IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


පුරාවිද්‍යා නිලධාරීන්ගෙන් මාධ්‍යවේදියාට එරෙහි පැමිණිල්ලක්

රිටිගල බලන්න එන විදෙස් සංචාරකයන්ව රවටා මුදල් ගසා කන බව කියන සිද්ධියක් ගැන ජනමාධ්‍ය මගින් හෙළි කිරීමෙන් පසු එය වාර්තා කළ ලංකාදීප දඹුල්ල මාධ්‍යවේදී   කාංචන කුමාර ආරියදාස එරෙහිව ලැබුණු පැමිණිල්ලක් විභාග කිරීමට 10 වැනි දා ඔහු ගලෙන්බිඳුනුවැව පොලිසියට කැඳවා ඇතැයි පොලිසිය කියයි.

එදින පොලිසියට නොපැමිණියහොත් අධිකරණයට ඉදිරිපත් කරන බව ද  ගලෙන්බිදුනුවැව පොලිසිය දඹුල්ල පොලීසය හරහා මාධ්‍යවේදියාට ලිඛිතව දැනුම් දී ඇත.

පුරාව්ද්යා දෙපාර්තමේන්තුවේ නිලධාරින් කල පැමිණිල්ලක් අනුව පරීක්ෂණ පැවැත්වීමට ඔහුපොලිසියට කැදවා ඇතැයි පොලිසිය පවසයි.

පුරා විද්‍යා නිලධාරීන් පොලිසියට පැමිණිලි කිරීමට හේතු වූ කතාව ගැන මාධ්‍යවේදියා කියන කතාව මෙයයි.

‘ ‘රිටිගල බලන්න එන සංචාරකයන්ගෙන් පුරාවස්තු සංරක්ෂණ අරමුදලට කියා සල්ලි ගන්නවලු. ඒ වගේම මේකේ වැඩ කරන සමහර පුරාවිද්‍යා නිලධාරීන් සංචාරකයන්ගේ මග පෙන්වනවා කියා සල්ලි ගසා කෑමේ මගඩියකුත් තියෙනවා කියා ගොඩක් අය චෝදනා කරනවා.

මේ වැඩේ වසර ගණනක ඉඳලා වෙන බවට තොරතුරු ලැබුණා..  

රිටිගල කියන්නේ පුරාවිද්‍යාත්මක අතින් ගොඩක් වැදගත් තැනක්. ඒ නිසා එයභාරව ඉන්නේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවයි. මෙහෙම මගඩියක් කරන්නේ දෙස් විදෙස් සංචාරකයන්ට මේ ස්ථානය බලන්න නොමිලේ අවස්ථාව ලබාදීලා තියෙද්දී. හැබැයි මෙතනට එන විදෙස් සංචාරකයන් ලියාපදිංචියට කියා කාර්යාලයට අරන් ගිහින් ඔහුන්ගේ පෞද්ගලික තොරතුරු සටහන් කරගන්නවලු. ඊටපස්සේ එතන ඉන්න නිලධාරීන් පුරාවිද්‍යා සංරක්ෂණ අරමුදලට කියලා සල්ලි ලොකු පෙට්ටියකට දාගන්නවලු. සමහර විදෙස් කාන්තාවන් රුපියල් 1000 නොට්ටුත් මේ පෙට්ටියට දාලා යනවලු.

මේ පෙට්ටිය අපි පරීක්ෂා කළා. ඒ පෙට්ටියේ එක ඉබ්බෙක් ගලවලා අයින් කර සල්ලි අදින්න පුළුවන් විදියට හදාගෙන.   මේක ගැන ඇහුවම නිලධාරීන්ට උත්තර දීගන්නත් අමාරු වුණා. මේ මගඩිය කරන විදිය අපි වීඩියෝ කළා.‘‘

එම වීඩියෝව පහතින් (හිරු රූපවාහිනියේ ප්‍රචාරය වූ වීඩියෝ පටයකි)

 

DSC05467 DSC05473 DSC05505



අදහස් (0)

පුරාවිද්‍යා නිලධාරීන්ගෙන් මාධ්‍යවේදියාට එරෙහි පැමිණිල්ලක්

අසංක Monday, 08 February 2016 03:53 PM

යකෝ වැරදි කරලා ඒවා වාර්තා කරන අයට විරුද්ධව පොලිසිත් යනවා හොර හැත්ත(කෞ)

:       0       0

පාලිත Monday, 08 February 2016 11:53 PM

දැන් එතකොට අනිත් පැත්තේ අය මේ ගැන මොකද කියන්නේ? (නි)

:       0       0

රුවන් Monday, 08 February 2016 02:12 PM

ලංකාවේ සියලුම රාජ්‍ය ආයතන පුද්ගලික අංශයට බාරදෙන්න ඕන,එතරම් රාජ්‍ය සේවය පිරිහිලා (අ)

:       0       0

දහම් Monday, 08 February 2016 02:54 PM

වාර්තා කළ යුත්තේ තොරතුරු හරියටම තහවුරු කර ගෙනයි. සමහරු එහෙම කරන්නේ නැහැ. එය ආචාරශීලී නැහැ. (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අධිකරණයට අපහාස කළැයි නිලන්තට චෝදනා
2024 සැප්තැම්බර් මස 27 478 0

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ වන්දිය ලෙස නියම කළ රුපියල් මිලියන 75ක මුදල ගෙවීමට අපොහොසත් වීමෙන් අධිකරණයට අපහාස කළේ යැයි රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්


වසා දැමූ කොළඹ පාරක් ජනපති නියමයෙන් යළි අරී
2024 සැප්තැම්බර් මස 27 1000 1

ශ්‍රීමත් බාරොන් ජයතිලක මාවත සහ ජනාධිපති මන්දිරය අසල පිහිටි ජනාධිපති මාවත අද සිට මහජනතාවට විවෘත කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක පොලිසියට නියෝග ක


වැඩබලන පොලිස්පති ලෙස ප්‍රියන්ත වීරසුරිය පත් කරයි
2024 සැප්තැම්බර් මස 27 653 0

වැඩබලන පොලිස්පතිවරයා ලෙස උතුරු මැද පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා අද (27) පත් කර තිබේ.


සජබේ මහ පුටු වෙනසක්
2024 සැප්තැම්බර් මස 27 989 0

සමගි ජන බලවේගයේ සභාපති ධුරය සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉම්තියාස් බාකීර් මාකාර් මහතා පත් කර තිබේ.


රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් ඉල්ලා අස්වෙයි
2024 සැප්තැම්බර් මස 27 1423 0

රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් දිනිත් චින්තක කරුණාරත්න මහතා එම ධුරයෙන් අද ඉල්ලා අස්වී තිබේ.


රණාලේ වගුරු බිමක මිනිස් ඇටකටු
2024 සැප්තැම්බර් මස 27 591 0

නවගමුව රණාල ප්‍රදේශයේ වගුරු බිමක තිබී මිනිස් ඇටසැකිලි කිහිපයක් හමු වූ බව නවගමුව පොලිසිය පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37642 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24813 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 216 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 718 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 257 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site