IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


ප්‍රසන්නටත් නාමයෝජනා නෑ?

බස්නාහිර මහ ඇමැති ප්‍රසන්න රණතුංග මහතාට මහ මැතිවරණයේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් නාමයෝජනා ලබා දීමට පිරිසක් අකමැති බව දේශපාලන ආරංචි කියයි.

ඔහුගේ නම ද නාමයෝජනා ලැයිස්තුවෙන් කැපී යෑමට බොහෝ දුරට ඉඩ ඇතැයි රණතුංග මහතාට හිතවත් පාර්ශ්වය කියයි.

හිටපු නියෝජ්‍ය ඇමැති සරණ ගුණවර්ධන මහතාට ද නාමයෝජනා නොලැබෙන බව දැනගන්නට තිබේ.



අදහස් (0)

ප්‍රසන්නටත් නාමයෝජනා නෑ?

විනීතා Thursday, 09 July 2015 12:22 AM

ඇයි එහෙම කරන්නේ? කමක් නැහැ. අපි බලමුකෝ (නි)

:       0       0

රන්ජිත් Thursday, 09 July 2015 12:21 AM

ප්‍රස්සන හිටියොත් බලාගන්න පුළුවන් මොනවද වෙන්නේ කියලා ඉස්සරහට (නි)

:       0       0

සරත් Thursday, 09 July 2015 02:17 PM

ප්‍රසන්න මහත්තයා මම පන වුනත් දෙනවා ඔබට (බ)

:       0       0

ගාමිණී Wednesday, 08 July 2015 01:51 PM

අපි ඉවසීමෙන් බලමු. (නි)

:       0       0

‍පෙරේරා Wednesday, 08 July 2015 01:57 PM

ප්‍රසන්න රණතුංග මහතා සාධාරණ අයෙක් (නි)

:       0       0

යසස් Wednesday, 08 July 2015 02:05 PM

ඕකට කරන්න තියෙන්නේ බොහොම සුළු දෙයයි (නි)

:       0       0

දිලිප් Wednesday, 08 July 2015 02:10 PM

හරිම ප්‍රසන්න විදියටනේ වැඩකරලා තියෙන්නේ (නි)

:       0       0

ජයන්ත Wednesday, 08 July 2015 02:13 PM

ප්‍රසන්න නියම මහත්මයෙක්. (නි)

:       0       0

ශාන්ත Wednesday, 08 July 2015 02:15 PM

අපිට ඕනෑ ප්‍රසන්න ඇතුළු පිරිවර වෙනම ඉල්ලන්න. එතකොට තමා ඒ මතය පැහැදිලිව ප්‍රකාශ වෙන්නේ. (නි)

:       0       0

බුවනෙක Wednesday, 08 July 2015 02:20 PM

ප්‍රසන්න මහතාට සාධාරණයක් වෙනු ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා (නි)

:       0       0

ගයාන් Wednesday, 08 July 2015 02:23 PM

සරණට නොදෙන එක නම් ගොඩක් හොඳයි. ඔහුට විරුද්ධව චෝදනාත් තිබෙනවනේ. (නි)

:       0       0

සජිත් Wednesday, 08 July 2015 02:40 PM

එතුමාට කට්ටිය බයද මන්දා? (බ)

:       0       0

පිවිතුරු යහපාල Thursday, 09 July 2015 02:44 AM

මහින්ද මහත්තයාගේ පානෙන් එතුමා වටේ හිටපු කට්ටිය කපල ද්‍රෝහියෝ ටික ගොඩ එන්න වගේ හදන්නේ පේන විදියටනම්.චන්ද්‍රිකාට ඕන විදියට පක්ෂයේ කටයුතු තීරණය වෙනවනම් ඒ වගේම පක්ෂයට ද්‍රෝහී වුනු අය ශ්‍රී ලංකා එකේ තීන්දු තීරණ වලට බලපෑම් කරනවානම් මේක කොහොමත් නොකෙරෙන දීගයක් වේවි. (ස)

:       0       0

චතුර Wednesday, 08 July 2015 02:51 PM

ඔය අකමැති වෙන අය කවුද කියලා ප්‍රසිද්ධ කරන්නකෝ. එතකොට අපිට කියන්න පුළුවන් එයාලා අකමැති ඇයි කියලා (නි)

:       0       0

ඉම්රාන් Wednesday, 08 July 2015 03:02 PM

මගේ පුද්ගලික මතය නම් මහින්දට මෙන්ම සරණ,මර්වින් වැන්නවුන්ට නාමයෝජනා නොදෙන එක ගොඩක් හොඳයි කියායි (නි)

:       0       0

අබ්රු Wednesday, 08 July 2015 03:07 PM

වෙනම ඡන්දෙට ආවොත් අපිත් දෙනවා ප්‍රසන්න මහත්තයට. (නි)

:       0       0

ජෙරාඩ් Wednesday, 08 July 2015 03:12 PM

ප්‍රසන්න ඉල්ලුවොත් සමහරුන්ට නම් යන එන මං නැතිවෙනවා (නි)

:       0       0

මර්වින් Wednesday, 08 July 2015 03:22 PM

මේ එකක්වත් විශ්වාස කරන්න බැහැ මට නම්. (නි)

:       0       0

පිවිතුරු යහපාල Wednesday, 08 July 2015 03:33 PM

සරණට තිබෙන චෝදනා මොනවද? (නි)

:       0       0

අශෝක ‍ Wednesday, 08 July 2015 03:31 PM

දේශපාලකයෝ පෙනේරයක දාලා හළලා ගත්තොත් වැරදි නොකරන කී දෙනෙක් ඉතුරු වෙයිද? (නි)

:       0       0

සුබානි Wednesday, 08 July 2015 03:55 PM

බොහෝ කාලයක් මෙ අය මහන්සි වෙලානෙ ඉන්නෙ. (නදී)

:       0       0

සුබානි Wednesday, 08 July 2015 04:03 PM

දැන් මහන්සිත් අැතිනෙ. මම කියන්නේ පොදුවේ හිටපු කිසි කෙනෙට නාමයෝජනා නොදිය යුතුයි.අලුත්ම ටීම් ඒකක් පාර්ලිමේන්තුවට යවන්න. අගමැති රනිල් මහතා සමඟ වැඩකර රට හදන්න. (නි)

:       0       0

ඇසළ Wednesday, 08 July 2015 04:18 PM

මේ පාර තමයි නියම සෙල්ලම් බලන්න පුළුවන්. (නි)

:       0       0

ප්‍රියංකර Wednesday, 08 July 2015 04:46 PM

මහින්ද මහත්තයාට දැන්වත් තීරණයක් ගන්න වෙනවා.මේක හරියන දෙයක් නෙමෙයි.ඔයාගේ ජනබලය පෙන්වන්න ප්‍රභල කට්ටියක් දාන්න (නි)

:       0       0

මානවි Wednesday, 08 July 2015 05:50 PM

තව ඉන්නවා කට්ටිය ? (නදී)

:       0       0

විජිත් Wednesday, 08 July 2015 06:16 PM

ඔය දෙන්නටම බොහෝ චෝදනා තියෙනවා. නමුත් හිටපු නායකයා සුදුසු නම් පොඩි හොරු නුසුදුසු කොහොමද...? (නදී)

:       0       0

අමල් Wednesday, 08 July 2015 06:41 PM

අයියෝ! ප්‍රසන්න කියන්නේ කොහොම කෙනෙක්ද කියලා අපි දන්නවා (නි)

:       0       0

මදු රණවක Thursday, 09 July 2015 04:59 AM

සරණවයි ප්‍රසන්නවයි හලලා පුතාටයි තමන්ටයි චන්ද ටික ගන්න විස්කි නෝනා ලෑස්ති උනාට ගම්පහ අපි නම් හරක් නෙවේ හරිය (ස)

:       0       0

මාරසිංහ Wednesday, 08 July 2015 06:49 PM

ඉල්ලන්න තියන එක ඕනෑම කෙනෙකුගේ අයිතියක්.මිනිසුන්ගේ අයිතිය තමක් කැමති කෙනෙකුට කතිරය ගහන එක. දැන් බලනකොට මිනිසුන්ගේ අයිතියයි නැතිවෙන්නේ. (නි)

:       0       0

චන්න බුවනක Wednesday, 08 July 2015 07:29 PM

කවදත් මැතිවරණයේදී ගම්පහ කැපී පෙනෙනවා. (නි)

:       0       0

කපිල Wednesday, 08 July 2015 10:52 PM

දූෂිත කිසිවෙකුටවත් දෙන්න එපා (නි)

:       0       0

මහානාම - මතුගම Wednesday, 08 July 2015 10:51 PM

මෙය ඉතා වැදගත් තීරණයකි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පළාත් කිහිපයකට අදත් වැසි
2024 සැප්තැම්බර් මස 24 30 0

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


හිස්බුල්ලාට ඊශ්‍රායලයෙන් දිගටම ප්‍රහාර
2024 සැප්තැම්බර් මස 24 703 0

හිස්බුල්ලා සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් ඊශ්‍රායලය දිගින් දිගටම ප්‍රහාර එල්ල කරන බවත්, පසුගිය පැය 24 ක කාලය ඇතුළත ඊශ්‍රායල හමුදා එල්ල කළ ප්‍රහාරවලින් මි


වෙල්ලස්ස සරසවිය අසල කැලේ ගින්නක්
2024 සැප්තැම්බර් මස 24 141 0

ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය අසල ග්ලේන්පින්වත්ත හිගුරුගමුව රක්ෂිතයේ රාත්‍රි (23) හටගත් හදිසි ගින්නකින් අක්කර 10 ක පමණ කොටසක් විනාශ වී ගිය බව ආපදා කළමනාකරණ


පොදු ජන පෙරමුණ හිතූ තරම් ඡන්දෙ දීල නෑ
2024 සැප්තැම්බර් මස 24 3284 0

පොදු ජන පෙරමුණේ සිතූ තරම් පිරිසක් තමාට ඡන්දය ලබාදී නැතැයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාක්ෂිකයන් සහ හිතවතුන් සමග කොළඹ මල් පාරේ දේශපාලන කාර


ජනපති කාදිනල් තුමන් බැහැදකී
2024 සැප්තැම්බර් මස 24 1137 0

රට හදන්නට ජනපතිට සම්පූර්ණ සහය දෙන බව මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරු තුමන් ජනාධිපති අනුර දිසානායක මහතා හමුවේ පැවසීය.


යුද්ධය අවසන් වෙන්න ඔන්න මෙන්න - සෙලෙන්ස්කී
2024 සැප්තැම්බර් මස 24 2170 0

රුසියාව සමඟ යුද්ධය අවසන් කිරීමට ඔන්න මෙන්න යැයි යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 30645 18


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23709 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 137 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 422 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 195 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site