( වසන්ත චන්ද්‍රපාල )
අම්පාර , උහන ගුවන් හමුදා කඳවුරේ පැරෂුට් පුහුණුවීම් කටයුතු හි නිරතව සිටි යුද හමුදාවේ තුන්වැනි විශේෂ බළකායේ බලලත් පුහුණු නිලධාරීවරයකු පැරෂූටය ක්‍රියාත්මක නොවී බිම ඇද වැටීමෙන් අද (20) මිය ගොස් තිබේ.
අද උදෑසන ඔහු ආධුනික භටයින් පුහුණු කිරීමේදී අඩි දහදාහක් පමණ ඉහළ සිට පහළට පැනීමෙන් මෙම අනතුර සිදු වී ඇත.
මෙලෙස මිය ගොස් ඇත්තේ කඹුරුපිටිය ප්‍රදේශයේ පදිංචි යුද හමුදාවේ තුන්වැනි විශේෂ බළකායේ බලලත් නිලධාරී(II) එච්.එච්.ඒ. සී . කුමාරසිංහ නැමැති නිලධාරීයෙකි.
ගුවන් හමුදා කඳවුර ආසන්නයේ පිහිටි කැලෑවක තිබී එම නිලධාරීයාගේ සිරුර හමු වී ඇති අතර ඔහු අම්පාර රෝහලට ඇතුළු කරන විටත් මිය ගොස් සිටි බව රෝහල් ආරංචිමාර්ග කියයි.
අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අවසන් කටයුතු සිදු කෙරෙන අප්‍රේල් 26 වැනිදා ජාතික ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට රජය තීරණය කර තිබේ.
පුත්තලම ප්‍රාදේශීය සභාවට තරඟ වදින අපේක්ෂීකාවකට නිල ජන්ද පත්‍රිකාවක් ලබා දුන් බව කියන පුත්තලම ප්‍රධාන තැපැල් කාර්යාලයෙ ලියුම් බෙදන්නා අද (24) දහවල් අත්
රුපියල් පන් කෝටි තිස් ලක්ෂයක් වටිනා ’’ කුෂ්’’ මත්ද්‍රව්‍ය තොගයක් රැගත් ඉන්දීය ජාතික ගුවන් මගියෙකු කටුනායක ගුවන් තොටුපොළ කිසිවක් ප්‍රකාශ කිරිමට නොමැ
නැගී එන දේශපාලන පක්ෂයක අපේක්ෂිකාවක් නීති විරෝධි ලෙස නිළ ජන්ද පත්‍රිකාවක් තොගයක් සිය නිවසේ සඟවාගෙන සිටියදී අද( 24 ) අලුයම අත් අඩංගුවට ගත් බව පුත්තලම මූලස
ඌව පළාත් සභාව ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ පවත්වාගෙන ගිය ස්ථාවර බැංකු ගිණුම් හයක් කල් පිරීමට පෙර ඉවත් කර ගනිමින් රජයට රුපියල් ලක්ෂ 173 ක අලාභයක් සිදු කළේ ය
දළදා වන්දනාව වසරක් පාසා පැවැත්වීමට යෝජනාවක් ඉදිරිපත් කිරීමට මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය එස්බීඑස් අභයකෝන් මහතා තීරණය කර ඇත.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
පැරෂූටය ක්‍රියාත්මක නොවීමෙන් යුද හමුදා නිලධාරීයෙක් මරුට
Ruchira Tuesday, 20 August 2019 06:23 AM
මෙහි වගකීම ගතයුත්තේ පැරෂුට් බෑග් ඔතන කණ්ඩායම නේද. එහි දෝෂයක් වුයේ නම් ඔවුන් සම්පුර්ණ පරික්ෂාවකට ලක් කලයුතුය
saliya Tuesday, 20 August 2019 06:24 AM
අනාගතය අයිති වීරයින්ට මිස බියගුල්ලන්ට නොවේ. ඔබට නිවන් සුව අත්වේවා.
මොහමඩ් Tuesday, 20 August 2019 07:03 AM
කණගාටුදායක සිදුවීමක්. පුළුල් පරීක්ෂණයක් කර හමුදා නිලධාරීන් පුහුණු කිරීමේදී විශේෂ ආරක්ෂක පිළිවෙත් තහවුරු නොකළ සහ නුසුදුසු හා ක්‍රමවත් නඩත්තු කිරීමකින් තොරවූ උපකරණ භාවිතා කළ හෝ භාවිතා කිරීමට අනුබල දුන් නිලධාරීන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතුයි.
jayarathna Tuesday, 20 August 2019 07:20 AM
පව්. වීරෝධාර රණවිරුවාණෙනි ඔබට නිවන් සුව අත් වේවා!
amila Tuesday, 20 August 2019 07:35 AM
අකාලයේ ජීවිතය අහිමි වූ ඒ අභීත රණවිරුවාට මාගේ බලවත් සංවේගය. මෙවැනි දේ නැවත නැවත නොවෙන්න පැරෂූට් එක ගැන විස්වාසයක් නැත්නම් අඩු ගානේ මුහුදට හරි වැටෙන විදියට පුහුණු වෙන්න, පොළොවට පත බෑ වෙලා මේ නැති වෙන්න වටිනා ජීවිත.
පහන් Tuesday, 20 August 2019 07:56 AM
මම හිතන්නේ නිදහස් දිනය දවසේ ශ්‍රැoග්‍රීලා හෝටලේ මුදුනෙන් බේස් ජම්ප් එක දාපු 3 දෙනාගෙන් එක්කෙනෙක් මෙයා. දක්ෂයෙක් අහිමිවීම රටට විශාල පාඩුවක්
saman Tuesday, 20 August 2019 08:02 AM
ඉතාම කණගාටුදායක පුවතක්
ලුම්බිණි Tuesday, 20 August 2019 09:44 AM
කනගාටුදායකයි. පළවෙනි පැරෂූටය ක්‍රියාත්මක නොවී ගියාම හදිසි දෙවැනි පැරෂූටයක් තියෙනවා නේද?
Rizwan Tuesday, 20 August 2019 09:59 AM
ඔබට නිවන් සුව අත්වේවා සොයුර.
Nuwan Tuesday, 20 August 2019 10:38 AM
පන නම් තණ අග පිණිබිඳු වැන්නේ . ඔබට නිවන් සුව .
GAMAGE CHANDRA Tuesday, 20 August 2019 11:57 AM
සම්පූර්ණ විමර්ශනයක් කොට තවත් මෙවැනි දේ නොවීමට හමුදාව වග බලාගත යුතුය. මෙතුමාගේ දරු පවූල වෙත ගෙවන ආධාර මුදලට අමතරව ඔහු ලැබූ වේතනය සියලු දීමන ඇතුළුව මාස්පතා ගෙවිය යුතුය.
Ruwani Tuesday, 20 August 2019 12:23 PM
ගුවන් හමුදා මුලු ඉතිහාසය පුරා සෙබලුන් කීප දෙනෙක්ම, ගුවනේ සිට කඹය කැඩිලා, පැරෂුට් ඇරෙන්නේ නැතිව මැරුනා. අපරාදේ. දියුණු යුරෝපීය රටවල මෙහේම නොවන්න ඔවුන් බලා ගන්නවා.
sam Wednesday, 21 August 2019 12:43 AM
කරුණාකර සියලු දේම තත්ත්ව පරීක්ෂණ වලට භාජනය කර ප්‍රමිති ඉහළට ඔසවා තැබීමට අවශ්‍යයි
Renuka Wednesday, 21 August 2019 04:26 AM
අභීත රණවිරුවාණෙනී ඔබට අජරාමර නිවන් සුව අත්වේවා
Renuka Wednesday, 21 August 2019 04:35 AM
අභිත රණ විරුවාණෙනී ඔබට අජරාමර නිවන් සුව අත්වේවා