IMG-LOGO

2024 ඔක්තෝබර් මස 11 වන සිකුරාදා


‘පිරිසක් ආබාධිතයන්ට ලණු දීලා‘

යුද්ධයේදී ආබාධිත හමුදා සාමාජිකයන්ගේ ඉල්ලීම් ලබාදීමට කටයුතු කොට තිබියදීත් සඳුදා (07) ජනාධිපති කාර්යාල පරිශ්‍රයේ හා ඒ අසළ ඇති වූ කළ කළහකාරී තත්ත්වය සැලසුම් සහගතව රජය අපහසුතාවයට පත් කිරීමටත්   හමුදා සාමාජිකයන් හා රජය අතර බරපතල බෙදීමක් සිදුකිරීමටත් කළ කුමන්ත්‍රණයක් බව රජය කියයි.

ජනාධිපති ලේකම් කාර්යාලයයෙන් නිවේදනයක් නිකුත් කරමින් කියනුයේ මෙම සමාජිකයන් මෙයෙවූයේ කවුදැයි ඔවුන්වත් නොදන්නා බවයි.

මෙම ඉල්ලීම් ලබා දීමට මෛත්‍රීපාල සිරිසේන ජනපති මීට මාස හතරකට පෙර අමාත්‍ය මණ්ඩල සංදේශයක් ඉදිරිපත් කර එහි තීන්දුව භාණ්ඩාගාරයට යවා අවශ්‍ය කටයුතු සිදු වෙමින් පැවතුන බවත් එම නිවේදනයේ සඳහන්ය.

දීර්ඝ කාලයක සිට රජයට විරුද්ධ දේශපාලන සංවිධානවල කටයුතු කරන භික්ෂූන් වහන්සේලා කිහිපදෙනෙකු හා පිටස්තර පිරිසකගේ මැදිහත්වීම මත ඇති කළ මෙම කළහකාරී සිදුවීම දේශපාලන අවශ්‍යතාවයක් බව ඉතා පැහැදිලි බව ද,  මෙම කළහකාරී හැසිරීම සිදුකෙරුණේ ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් සහ ජනාධිපති කාර්යාලයේ නියෝජිතයන් රණවිරු අයිතිවාසිකම් සුරැකීමේ බලවේගයේ නියෝජිතයන් පස් දෙනෙකු සමග  සාකච්ඡා කරමින් සිටිය දී බවත් ජනාධිපති ලේකම් කාර්යාලය කියයි.

මෙම සේවා විශ්‍රාම වැටුප වසර 12 කට අඩු කාලයක් සේවයේ නියුතු ආබාධිත රණවිරුවන් වෙත ලබාදීම සන්නද්ධ හමුදා විශ්‍රාම වැටුප් හා පාරිතෝෂිත ව්‍යවස්ථා සංග්‍රහයේ ප්‍රතිපාදනවලට පටහැනි වුවත් ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි එම සියලූ නීති රෙගුලාසී සංශෝධනය කරමින් සේවා විශ්‍රාම වැටුප මෙම පිරිසට ද ලබාදීමට තීරණය කර තිබුණු බව ද ජනාධිපති ලේකම් කාර්යාලය සඳහන් කරයි.

‘‘ජනධිපති කර්යාලය ඉදිරිපිට විරෝධතාකරුවන් උද්ඝෝෂණය කළ අවස්ථාවේ ජනාධිපති කාර්යාලය තුළ විදෙස් නියෝජිතයින් පිරිසක් විශේෂ සාකච්ඡාවක ද නිරතව සිටි අතර ජනාධිපති කාර්යාලයේ ආරක්ෂක නිලධාරීන් දැඩි අපහසුතාවයට පත් කරමින් කාර්යාල පරිශ්‍රයට බලහත්කාරයෙන් ඇතුළ්වීමට කළ උත්සාහය පාලනය කිරීමට කටයුතු කරන ලදී. ලබන වසරේ පෙබරවාරි මාසයේ සිට දැනට ලබාදෙන වැටුප් හා දීමනා, දුබලතා දීමනාවට අමතරව අපේක්ෂිත සේවා විශ්‍රාම වැටුප ගෙවනු ලබන බවට ආරක්ෂක අමාත්‍යාංශය 2016 නොවැම්බර් මස 06 වන දින විශේෂ මාධ්‍ය නිවේදනයක් ද නිකුත් කර තිබුණි.‘‘



අදහස් (0)

‘පිරිසක් ආබාධිතයන්ට ලණු දීලා‘

ඇසළ Tuesday, 08 November 2016 03:04 PM

කිලිනොච්චියේ පහුගිය දවස් වල ටයර් පුච්චලා පාරවල් වහල පොලිස් නිලධාරීන් පිහි වලින් කඩපු බෝතල් වලින් කපල තිබුන ඒවාට ලනු දීපු අය හොයන්නේ නැත්ද.? මෙතන තියෙන්නේ දේශපාලනයක් නෙමෙයි අහිංසක කකුල් අතපය රට වෙනුවෙන් පුජා කරපු රණ විරුවන්ගේ ජීවත්වීමේ සටනක්. (බ)

:       0       0

දහම් Tuesday, 08 November 2016 03:25 PM

දෙයි හාමුදුරුවනේ! ඇයි මේ ආණ්ඩුව හැම එකකින්ම ඇදගෙන නාන්නේ. මොළයක් නැද්ද ප්‍රශ්නයක් ඔඩුදුවන්න කලින් විසඳන්න. (නි)

:       0       0

සත්‍යපාල Tuesday, 08 November 2016 04:17 PM

තවමත් කඩේ යන කට්ටියගේ කයිවාරු කතා නම් අඩුවක් නැහැ. තමන්ගේ නායකයෝ ඉන්නකාලේ ඇතිවූ ප්‍රශ්න බව නොදන්නා ගානට මේ අය අදහස් දාන්නේ හරියට තොත්ත බබාලා වගෙයි (නි)

:       0       0

සත්‍යයා Tuesday, 08 November 2016 04:30 PM

ප්‍රශ්න තියෙන්නේ මුහුණ දෙන්න මිස පැනලා දුවන්න නොවේ. කලින් රජයේ දුර්වලකම් කියා ශක්තිවන්ත වෙන්න අලුත් ආණ්ඩුවක් උත්සාහ කරනවා නම් අපි ඒවා මින්මතු "පාණ්ඩු" නමින් හඳුන් වමු. කඩාකප්පල්කාරයෝ කියන්නේ පිටින් ආ අය නොවේ. හිටපු පාලකයෝමයි. ජනතාව ඔවුන් ගෙදර ඇරියට නව පාලකයින්ට ඒගොල්ලන් හුරතල් නොකර ඉන්න බැරි තත්වයක් වගේ උදාවෙලා වගේ තියෙන්නේ. (නි)

:       0       0

නිපුන් ජයසුන්දර Wednesday, 09 November 2016 01:37 AM

ගැරඬියන්ට පෙනේ පුප්පන්න බැහැ කියනවනේ! (නි)

:       0       0

සෙනරත් Wednesday, 09 November 2016 01:47 AM

දැන් නම් සද්දෙට කිවිසුමක් අරින්නත් බය හිතෙනවා රජය අපහසුතාවයට පත්වෙයිද කියලා. (නි)

:       0       0

සෙනරත් Wednesday, 09 November 2016 03:04 AM

මේ අහිංසකයෝ රට වෙනුවෙන් යුද්ධෙට ගිහිල්ලා අත පය කඩාගත්තේ. එහෙම නැතුව හොරකමේ ගිහිල්ලා නොවෙයිනේ. අවුරුදු 12 නෙමෙයි, එකදවසක් රාජකාරි කරලා එහෙම වුණත් සියලු හිමිකම් දෙන්න ඕනෑ. ඒ විතරක් නොවෙයි තව වන්දියකුත් දෙන්න ඕනෑ. දේශපාලකයන්ට කෝටී ගණන් හොරකම් කරන්න පුළුවන්. වාහන ගෙන්වන්න පුළුවන්. ඒවාට කිසිම පරික්ෂණයකුත් නැහැ, දඬුවමකුත් නැහැ. (නි)

:       0       0

රෝහිත Tuesday, 08 November 2016 10:51 AM

අපේ කට්ටියගේ වැඩ ගැන දන්නේ නැද්ද! බල්ලෝ මරල හරි තමන්ට වාසි ගන්න බලන කට්ටිය නේ.(බ)

:       0       0

ආනල්ඩ් ගුණවර්ධන Tuesday, 08 November 2016 10:52 AM

පෙනේ පුප්පල නායක බව පෙන්නුවේ නැත්තම් තව තව ලෙඩ ඉස්සරහට එවි (බ)

:       0       0

ප්‍රදීප් Tuesday, 08 November 2016 11:14 AM

ඉතාම කනගාටු දායක තත්ත්වයක්, මෙය අප සියලු දෙනාම දුටුවා. ඔවුන්ගේ අවශතාවය වුණේ ගැටුමක් ඇතිකර ආණ්ඩුව විසින් අබාදිත රන්විරුවන්ට පහර දුන් බවට ප්‍රචාරය කරන්න. නින්දිතයි (අ)

:       0       0

බමුණුආරච්චි Tuesday, 08 November 2016 11:14 AM

අනේ ඔහෙලා වැඩේ අනාගෙන දැන් අනික් යට ඇඟිල්ල දික් කොරනවා. කව්රුහරි මෙහෙයවා තිබෙනවානම් ඒ යුද්ධයේදී ආබාධිත හමුදා සාමාජිකයන්ගේ යහපත පිණිසයි. අර පැනල යන්න ගිහින් වෙඩිකපු ත්‍රස්තයගේ පවුලට ලක්ස 20 දුන්නනම් මෙයාලට කෝටි 20 දුන්නත් කමක් නැත. (අ)

:       0       0

හෆීල් Tuesday, 08 November 2016 11:18 AM

ආබාධිත රණවිරුවන් භාවිතා කරමින් පරාජිත දේශපාලන බලවේගවල් කරන මේ පහත් සහ පටු අරමුණ හෙළාදකිනවා. (අ)

:       0       0

රොමේෂ් Tuesday, 08 November 2016 11:37 AM

අවරුදු 5ක් පාර්ලිමේන්තු ගිහින් මංගල කතාව විතරක් කරපු කට්ටියටත් විශ්‍රාම වැටුපක් හිමිවන රටේ, රට වෙනුවෙන් එක දවසක් හරි යුද්ධ කරලා සදාකාලිකවම ආබාධිත තත්ත්වයට පත්වුණ රණ විරුවන්ට විශ්‍රාම වැටුප ලබාදිය යුතුයි. එතැනදී රණ විරුවාගේ සේවා කාලය කිසිසේත්ම බාධකයක් නොවිය යුතුයි. කෙසේ නමුත් මේ රණ විරුවන්ව කිසියම් බලවේගයකින් මෙහෙයවපු බවනම් නිර්පාක්ෂික සාමාන්‍ය ජනතාවට සක්සුදක්සේ පැහැදිලියි. නමුත් ආණ්ඩුවට කිසිම සදාචාරාත්මක අයිතියක් නැහැ ආබාධිත රණවිරුවන්ට පහර දෙන්න. රජයක් මීටවඩා වගකීමෙන් කටයුතු කළ යුතුව තිබුණ බවයි මගේ විශ්වාසය. ආණ්ඩුව කරන්නේ තුන්මුල්ලේ පත්මෙලවත් මරදානේ චොප්පේලාවත් නෙමෙයිනේ. පහරදීම දැඩිසේ හෙලා දකින අතර අවසානයේ හෝ විශ්‍රාම වැටුප ලබාදීමට කටයුතුකිරීම සම්බන්ධව සතුටු විය හැක. (අ)

:       0       0

ශසික Tuesday, 08 November 2016 11:42 AM

කවුරුවත් මෙහෙයවන්න ඕනේ නැහැ.මේ අයගේ ඉල්ලීම් මහින්දගේ කාලේ දුන්නේ නැත්නම් මේ රජයට තියෙන්නේ ඒ වරද නිවැරදි කරන්නනේ. මාසෙකට කලින් ආරක්ෂක ලේකම් තුමා දුමින්ද ඇමතිතුමා එක්ක ඇවිත් දුන්නු පොරොන්දුව ඉටු කළා නම් ඉවරයිනේ.මේ උපවාස උද්ඝෝෂණ මොකුත් නැහැනේ.(අ)

:       0       0

ජගත් ලියනගේ Tuesday, 08 November 2016 11:51 AM

කව්ද ඉතිං අර දෙන්න . උපවාසය කරන වෙලාවෙ පිටකොටුවටත් ආවා අපි දැක්කා .(බ)

:       0       0

රාසික් Tuesday, 08 November 2016 11:51 AM

අපිත් හිතුවා අන්තිමට ඔත්නෙන්ට ඒවී කියල.දෙන්න නම් හිටියේ ඔච්චර කාලයක් ස්ට්‍රික් කරනකකම් හිටියේ මොකද ? කලින්ම කියන්ඩ තිබ්බනේ ලබන අව්රුද්දෙ දෙනවා කියල ....අහෝ යහ පාලනය (බ)

:       0       0

ප්‍රියාන් Tuesday, 08 November 2016 12:15 PM

මෙයාල බබාලා..මොනවත් දන්නේ නැහැ..(බ)

:       0       0

තරිඳු Tuesday, 08 November 2016 12:23 PM

අනේ මෙහෙමත් දුර්වලකම් වහන්න නිදහසට කරුණු කියන රජයක්.පව් (බ)

:       0       0

අජිත් වනිගසේකර Tuesday, 08 November 2016 12:43 PM

එහෙනම් හර්තාලය පටන්ගත් දවසම කියන්න තිබුනනේ ආබාධිතයන්ව දින ගණනක් පිටකොටුවේ වැස්සේ තියන්නේ නැතිව. ඔරුව පෙරලුනු පිට හොදය කියනවා වගේ. (බ)

:       0       0

චන්න Tuesday, 08 November 2016 01:10 PM

බඩගින්න නැමැති පිටස්තර පිරිසක් මොවුන්ව මෙහෙයවා ඇති බව රහස් පොලිසිය සොයා ගෙන ඇති අතර , නැති බැරිකම නැමැති බලයක් අවසන් මොහොතේ මොවුන්ව දිරිමත් කර ඇති නමුත් තුච්ඡකම හා පාහරකම නැමැති මැර කල්ලි වල ප්‍රහාරයට ලක්ව ඇත . (බ)

:       0       0

නන්දලාල් ද සිල්වා-ප්‍රංශය Tuesday, 08 November 2016 01:22 PM

තමන්ගේ පටු දේශපාලන අදහස් ඉටුකර ගැනීමේ කුඨ චේතනා මුල් කරගෙන, මෙවැනි තුට්ටු දෙකේ වැඩ කර අසරණ ජනතාව රවටන දේශපාලුවන් තරයේ හෙලා දැකිය යුතු වෙනවා ! (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පාලමකින් එගොඩ වෙන්න ගිය අයෙක් අතුරුදන්
2024 ඔක්තෝබර් මස 11 40 0

පවතින දැඩි වර්ෂාපතනය හේතුවෙන් කඩුවෙල යාකාල වැලිහිද ඇල හරහා ඉදිකරමින් පවතින පාලමක් හරහා ගමන් කිරීමට ගිය 39 හැවිරිදි පුද්ගලයකු දියේ ගිලී අතුරුදහන් වී ඇත


අපේක්ෂකයින්ගේ නම් හෙට ලංකාදීපයේ
2024 ඔක්තෝබර් මස 11 225 0

2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .


කලු ගඟේ ජල මට්ටම ඉහළට: මාර්ග රැසක් ජලයෙන් යටවෙයි
2024 ඔක්තෝබර් මස 11 525 0

ඇදහැලෙන මහ වැසි නිසා කලුගඟේ ජල මට්ටම මුවගම ස්වයංක්‍රීය ජල මාපකයේ අද( 11) පෙරවරු 10.15 වන විට මීටර් 5.2ක් වු පිටාර මට්ටමට ඉහළින් සුලු ගංවතුරක අවදානම් මට්ටමට පැම


සුළගෙන් අම්බලන්ගොඩ ධීවර වරායේ යාත්‍රා 20 කට හානි
2024 ඔක්තෝබර් මස 11 373 0

අම්බලන්ගොඩ ධීවර වරායේ ගාල් කර තිබූ බහු දින ධීවර යාත්‍රා විස්සකට පමණ අද (11) හමාගිය තද සුළගකින් දැඩි අලාභ හානි සිදුව ඇතැයි එම ධීවර යාතාවල හිමිකරුවන් කියති


නාම යෝජනා භාර ගැනීම අද දහවල් 12 ට අවසන්
2024 ඔක්තෝබර් මස 11 320 0

2024 පාර්ලිමේන්තු මහමැතිවරණයට නාම යෝජනා භාර ගැනීම අද 11) දහවල් 12 ට අවසන් වන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය.


වැලිපැන්න අධිවේගී පිවිසුම යටවේ
2024 ඔක්තෝබර් මස 11 1402 2

නොනවත්වා ඇදහැලෙන වර්ෂාව හේතුවෙන් වැලිපැන්න අන්තර් හුවමාරුව ද ජලයෙන් යටවීම නිසා මීට සුළු මොහොතකට පෙර තාවකාලිකව වසා දැමූ බව අධිවේගී මාර්ග මෙහෙයුම් නඩත


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39865 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25887 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 113 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 397 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1266 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site