(ඉන්දිකා රාමනායක)
ත්‍රිකුණාමලය කින්නියා කුරිඤ්ඤකර්නි කලපුවේ පාරුවක් පෙරළීමෙන් මිය ගිය 6 දෙනා අතර එකම පවුලේ මව සහ දරුවන් දෙදෙනාත්, තවත් පවුලක වැඩිමහල් දරුවන් දෙදෙනාත් සිටින බවට තහවුරු වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව මහතා පවසයි.
මිය ගිය එක පවුලක මව (30), දියණිය (6) සහ පුතා (3 1/2) සිටි බවද හෙතෙම කීය. සෙසු පවුලේ වැඩිමහල් සොහොයුරින් දෙදෙනකු සිටින බවද හෙතෙම කීය. මෙම සිද්ධියෙන් 6 දෙනෙකු මියගොස් තවත් 20 දෙනෙකු තුවාල ලබා ඇති බවත්, හෙතෙම කීය.
සිද්ධියෙන් තුවාල ලැබු 20 දෙනා අතර 19 දෙනෙකු කින්නියා රෝහලේ ප්‍රතිකාර ලබන බවත්, එම පිරිස අතර ගැහැණු දරුවන් 5 දෙනෙකු හා පිරිමි ළමුන් 6 දෙනෙකු සිටින බවත් , සෙසු පිරිස අතර වැඩිහිටි පිරිමි පුද්ගලයන් 4 දෙනෙකු හා කාන්තාවන් 4 දෙනෙකු සිටින බවද හෙතෙම කීය.
වයස අව්රුදු 6 ක දැරියක් ත්‍රිකුණාමලය රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශතවරයා වැඩිදුරටත් කීය. අනතුරට ලක් වු පිරිස බේරා ගැනීම සදහා නාවික හමුදාව හා පොලිසිය සිදුකළ මෙහෙයුම් අවසන් කර ඇත.
හම්බන්තොට පවුල් සෞඛ්‍ය සේවිකාවකට ලිංගික අතවර කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සෞඛ්‍ය රියදුරෙක් හම්බන්තොට මූලස්ථාන පොලීසිය මගින් අත් අඩංගුවට ගෙන ඇත.
‘ජී20’ සමුළුවට සහභාගී වීමට බ්‍රසීලයේ රියෝ දි ජිනැයිරෝ බලා යන අතරතුරේ, ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, ඇමසන් වැසි වනාන්තරය නැරැඹීමට ගියේය.
ඉරානයට සහ සෞදි අරාබියට පළා යාමේ අදහසින් , සිය වීසා කාළය ඉක්මවා , නීතිවිරෝධී ලෙස මෙරට රැදී සිටි බංගලදේශ ජාතිකයන් 08 දෙනෙකු , කටුනායක පොලිසියේ දූෂණ මර්දන අං
දිවයිනේ බොහෝ ප්‍රදේශවල තව දුරටත් පවතින අධික වර්ෂාව හේතුවෙන් දිස්ත්‍රික්ක හතරක ප්‍රාදේශීය ලේකම්කොට්ඨාස නවයකට නාය යෑමේ අනතුරු ඇඟවීම ජාතික ගොඩනැගිල
ඇල්පිටිය නවදගල වෙළද සලක් තුළ වෙළද සල් හිමියා සහ ප්‍රදේශවාසී පුද්ගලයකු අතර ඇතිවූ ගැටුමකින් වෙළද සැල් හිමියා මරුමුවට පත්වී ප්‍රදේශවාසියා බරපතල තුවාල ල
පාසල් සිසුවෙකු ධාවනය කළ ත්‍රිරෝද රථයක් ප්‍රධාන මාර්ගය හරහා පෙරලිමෙන් එම සිසුවා සහ එහි ගමන් ගත් තවත් සිසුන් තිදෙනෙකු බරපතල ලෙස තුවාල ලබා නාවලපිටිය දිස
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
පාරුව පෙරළි මිය ගිය අය අතර මව සහ දරු දෙදෙනා
Ganga Kumanayake Wednesday, 24 November 2021 04:16 PM
දුකයි. ඒක වචන වලින් කියන්න බෑ.