IMG-LOGO

2024 නොවැම්බර් මස 15 වන සිකුරාදා


පුරාවිද්‍යා කණ්ඩායමක් හෙට ජනපති මැදුරට

( සුජිත් හේවාජුලිගේ )

ජනාධිපති මන්දිරයේ  සම්පූර්ණයෙන්ම විනාශවී ඇති සහ හානිවී ඇති  සංස්කෘතික දේපළ මොනවා දැයි  තොරතුරු සටහන් කර ගැනීම සඳහා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් එම මන්දිරයට හෙට (27) යොමු කෙරෙන බව  සහකාර පුරාවිද්‍යා අධ්‍යක්ෂිකා  (බස්නාහිර පළාත්) ශ්‍යාමලී රාජපක්ෂ මහත්මිය ලංකාදීපයට පැවසුවාය.

පොලිසියෙන් කෙරුණු ඉල්ලීමක්  අනුව  ඒ සඳහා  කටයුතු කෙරෙන බවද ඇය සඳහන් කළාය.

ජනාධිපති මන්දිරයේ තිබූ සංස්කෘතික දේපළ සම්බන්ධයෙන් පැහැදිලි තොරතුරු පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සතුව නොපවතින හෙයින් එම  මන්දිරයේ භාණ්ඩ ලැයිස්තුව පරික්ෂා  කර බලා  තොරතුරු සටහන් කර  ගැනීමට   බලාපොරොත්තු වන බව පැවසූ රාජපක්ෂ මහත්මිය  ඉදිරි විමර්ශන සඳහා එම තොරතුරු  බෙහෙවින් උපකාරී  වනු ඇතැයිද  සඳහන් කළාය.

කොළඹ ජනාධිපති මන්දිරය ඇතුළු ප්‍රධාන ගොඩනැගිලි  හතරක් අරගල කරුවන් විසින් පසුගියදා අත්පත් කරගනු ලැබීය. මෙම ගොඩනැගිලි වලට හානි සිදුවූයේ ඉන් අනතුරුවය.

ජනාධිපති ලේකම් කාර්යාලය අරලියගහ මන්දිරය සහ අගමැති කාර්යාලය හානි සිදුවූ සෙසු ගොඩනැගිලි වේ.

එම ගොඩනැඟිලිද පුරාවිද්‍යා නිලධාරීන්ගේ විශේෂ පරීක්ෂාවට පසුගියදා ලක්විය.

මේ අතර හානි සිදුවූ යම් යම් සංස්කෘතික දේපළ  නැවත ප්‍රතිනිර්මාණය කිරීමේ හැකියාව සම්බන්ධයෙන්ද කරුණු සොයා බලන බව  පුරාවිද්‍යා නිලධාරීහු පවසති.

පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය අනුර මනතුංග මහතාගේ උපදෙස් මත සහකාර පුරාවිද්‍යා අධ්‍යක්ෂිකා (බස්නාහිර පළාත්) ශ්‍යාමලී  රාජපක්ෂ මහත්මිය ඇතුළු නිලධාරීහු කණ්ඩායමක්  පුරා විද්‍යා නිරීක්ෂණ කටයුතුවල නියැලී සිටිති.

මෙයට අමතරව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීහු කණ්ඩායමක්ද මේ සම්බන්ධයෙන් විමර්ශන  පවත්වති.



අදහස් (5)

පුරාවිද්‍යා කණ්ඩායමක් හෙට ජනපති මැදුරට

AMILA Tuesday, 26 July 2022 04:17 PM

ජවිපෙ කාරයින් කොහොමත් ගිනිතියන්න රුසියන්... 88/89 කාලවලදී කොච්චර ට්‍රාන්ස්ෆෝමර් ගිනිතිබ්බාද?...

:       2       6

BTWednesday, 27 July 2022 08:39 PM

ඇයි ඇඹිලිපිටියේ කඩදාසි කම්හල? දිට්ඨ ධම්මේ ගැන කතාකරපු කෙනාටම කර්මාන්ත ඇමැති විදිහට ඒක දියුණු කරන්න පැවරිච්චි එක දෙෙවයේ සරදමක්...!

:       0       0

lakvidu Tuesday, 26 July 2022 06:55 PM

පාදඩ දේශපාලකයෝ රටට කරපු හානිය ඇස්තමේන්තු කරන්න ඔච්චර උනන්දුවක් තිබුණේ නැහැනේ..

:       2       5

BamunuarachchiWednesday, 27 July 2022 05:38 PM

ඉතින් අරගල කර කර පාරේ රස්තියාදු වෙන්නේ නැතුව අංක ගණිතය දන්නවා නම් කරාබු දෙක ගලවලා පැත්තකින් තියලා කොලේකුයි පැන්සලකුයි අරගෙන ඔහේ ඇස්තමේන්තු කරන්නකෝ...!

:       0       2

Bamunuarachchi Wednesday, 27 July 2022 05:34 PM

වෙච්චි හානිය ගැන ජෙප්පන්, කුරුට්ටන් මීක් නැහැ. ඉන්වෙන්ට්‍රියේ තිබෙන ඒත් ජනාධිපති මන්දිරයේ නැති බඩු අහවලාගේ ගෙදර ගිය බව ඒ කාලේ කියවුණා.

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ලොරිය දුම්රියේ ගැටී රියදුරු මරුට - 6 ක් රෝහලේ
2024 නොවැම්බර් මස 15 243 0

වැලිගම, පොල්අත්ත දෙණිපිටිය ප්‍රද්ශයේදී කුඩා ලොරි රථයක් දුම්රියේ ගැටීමෙන් අද (15) පස්වරුවේ එම රථයේ රියදුරු මරණයට පත් වූ බවත් එම අනතුරෙන් තුවාල ලැබූ දරුවන


කෝටි 165 ක හෙරොයින් සමඟ 6 ක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 15 461 0

රුපියල් කෝටි 165 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ 66 යි ග්‍රෑම් 840 ක් සමග නාවික හමුදාව විසින් ගැඹුරු මුහුදේදී අත්අඩංගුවට ගෙන තිබූ සැකකරුවන් 6 දෙනෙ


මහින්දගේ වාර්තාව විජිත බිදියි
2024 නොවැම්බර් මස 15 3445 0

මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී දිවයිනේ වැඩිම මනාප ඡන්ද සංඛ්‍යාව ලබා ගැනීමට ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රථමයා ලෙස පත් වූ ජාතික ජන බලවේගයේ විජිත හේරත්


අකුරණ නගරය ජලයෙන් යටවෙයි
2024 නොවැම්බර් මස 15 514 0

මහනුවර දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවලට අද( 15 ) සවස් කාලයේ ඇති වූ අධික වර්ෂාව හේතුවෙන් අකුරණ නගරයේ අදත් ගංවතුර තත්වයක් ඇතිව තිබිණි.


කාන්තාවෝ 20ක් දියවන්නාවට යති
2024 නොවැම්බර් මස 15 2602 1

මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් කාන්තාවන් විස්සකට වැඩි පිරිසක් තේරී පත්ව සිටීම විශේෂත්වයකි.මින් කාන්තාවන් වැඩි පිරිසක් තේරී පත්ව සිටින්නේ ජාති


’ජනතාව තැබූ විශ්වාසය කිසි දිනෙක පළුදු කරන්නේ නෑ’
2024 නොවැම්බර් මස 15 534 0

ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ ආසන 159 ක් ලබා දෙමින් ජනතාව තැබූ විශ්වාසය කිසිදිනක පළුදු නොකරන බවත් එම බලය ශ්‍රී ලංකාව ගොඩ ගැනීම සඳහා යොදා ගන්නා බවත් ජන


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 291 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 594 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1717 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site