IMG-LOGO

2024 නොවැම්බර් මස 06 වන බදාදා


ප්‍රංශ නාවික හමුදා කණ්ඩායමකට නරඹන්න යාල සහ උඩවලව 8 වැනිදා අරී

(සුජිත් හේවාජුලිගේ)

ප්‍රංශ නාවික හමුදාවේ සාමාජිකයන් පිරිසකට නැරඹීම සඳහා පමණක් යාල සහ උඩවලව ජාතික වනෝද්‍යාන ලබන 8 වැනිදා විවෘත කරන බව වනජීවී රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතා පවසයි.

එරට නාවික හමුදාව කළ ඉල්ලීමක් අනුව මෙම විශේෂ අවසරය ලබා දුන් බවද රාජ්‍ය ඇමැතිවරයා ප්‍රකාශ කරයි

ප්‍රංශ නාවිකයන් පිරිස ජෛව බුබුලක් යටතේ මෙරටට පැමිණෙන බවත් එම නාවිකයන්ගේ මෙම සංචාරය සංචාරක අමාත්‍යාංශය සංවිධානය කර ඇති බවත් දිසානායක මහතා සඳහන් කරයි.

කෙසේ වෙතත් මේ සංචාරය සම්බන්ධයෙන් අදහස් දක්වන නාවික හමුදා මූලස්ථානය පවසන්නේ ප්‍රංශ නාවික නිලධාරීන් පිරිසක් මෙරට සංචාරය කළද එම ප්‍රංශ නිලධාරීන් සහ ශ්‍රී ලංකාවේ නාවික නිලධාරින් අතර කිසිදු පුහුණු සැසියක් මේරටදී නොපැවැත්වෙන බවයි .

මේ අතර මෙවැනි විදේශීය සංචාරක කණ්ඩායම් මෙරට සත්වෝද්‍යාන නැරඹීමට පැමිණෙන්නේ නම් එසේ පැමිණෙන පිරිස් කොවිඩ්වලින් තොර බවට සංචාරක මණ්ඩලය සහතිකයක් දිය යුතු බව රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

 



අදහස් (12)

ප්‍රංශ නාවික හමුදා කණ්ඩායමකට නරඹන්න යාල සහ උඩවලව 8 වැනිදා අරී

siri Sunday, 06 June 2021 06:22 PM

එක රටක්.., එක නීතියක්. සියල්ල බලාපොරොත්තු වූවාටත් වැඩියෙන් සිදුවෙමින් පවතියි. ලොකු පුතා ලබන වෙසක් පෝයට අගමැති තනතුරට පත්වෙන්නයි සුදානම කියලත් කියනවා. ෂරියා නීතිය වල් වැදිලා. මද්‍රසා පාසල් දැන් වහලා ඒ ගොඩනැඟිලිවල වසංගත රෝගීන් නිරෝධායනය කරනවා, බුර්කාව බෙහෙතකටවත් හොයා ගන්න නැහැ. බැංකු මංකොල්ල කාරයින් දැන් ආණ්ඩුවේ උළු ගෙදර වැසිකිලි හෝදනවා. පාස්කු ප්‍රහාරයේ මහා මොලකරු කොළ නැති ගහේ ඇරියා. රතුළුෑණු හරිම ලාබයි. අල එහෙම තුට්ටු දෙකයි. කොරෝනා වසංගතය නැත්තටම නැති කළා. අාපදා උපද්‍රව කිසිදෙයක් ගැන අහන්නටවත් නැහැ. මෙහෙම ආණ්ඩුවක් රජකාලේවත් තිබිලා නැහැ. හරි සන්තෝෂයි...

:       127       534

විජේ Sunday, 06 June 2021 10:00 PM

එන වෙසක් පෝයට රජවෙන 3 වැනි දුටුගැමුණු රජුට ජයවේවා...!!!

:       10       1

AsiriMonday, 07 June 2021 09:46 AM

මහත්තයෝ.. සිංහල තේරුම් ගන්න බැරි ඔහේගේ මොලේ අමාරුව හොඳ කරගන්න. රාජ්‍ය තාන්ත්‍රික විශේෂ ඉල්ලීමකට එන පිරිසක් නම් රට ඇතුලේ එක රටක් එක නීතියක් කියන එක ගැලපෙනවද? මෝඩ යහපාලන චිම්පන්සියෙක් වුණාට තප්පුලන්න එපා.. ලංකා අල 180ට කිලෝව ගත්තා.. රතුලූණු නම් 250ග්‍රැම් 100යි ඒක හරි. බී ලූණු 80ට තියෙනවා.. නිකන් මෝඩ පිම්පියෙක් වුණාට කියවලා විතරක් වැඩක් නෑ..

:       369       54

NuwanMonday, 07 June 2021 11:10 AM

නිල්, කොාළ, රතු කියලා පිල් බෙදීගෙන, මරාගන්න නූගත් ඔහෙලා හින්දා රටේ සල්ලි හොරකම් කරන අයට කඩේ නොයන බුද්ධිමත් මිනිස්සුන්ටත් මේ රටේ ඉන්න බැරි තත්වයක් උදාවෙලා.

:       0       102

ගැටයාMonday, 07 June 2021 11:41 AM

මොලෝ අමාරුව බොට බන්. කිසිම රටක මේ වෙලාවේ කිසිම කෙනෙක් තමන්ගේ රටවලට වද්ද ගන්නේ නැහැ... උපායශීලී වුණත්... අපි නම් මොකෝ... ඕනම කුණක්...

:       0       131

fairoosMonday, 07 June 2021 12:21 PM

නියම බයියෙක්... දැනුත් කියවනවනේ...

:       0       34

කොරාලගෙ Monday, 07 June 2021 09:13 AM

අපිට ප්‍රංශ කොරෝනා වෛරසය විතරමයි අඩු... එ්කත් ඉක්මණින් ගෙනැල්ලා හඬපල්ලා මුලු රටටම. වෙන රටවල් විදේශිකයන් එන එක නවත්වලා කොරොනා පාලනය කර ගත්ත, මෙහෙ මුල ඉඳන්ම විදේශිකයන් ගෙන්නලා කොරෝනා පොකුරු හදාගත්තා. අැත්තටම මේක රටක්ද? පිස්සන් කොටුවක්ද?

:       1       165

GalaparaMonday, 07 June 2021 02:00 PM

මුන් අඩ රටම පිස්සන් කොටුවක් කරල තියෙන්නෙ. මොකඩ අර ගිනිගන්න නව්කාව මොලේ කලඩක් තියෙන කෙනෙක් තමන්ගේ මුහුඩු සීසීමාවට ගන්නවඩ??? නව්කාව ගිනිගෙන පස්ස මුහුඩට ගිලෙනකොට කියනව අඩපල්ලා ආතට කියල... මේ අයඩ මේ රට පාලනය කරන්නෙ... රටෙ මිනිස්සුන්ට මාලු කෑල්ලක් කන්න අවුරුදු ගානකට හම්බු වෙන්නෙ නැහ.

:       0       57

rihan Monday, 07 June 2021 10:09 AM

ෂා එකනම් මරු නේද

:       0       0

Nuwan Monday, 07 June 2021 11:10 AM

මේකට දාන්නේ ප්‍රංශ පොකුර කියලද? නැතිනම් යාල පොකුර කියලද?

:       0       43

Mahasen Monday, 07 June 2021 12:42 PM

මොන්ටිසෝරි අය ඇමැතිලා වුණාම ඔහොම තමයි. ආර්ථිකේ පැදුරෙන් බිමට වැටුණා කියලා වෙනසක් නැහැ. ඒ අයගේ ගජමිතුරන්ට බිස්නස් තමයි ඕවා...!!!

:       0       41

sumithra dharmasena Monday, 07 June 2021 02:39 PM

වාසියට නොකරන දෙයක් නැ

:       0       2

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

රනිල් ට්‍රම්ප්ට සුබ පතයි
2024 නොවැම්බර් මස 06 11 0

ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ධුරය සඳහා යළිත් පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාට අට වැනි විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්ස් පණිවිඩයක් තබමින් ස


ගාල්තැන්න කපුවාගේ වාහන අංගනයෙන් තව සැක වාහනයක් හමුවේ
2024 නොවැම්බර් මස 06 2 0

වාහන සිද්ධියක් සම්බන්ධයෙන් දැනට රක්ෂිත බන්ධනාගාරගතව සිටින ගාල්තැන්න ප්‍රදේශයේ ප්‍රසිද්ධ දේවාලයක දේව ගැතිවරයාගේ වාහන අංගනයේ තිබූ තවත් සැකකටයුතු මි


ඉතිහාසයේ ලොකුම අල්ලසට දඬුවම් ලැබෙයි
2024 නොවැම්බර් මස 06 233 0

ශ්‍රී ලංකා ඉතිහාසයේ විශාලතම අල්ලස වශයෙන් සැළකෙන රුපියල් කෝටි 12 1/2 ක අල්ලසක් ඉල්ලා ලබාගත් බවට චෝදනා ලැබ සිටි රේගු අධිකාරීවරුන් සිව්දෙනාම අදාළ චෝදනාවන්ට


“පුංචි ඡන්දෙටත් ලෑස්ති වෙන්න”
2024 නොවැම්බර් මස 06 118 0

මහ මැතිවරණයෙන් පසු ඉතා ඉක්මනින්ම පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට සූදානම් වන්නැයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතා සියලුම දිස්ත්‍රික


කොකේන් සමඟ විදේශිකයෙක් මාට්ටු
2024 නොවැම්බර් මස 06 209 0

රුපියල් කෝටියකට ආසන්න වටිනා කොකේන් මත්ද්‍රව්‍ය ගුලි තොගයක් ගිල දමා සිටි සීරාලියොන් ජාතිකයෙකු බොරැල්ල කොටා පාර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිස


ලක්ෂ 80 ක රටබීම සමඟ අයෙක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 06 237 0

රුපියල් ලක්ෂ 80 කට ආසන්න වටිනාකමකින් යුත් රටබීම බෝතල් 210 ක් සහ සිගරැට් 50,000 ක් ලොරි රථයකට පටවමින් සිටි සැකකරුවකු 3 වැනි හරස්වීදිය ප්‍ර දේශයේදී අද (6) අත්අඩංග


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 35 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 433 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1358 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site