IMG-LOGO

2025 පෙබරවාරි මස 22 වන සෙනසුරාදා


පුරාවස්තු ළඟ තබාගත් අයෙක් පොලිස් දැලේ

( කුෂාන් ජයවර්ධන)

නිධානයකින් ලබා ගත් පුරාවස්තු බව පවසන රන්පැහැති  බුද්ධ ප්‍රථීමාවක් ඇතුළු භාණ්ඩ කිහිපයක් අලෙවිය සඳහා සූදානමින් රැගෙන යමින් සිටි සැකකරුවකු එම භාණ්ඩ සමඟ අත්අඩංගුවට ගැනීමට ගිරානේගම පොලිසිය සමත්ව තිබේ.

ගිරානේගම පොලිස් ස්ථානාධීපතිවරයාට ලද තොරතුරක් මත ගිරානේගම පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් සිදුකළ ක්ෂණීක මෙහෙයුමකදී සැකකරු අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකිව තිබේ.

සැවඳ කවා සැකසූ විශේෂීත ඇසුරමක බහා සැකකරු මෙම බුද්ධ ප්‍රථීමාව ඇතුළු දෑ ප්‍රවාහනය කරමින් සිටි බව පොලිසිය කියයි .

සැකකරු සතුව තිබී සොයා ගන්නා ලද භාණ්ඩ අතර නිධානයකින් ලබා ගත් බව කියන  රන් පැහැති බුදු පිළිමයක්, පෙති 24කින් යුත් රන් පැහැති නෙළුම් මලක් සහ රන්පැහැති බෝ පත්‍රයක් ද වෙයි.

නිධානයකින් ලබා ගත් බව කියන මෙම රන් පැහැති බුද්ධ ප්‍රථීමාව ඇතුලු දෑ සන්තකයේ තබාගෙන සිටියදී පොලිස් අත්අඩංගුවට ගෙන ඇති සැකකරු අත්අඩංගුවට ගත් සැකකරු ආඬියාගල, හල්මිල්ලවැව ප්‍රදේශයේ පදිංචි 48 හැවිරිදි පුද්ගලයෙකු බව පොලිසිය කියයි.

ගිරානේගම පොලිස් ස්ථානාධීපති පොලිස් පරීක්ෂක එන්.බී.ඒ.එස්.බී.නිශ්ශංක මහතාගේ මෙහෙයවීමෙන් අපරාධ අංශයේ ස්ථානාධීපති උප පොලිස් පරීක්ෂක චන්ද්‍රෙස්න මහතා ප්‍රමුඛ පොලිස් සැරයන්වරුන් වන 3252-බංඩාර, 14355-සංජීව හා පොලිස් කොස්තාපල් 73390-රත්නසේකර ඇතුලු නිලධාරීන් පිරිසක් අදාළ මෙහෙයුම සිදුකර සැකකරු හා නඩු භාණ්ඩ අත්අඩංගුවට ගෙන තිබිණ.

 



අදහස් (0)

පුරාවස්තු ළඟ තබාගත් අයෙක් පොලිස් දැලේ

ඔබේ අදහස් එවන්න

 

 

එසැණ පුවත්

තරුණ සේවා සභාවේ කෝටි 18ක් ඡන්ද වැඩට අරන්
2025 පෙබරවාරි මස 21 231 0

ජාතික තරුණ සේවා සභාවේ උත්සව සහ වැඩසටහන් කිහිපයක් වෙනුවෙන් වෙන්කර තිබූ රුපියල් කෝටි 18 කට වැඩි මුදලක් පසුගිය ජනාධිපතිවරණයේ ප්‍රචාරක කටයුතු වෙනුවෙන් වි


වෙඩි තැබීමකින් කොටහේනේ අයෙක් මරුට, වෙඩික්කරුත් අල්ලයි
2025 පෙබරවාරි මස 21 1399 0

කොටහේන කොටහේන ජංගම දුරකථන අලෙවි උපාංග වෙළඳසලක සිටි පුද්ගලයකුට ටි 56 ගිනි අවියකින් වෙඩි තබා ඝාතනය කර ඇතැයි කොටහේන පොලිසිය කියයි.


ලෝක බැංකු ආසියානු නියෝජිතයෝ අග්‍රාමාත්‍ය ලේකම් හමුවෙති
2025 පෙබරවාරි මස 21 73 0

ලෝක බැංකුවේ දකුණු ආසියා කලාපයේ සෞභාග්‍යය පිළිබඳ කලාපීය අධ්‍යක්ෂ වර්ගිස් මහතා අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි මහතාඅග්‍රාමාත්‍ය කාර්යාලයේද


’’වැලිවිට සුද්දාගේ’’ දේපල මුදා හරින්නැයි නියෝග
2025 පෙබරවාරි මස 21 746 0

වර්ෂ 2024 දී යුක්තිය මෙහෙයුම මගින් මුදල් විශුද්ධිකරණ පනත යටතේ පොලිස් අත් අඩංගුවට ගත් සුදත් කිත්සිරි කුමාර හෙවත් ’’වැලිවිට සුද්දා’’ නැමැත්තාට අයත් බස්


ත්‍රීරෝද රථයක් ලක්‍ෂ 20 ක් වෙයි
2025 පෙබරවාරි මස 21 694 0

පෙට්‍රල්වලින් ධාවනය කරන නව ත්‍රීරෝද රථයක් රුපියල් ලක්‍ෂ 20 කට ආසන්න මුදලක් දක්වා මිල ඉහළ ගොස් තිබේ.


අලුත්ගම වෙළඳසැලක ගින්නක්
2025 පෙබරවාරි මස 21 141 0

අලුත්ගම ඩිපෝ හන්දියේ ප්‍රාදේශීය සභා සුසාන භූමිය ඉදිරිපිට වෙළඳසැලක අද(22) රාත්‍රියේ ඇතිවුණු ගින්නකින් එම වෙළඳසැල ගිනිගෙන සම්පූර්ණයෙන් විනාශ වී ඇතැයි අ


මේවාටත් කැමතිවනු ඇති

රෙදි සේදුම් යන්ත්‍ර අතර පෙරළියක් ඇති කරමින් Samsung Sri Lanka, වෙතින් Bespoke Ai Laundry ලෙස කිලෝ   ග්රෑම් 12ක ධා රිතා ව සහත ඉදිරිපසින් විවෘ ත කළ හැ කි නවතම රෙදි සෝ දන යන්ත්‍ර පෙළ 2025 පෙබරවාරි මස 19 104 0
රෙදි සේදුම් යන්ත්‍ර අතර පෙරළියක් ඇති කරමින් Samsung Sri Lanka, වෙතින් Bespoke Ai Laundry ලෙස කිලෝ ග්රෑම් 12ක ධා රිතා ව සහත ඉදිරිපසින් විවෘ ත කළ හැ කි නවතම රෙදි සෝ දන යන්ත්‍ර පෙළ

නව කිලෝ ග්රෑම් 12 ධා රිතා වය සහිත විශා ල සේදුම් ප්‍රමා ණයන් සඳහා සුදුසු වන, පාරිභෝගිකයන්ට දිනපතා ම රෙදි සේදුම් කා ර්යය පහසුකරමින්, කා ලය ඉතිරි කිරීමට ස

Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක් 2025 පෙබරවාරි මස 07 385 1
Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක්

ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 167 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

Our Group Site