IMG-LOGO

2024 සැප්තැම්බර් මස 20 වන සිකුරාදා


ප‍්‍රවීණ කි‍්‍රකට් මාධ්‍යවේදී පීටර් රෝබක් දකුණු අපි‍්‍රකාවේදී දිවියෙන් සමුගනී

අන්තර්ජාතික කි‍්‍රකට් ක්ෂේත‍්‍රයේ සිටි විශිෂ්ටතම වාර්තාකරුවකු සහ තීරු ලිපි රචකයකු මෙන්ම එංගලන්ත ප‍්‍රාන්ත කි‍්‍රකට් තරගාවලියේ සිටි දක්‍ෂ පිතිකරුවකුද වූ පීටර් රෝබක් මහතා දකුණු අපි‍්‍රකාවේ හෝටලයකදී පසුගිය සෙනසුරාදා (13 වැනිදා) අවසන් හුස්ම හෙළීය. මිය යන විට 55 වැනි වියේ පසුවූ රෝබක් මහතා  ඕස්ටේ‍්‍රලියාව සහ දකුණු අපි‍්‍රකාව අතර පැවැත්වෙන ටෙස්ට් තරගාවලියේ වාර්තාකරුවකු ලෙසින් කටයුතු කරමින් සිටියේය. රෝබක් මහතාගේ මරණය සියදිවි නසා ගැනීමක් බව දකුණු අපි‍්‍රකානු පොලිසිය නිවේදනය කරයි. එංගලන්තයේ උපත ලද පීටර් රෝබක් මහතා කේම්බි‍්‍රජ් විශ්ව විද්‍යාලයේ නීතිය හදාරා ඇති අතර පළමු පෙළ තරග 355 කට සහභාගි වීමෙන් පසුව කි‍්‍රකට් වාර්තාකරණය සිය ජීවන වෘත්තිය ලෙසින් තෝරා ගත්තේය. ලෝකයේ සුප‍්‍රසිද්ධ පුවත් පත් කිහිපයකටම වාර්තා සැපයූ රෝබක් මහතා  ඕස්ටේ‍්‍රලියානු ගුවන් විදුලි සේවයේ විස්තර විචාරකයකු ලෙසින්ද කටයුතු කළේය. එංගලන්ත ප‍්‍රාන්ත කි‍්‍රකට් තරගාවලියේ දැක්වූ දස්කම් නිසා 1988 දී වසරේ හොඳම කි‍්‍රකට් කී‍්‍රඩකයන් පස් දෙනාට හිමිවන ‘විස්ඩන් කි‍්‍රකට් කී‍්‍රඩකයා’ සම්මානය දිනාගත් පීටර් රෝබක් 80 දශකය මුල් භාගයේදී එංගලන්තයේ සමර්සෙට් ප‍්‍රාන්ත පිලේ නායකත්වය දැරීය. එංගලන්ත පිලේ හිටපු නායක ඉයන් බොතම් සහ කොදෙව් පිලේ හිටපු නායක ශී‍්‍රමත් විවියන් රිචඞ්ස්ද රෝබක් නායකත්වය දැරූ සමයේදී සමර්සෙට් පිලට කී‍්‍රඩා කළහ. කි‍්‍රකට් කී‍්‍රඩාව පිළිබඳව ලියැවුණු පොත් කිහිපයකම කතුවරයාද වන රෝබක් මහතා කි‍්‍රකට් කී‍්‍රඩාවේ සිදුවන අකටයුතුකම් පිළිබඳ නිර්දය විචාරකයකු වශයෙන්ද ප‍්‍රසිද්ධියක් ඉසිලීය. පීටර් රෝබක් (ඡායාරූපය: ඒ.එෆ්.පී.)



අදහස් (0)

ප‍්‍රවීණ කි‍්‍රකට් මාධ්‍යවේදී පීටර් රෝබක් දකුණු අපි‍්‍රකාවේදී දිවියෙන් සමුගනී

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ළමා නිවාසයක දැරියන් දෙන්නෙක් පැනගිහින්
2024 සැප්තැම්බර් මස 20 339 0

මොනරාගල ළමා නිවාසයක දැරියන් දෙදෙනෙකු ළමා නිවාසයෙන් පැනගොස් ඇතැයි මොනරාගල පොලීසිය පවසයි.


ඡන්දෙට සියල්ල සූදානම්
2024 සැප්තැම්බර් මස 20 459 0

2024 ජනාධිපතිවරණය සඳහා මේ වන විට සියලු කටයුතු සූදානම් වෙමින් පවතී.


මිදිගම ඝාතනයට දෙකක් සැකපිට
2024 සැප්තැම්බර් මස 20 627 0

මිදිගම ගොවියාපාන පාලම අසල දි පුද්ගලයකුට වෙඩි තබා මාළු ව්‍යාපාරිකයකු ඝාතනය කළ බව කියන වෙඩික්කරුවන් දෙදෙනා මිදිගම අහංගම ප්‍රදේශයේදී හෙරොයින් සමග අත්අ


වාර්තාවක් දෙන්න අල්ලස් ගත් සැරයන් මාට්ටු
2024 සැප්තැම්බර් මස 20 338 0

පොලිස් වාර්තාවක් ලබාදීම සඳහා රුපියල් 5000ක අල්ලසක් ගත් බව කියන පොතුහැර පොලිසියේ සැරයන් වරයෙක් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විස


බැසිල් රටින් පිටව යයි
2024 සැප්තැම්බර් මස 20 4618 0

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නිර්මාතෘ , හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අද අලුයම ඩුබායි බලා පිටත්ව ගිය බව ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා සනාථ කළ


දෙහිවල වෙඩි තැබීමකින් සෞඛ්‍ය කම්කරුවා මරුට
2024 සැප්තැම්බර් මස 20 1400 0

දෙහිවල ගල්කිස්ස නගර සභා සෞඛ්‍ය කම්කරුවකුට දෙහිවල කඩවත පාරේ දී වෙඩි තබා ඝාතනය කර ඇතැයි දෙහිවල පොලිසිය කියයි.


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 85 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 83 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 137 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site