IMG-LOGO

2024 නොවැම්බර් මස 19 වන අඟහරුවාදා


‘පාරුවේ සිද්ධියට වගකිව යුත්තේ කින්නියා නගරාධිපති ‘

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න )

කින්නියා පාලම් පාරුවේ ඛේදවාචකයට සම්පූර්ණයෙන්ම වගකිව යුත්තේ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ ඉම්රාන් මහරූෆ් මන්ත්‍රීවරයාගේ මස්සිනාවූ  කින්නියා නගර සභාපතිවරයා බවත්  එම තනතුරෙන් ඉවත් කර  ඔහුට විරුද්ධව විනයානුකූලව පියවර ගන්නා ලෙස නැගෙනහිර පළාත්  ආණ්ඩුකාරවරියගෙන් ඉල්ලීමක් කරන බවත්  මහමාර්ග රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා මහතා පාර්ලිමේන්තුවේදී අද  පැවැසීය.

මෙම කළපුවේ පාරු සේවයක් ආරම්භ කිරීමට රජය කිසිම අවසරයක්දී නැති බව පැවසූ  රාජ්‍ය අමාත්‍යවරයා අවසර නැතුව මෙලෙස පාරු සේවයක් ක්‍රියාත්මක කිරීම නිසා ජීවිත රැසක් අකාලයේ  විනාශ වුණු බවද  සඳහන් කළේය.

ඉම්රාන් මහරුෆ් මන්ත්‍රීවරයාගේ දේශපාලන හිතවතකු මෙම  පාරු සේවය පවත්වාගෙන ගොස් තිබූ බවත්  නගරාධිපතිවරයාගේ ක්‍රියාකලාපය නිසා   ජීවිත රැසක් මෙලෙස  විනාශවූ  බවත් ලංසා මහතා  ප්‍රකාශ කළේය.ඔහු මෙසේ පැවසුවේ සභාවේ  කටයුතු ආරම්භයේදී අමාත්‍යාංශ නිවේදන යටතේ ප්‍රකාශයක් කරමිනි.

මෙය නොවියයුතු සිද්ධියක් බවත්  සිද්ධියෙන් විපතට පත්වූ පවුල්වලට තමා  ශෝකය පළ කරන බවත්  නිමල් ලාන්සා රාජ්‍ය ඇමැතිවරයා පැවසීය සිද්ධියෙන් තුවාල ලබා රෝහල් ගත කරනු ලැබ සිටින ජනතාවට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන බවද ඔහු සඳහන් කළේය.

මෙම  කළපුවේ පාලමක් ඉදිකිරීමට තමා පසුගිය කාලයේදී මුල්ගල  තැබූවද එය ආප්ප පුච්චන්න සේ  ඉදි කළ නොහැකි බවද  කලපුවක් මැද පාලමක් ඉදි කරද්දී  කලයුතු ලොකු වැඩ කොටසක් තිබෙන බවත්  ලංසා මහතා කීවේය .එම පාලම ඉතාම ඉක්මනින් ඉදිකර අවසන් කිරීමට රජය බලාපොරොත්තු වන බවද  ලංසා මහතා කීවේය.

 



අදහස් (7)

‘පාරුවේ සිද්ධියට වගකිව යුත්තේ කින්නියා නගරාධිපති ‘

kamal Wednesday, 24 November 2021 11:29 AM

පාරුව ගැන මෙතරම් දැනගෙන හිටියානම් ඒක නැවැත්තුවේ නැත්තේ ඇයි...? ඇමැතිතුමා තමන්ගේ රාජකාරිය අතපසු කළා නේද?

:       4       33

කෝලිත Wednesday, 24 November 2021 11:58 AM

සැලැස්මක් නැති වැඩකට මොන මගුලකටද හලෝ මුල්ගල තියන්නෙ....පැලවෙන්නද....?.......

:       5       35

Rohan Wednesday, 24 November 2021 01:00 PM

එහෙනම් අසරණ තරුණ ජීවිතවලට, කුඩුවලට ඇබ්බැහි කිරීම.. ඔබතුමා වගකීම බාරගන්නේ නැද්ද?

:       0       18

hesa Wednesday, 24 November 2021 01:19 PM

ඔය පාරුවේ සිද්ධියට වගකිව යුත්තේ කින්නියා නගරාධිපතිගේ නම වෙනුවට තිබුණා නම් වෙනත් නමක්, පොහොර අමතක කර, එහෙනම් මහ පාරේ පාරු පදින්නේ සෙට් එක...

:       1       10

Royfedricks Wednesday, 24 November 2021 01:22 PM

මේ හාල්පාරුවා පලකරන ශෝකය කෙසේවෙතත් පෙනෙන හැටියට මේක මුස්ලිම් ජාතියෙකුට පහර ගහන්න අවස්ථාවක් කරගෙන. ඔව් ඉතින් මුල්ගලට වඩා ලොකු ව්‍යාපාර තියෙනවනේ මුල්තැන දියයුතු... ඒක නෙවෙයි දැන් අර ව්‍යාපාරය කිසි කරදරයක් නැතුව කරගෙන යනවාද?

:       3       18

ගජමිතුරු Wednesday, 24 November 2021 08:47 PM

ජූලි මාසයේ පාර්ලිමේන්තුවේදී කිව්වා පාලම් පාරුවකට අවසර දුන්නා කියලා තව අවශ්‍ය අයට ඉල්ලන්නත් කිව්වා. දැන් කියනවා නගර සභාපති වැරදියි කියලා මොකක්ද මේ කියන්නේ?

:       0       0

ජන හඩ Thursday, 25 November 2021 09:19 AM

ලංකාවේ මැති ඇමතිවරු යනු ලැජ්ජාව නමැති හැගීම ගලවා දැමූ උදවියයි. ගල් පැලෙන බොරු කිසිම හිරිකිතයකින් තොරව කියනා මොවුහු මුල් ගල් තැබීම තරඟෙට කරන අතර පාරවල් සෑදීමේදී ද තම පක්ෂයේ අය අතර වුවද තරගයක් ඇත්තේ තම නම විවෘත කිරීමේ පුවරුවේ දමා ගැනීමේ ආශාව නිසාවෙනි. ජනතා මුදලින් පඩි ලබන ඔවුහු ජනතා මුදලින් කරනා ඕනෑම දේකට තම නම ඈදාගන්න දගලන්නේ නූගත්කමද බොරු ආටෝපයද නිසාවෙනි. ඈත ගම් දනව්වල අත්‍යවශ්‍ය කුඩා පාලම් වෙනත් සංවිධානවලින් සෑදුවද මොවුන්ට වගක් නැත. මොවුන් දගලන්නේ රටේ සෑම මුල්ලකම ඇවිදින මං තීරු තනා කොමිස් කුට්ටි ගැනීමට පමණි. රටට වින කරන මෙවැනි අය ගැන ඉදිරියේදී බලාගැනීම ජනතාව විසින්ම කළ යුතු දෙයකි. එහෙත් ජනතාවද අවස්ථාවාදී නම් මෙම ක්‍රමය මෙලෙසම පවතිනු ඇත.

:       0       3

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අමෙරිකානු ගිනිඅවියක් සමඟ අලවතුගොඩ අයෙක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 19 250 0

අලවතුගොඩ පොලිස් වසමේ දුනුවිල අකුරණ ප්‍රදේශයේ නිවසක තිබී ඇමෙරිකාවේ නිෂ්පාදිත බෝර 12 ගිනි අවියක් සහ බෝර 12 තුවක්කු සඳහා භාවිතා කරන පතුරම් 06 ක් සමඟ 70 හැවිරිද


රුහුණු සරසවි අනධ්‍යන කාර්ය මණ්ඩලය වර්ජනයක
2024 නොවැම්බර් මස 19 416 0

රුහුණ විශ්ව විද්‍යාලයේ උපකුලපතිවරයා ඉවත් කරන ලෙස බල කරමින් එහි අධ්‍යන හා අනධ්‍යන කාර්ය මණ්ඩලය අද(19) උදෑසන අඛණ්ඩ වැඩ වර්ජනයක් ආරම්භ කලේය.


සිලින්ඩරේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයට කාංචනගේ නමත්?
2024 නොවැම්බර් මස 19 1073 0

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ අනෙක් ජාතික ලයිස්තු මන්ත්‍රී ධූරයට හිටපු විදුලි බල අමාත්‍ය කංචන විජේසේකර මහතා පත්කිරීමට යෝජනාවක් ඉදිරිපත් වී ඇත.


දුම්රියක ගැටී සිසුවෙකු මරුට
2024 නොවැම්බර් මස 19 768 0

ගම්පහ දුම්රිය ස්ථානයට නුදුරු ස්ථානයකදී 16 හැවිරිදි පාසල් සිසුවෙකු ඊයේ (18) රාත්‍රියේ ගම්පහ දුම්රිය ස්ථානයට නුදුරින් කොළඹ දෙසට ධාවනය වෙමින් තිබූ දුම්රි


වෙලාවට වැඩ කරනවාද බලන්න ගෙනා යන්ත්‍රත් වැඩ නවත්තලා
2024 නොවැම්බර් මස 19 1074 0

සෞඛ්‍ය අමාත්‍යංශයට අයත් රෝහල් සහ ආයතන සදහා රුපියල් මිලියන 31.08ක මුදලක් වැයකොට ස්ථාපිතකර තිබු ඇගිලි සලකුණු යන්ත්‍ර 213ක් භාවිතයට නොගෙන නිෂ්ක්‍රියව පවත


මිඩ්වයිෆ්ට අතවර කළැයි සෞඛ්‍ය රියදුරා අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 19 1661 0

හම්බන්තොට පවුල් සෞඛ්‍ය සේවිකාවකට ලිංගික අතවර කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සෞඛ්‍ය රියදුරෙක් හම්බන්තොට මූලස්ථාන පොලීසිය මගින් අත් අඩංගුවට ගෙන ඇත.


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් කැබිනට් මණ්ඩලය මෙන්න
2024 නොවැම්බර් මස 18 26928 38


රෝහිත කඳුළු සලයි
2024 නොවැම්බර් මස 10 18877 64

මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 385 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 649 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1869 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site