(ක.ග. කරුණාරත්න)
පුරාවස්තු සෙවීමේ අරමුණින් මාදුරුඔය ජාතික වනෝද්‍යානයට නීති විරෝධී ලෙස ඇතුළු වූ බව කියන පුද්ගලයන් 04 දෙනෙකු වනජීවී නිලධාරීන් විසින් අත්අඩංගුවට ගන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු පෙබරවාරි මස 01 වැනිදා දක්වා බන්ධනාගාරගත කරන ලෙස දෙහිඅත්තකණ්ඩිය මහේස්ත්‍රාත් ඩබ්ලිව්.එම්.එම්. වාසල මහත්මිය අද(23) නියෝග කළාය.
වනජීවී නිලධාරින්ට ලැබුණු තොරතුරක් මත මාදුරුඔය ජාතික වනෝද්‍යානයේ පුරාවස්තු සහිත බිමක් වන දේශගල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගනු ලැබූ බවත් ඔවුන් සන්තකයේ තිබී රසායනික වර්ග බෝතල් 02ක්, පෙට්‍රල් බෝතලයක්, හාපික් ලීටරයක්, මුහුදු වැලි පාර්සලයක්, රතු, කහ පැහැති නූල්, මන්තර පොතක්, ජංගම දුරකථන 05ක් ආදී උපකරණ තොගයක් අත්අඩංගුවට ගෙන ඇත.
නිශ්චිත වශයෙන් හඳුනාගත හැකි තවත් එක් සැකකරුවෙකු පලාගිය බවද වනජීවී නිලධාරිහු අධිකරණයට කරුණු වාර්තා කරමින් කියා සිටියහ.
එම පලාගිය සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කළ මහේස්ත්‍රාත්වරිය විමර්ශන සිදුකර වැඩිදුර කරුණු වාර්තා කරන ලෙසට වනජීවී නිලධාරින්ට නියෝග කළාය.
මාදුරුඔය ජාතික වනෝද්‍යානයේ අඩවි ආරක්ෂක ඩබ්ලිව්.ජී. වීරසේන මහතා සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කරමින් පැමිණිල්ල මෙහෙයවීය.
ගාල්ල දිස්ත්‍රික්කයේ හිටපු ඇමතිවරයෙකු හබරාදුව ප්‍රදේශයේ උත්සව ශාලාවක ඊයේ (07)රාත්‍රි සංවිධානය කර තිබු දේශපාලන සාදයක් ගාල්ල දිස්ත්‍රික් මැතිවරණ ආරවුල
කුරුණෑගල කේන්ද්‍ර කර ගනිමින් පිරමීඩ් මූල්‍ය ආයතනයක් පවත්වාගෙන ගොස් තැන්පත්කකරුවන්ගේ රුපියල් කෝටි 1,000 ක පමණ මුදල් ප්‍රමාණයක් වංචා කර , රටින් පළා ගිය එම
උතුරු සහ උතුරු - මැද පළාත්වලත් පුත්තලම සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුන විද්‍යා දෙපාර්තමේන්තු
ඇමෙරිකන් ජනාධිපතිවරණයෙන් යළිත් වරක් ජයග්‍රහණය කළ ඩොනල්ඩ් ට්‍රම්ප්ට රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් සුබ පතා ඇත. ‘ට්‍රම්ප් ධෛර්යවන්ත පුද්ගලයෙක්’
දකුණු කොරියානු ජනාධිපති යුන් සුක් යෝල් බිරිඳ කිම් කියෝන් හේ සම්බන්ධයෙන් සමාව ඉල්ලා සිටියේය. ඒ, කිම් කියෝන් හේ ඉතා මිල අධික ‘ඩියෝර්’ වර්ගයේ අත්බෑගයක් ත
විදේශ ගමන් බලපත්‍ර ලබාදීම සඳහා ටෙන්ඩරය ලබා ගත් සමාගම ඔක්තෝම්බර් මස දෙවැනි සතියේදී හිස් විදේශ ගමන් බලපත්‍ර 750 000 ක් ලබාදීමට පොරොන්දු වී ඇතත් මේ වන විට ලබා
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
පුරාවස්තු සොයන්න ගිය 4 ක් බන්ධනාගාරයේ