(ආරියරත්න රණබාහු )
සිනමාව වේදිකාව පුංචි තිරය ජයගත් ප්‍රවීණ රංගන ශිල්පී ඩබ්ලිව් .ජයසිරි මහතා දිවි රඟමඩලෙන් අද (22 )උදෑසන සමුගත්තේ ය.
මිය යන විට 77වන වියේ පසුවු ඒ මහතා දෙදරු පියෙකි.
1947මැයි01වැනි දින ගාල්ලේ හිරිඔුර ප්‍රදේශයේදී ජන්මලාභය ලැබු වීරපුල්ලිගේ ජයසිරි වඩාත් ප්‍රකට වුයේ ඩබ්ලිව් ජයසිරි ලෙසය.
1966 දී සුගත පාල ද සිල්වාගේ හරිම බඩු හයක් නාට්‍යයේ රඟපෑමෙන් වෙිදිකාවට එක්වු හෙතෙම ඉන්පසු දුන්නා දුනුගමුවේ, මුතුකුමාරි, මරාසාද් ඇතුළු නාට්‍ය රැසකද අදිසි නදිය, ,අඩෝ,අකාල සන්ස්යා කුඹීයෝ, ධවල කන්යාා නීලපබළු, සිඳු නෝ පාකින්, සහ සිහින සාප්පුව, ඇතුළු ටෙලිනාට්‍ය 50කට වැඩි සංබ්යාවක රඟපා ඇත"ඒඅතරින් සිඳු' ටෙලිනාට්‍යයේ ඔහු රඟපෑ ලොකු හාමුදුරුවන් ගේ චරිතය බොහෝ දෙනාගේ ප්‍රසාදයට ලක්විය.
ඔහුගේ සිනමා ආගමනය සිදු වී ඇත්තේ1973වසරේදී තිරගතවු දාහකින් එකෙක් චිත්‍රපටයෙනි. ඉන්පසු විසිදැල, දුවට මවක මිස, භවදුක සංක්‍රාන්ති, සුද්දිලාගේ කතාව, එයා දැන් ලොකු ළමයෙක්, ආදී චිත්‍රපට රැසක චරිතාංග නළුවෙකු ලෙස ප්‍රේක්ෂක ආකර්ෂණය දිනාගත්තේය.
දුවට මවක මිස චිත්‍රපට යේ රඟපෑම වෙනුවෙන්1997දී හොඳම සහාය නළුවාට හිමි ජනාධිපති සම්මාන ය දිනාගත් හෙතෙම 2012දෙරණ ලක්ස් සම්මාන උළෙලේදී ගාමණී චිත්‍රපට යේ රංගනය සඳහා හොඳමසහාය නළුවා ලෙස සම්මානයට පාත්‍ර විය..
ධර්මසේන පතිරාජා අධ්යක්ෂ ණය කළ බඹරැ ඇවිත් චිත්‍රපට යේ ආචාර්ය ප්‍රේමසිරි කේමදාස ගේ සංගිතයට " හඳුනාගත්තොත් ඔබ මා "ගිතය රචනා කරනු ලැබුවේ ජයසිරි විසිනි.එම ගීතය සිංහල සිනමාවේ තේමා ගීත අතර ඉතා ඉහළ රසික හා විචාරක ප්‍රසාදයට ලක්වු අතර හොඳම ගිතරචනයට හිමි ජනාධිපති සම්මානය ද හිමි විය.
ඒ මහතා කිතුලම්පිටිය මධ්‍ය විද්‍යාලය,මාතර සුමංගල, සහ ගාල්ලේ විද්‍යාලෝක යන පාසල්හි ආදී සිසුවෙකි.. අවසන් කටයුතු පසුව දැනුම්දීමට නියමිතය.
කඳුකර ප්‍රදේශයට ඇදහැලෙන ධාරානිපාත වර්ෂාවත් සමඟ මෙරට පංච මහා ජලාශයන්ගෙන් ප්‍රධානතම ජලාශය වන වික්ටෝරියා ජලාශය වාන්දැමීම ආරම්භ කළ බව එම ජලාශයේ කාර්යභා
මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයෙන් නිවාස ලබා ගැනීමට නවක මන්ත්‍රීවරුන් 80 දෙනෙකු අයදුම්පත් යොමු කර ඇතැයි පාර්ලිමේන්තුවේ උසස් නිලධාරියෙක් ලංකාදීප
කෝප් සහ කෝපා ඇතුළු පාර්ලිමේන්තුවේ ප්‍රධාන කමිටු පිහිටුවන යාන්ත්‍රණය වන තේරීම් කාරක සභාව( committee of selection) සඳහා නාම යෝජනා ඉදිරිපත් කරන ලෙස කතානායක සපුමල් රන්
නිෂ්පාදිත දිනය සහ කල් ඉකුත්වන දිනය වෙනස් කරන ලද කුරක්කන් ටොන් 22ක් සහ කූනිස්සන් කිලෝග්‍රෑම් 975ක් කොටහේන ප්‍රදේශයේදී වෙළඳපලට නිකුත් කරමින් තිබියදී වැටල
සිය නිවසේ දී සිදුවූ විදුලි සැර වැදීමකින් ගල්කිරියාගම පුබ්බෝගම ප්‍රදේශයේ කාන්තාවක අද (27) මියගිය බව ගල්කිරියාගම පොලිසිය පවසයි.
පරිසර අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස කේ.ආර්. උඩුවාවල මහතාත්, විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස වයි.එල්.මොහොමඩ් නවාවි මහතාත් ජනාධිපති අනුර දිස
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ප්‍රවීණ රංගධර ඩබ්ලිව් ජයසිරි දිවි රඟ මඩලට සමුදෙයි