ශී‍්‍ර මහා බෝධිය අසළ පිහිටි පුරාවිද්‍යා නිල නිවාස ඉවත් කොට එම ස්ථානය සංවර්ධනය කිරීමටයැයි කියමින් ඩොසර් යොදවා පස් ඉවත් කිරීම නීති විරෝධී කාර්යයක් යැයි ශී‍්‍ර ලංකා පුරාවිද්‍යාඥයන්ගේ සභාවේ ලේකම් මහාචාර්ය ගාමිණී අධිකාරී පවසයි.
ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේ උඩමළුව භාර හිමියන්ගේ ඉල්ලීම මත පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සතු ගොඩනැගිලි ඉවත් කිරීමේදී ඔවුන්ගේ ඉදිරි සැළසුම පිළිබඳ සිතා බැලීමට තිබූ බවත් මෙම නීති විරෝධී කාර්යය වහාම නැවැත්වීම පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් සහ ජාතික උරුමයන් පිළිබඳ අමාත්‍යාංශය වහාම මැදිහත්විය යුතු බවත් එවැනි ස්ථානයන්හි පස් ඉවත් කිරීමට හෝ සමතලා කිරීමට පුරාවිද්‍යාඥයන් හැර වෙනත් කිසිම අයකුට අවසර ලබා නොදිය යුතු බවත් මහාචාර්ය අධිකාරී මහතා කියා සිටියේය. එහි පොකුණක් කැපීමට බැකෝවක් ගෙනවුත් ඇත. සිවිල් ආරක්‍ෂක බළකාය එම පොකුණ කැපීමට එහි පැමිණ සිටිතියි උඩමළුව පොලිසිය පවසයි.
ඒ මහතා මෙසේ ද කීවේය.
ශී‍්‍ර මහා බෝධිය සහ රුවන්වැලි සෑය, ලෝවා මහාපාය එකිනෙක ආසන්නයේ පිහිටා තිබෙනවා. මේවා මහා විහාරයට අයත් ගොඩනැගිලි සහ ස්මාරක. කි‍්‍රස්තු පූර්ව යුගයේ ගොඩනැගුණු මේ ගොඩනැගිලි සහ ස්මාරක අතර තවත් ඕනෑ තරම් පුරාවිද්‍යාත්මක වටිනාකමක් සහිත දේ තිබෙනවා. ඒවා ඇතැම් විට තවමත් විධිමත් ආකාරයෙන් ගවේෂණය කර නැහැ. ඉතින් එවැනි ස්ථාන ඩෝසර් යන්ත‍්‍ර යොදා හාරා පොකුණුවලට වතුර පුරවන්න හෝ රථ ගාල් සාදන්නට හෝ කිසිසේත්ම ඉඩදිය නොහැකියි. පැමිණෙන සංචාරකයන්ට රථ ගාල් හදනාවනම් ඒවා තිබිය යුත්තේ ස්මාරක ඇති භූමියෙන් පිටත. ඒ වගේම පොකුණු හාරනවානම් ඒ කාර්යය කරන්න ඕනෑ ග‍්‍රාමාරක්ෂක හෝ සිවිල් ආරක්ෂක නිලධාරීන් නොවේ පුහුණුවක් ලැබූ පුරාවිද්‍යාඥයන් විසින්. ඒ නිසා අපි මේ සිදුවීම තරයේ හෙලා දකිනවා. ඒ වගේම මේ ස්ථාන රැකබලා ගන්නා ඇතැම් පිරිස් විසින්ම අන්තනෝමතික ලෙස මේවා විනාශ කැර දැමීමට හිතාමතා හෝ නොදැනුවත් කම නිසා කටයුතු කරනවානම් එය වහාම වැළැක්විය යුතුයි.
ශ්‍රී ලංකාවේ චීන ජනරජ තානාපති කාර්යාලය මඟින් සංවිධානය කළ, ලෝක Thai chi දිනය සැමරුම අද (26) නිදහස් චතුරශ්‍රය පරිශ්‍රයේ දී පැවැත්විණි.
ඉන්දු කාෂ්මීරයේ පහල්ගම් පළාතේ දී සංචාරකයන් ඉලක්ක කර ගනිමින් එල්ල වුණු ත්‍රස්ත ප්‍රහාරය පසුපස පාකිස්තාන රජය සහ බුද්ධි අංශ සිටිනවා යැයි ඉන්දියාව එල්ල
ඉන්දු කාෂ්මීරයේ පහල්ගම් පළාතේ දී සංචාරකයන් ඉලක්ක කර ගනිමින් එල්ල වුණු ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු ඉන්දියාව සහ පාකිස්ථානය තුළ උද්ගතව ඇති මතභේදාත්මක තත්ත
ජනාධිපති කාර්යාලයේ භාවිතයෙන් ඉවත් කර ඇති සුඛෝපභෝගී වාහන තවත් විසි හතක් විකිණීමට මිල ගණන් කැඳවා ඇත.
පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අනිසි ලෙස බලය පාවිච්චි කර ඇතැයි සඳහන් චෝදනා විමර්ශන කෙරෙන ත්‍රිපුද්ගල කමිටුව ඉදිරි දෙසතියේදී එම චෝදනා පිළිබඳව ත
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා පෞද්ගලික අංශයේ සේවයේ නියුතු අයට වැටුප් හෝ පෞද්ගලික නිවාඩු අහිමි වීමකින් තොරව ඡන්දය දීමට හැකිවනු පිණිස නිවාඩු ලබාදීම
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප‍්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
පුරාවස්තු අනතුරේ