IMG-LOGO

2024 ඔක්තෝබර් මස 15 වන අඟහරුවාදා


ප්‍රංශ ජනපති හෙට ශ්‍රී ලංකාවට

(විමුක්ති එස් රුද්‍රිගු)

ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් මහතා වනාටු සහ පැපුවා නිව්ගිනියා සංචාරය නිමකර නැවත ප්‍රංශය බලා ගමන් කිරීමට පෙර හෙට (28) රාත්‍රියේ ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව එලීසේ මාළිගය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත.

ප්‍රංශ ජනාධිපතිවරයකු ශ්‍රී ලංකාවේ සංචාරය කරන ප්‍රථම අවස්ථාව මෙය වීම හේතුවෙන් එමානුවෙල් මැක්‍රොන් මහතාගේ ශ්‍රී ලංකා සංචාරය ඓතිහාසික වනු ඇති බව එම නිවේදනයේ දැක්වේ.

අද (28) රාත්‍රියේ ශ්‍රී ලංකාවට පැමිණෙන ප්‍රංශ ජනාධිපතිවරයා හෙට (29) උදැසන ශ්‍රී ලංකාවෙන් පිටත්ව යාමට නියමිත බවත් ජනාධිපතිවරයා ශ්‍රී ලංකාවේ රැඳී සිටිනා කෙටි කාලය තුල ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මුණ ගැසී සාකච්ඡා කිරීමට නියමිත බවත් එලීසේ මාළිගය පවසා තිබේ.ජනාධිපතිවරයාගේ මෙම සංචාරය ශ්‍රී ලංකාව සහ ප්‍රංශය අතර ද්වි පාර්ශ්වික සබඳතා තවත් ශක්තිමත් කර ගැනීමට අවස්ථාවක් වනු ඇති බවත් දෙරට මුහුණදෙන කලාපීය සහ ජාත්‍යන්තර අභියෝග පිළිබඳ සාකච්ඡා කිරීමට අවස්ථාවක් වනු ඇති බවත් එලීසේ මාළිගය පෙන්වා දී ඇත.

එලිසේ මාළිගය ප්‍රංශ ජනාධිපතිවරයාගේ නිල නිවස වේ.

 



අදහස් (18)

ප්‍රංශ ජනපති හෙට ශ්‍රී ලංකාවට

කිරිපුතා Thursday, 27 July 2023 11:50 AM

ප්‍රංශ ය , කැනඩාව ඇතුලු ඇමරිකන් ගැති බටහිර රටවල් දැන් දැන් අපේ රටට ඔලුව දනේනේ හොඳකට නම් නෙවෙයි. ඊලම් සිහිනය ඇතුලු නරක දේවල් බොහෝ ඔවුන්ගේ මොළවල පාවෙනවා. රටට සැබෑවටම ආදරය ඇති පක්ෂ බදාගෙන නැති ජනතාව අවදියෙන් සිටිය යුතුයි

:       108       47

Prase Thursday, 27 July 2023 01:31 PM

ධනාත්මක මනස පොදු නොවීම වඩා හොඳයි ,කිසිම වැඩක් අගය නොකරන කාලකන්නි

:       0       0

ajithThursday, 27 July 2023 02:57 PM

කිරිපුතා, ඔය කියන ඇමරිකන් ගැති බටහිර රටවල් වලට අපෙන් උදුරා ගන්ට තියෙන්නේ මොනවද? ඒ අපේ දුප්පත් කමද, ණය කන්දද, කඩන හැලෙන කුණු කඳුද, එහෙමත් නැත්නම් අර හැම වෙලේම "දියව්, දියව්" කියමින් මහා පාරේ බෙරිහන් දෙන සෙට් එකද?

:       1       0

සනත්Friday, 28 July 2023 06:52 AM

අනේ ගොනෝ උබලට දැන් චීනේ පස්සේ ගිහින් හරි ගිහිල්ලද තියෙන්නේ

:       0       1

මැක්ස් Thursday, 27 July 2023 12:00 PM

පසුගිය කාලයේ මැක්රෝන් මහතාගේ ගුණ වයමින් මේ දිනවල වැලේ වැල් නැතුව හැංගී සිටින "අරගලිස්ට්ස්"ලාට බැරිද එයාපෝට් ගිහින් ඒ මහතාව පිළිගන්න.

:       27       56

පිටිගල මිලානෝ Thursday, 27 July 2023 12:09 PM

මෙය රාජ්‍ය සංචාරයක් නොවේ. ලංකාවෙන් පිටත් වන එයාර් ෆ්‍රාන්ස් ගුවන් යානයෙන් පැරිසියට යන්නයි ඔහු එන්නේ. මෑතක සිට එයාර් ෆ්‍රාන්ස් බොයිං 787 යානයක් පැරිසිය, මාලදිවයින සහ ලංකාව අතර ක්‍රියාත්මක වනවා. මිල ගනන්ද සාධාරනයි.

:       19       62

Lal Thursday, 27 July 2023 12:23 PM

ඉතා හොඳ වර්ධනයන් දැකීමට, අපි ලෝකයේ සියලුම රටවල් සමඟ මිත්‍රශීලී විය යුතුයි

:       16       72

ලුම්බිණි Thursday, 27 July 2023 01:13 PM

රෑ ඇවිල්ල උදේම යන ටිකටද ද්වි පාර්ශ්වික සබඳතා ගැන සාකච්ඡා කරන්නේ?

:       0       0

Prase Thursday, 27 July 2023 01:29 PM

රනිල් වගේ වැද්දෙක් මුණ ගැහෙන්න දැන් ලෝකය ප්‍රබල රටවල් වල ජනාධිපති ලා එනවා .ජනාධිපතිතුමනි, ඔබ ගැන අපට ආඩම්බරයි

:       0       0

බද්රානි Thursday, 27 July 2023 03:10 PM

ඒ කාලේ නම් ලංකාවට ආවේ "ස්වාසිලන්තයේ රජතුමාලා" වගේ උදවියයි. ලංකාවේ ගෝත්‍රිකයින්ට ඒ කාලේ දැනුන ආඩම්බරය ප්‍රංශය වගේ රටක ජනාධිපති කෙනෙක් ලංකාවට එනකොට නොදැනීම සාධාරණයි. සමහරක් මන්ද බුද්ධිකයෝ කුමන ආකාරයක නිර්වචන දුන්නත් ලංකාවේ වත්මන් ජනාධිපති තුමාගේ විදේශ ප්‍රතිපත්තිය අගය කරන නිසා තමයි ඔවුන් සුළු වෙලාවකට හෝ ජනාධිපති තුමාව මුණ ගැහෙන්නේ... බටහිර රටවල් ඇලජික් කාරයෝ චීනෙට හා රුසියාවටනේ ආවඩන්නේ. චීන්නු ලංකාවට කරපු හරිය සමහරක්ට තවම තේරිලා නැහැනේ.. රාජපක්ෂලා නම් උදේ හවස චීනෙට සෙත් පතලා පහනක් පත්තු කරාට පව් සිද්ධ වෙන්නේ නැහැ.

:       0       0

pakeer Thursday, 27 July 2023 03:12 PM

මොකා ආවත් වැඩක් නැහැ .අපි අපිම තමයි .අපිට වීසා දෙන්න ප්‍රංශයේ එන්න .ලංකාවේ ජනතාව බේරාගන්නවානම් එකම ක්‍රමේ අපිට කවුරු හරි වීසා දෙන එක විතරයි

:       0       0

chandima Thursday, 27 July 2023 04:08 PM

රනිල් අඳුරන නිසා එනවා වෙන්න ඇති ?රනිල් එනකොට පිටරට නායකයෝ පුටුවෙනුත් නැගිටලා කියලා පසුගිය දවස් වල හෙන්චයියෙක් කියලා තිබුනේ ?

:       0       0

sam Thursday, 27 July 2023 04:44 PM

කිසිදු බලවත් රටක් ලංකාව ආක්‍රමණය කරන්නේ නැත. බටහිර කුමන්ත්‍රණ හෝ වෙනත් බලපෑම් ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ නම් එය ශ්‍රී ලාංකිකයින් වන අප විසින්ම ලංකාව තුළ ඇතිකර ගෙන තිබෙන්නා වූ අර්බුද හෝ ගැටළු නිසාවෙනි. එම නිසා අන්තවාදී ජාතිවාදී මතයෙන් හෝ කෝණයෙන් නොව ලෝකයේ සියලු රටවල් සමග ගනුදෙනු කිරීමට සහ මිත්‍රශීලිව කටයුතු කිරීමට සහ යථාර්තයට මුහුණදීමට රටක් වශයෙන් කටයුතු කළයුතු වෙමු. අන්තවාදී ජාතිවාදී මතයන් සහ ප්‍රකාශ සහ ක්‍රියාවන් සියල්ල අරගල භූමිය තුළදී ශ්‍රී ලාංකිකයින් විසින් ගිනිතබා අළුකළ බව ලංකාවේ සිටිනා අන්තවාදී ජාතිවාදී කණඩායම්, අවස්ථාවාදී දේශපාලකයින් වෙත පමණක් නොව ලෝකයටත් පැහැදිලි පිරිසිදු පණිවිඩයක් පසුගිය වසරේ මැයි මාසයේදී ලබාදෙන ලදී...

:       0       0

DM Thursday, 27 July 2023 05:48 PM

යානයෙන් බැස්ස ගමන් යාපනේට ගිහිල්ලා මොකක්හරි කියලා බෙදුම්වාදීන්ව උස්සල තියයි.

:       0       1

lasantha Thursday, 27 July 2023 11:47 PM

රුසියාව, චීනය, දකුණු අප්‍රිකාව, බ්‍රසීලය ආදී රටවල් මුල්තැනගෙන අලුත් ධ්‍රැවයක් ලෝකයේ නිර්මාණය වෙමින් පැවතෙනවා. ඉන්දියාව මේ අතර හිටියත් ඇමරිකාව විසින් දෙනලද ගුවන් යානා එන්ජින් තාක්ෂනය සහ ප්‍රංශය දෙමින් සිටින සබ්මැරීන තාක්ෂනය නිසා දැන් ඔවුන් ඇමෙරිකානු කඳවුරට එකතු වෙමින් සිටිනවා. පසුගිය මාසය ඇතුලත ඉන්දියානු ජනාධිපති ඇමෙරිකාවේ සහ ප්‍රංශයේ සංචාරය කලා. ඉන්දියානු ගුවන් හමුදාව ප්‍රංශයේ සංදර්ශන වලට පවා සහබාගි උනා. මොදිට උපහාර සම්මාන පිරිනමනු ලැබුවා. මොහු ලංකාවට එන එක මෙම සිදුවිමවලම දිගුවක්. කෙලින්ම සංචාරයක් දෙන්න ඔවුන්ට පොඩි වැඩි නිසා යනගමන් බැහැල යන්න එනවා. අභිමානයක් නැති අපි මහා ඉහලින් ඔවුන් පිලිගන්නවා.

:       0       1

බී අමරසිංහ Friday, 28 July 2023 01:34 AM

ට්‍රාන්සිට් එකක් වගේ පේන්නේ? නැතුව අපිව හම්බ වෙන්නම එන්නෙ නෑ වගේ

:       0       0

Paduma hervelin Friday, 28 July 2023 02:22 AM

අපේ ජනපති ලංකාවෙන් යමක් බලන් එන එකක් නැහැ .මොකද ලංකාවේ මොනවා ගන්නද .ප්‍රංශයේ අය එයාලගේ භාෂාව කතා කරද්දී ලංකාවේ පාලිමන්ට් එක පවා කතා කරන්නේ සුද්දන්ගේ පරිසර විනාශේ පොදු දේපලක් විනාශ කිරීම විකුණන් කෑම ඒවා ප්‍රංශයේ නෑ .අන්න ඒකයි මන් මෙහෙම කිවුවේ

:       0       0

Withanage Friday, 28 July 2023 10:39 AM

සමහරවිට ඔය එන්නේ 13 ගැන කතාකරන්න යහපතක් කරන්න නෙමෙයි

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දැදුරුඔය ජලාශයේ වාන්දොරටු දෙකක් විවෘත කරයි
2024 ඔක්තෝබර් මස 15 50 0

දිවයිනට බළපා ඇති වැසි තත්වය හේතුවෙන් පිටාර මට්ටමට පැමිණ ඇති දැදුරුඔය ජලාශයේ වාන් දොරටු දෙකක් අද (15) දහවල් සිට විවෘත කළ බව ජලාශය භාර වාරි ඉන්ජිනේරු එම්.ජී


පාසල් හෙට සිට යළි විවෘතයි
2024 ඔක්තෝබර් මස 15 52 0

මහවැසි හේතුවෙන් තාවකාලික වසා දැමුණු පාසැල් හෙට(15) සිට සාමාන්‍ය පරිදි යළි විවෘත කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.


වියදම් වාර්තා නොදුන් අපේක්ෂකයන් තිදෙනාට නඩු
2024 ඔක්තෝබර් මස 15 211 0

මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනත අනුව මැතිවරණ වියදම් වාර්තා ලබා නොදුන් බත්තරමුල්ලේ සීලරතන හිමි ඇතුළු තිදෙනාට එරෙහිව නඩු පැවරීමට මැතිවරණ කොමිෂන් සභ


රිය අනතුරකින් අයෙක් මරුට
2024 ඔක්තෝබර් මස 15 69 0

මරදන්කඩවල ගනේවල්පොල ප්‍රදේශයේ දී යතුරුපැදියක් සහ ලොරියක් එකිනෙක ගැටී අද (15) සිදුවූ රිය අනතුරකින් යතුරු පැදි කරුවකු ජීවිතක්ෂයට පත්ව තිබේ.


ශිෂ්‍යත්වය යළි ඉල්ලා අධිකරණයට යති
2024 ඔක්තෝබර් මස 15 431 0

පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රය අවලංගු කර ඒ සඳහා යළි විභාගයක් පැවැත්වීමට නියම කරන්නැයි ඉල්ලා සිටින මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සි


සුරාබදු ලොක්කන්ට ලක්ෂ 12 ගෙවන්න වෙයි
2024 ඔක්තෝබර් මස 15 989 1

සෙවණගල ප්‍රදේශයේ ප්‍රකට ආයුර්වේද වෛද්‍යවරයකුගේ ඖෂධාලයක තිබු ගංජා සමඟ එහි සේවකයන් කීපදෙනකු අත්අඩංගුවට ගැනීමෙන් සුරාබදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන්


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 485 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 467 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1460 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site