM

යමක් කළයුතු බව හැගුනත් කළයුත්තේ කුමක්දැයි නොතේරේ (නි)

:       0       0

සිසිර Wednesday, 05 September 2012 03:02 PM

තනියමද ගිහිල්ලා තියෙන්නේ? (නි)

:       0       0

අරොෂ් Wednesday, 05 September 2012 03:02 PM

මගේ ප්‍රාර්ථනාව තමයි ලංකාවේ ඉපදිලා ඇමතිකෙනෙක් වෙන එක..(ස)

:       0       0

සිල්වා Thursday, 06 September 2012 04:49 PM

ඔලිම්පික් උළෙලේ ක්‍රීඩකයන්ට වඩා එහි ගිය නිලධාරීන් ප්‍රමාණය වැඩියි. (නි)

:       0       0

සිල්වා Wednesday, 05 September 2012 03:28 PM

ගිය මාසෙත් ඔබතුමා ගියා. මේ මාසෙත් ඔබ තුමා ගියා. ලබන මාසෙත් යමු. ජය වේවා....(ස)

:       0       0

රොෂාන් Thursday, 06 September 2012 10:42 AM

තමන්ගේ පුද්ගලික වියදමින් ගියාද යන්න දැන ගැනීමට අවශ්‍යයි. (නි)

:       0       0

රණසිංහ Wednesday, 05 September 2012 03:23 PM

ක්‍රීඩා අමාත්‍යාංශයම ආබාධිත වෙලයි තියෙන්නේ දැන්..(ස)

:       0       0

ෆාරු Wednesday, 05 September 2012 10:43 AM

වෙන වැඩ නැතුවට...(ස)

:       0       0

මාටින් Wednesday, 05 September 2012 03:57 PM

මේක ඉන්දි‍යාවේ හරි ආසියාවේ වෙන රටක හරි තිබුණා නම් කවුරුත් නැතිවෙයි (නි)

:       0       0

රූපවතී Wednesday, 05 September 2012 03:57 PM

මුදල් අපේ. සහභාගි වෙන්නේ නිළධාරීන් (නි)

:       0       0

සනත් Wednesday, 05 September 2012 03:51 PM

මෙච්චර නිළධාරීන් ගොඩක් මොකටද? (නි)

:       0       0

පනාගොඩ Wednesday, 05 September 2012 04:31 PM

හැම මාසයකම ඔලිම්පික් තියෙනවානම් කොච්චර ශෝක්ද නේද (ස)

:       0       0

බෙනට් Wednesday, 05 September 2012 11:24 AM

ලංකාවේ අතපය හතර හොඳට තිබුන අයත් ඔලිම්පික් ගිහින් පච වෙලා ආවනම් මේ ක්‍රීඩකයන් ගැන මොන කතාද ?..... ලංකාවේ ආබාදිතයෙක් කියන්නේ රටේ කිසි තැනකට තනිව ගමනක් යන්න , තනිව කිසිදෙයක් කරගන්න බැරි කෙනෙක් .... ඒ තත්වය ඇතිකරලා තියෙන්නේ අපේ බලධාරීන්මයි.... දියුණු රටවල නම් ආබාදිතයෙකුට වාහනයක් පැදවීමේ සිට සියලු දේ තනිව කළහැකි වෙන ලෙස වැඩ සලස්වල තියෙනවා ...කොහොම හරි ලංකාව ඉන්නේ මොන තත්වේද කියල ඇමති තුමාටම තේරුන එක ලොකු දෙයක් ....(ස)

:       0       0

දිනේෂ් Thursday, 06 September 2012 04:30 AM

ජය වේවා! (නි)

:       0       0

සෑම් Wednesday, 05 September 2012 11:33 AM

අයියෝ සල්ලි...(ස)

:       0       0

සුමනා Wednesday, 05 September 2012 11:38 AM

අනේ ඇමතිතුමා තමන්ගේ අතින්ම වියදම් කරගෙන වෙන්න ඇති ගියේ, නේද? අනේ, මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. (නි)

:       0       0

නිරාන් Wednesday, 05 September 2012 11:39 AM

හැමෝම ඇයි මේ නිළධාරීන්ට බණින්නේ? (නි)

:       0       0

රාජා Wednesday, 05 September 2012 11:40 AM

ඇමතිතුමා තනියමද ගිහින් තියෙන්නෙ? (නි)

:       0       0

දීපා කුරුප්පු Thursday, 06 September 2012 06:43 PM

අපරාදෙ රටේ සල්ලි...!!(නු)

:       0       0

සිල්වා Thursday, 06 September 2012 07:11 AM

ඇයි ඒ එයා ගියේ? (නි)

:       0       0

රණබා Wednesday, 05 September 2012 11:48 AM

මේවා ඉතින් අපේම සල්ලිනේ (නි)

:       0       0

බණ්ඩාර Thursday, 06 September 2012 06:53 PM

ඇමතිතුමාට මේ දවස් වල බරටම වියදම් නේද? (නි)

:       0       0

වාසල Wednesday, 05 September 2012 12:02 PM

ඕක දැනගන්න ඔතනටම යන්න ඕනද ???? (ස)

:       0       0

කැටවල Wednesday, 05 September 2012 06:03 PM

ඇමතිතුමාගේ මුහුණ දකිනකොට අපිට අමුතු ශක්තියක් එනවා. (නි)

:       0       0

මයික් Wednesday, 05 September 2012 06:52 PM

මුළු ක්‍රීඩා සංහතියම නැතිවෙලයි තියෙන්නේ. ඕවා බලන්න ගිහින් වැඩක් නැහැ. (නි)

:       0       0

අහිංසා Wednesday, 05 September 2012 12:41 PM

දිනුවත් පැරදුනත් අපි අපේ වැඩ ටික කොහොමහරි කරගන්නවා (ස)

:       0       0

වරුණ Wednesday, 05 September 2012 01:16 PM

ඔලිම්පික් බලන්නත් ගියානේ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අපේක්ෂකයින්ගේ නම් හෙට ලංකාදීපයේ
2024 ඔක්තෝබර් මස 11 1310 0

2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .


සංවර්ධන වැඩවල වගකීම රාජ්‍ය නිලධාරීනුත් ගත යුතුයි
2024 ඔක්තෝබර් මස 11 89 0

මින් ඉදිරියට රටේ ක්‍රියාත්මක කෙරෙන සංවර්ධන ව්‍යාපෘතිවල යෝග්‍යතාව හා ඉන් ජනතාවට අත්වන ප්‍රතිලාභ සම්බන්ධයෙන් රජයේ නිලධාරීන් වගකිව යුතු බව අග්‍රාමාත්


අපරාධ බුද්ධි විශ්ලේෂණ කොට්ඨාසයට නව අධ්‍යක්ෂවරයෙක්
2024 ඔක්තෝබර් මස 11 765 1

අපරාධ බුද්ධි විශ්ලේෂණ හා නිවාරණ කොට්ඨාසයේ නව අධ්‍යක්ෂවරයා ලෙස විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය ම


රජයට කෝටි පහමාරක් අහිමි කල ජීප්රිය රාජසන්තක කරයි
2024 ඔක්තෝබර් මස 11 1070 0

රුපියල් කෝටි පහමාරක බදු රජයට අහිමි කරමින් රේගුවට හොර රහසේ ආනයනය කළේ යැයි අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ මිට්ෂුබිසි වර්ගයේ සුඛෝපභෝගී මොන්ටේරෝ ජ


රාජ්‍ය සාහිත්‍ය සම්මානය උළෙල තාවකාලිකව අවලංගු කරයි
2024 ඔක්තෝබර් මස 11 302 0

රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්‍රදානෝත්සවය සහ රාජ්‍ය ළමා නාට්‍ය උළෙල මැතිවරණ කොමිෂන් සභාවේ උපදෙස් පරිදි තාවකාලිකව අවලංගු කළ බව බුද්ධ ශාසන ආගමික හා සංස්කෘත


ආසනික් විෂ රට සැමන් හරවා යවයි
2024 ඔක්තෝබර් මස 11 668 1

ඇමෙරිකා ඩොලර් දෙලක්ෂ පහලොස් දහසක පමණ වටිනාකමකින් යුතු ආසනික් විෂ සහිත සැමන් තොගයක් නැවත ප්‍රති අපනයනය කිරීමට කටයුතු කර ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්ත


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39943 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25922 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 205 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 400 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1288 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site