(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
ප්‍රවාහන ක්ෂේත්‍රයේ ගැටලු විසඳා ගැනීම සඳහා පාර්ලිමේන්තුවේ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවට වග කියනු ලබන අනුකාරක සභා තුනක් ස්ථාපිත කර තිබේ.
ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා විසින් අදාල අනුකාරක සභා පිහිටුවා ඇත.
අවිධිමත් ප්‍රවාහන කර්මාන්තය හා සම්බන්ධ වෘත්තිකයින්ගේ වෘත්තිය සුරක්ෂිතතාව තහවුරු කිරීම සඳහා වන අනු කාරක සභාවේ සාමාජික මන්ත්‍රීවරුන් ලෙස චන්දන සූරියආරච්චි (සභාපති), ජගත් විතාන, දිනිඳු සමන් සහ දේවානන්ද සුරවීර මන්ත්‍රීවරුන් පත් කර තිබේ.
ප්‍රවාහන ක්ෂේත්‍රය හා සම්බන්ධ නීතීමය රාමුව ශක්තිමත් කිරීම සඳහා වන අනුකාරක සභාවට නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර (සභාපති), සුගත් වසන්ත ද සිල්වා, තනුර දිසානායක සහ සුජීව දිසානායක මන්ත්‍රීවරු පත්ව සිටිති.
ප්‍රවාහන කර්මාන්තය හා බැඳි අතිරේක සේවා නිර්මාණය කිරීම සඳහා ව්‍යාපෘති මාදිලි (Business Models) සැකසීම වෙනුවෙන් පිහිටුවා ඇති අනුකාරක සභාවට චතුරංග අබේසිංහ (සභාපති), රවීන්ද්‍ර බණ්ඩාර සහ ධනුෂ්ක රංගනාත් මන්ත්‍රීවරුන් පත්කොට ඇත.
පළාත් පාලන මැතිවරණයට පෙර දේශපාලන වාසි තකා පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය විකුණන් කෑම නවත්වන්නැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල
ගලේවෙල බෙලිගමුව ප්‍රදේශයේදී යතුරුපැදියක් බල්ලකුගේ හැපී කාණුවකට පෙරැළී අද(21) සිදු වූ අනතුරකින්අඹුසැමි යුවළක් මියගොස් වයස අවුරුදු එකහමාරක පුතෙකු තුව
විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවද සිය කාර්යාලය පවත්වාගෙන යෑමට ඇමැති බංගලාවක් දෙන ලෙස ඉල්ලීමක් කර ඇතැයි රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන
‘පාස්කු දින ත්‍රස්ත ප්‍රහාරයට වගකිවයුත්තන් නීතිය හමුවට ඉතා ඉක්මණින් ගෙන ඒම සඳහා මැල්කම් රංජිත් කාදිනල් කොළඹ අගරදගුරුතුමා ජනාධිපති අනුර කුමාර දිසාන
මහනුවර දළදාමාලිගා පරිශ්‍රයේ පැවැත්වෙන ‘සිරි දළදා වන්දනා -2025’ දන්ත ධාතු ප්‍රදර්ශනයේ ප්‍රදර්ශන කාලය පෙරවරු 11.00 සිට පස්වරු 5.30 දක්වා ලෙස වේලාව වෙනස් කළ බව ශ
පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාල සිද්ධීන් 1,874 ක් මේ වන විට පැබී ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව පැවසීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ප්‍රවාහන ක්ෂේත්‍රයේ ගැටලු විසඳන්න අනුකාරක සභා 03ක්
යෝගා Tuesday, 01 April 2025 05:07 PM
මේවායේ සභාපතිලත් ඉල්ලා අස්වෙයිද දන්නේ නැ මොංගල් ඇමතිගේ කුණුහරුප අහන් ඉන්න බැරුව.
ගුණරත්න Tuesday, 01 April 2025 05:34 PM
ප්‍රවාහන විශේෂඥයින් ඉන්නවා විශ්වවිද්‍යාල වල උන්ගෙන් උපදෙස් අරගන්නේ නැතිව ඔය නිකම්ම නිකන් මන්ත්‍රීලා මොනවා කරන්නද? ඒවත් නිකන් කාලේ කා දමන කතා සාප්පු, ආණ්ඩුව පත්වෙන්න කලින් කිව්වා නේ හැම රෙද්දටම විධිමත් සැලසුම් තියෙනවා කියලා, කෝ ඉතින් ඒවා? පොරොන්දු වූ පරිදි ඒ සැලසුම් ක්‍රියාත්මක කරන්න, එහෙම නැතිව මේ මන්ත්‍රීලා ඉන්න කමිටු කියන්නේ තවත් නාස්තියක් විතරයි..