(විමුක්ති එස් රුද්‍රිගු)
ජීවිතය ජයගත් ලොව සුප්‍රසිද්ධ පුද්ගලයන්ට ගෞරව කිරීම සඳහා ප්‍රංශයේ ග්‍රෙවින් කෞතුකාගාරය නිර්මාණය කරන රන් කාසියක හිමිකරුවකු වීමට සුපිරි බොලිවුඩ් නළු ෂාරුක් ඛාන්ට පසුගියදා හැකියාව ලැබුණේය.
ඒ සමඟ ප්‍රංශයේ ග්‍රෙවින් කෞතුකාගාරයේ විශේෂිත රන් කාසියක හිමිකරු වූ ප්‍රථම බොලිවුඩ් තාරකාව වීමටත් දෙවැනි ඉන්දියානුවා වීමටත් ෂාරුක් ඛාන් සමත් වූවේය.
මීට පෙර එම ගෞරවය හිමිව තිබුණේ ඉන්දියාවේ මහත්මා ගාන්ධිතුමාටය. චිත්‍රපට කර්මාන්තයට ලබා දුන් දායකත්වය සහ චිත්‍රපට කර්මාන්තය තුළ ඔහු පසු කළ කඩඉම් සනිටුහන් කිරීම සඳහා ග්‍රෙවින් කෞතුකාගාරය මෙම රන් කාසිය ෂාරුක් ඛාන්ට පිරි නමා ඇත.
පැරිස් නුවර ග්‍රෑන්ඩ් බුලවාර්ඩ්හි පිහිටි ග්‍රෙවින් කෞතුකාගාරය ඉටි රූප වෙනුවෙන් ප්‍රසිද්ධ කෞතුකාගාරයකි.
ග්‍රෙවින් ඉටි කෞතුකාගාරය තුළ ෂාරුක් ඛාන්ගේ ඉටි රුවක්ද ප්‍රදර්ශනයට තබා තිබේ.
එසේම එළඹෙන අගෝස්තු 7 සිට 17 වැනිදා දක්වා පැවැත්වීමට නියමිත 77 වැනි ලොකාර්නෝ සිනමා උළෙලේදී සිය වෘත්තීය ජීවිතයේදී ළඟා කරගත් ජයග්‍රහණ සඳහාද ෂාරුක් ඛාන්ට සම්මානයක් ලැබීමට නියමිතය.
එළඹෙන අගෝස්තු මස 10 වැනිදා ඔහුට එම සම්මානය ලැබීමට නියමිත අතර එදින ෂාරුක් ඛාන් රංගනයෙන් දායක වූ දේව්දාස් චිත්‍රපටයද සිනමා උළෙලේදී ප්‍රදර්ශනය කිරීමට නියමිතය.
නව රජයේ කැබිනට් අමාත්‍ය මණ්ඩලය අද(24) පස්වරුවේ දිවුරුම් දුන්නේය.
ජනාධිපතිවරයා විසින් අමාත්‍යාංශ ලේකම්වරු දාහත් දෙනෙක් පත් කර තිබේ.
අධිකරණයේ විභාග වන නඩුව ගැන සඳහන් නොකර පොලිස් සහතිකයක් ලබාදීම සඳහා පුද්ගලයෙකුගෙන් රුපියල් 5000 අල්ලස්සක් ලබාගත්තේ යැයි කියන පොතුහැර පොලිසියේ සැරයන්වරය
ජනාධිපති අනුර දිසානායක මහතා හෙට පස්වරු 7ට ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතය.
එක්සත් ජාතික පක්ෂය ඉදිරි මහ මැතිවරණය ඉලක්ක කරමින් ගොඩනඟන සන්ධානයට ශ්රී ලංකා පොදුජන පෙරමුණ එකතු නොවන බව එම පෙරමුණේ නායක, හිටපු ජනාධිපති මහින්ද රාජපක
ඉදිරි මහ මැතිවරණය සඳහා සමගි ජන සන්ධානයේ අගමැති අපේක්ෂකයා ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස නිල වශයෙන් නම් කර තිබේ.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ප්‍රංශය ශාරුක් රනින් සරසයි
Narth Friday, 26 July 2024 10:46 AM
අපේ කොස්තාපල් පිංපොන්ට හම්බවෙලා නැද්ද ?