IMG-LOGO

2024 ඔක්තෝබර් මස 14 වන සඳුදා


“පිරිසකට කිරි:පිරිසකට කැකිරි“

ඉහළ ශ්‍රේණි වලට ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය පුදුම විදියට වරප්‍රසාද දෙන බවත් එමගින් සමාගමේ ලාභය පහළ වැටෙන බවත් කියමින් එහි වෘත්තීය සමිති පෙරමුණ අද (06) කොළඹ කොටුව පිහිටි ශ්‍රී ලංකා ටෙලිකොම් ප්‍රධාන මුලස්ථානය ඉදිරිපිට උද්ඝෝෂණයක් කළේය.

සංදේශයක් භාර දීමට ජනාධිපති ලේකම් කාර්යාලය වෙත යාමට ගත් උත්සාහය පොලිස් යකඩ වැටෙන් අවහිර කැරිණි.

DSC_0485 DSC_0490 DSC_0491 DSC_0497



අදහස් (0)

“පිරිසකට කිරි:පිරිසකට කැකිරි“

පීරිය Saturday, 07 January 2017 05:02 AM

අතුල කියන විදිහට දැන් මිනිස්සු ස්ටයික් කරන්නේ , උද්ගෝෂණය කරන්නේ ඉස්සර බැරිවුන නිසා දැන් ජොලියටයි . දැන් මිනිසුන්ට කාල-බීලා කෑමදිරවගන්න, මහපාරට ඇවිත් උද්ගෝෂණය කරනවද?(අ)

:       0       0

රත්නෙ Friday, 06 January 2017 09:53 AM

මේ රජය බලයට පත් වුණාට පස්සෙ රටේ මිනිස්සුන්ට දකින්න වුණේ සංවර්ධනය වෙනුවට වැඩ වර්ජන, පෙළපාලි, උද්ඝෝෂණ පමණයි. මේ රජයේ දුර්වලකම ගැන කියන්න අලුතින් වචන හදන්න වෙනවා. (ම)

:       0       0

ටෙශාන් Friday, 06 January 2017 10:01 AM

වැඩකරන මිනිස්සු පාරට බසින තැනට කටයුතු නොකර, සාකච්ඡා මාර්ගයෙන් කාර්මික ආරවුල් විසඳා ගැනීමට හැකිවීම ඕනෑම ආයතනයක කළමනාකාරීත්වයේ වගකීමක්. (ම)

:       0       0

අතුල Friday, 06 January 2017 10:47 AM

රත්නේ ඕක රජයේ දුර්වල කමක් නෙමෙයි.ඒ කාලේ මිනිස්සු ඕවා කරන්න බය වුණා.හැබැයි දැන් එහෙම නැති නිසා මිනිස්සු ඕනෑ දෙයක් නිදහසේ කරනවා. (ම)

:       0       0

තිලක් Friday, 06 January 2017 10:53 AM

මේ හැමෝම අනෙක් ආයතනත් එක්ක බලන කොට හොද පඩියක් ගන්නවා. (ර)

:       0       0

හේෂානි Friday, 06 January 2017 12:44 PM

හැමදේකටම මිනිස්සු පාරට බහින එක දැන් නිකන් කලාවක් වෙලා. අනික් අතට පාලකයිනුත් මිනිස්සුන්ට පාරට බහින්න ඉඩ දීලා ඔහේ බලන් ඉන්නවා. නැත්තම් මිනිස්සුන්ට පාරට බහින තැනට වැඩ කරනවා. මට නම් දැන් මේ රටේ සිදු වෙන දේවල් ගැන තියෙන්නේ පුදුම කලකිරීමක්. (ර)

:       0       0

වික්‍රම Saturday, 07 January 2017 09:48 AM

දැන් සතියක විතර ඉඳලාම ටෙලිකොම් සේවාවන් අඩාලයි. ඩිජිටෙල් ඇමතිලාටවත් අපේ රටේ දේ රැකගන්න උවමනාවක් නැති බවයි පේන්නේ (නි)

:       0       0

සිරිසේන Saturday, 07 January 2017 09:50 AM

මේ මිනිස්සු අද පාරට බැහැලා. කොච්චර තණ්හාවක් ඇද්ද කියලා හිතෙන්නේ මට විතරද? (නි)

:       0       0

දිලීප විජේසුන්දර Saturday, 07 January 2017 09:50 AM

තණ්හාව ශෝකයට මුලයි (නි)

:       0       0

හිස්සැල්ල Saturday, 07 January 2017 09:53 AM

මේ කට්ටිය ගොඩක් මහන්සිවෙලා වැඩ කරන බව නම් පෙනෙනවා (නි)

:       0       0

විජෙසුන්දර Friday, 06 January 2017 01:15 PM

එ අය හොද පඩියක් ගන්නෙ ගොඩක් මහන්සිවෙල කැපවිමෙන් වැඩකරල. එත් කළමනකරනයෙ පොඩි පිරිසක් ආයතනය කොටස් කොටස් විකුනලා විනාශ කරනවා. එයට විරුද්දව තමයි මෙ විරොදය. ලංකාදිපයෙ විතරයි මෙ ගැන මෙහෙම හරි විස්තරයක් ගියෙ. එයට ස්තුතියි. (ර)

:       0       0

එඩ්වඩ් Saturday, 07 January 2017 11:28 AM

මේ ප්‍රශ්න දුරදිග යවන්න එපා (නි)

:       0       0

චින්තක Saturday, 07 January 2017 11:30 AM

අතුල, පසුගිය රජය කාලෙත් ඕනෑතරම් වර්ජන උද්ඝෝෂණ තිබුනා. ඔයාගේ වයස මම දන්නේ නැති නිසා, දන්නා කෙනෙකුගෙන් අහලා දැනගන්න 1988/89 ආණ්ඩුව යටතේ කිසිම වර්ජනයක් තිබුනේ නැහැ. ඒ මොකද කියනවා නම් එහෙම කරපු කෙනා පහුවදාට ඉන්නේ ටයර් සෑයේ (නි)

:       0       0

නුවන් Friday, 06 January 2017 01:52 PM

අද මාධ්‍ය නිදහස කොහෙද? මාධ්‍ය කරුවොත් මුදල් වලට යට වෙලා ද? එහෙම නැත්නම් බියගුල්ලො වෙලා ද? මේ වර්ජන මේ ආයතන වල ප්‍රශ්න ජනතාව දැන ගන්නවට බය ඇයි..? ප්‍රශ්ක වල නියම ස්වභාවය පෙන්නල කතාකරන්න ඉන්න එකම මාධ්‍ය ලංකාදීප පමණ ද? එක මාධ්‍යක් හරි ඉන්න එක ගැන සතුටුයි (ම)

:       0       0

සහන් Friday, 06 January 2017 02:52 PM

‍මෙයාලගේ පඩිය ප්‍රසිද්ධ කරන්න කියන්න. එතකොට තේරෙයි සටන සාධාරනද කියලා (නි)

:       0       0

වසන්ත Friday, 06 January 2017 03:15 PM

ආයතනයක දක්ෂ සහ පුළුල් දැක්මක් ඇති ඉහළ නිලධාරීන් ඉන්නවා නම් සේවකයන්ට මෙහෙම පාරවල් ගානේ කෑ ගහන්න වෙන්නෙ නැහැ. මට මතක විදියට ඉස්සර ජපන් කළමනාකාරීත්වය තියෙනකොට ටෙලිකොම් ආයතනයේ මෙහෙම වැඩවර්ජන, පෙළපාලි, උද්ඝෝෂණ කියන දේවල් නිතරම දකින්න ලැබුනෙ නැහැ. දැන් ඒකට හැම මාස කීපයකටම සැරයක් මොකක්හරි දෙයක් තියෙනවා. (නි)

:       0       0

බලගෙදර Friday, 06 January 2017 07:17 PM

මේක ඉතින් සිරි ලංකාවනේ (නි)

:       0       0

සමන්ත Saturday, 07 January 2017 01:38 AM

සමහර අර්ධ රාජ්‍ය ආයතන වල තතවයත් මෙයමයි. සාමුහික ගිවිසුම් යැයි කියමින් සාමාන්‍ය සේවකයට පඩි වැඩි කරන්නේ රු.1000 කින් විතර. නමුත් නිකන් පුටු රත් කරන, වෘත්තිය සමිති බදාගෙන සිටින අයගේ පඩි ලක්ෂ ගණනින් හොරෙන්ම වැඩි කරගෙන. (නි)

:       0       0

බණ්ඩාර Saturday, 07 January 2017 01:43 AM

සමහර අර්ධ රාජ්‍ය ආයතන කෝටි ගණන් පාඩු යැයි කියමින් උදේ සවස චක්‍රලේඛන එවනවා සේවකයින්ට ඉක්මනින් විශ්‍රාම යන්න කියලා. නමුත් ඒවායෙ ඉන්න දේශපාලනය කරන දෙපැත්තෙම අයගෙ පඩි ලක්ෂ ගණන්. හිතා ගන්න බැරි ගණන්. එ් අය විශ්‍රාම යනකොට රටේ භාණ්ඩාගාරය හිස්වෙන තරමට ගෙවන්න වෙනවා. (නි)

:       0       0

රාජකරුණා Saturday, 07 January 2017 02:18 AM

හේෂානිගේ අදහස එක්ක මාත් එකඟයි. ඒත් එක්කම දැන් තියෙන රටේ තත්වෙ එක්ක, පාරට නොබැස්සොත් වැඩක් කර ගන්න වෙන්නෙත් නෑ. ඒ තරමටම රට පිරිහිලා කියලා තමා මට නම් හිතෙන්නේ. (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඕනෑම තත්වයකට මුහුණ දෙන්න නාවික - ගුවන් සූදානමින්
2024 ඔක්තෝබර් මස 13 1187 0

කඩුවෙල, බියගම, ඉහළගම සහ ජා ඇල යන ප්‍රදේශ ආශ්‍රිතව ගංවතුරට අසුව පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සදහා ආපදා සහන කණ්ඩායමක් 8 ක් ස්ථාපිත කර ඇති බව නාවික හමුදාව පව


මැතිවරණ වියදම් කියන්න 8ක් කර ඇරලා
2024 ඔක්තෝබර් මස 13 2125 0

මැතිවරණ වියදම් වාර්තා බාරදී ඇත්තේ ජනාධිපති අපේක්ෂකයන් 38 දෙනාගෙන් 30 දෙනකු පමණක් බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.


ගංවතුරට කොටුවූ 50කට යුද හමුදා පිහිට
2024 ඔක්තෝබර් මස 13 294 0

නොකඩවා ඇදහැලෙන ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් කොටුගොඩ ගුරුගේවත්ත ප්‍රදේශය ගංවතුරින් යටවීමෙන් අව තැන් වී සිටි පනහකට ආසන්න පිරිසක් ඉන් මුදා ගෙන ආරක්ෂිත ස්


අගුලේ පිහිටෙන් මනාලිය නිවෙසට
2024 ඔක්තෝබර් මස 13 935 0

දින කීපයක් තිස්සේ පවතින අධික වර්ෂා හේතුවෙන් කුඩා ගඟ පිටාර ගැලීමෙන් කළුතර මාර්ග අවහිර හේතුවෙන් සද්දන්ගොඩ තරුණයකු තම සහකාරිය අගුලක ආධාරයෙන් නිවෙස කැඳ


කටුකුරුන්දේ අනතුරු දිවි නසා ගැනීමක්
2024 ඔක්තෝබර් මස 13 9184 0

කටුකුරුන්ද දුම්රිය ස්ථානයේදී දුම්රියේ ගැටී මියගිය තිදෙනා ගෙන් එක් අයකු සිය සිගිති පුතා රැගෙන දුම්රියට පැන දිවි නසා ගැනීමට තැත්කර ඇති බවත් අනෙක් පුද්


තවත් සැක වාහන තුනක් රත්නපුර තැන් දෙකක
2024 ඔක්තෝබර් මස 13 3347 0

සැක සහිත සුඛෝපභෝගි ජිප් රථයක් ඇතුළු වාහන තුනක් පැල්මඩුල්ල සහ ඕපනායක ප්‍රදේශවලදි සොයාගත් බව පැල්මඩුල්ල පොලිසිය කියයි.


වැඩි දෙනා කියවූ පුවත්






මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 348 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 429 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1374 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site