IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


පැරිසියේ එජාප ශාඛාව නිලවරණය පවත්වයි

එක්සත් ජාතික පක්ෂයේ යුරෝපා සංවිධානයට අනුබද්ධිත ප්‍රංශයේ එක්සත් ජාතික පක්ෂ ශාඛාවේ 2013 නිලවරණය පසුගිය ඉරිදා පැරීසියේදි පැවැත්විණි.

 පැරීසියේ එජාප පාක්ෂිකයන් විශාල පිරිසක් සහභාගිවූ එම මහා සභාවේදි සභාපති, ලේකම්, භාණ්ඩාගාරික යන ප්‍රධාන තනතුරු සදහා අනුපිලිවෙලින් රොහාන් දයාදර, ලලිතා බෝකුරාගොඩ හා තමරා මල්කාන්ති  තෝරා පත් කර ගනු ලැබූහ.

 රොහාන් දයාදර  හත්වන වරටත් සභාපති ධුරයට තෝරා පත්කර ගැනීම විශේෂයකි. 1994 වර්ෂයේදි ප්‍රථම වරට මෙම ශාඛාව ආරම්භ කිරීමට පෙරමුණ ගත් වර්තමාන යුරෝපා එජාප සංවිධායක දයා රණතුංග මහාතාගේ ප්‍රධානත්වයෙන් නිලවරණය ඇරැඹිණි.

පාක්ෂිකයන්ගේ ඡන්දයෙන් පත්වන එජාප සමහරක් මන්ත්‍රී වරුන් තම  වාසි බලාපොරොත්තුවෙන් පක්ෂය හැරදා ගියද පාක්ෂිකයන්  එදා මෙන් අදත් පක්ෂය ආරක්ෂා කිරීමට උරදෙන බවත් ඒ බව අද මෙම සභාවේදි දැක ගැනීමට ලැබීම සතුටට කරුණක් බවත්, සියලූදෙනා එකමුතුව පක්ෂය ශක්තිමත් කොට ඉදිරියටත් ආරක්ෂා කිරීමට පෙල ගැසෙන ලෙස ඉල්ලන බවත් රණතුංග මහතා කීවේය.  

 



අදහස් (0)

පැරිසියේ එජාප ශාඛාව නිලවරණය පවත්වයි

චමත් Sunday, 22 September 2013 04:57 PM

මේ දේශපාලන සමිති සමාගම් පිටරටවල පිහිටුවාගෙන කරන දේවල් ගැන මට කිසි අවබෝධයක් නැත. (නි)

:       0       0

චන්දිම Sunday, 22 September 2013 05:37 PM

ප්‍රතිචාර දැක්වූ අය බොහෝය (නි)

:       0       0

සුමිත් පැරිස් Tuesday, 24 September 2013 03:17 PM

අසෝක පැරිස්...... ඔයා කතා කරන්නේ ප්‍රංශ නීතිය. නමුත් මේක එ.ජා.ප. ශාඛාවක්. ඉතින් සිරිකොත කියන විදිහට නිලධාරි 20 ඇතුළුව අවම 25 දෙනෙක් ඉන්න ඕනේ විදේශ ශාඛාවක් පිහිටුවන්න. ඒකවත් දන්නේ නැතිවද ඔයාලා දේශපාලනේ කරන්නේ. මුලින්ම ඒවා දැනගෙන එන්න. අනික මම දන්නා විදිහට ඔය ශාඛාව වසර ගණනකින් සිරිකොතේ ලියාපදිංචි වෙලත් නැහැ. ප්‍රංශයේ ලියාපදිංචි වෙලාද නම් දන්නේ නැහැ. (ස)

:       0       0

යොහාන් පැරිස් Monday, 23 September 2013 10:50 PM

කමල්,පැරිසියේ සමහර සංවිධාන වල මහසභාවට 8 දෙනකු විතර ආපුතැන් තියෙනවා. (නි)

:       0       0

අසෝක පැරිස් Monday, 23 September 2013 10:53 PM

සේරම්, නීතිය නම් 7 දෙනෙකුගෙන් සමිතියක් තියන්න පුළුවන්. (නි)

:       0       0

මංගල කොලොන්නාව Tuesday, 24 September 2013 12:16 AM

ලංකාවෙත් ගිලා බහින නැවකට හුළං ගහන කොටසක් ඉන්නවා (නි)

:       0       0

සරෝජ් Tuesday, 24 September 2013 12:17 AM

මමත් මේකට යාලුවෙක්ගෙ ඇරයුමකට සහභාගි වුණා. පොඩි පිරිසනේ හිටියේ (නි)

:       0       0

චමත් Monday, 23 September 2013 05:17 PM

ඔය සමිතියට වියදම් වුනු [කෑමට,බීමට ] මුදල මහරගම පිලිකා රෝහලට පරිත්‍යාග කරා නම් ඔයිට වැඩිය හොඳ නැද්ද? පිනක් වත් සිද්ධ වෙනවා.මේ පුංචි නොදරුවෝ දෙන්නගේ මොලවලටත් මේ ගොල්ලෝ විසබීජ දානවා. (ස)

:       0       0

රත්නායක ආරච්චිගේ Sunday, 22 September 2013 08:06 PM

හැබැයි අලියා නැගිට්ටවන එක නම් බොරු (නි)

:       0       0

ජයතිස්ස Tuesday, 24 September 2013 12:37 AM

2024දී නම් ජය නියතයි (නි)

:       0       0

ආනන්ද Tuesday, 24 September 2013 12:38 AM

හිනා හිනා හිනා හිනා වෙන්න හිනා... (නි)

:       0       0

සුජීව Sunday, 22 September 2013 08:33 PM

ලංකාවේදී එජාපයට තියන තැනම තමා පිටරටවලත් තියෙන්නේ. (නි)

:       0       0

සේරම් පැරිස් Sunday, 22 September 2013 08:43 PM

සමිතියටම ඉන්නේ කී දෙනයිද? (නි)

:       0       0

සුමිත් පැරිස් Tuesday, 24 September 2013 03:07 AM

සිරිකොතේ ලියාපදිංචි වෙන්න අවම 25 ඕනෑ. මෙතන ඒකත් නැහැ. ඔය ක්‍රමය වෙනස් නොකළොත් පක්ෂය දියාරු වෙන එකත් නවත්වන්න බැහැ (නි)

:       0       0

අසෝක Monday, 23 September 2013 01:39 PM

මම නම් හිතන්නේ ලංකාවෙන් මේ වගේ දුර බැහැර රටවල ඉන්න අපි දේශපාලන වශයෙන් ආගම් වශයෙන් බෙදෙන්නේ නැතිව එක රටක එක ජාතියක් වශයෙන් ඉන්න පුලුවන්නම් අපිට රට වෙනුවෙන් බොහෝ දේ කරන්න පුළුවන් කියලා. (ස)

:       0       0

කුමාර. Sunday, 22 September 2013 02:52 PM

ලංකාවේ ක්‍රමයටම ටික ටික එහෙනුත් දැනට පක්ෂය හේදිලා යනවා වගෙයි (නි)

:       0       0

චන්දිම Monday, 23 September 2013 06:34 PM

රමණි ඔයා, කොයි මහත්තයා ගැනද කියන්නේ? මහත්තුරු ගොඩයිනෙ. (නි)

:       0       0

පිටිගල Sunday, 22 September 2013 10:30 PM

මොනවා හරි ලියන්නයි බැලුවේ. ලියන්න දෙයක් නැහැ. ජය වේවා! (අ)

:       0       0

කමල් යොහාන් -පැරිස් Sunday, 22 September 2013 03:24 PM

දාල තියෙන ඡායාරුප කීපයෙන්ම පේනවා විශාල සෙනඟක් ඇවිල්ලා තිබෙන බව (නි).

:       0       0

චන්ද්‍රා Sunday, 22 September 2013 03:35 PM

පින්වත් මහත්වරුනේ,ඔය පුංචි ළමුන්ටත් වැරදි ආකල්ප දෙන්න එපා (නි)

:       0       0

ධම්ම Sunday, 22 September 2013 03:57 PM

මෙයාලට පැරීසියේ තමයි ඡන්දෙ ඉල්ලන්න වෙන්නේ. (නි)

:       0       0

පද්මිණි Monday, 23 September 2013 10:42 AM

ඔය පොඩි දරුවෝ ඉන්නේ ප්‍රංශ බසින් ලියන්ට දැනෙන්නේ ඒ දෙන්නට විතර නේද? (අ)

:       0       0

රමණි සේනානායක Sunday, 22 September 2013 04:37 PM

මෙතන වැඩක් හරියට කරන්න පුළුවන් කෙනෙකුට ඉන්නේ අර මහත්මයා විතරයි (නි)

:       0       0

ජනා Monday, 23 September 2013 11:09 AM

රටක් පාලනය කල ප්‍රධාන දේශපාලන පක්‍ෂයකට ගිය කලක්... මෙයත් අනිත්අය පිළිබඳ වැදගත් පාඩමක් වගේ... (ස)

:       0       0

සත්‍යයා Monday, 23 September 2013 04:58 AM

ප්‍රංශයේ කියලත් වෙනසක් වෙලා නැහැ වගේ. (නි)

:       0       0

ජයා Sunday, 22 September 2013 04:53 PM

දුක හිතෙනවා මේ පක්ෂයට වෙන දේට. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

උතුරු පළාත් අ‍ාණ්ඩුකාරවරිය ඉල්ලා අස්වෙයි
2024 සැප්තැම්බර් මස 23 614 1

උතුරු පළාත් අ‍ාණ්ඩුකාර පි. එස්. එම් චාර්ල්ස් මහත්මිය සිය ධූරයෙන් අද (23) ඉල්ලා අස්විය.


පොදු සන්ධානයක් හදන්න එජාපය සජබෙට ආරාධනා කරන්න යයි
2024 සැප්තැම්බර් මස 23 4103 7

ඉදිරි දේශපාලන කටයුතු වෙනුවෙන් විපක්ෂයේ පොදු සන්ධානයක් පිහිටුවීම සඳහා සමගි ජන බලවේගය සමඟ සාකච්ඡා අරඹන්නැයි එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනි


සජසයෙන් සැලුන් දොරක්
2024 සැප්තැම්බර් මස 23 2534 3

සමගි ජන සන්ධානයේ ප්‍රතිපත්ති පිළිගත හැකි සියලු දෙනාට ඉදිරි මැතිවරණ වෙනුවෙන් දොරටු විවෘත කරන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්


කුඩාවැල්ලෙන් මුහුදු ගිය ධීවරයින් 3ක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 23 241 0

කුඩාවැල්ල ධීවර වරායෙන් තනි දවසේ ධීවර රැකියාව කිරීමට ධීවරයින් තිදෙනකු සමග ඉකුත් 21 දා දහවල් 1.30 ට පමණ මුහුදු ගිය ධීවර යාත්‍රාවක් මේ දක්වා ගොඩබිමට නොපැමිණ


කොටස් වෙළෙඳපොලේ පිබිදීමක්
2024 සැප්තැම්බර් මස 23 1318 0

කොළඹ කොටස් වෙළෙඳපොළ සී.එස්.ඊ. මිල දර්ශකවල කැපී පෙනෙන ඉහළ යෑමක් අද (23) දිනයේ වාර්තා විය.


වජිරා චිත්‍රසේන දිවි ගමන නිම කරයි
2024 සැප්තැම්බර් මස 23 1435 0

සම්ප්‍රදායික දේශීය නර්තන කලාව ජාත්‍යන්තරයට ගෙනගිය ජාත්‍යන්තර සම්මානලාභී ප්‍රවීණ නර්තන ශිල්පීනි ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මිය අද ⁣දහවල් (23) අභාවප්


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 27680 18

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23556 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 126 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 401 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 187 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site