IMG-LOGO

2024 ඔක්තෝබර් මස 14 වන සඳුදා


පිරිසක් පිටියට පනිති

ගාල්ල රිච්මන්ඩ් - මහින්ද ක්‍රිකට් තරගය අතර මැද දී මහින්ද විදුහලට සම්බන්ධ බව කියන පිරිසක්  පිටිය මැදට පැමිණ කලබලකරන්නට වූ බැවින් මින් සුළු මොහාතකට පෙර තරඟය අතරමග නැවතී ඇත. පොලීස් කැරළි මර්ධන ඒකකය තත්ත්වය පාලනය කිරීමට සූදානම්ව සිටියි. පළමු ඉනිමේ රිච්මන්ඩ් විදුහල ලකුණු 257ක් ලබා ගත්තේය. පළමු ඉනිම ක්‍රීඩා කළ මහින්දය ලබාගත්තේ ලකුණු 126කි. දෙවැනි ඉනිමේ කඩුළු නමයකට 128ක් ලබා සිටිය දී මේ තත්ත්වය ඇතිවිය. පිටියට කඩා වැදුණු පිරිස් රිච්මන්ඩ් කණ්ඩායමේ ක්‍රීඩකයකුට ද පහරදුන් බව පොලීසිය කියයි. වඩාත් සුහද ශීලී තරඟයක් වූ බැවින් මේ තරඟය හඳුන්වන්නේ ආදරවන්තයන්ගේ සටන යනුවෙනි.



අදහස් (0)

පිරිසක් පිටියට පනිති

මංජුල අබුඩාබි සිට Saturday, 22 March 2014 05:11 PM

ධම්ම ගාල්ලේ අය ආදරය හොඳින් අඳුනනවා, අවුරුදු 109ක් වන මහා තරග ඉතිහාසයේ දැන් වසර දෙක තුනක් වෙලේ ඉඳල කළු පැල්ලම් එකතු කරන්න බොහෝ දෙනා උත්සහ කරන බවක් පේනවා. මම මහින්දෙවත් රිච්මන්ඩ් වත් නෙමෙයි. මගේ පාසලේ බිග් මැච් තිබුනේ නැහැ නමුත් ගාල්ලේ බාල මහලු සියලුදෙනා පාසල් බේදයකින් තොරව බිග් මැච් එකේ මිහිර චිරාත් කාලයක් විඳගත්තා. එක නිසා ඔයාට තියෙන දක්ෂිණ භීතිකාව මග ඇරිලා යන්න කොන්දට බෙහෙතක් කරගන්න. (නදී)

:       0       0

මිහිර Sunday, 23 March 2014 08:00 AM

පිටියට කඩා පැනීම හරිම අවිනිතයි. ආදී මහින්දියෙක් හැටියට ලැජ්ජයි නමුත් මෙයට වගකිව යුත්තේ සිසුන් නෙවෙයි ආදී ශිෂයෝ කියාගන්න මැච් එක දවසට රා බීගෙන දගලන ඉස්කෝලේ ගියාට ඉගෙන ගත්තේ නැති නුගතුන් ටික දෙනෙක්. රිච්මන්ඩ් සොයුරනි ඔබගේ විශිෂ්ට ජයග්‍රහණයට හද පත්ලෙන්ම සුබ පතමි.(නදී)

:       0       0

වීරේ Sunday, 23 March 2014 08:00 AM

මේ අය ක්‍රිකට් වල මහත්මා ගති ගැන දන්නේ නැහැ.(නදී)

:       0       0

වසන්ත Saturday, 22 March 2014 05:27 PM

රටේ විනයක් නැති බවට තවත් සාක්කියක්. මේ රටේ නියම නීතියක් තියන්ඩ ඕනා. රට දියුනු කිරීමට නම්. සිමෙන්ති ගොඩනැගිලි හෝ පාරවලින් දියුනුව මැනිය නොහැකිය. රටේ නීතිය ක්‍රියාත්මක කර වැරදි කල අයට දඬුවම් දෙන්ඩ.(නදී)

:       0       0

ධම්ම Saturday, 22 March 2014 06:37 PM

මංජුල ගිය දුරක්! හිත රිදුනා නම් සමාවන්න. (නධී)

:       0       0

මිලින්ද Saturday, 22 March 2014 06:43 PM

බෙන්තර ගගෙන් එහා පැත්තෙනං කවර කතාද.(නදී)

:       0       0

මහරුෆ් Monday, 24 March 2014 01:41 AM

රා බීපු කතාවක් කොමන්ට් එකක තිබුනා.ආදරවන්තයින් රා බොනවද?  සිරිලක දේ සිරි සැප දේ කීවලු.(නදී)

:       0       0

ශාලිත Sunday, 23 March 2014 11:23 AM

මහින්දෙ දැකලවත් නැති අය මහින්දෙ ගැන ප්‍රතිචාර දමන එක වැරදි. (ත)

:       0       0

නිමල් Saturday, 22 March 2014 07:51 PM

සල්ලිකාර මෝඩයන්ගේ විකාර. සමබර අධ්‍යාපනය මේකද? (නදී)

:       0       0

චාමික Sunday, 23 March 2014 11:36 AM

මමත් රිච්මන්ඩ් ආදී සිසුවෙක්. අපි නම් හැබැයි මේපාරත් අපේ සමවයසේ මහින්ද ආදී සිසු යහලුවෝ සමග බොහොම සතුටින් බිග් මැච් එකට ගතිපු නිවාඩුව ගතකලා. රිච්මන්ඩ් අයට මහින්දෙ අය තමයි හැමදාමත් රැකියා අවස්ථා වලදී පවා උදව් කරන්නේ. මහින්දෙ අයටත් රිච්මන්ඩ් අය එහෙමයි. මේ පාසල් දෙකම එකට බැදුන දෙයක් කියන ඒක අපේ මල්ලිලට මතක් කරන්න ඕනේ වගේ අයෙමත්. (නදී)

:       0       0

නිමල් Saturday, 22 March 2014 07:53 PM

මහින්දෙ තමයි ඉස්කෝලෙ.(නදී)

:       0       0

චන්දි Saturday, 22 March 2014 08:05 PM

ධම්මට සමාව දෙමු මංජුල මල්ලි., නොදැන කියපු කතාවට., මිලින්ද මල්ලි මුකුත් අකරතැබ්බයක් වත් උනාද බෙන්තර ගගෙන් එහා ගිහින්...? (නදී)

:       0       0

නෙතුමි Saturday, 22 March 2014 08:34 PM

පාසල් අතර සහයෝගය වර්ධනය කරන්න ගිහින් අන්තිමේදී ගැටුම් වර්ධනය වෙනවා, එක අතකින් මේවා ස්වභාවිකයි.(නදී)

:       0       0

ලක්සිරි Saturday, 22 March 2014 09:29 PM

ආදරවන්තයින්ගේ සටන,නියම නම.(නදී)

:       0       0

දේශාන් Saturday, 22 March 2014 10:03 PM

රිච්මන්ඩ් එකට බිග්මැච් ගහන්න විනය ගරුක පාසැලක් හොයාගන්න වෙයි වගේ. (නදී)

:       0       0

සංජීව Saturday, 22 March 2014 10:09 PM

අවුරුදු 109 ක් ගැහුවා කියන්නේ සෙල්ලන්ද ?(අ)

:       0       0

ගයානි Saturday, 22 March 2014 11:32 PM

ආදරවන්තයිනේ සටනනේ. ආදරේ කරන්න පනින්න ඇති (දී)

:       0       0

දර්ශන Saturday, 22 March 2014 11:58 PM

ආදරයට කොහේදෝ බාධා නැත්තේ (දී)

:       0       0

ධර්ෂණ Sunday, 23 March 2014 10:37 PM

අනේ කාලේ වනේ වාසේ කියුවලු ක්‍රිකට් වලට ගිය කල (දී)

:       0       0

ධම්ම Saturday, 22 March 2014 04:47 PM

මේකට තමයි ගාල්ලේ අය ආදරය කියන්නේ. ආදරවන්තයෝ මෙහෙමලු.(නදී)

:       0       0

පිටිගල Sunday, 23 March 2014 07:26 AM

පරාජය අනුවන අයට ඉවසාගත නොහැකි වේදනාවක්.(දී)

:       0       0

නිලුකා Sunday, 23 March 2014 07:33 AM

මිනිස්සුන්ගේ නොහැදියාව තමයි මේ ප්‍රදර්ශනය කරන්නේ (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පිහි ඇනුමකින් අයෙක් මරුට
2024 ඔක්තෝබර් මස 14 48 0

ගල්කිස්ස , බඩෝවිට ,දෙපිරිසක් අතර ඇතිවූ බහින්බස්වීමක් දුරදිග යාමෙන් පිහියෙන් ඇන පුද්ගලයෙකු ඝාතනය කර ඇතැයි ගල්කිස්ස පොලීසිය පැවසීය .


බඳින තුවක්කුවට දෙදරු පියා බිලි
2024 ඔක්තෝබර් මස 14 193 0

මහකුඹුක්කඩවල කොරකහයාය ප්‍රදේශයෙ පදිංචි දෙදරු පියකු බදින කදකට හසුවි අද ( 14 ) මරණයට පත්ව ඇති බව මහකුඹුක්කඩවල පොලිසිය කියයි.


බඩල්ගම කර්මාන්ත ශාලාවක පිපිරීමක්
2024 ඔක්තෝබර් මස 14 1043 0

ගම්පහ බඩල්ගම ප්‍රදේශයේ කාබන් නිෂ්පාදන කර්මාන්ත ශාලාවක සිදු වූ අද අලුයම සිදු වූ පිපිරීමකින් එහි සේවකයෝ 19 දෙනකු තුවාල ලබා එක් අයකු මියගොස් ඇතැයි පොලිසි


අතහැර දැමු තවත් රියක් නුවරඑළියෙන් හමුවෙයි
2024 ඔක්තෝබර් මස 14 1682 3

ප්‍රවාහන අමාත්‍යංශයට අයත් පෙජෙරෝවක් දිරාපත් විමට අත්හැර දමා තිබියදි නුවරඑලිය පොලිසිය සොයාගත් බව නුවරඑලිය පොලිස් ස්ථානයේ උසස් නිලධාරියෙකු පැවසිය.


පුද්ගල ඝාතනයක් නූලෙන් වැළකේ
2024 ඔක්තෝබර් මස 14 1884 0

තියුණු ආයුධ තොගයක් රැගෙන පුද්ගලයෙකු ඝාතනය කිරීම සඳහා යමින් සිටි පුද්ගලයන් සිව් දෙනකු රත්මලාන බෙලෙක්කඩේ හන්දිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව ගල්කිස


ඇල්පිටිය ප්‍රාදේශීය සභා තැපැල් ජන්ද සලකුණු කිරීම අද
2024 ඔක්තෝබර් මස 14 257 0

ලබන 26 දා පැවැත්වීමට නියමිත ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයේ තැපැල් ජන්ද සලකුණු කිරීම අද (14) රාජ්‍ය ආයතනවලදි සිදු වන බව මැතිවරණ කොමිෂන් සභාව සදහන් කරයි.


වැඩි දෙනා කියවූ පුවත්






මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 360 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 435 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1385 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site