(අමදෝරු අමරජිව)
ලොව ප්‍රථම චෛත්‍ය නිර්මාණය වන තිරියාය ගිරිහඩු සෑ පුදබිමට වෙන්කර ඇති ඉඩමට යාංඔය ප්‍රදේශයෙන් ඇතුළු වු එක්තරා හිමිනමක් ජේ.සි.බි. යන්ත්‍රයක් උපයෝගී කර ගනිමින් වන විනාශයක් සිදුකරන බව ගිරිහඩු සෑ විහාරාධිපති ශාස්ත්‍රවේදි දෙවිනුවර චන්දිම නැගෙනහිර ප්‍රධාන සංඝනායක හිමියෝ පැවසුහ.
වන විනාශය සිදු කරමින් පුරාවිද්‍ය කණු සිටුවමින් ඉඩම් කොල්ලයේ යෙදෙමින් තම පුදබිමට අයත් ඉඩමේ මේ වන විට ආරණ්‍ය සේනාසන දෙකක් ඉදිකරමින් පවතින බවත් විහාරාධිපති හිමියෝ පෙන්වා දුන්හ.
මේ වනවිට ජි.පි.එස්.තාක්ෂණය භාවිතා කරමින් මුලික දළ මැනුමෙන් පුදබිමට අක්කර 3059 ක් හිමිව තිබෙනවා. එහෙම තියෙද්දී තමන්ගේ නමට ඇති ජේ.සි.බි යන්ත්‍රයක් උපයෝගී කර ගනිමින් මේ වන විනාශය කරන්නේ.මේ සම්බන්ධයෙන් මෙය සොයා බලා නවත්වන්න කියලා ජනාධිපතිට ආණ්ඩුකාර තුමියටයි ලිඛිත දැනුම් දිමක් කළා.ඊට අමතරව පොලිසියේ පැමිණිල්ලක් දාලා තියනවා යැයි විහාරාධිපති හිමියෝ පැවසුහ.
එම චෝදනාව සම්බන්ධයෙන් කළ විමසුමකට පිළිතුරු දුන් පුල්මුඩේ අරිසිමලය ආරණ්‍ය සේනාසන සංචිතයේ සේනාසනාධිපති පනාමුරේ තිලකවංශ උතුරු නැගෙනහිර හා තමන්කඩුව දෙපලාතේ සංඝනායක හිමියෝ චෝදනා සත්‍යයෙන් තොර බව පැවසූහ.
ගිරිහඩු සෑ පුදබිමට අයත් ඉඩම් මම අල්ලලා නැහැ. වන විනාශයක් සිදු කරලත් නැහැ. පුරාවිද්‍යා මායිම් කණු මම හිටවලත් නැහැ. පද්මරාජ පබ්බත හා සත්ව රාජ පබ්බත කියන ආරණ්‍ය සේනාසන දෙක තියෙන්නේ මේ පුදබිමට අයත් භූමියෙන් පිට. මේ ආරණ්‍ය සේනාසන වලට ඉඩම් මනිද්දි මුල් මැනුමක් කරලා තියනවා නම් දෙවැනි මැනුමේදී සොයා ගන්න පුලුවන්. මට අයිති ජේ.සි.බි.යන්ත්‍රයක් නැහැ. මුල් කාලයේ අරිසිමලේ පාරවල් සකස් කරන්න මගේ ඥාති සහෝදරයෙක් ජේ.සි.බි.යන්ත්‍රයක් ගෙනත් පන්සලේ කාලයක් තිබ්බා. දිරලා යන නිසා එයා ඇවිත් විකුණලා ගියා. හාමුදුරුවරු භේද වන්න හොද නැති නිසා මම කියන්නේ ඉඩම් මැනිම් කරලා තියන ආකාරය ප්‍රාදේශිය ලේකම්ගෙන්, ඉඩම් කොමසාරිස්ගෙන් පුරාවිද්‍යාවෙන් අහලා නිවැරදි කර ගත්තොත් හොද යැයි කීය.
මේ සම්බන්ධයෙන් කළ විමසුමට පිළිතුරු දුන් ත්‍රිකුණාමල දිස්ත්‍රික් පුරාවිද්‍යා නිලධාරි මොහාන් සමීර ආරියතිලක මහතා පැවසුවේ යාංඔය ප්‍රදේශය පුරාවිද්‍යා නටබුන් හමුවු ස්ථානයක් පත්මරාජ පබ්බත යනුවෙන් ගැසට් කිරිමට පුරාවිද්‍යා මායිම් කණු සිටවු බවත් වන විනාශයක් සිදුවි ඇති බව තමන්ටද නිරික්ෂණ වු බවත් කීය.
ආණ්ඩුවේ නොහැකියාව හේතුවෙන් මුළු මහනුවර නගරයම එකම කසළ ගොඩක් බවට පත්වූයේ යැයි සමගි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල ම
මෙවර අපොස උසස් පෙළ විභාගයේදී (2024) සිසු සිසුවියෝ 9,457 ක් විෂයන් තුනටම ‘ඒ’ සාමාර්ථ ලබාගෙන ඇති බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා ද (27) පැවසීය.
ලබන නොවැම්බර්-දෙසැම්බර් කාලය වන විට ලංකාවේ ආර්ථිකය කඩා වැටෙන බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා පැවසීය.
මහර බන්ධනාගාර නියාමකවරයකුගේ නිවසේදී පැවති සාදයකින් අනතුරුව රෝගී වූ පුද්ගලයෙක් මියගොස් ඇතැයි මුල්ලේරියාව පොලිසිය කියයි.
ළමයින්ට, ගුරුවරුන්ට සහ දෙමවිපියන්ටත් වදයක් නැති අධ්‍යාපන ක්‍රමයක් 2026 සිට පළමු ශ්‍රේණියට සහ හයවන ශ්‍ර්ණියට ආරම්භ කරන බවත් මෙය ජනප්‍රිය වීමේ හෝ ඡන්දේ ම
මහනුවර නගරය පිරිසිදු කිරීමට අඛණ්ඩව දායක වූ මහනුවර මහ නගර සභාවේ කම්කරුවන් සඳහා දළදා වන්දනාවට විශේෂ අවස්ථාවක් අද පස්වරු 4 ට සලසා දී ඇතැයි රජයේ ප්‍රවෘත්ත
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
පුරාවිද්‍යා නටඹුන් සහිත බිමකට හිමිවරු දෙනමක් ගැටෙති
Ruhunu Monday, 08 March 2021 07:13 AM
අපට නිවන්මග පෙන්නලා හාමදුරුවරු කොයි මගද යන්න හදන්නේ.
vikum Monday, 08 March 2021 07:48 AM
ථෙරවාද විනය පිටකය කියවු මා වැන්නෙකුට දැනෙන ආකාරයට මේවා පත්තරයක දමන්න තරම් පුවත් නම් නොවේ, අනික සිංහල බුදු සමය හා දේපල අයිතිය ඉතිහාසයෙන්ම භික්ෂුන්ට පවරාතිබීම ම මෙවන් ගැටලු නිර්මණයට හෙතුවී ඇත,
Pradeep Monday, 08 March 2021 08:22 AM
සියල්ල අතහරින්නැයි කියමින් ගිහියන්ට උපදෙස් දෙමින් ඔබ වහන්සේලා මේ බදා ගන්නේ ඇයි හිමි වරුනි. ආරන්‍ය සේනාසනයක් ඉදිකිරීම සදහා නම් ඔය කටයුතු කරන්නේ ඊට අනුග්‍රහය ලබාදීම නේද කරන්න ඕන.
siri Monday, 08 March 2021 09:00 AM
ඔහොම යනකොට බුදුසසුන බැබලෙයි නියමෙට.
anula Monday, 08 March 2021 09:27 AM
අත්හරින්න කියලා ඇවිත් පුජාභූමි වලට මරාගන්නවානේ
පිටිගල මිලානෝ Monday, 08 March 2021 10:23 AM
මේ අයද අපිට සියලුදේ අතහරින්න කියන්නේ..?
විජිත් Monday, 08 March 2021 11:09 AM
බුදුන් වහන්සේ දේශනාකළ උතුම් ධර්මයේ සංක්ෂිප්තය " ඇලීමෙන් වලකින්න ,අත හැරීමට පුරුදුවෙන්න, ..." යන්නයි.