IMG-LOGO

2025 අප්‍රේල් මස 19 වන සෙනසුරාදා


පරිසරයට හානිකර ‘කාල’ සහ ‘සැචේ’

කාලෙ බෝතල් හැමෝටම වැදගත් නැත. එහෙත් වැදගත් වන පිරිසක් ද වෙති. සැචේ පැකට්ද එසේමය. පිරිසකට වැදගත්ය. තවත් පිරිසකට වැඩකට නැත. එහෙත් මේ සියලු‍ දෙනාටම වැදගත් වන සාධකයක් කාලේ බෝතල්වලට මෙන්ම සැචේ පැකට්වලටද අදාළය. ඒ මේ දෙකම පරිසරයේ සතුරන් වීමය.

පරිසර ඇමැති මහින්ද අමරවීර මහතා පසුගියදා ප්‍රකාශ කර තිබුණේ තවදුරටත් කාලේ අරක්කු බෝතල් අලෙවියට ඉඩ දෙනවාද යන තීන්දුව අද හෙටම ගන්නා බවය. එම වර්ගයේ බෝතල් නිෂ්පාදකයන් සමඟ පවත්වන සාකච්ඡාවට පසුව එකී තීන්දුව ගැනීමට නියමිත විය. කාලේ බෝතලය භාවිතයෙන් පසුව ආපසු භාර ගතයුතු බවට නිෂ්පාදකයන්ට කොන්දේසියක් පනවන බවත් එයට එකඟ නොවන්නේනම් කාලේ බෝතලයද තහනම් වනු ඇති බවත් දැනගන්නට තිබේ. ඒ අතර සැචේ පැකට් තහනම ඒ වනවිටද තීන්දු කර අවසන් බවද සඳහන් විය. කාලේ බෝතලයට සහ සැචේ පැකට්ටුවට මේ තහනම වැටෙන්නේ පරිසරය රැකගැනීමේ පියවරක් වශයෙන් බවද ඇමැතිවරයා ප්‍රකාශ කර තිබිණි.

සැචේ පැකට්ටුව (Sachet packet) යන්නෙහි තේරුම වශයෙන් දැක්වෙන්නේ මුද්‍රා තබන ලද කුඩා ඇසුරුම වශයෙනි. මෙවැනි සැචේ පැකට් තුළ පිටිකිරි, පැණි බීමවල සිට බෙහෙත් කසාය වට්ටෝරු දක්වා විවිධ ද්‍රව්‍ය අඩංගුය. රූපලාවන්‍යයට අදාළ ආලේපන සහ දියර වර්ගද ශක්තිජනක පිටි ආහාර වර්ග ද සැචේ පැකට් වශයෙන් වෙළෙඳපොළේ අලෙවි වන විවිධ භාණ්ඩ අතර වෙයි.

මේ සියලු‍ ද්‍රව්‍ය භාවිතය එක්වරකට සීමා වන බැවින් මුද්‍රාව කඩා හිස් කරන ලද විවිධ සැචේ පැකට් ඉන්පසුව පරිසරයට එකතුවෙයි. ඒවා පරිසරයට සිදුකරන්නේ විශාල හානියකි. යෝගට් කෝප්ප වැනි විවිධ ප්ලාස්ටික් කුඩා ඇසුරුම් භාජනද මේ පරිසර විනාශයේම කොටස්කාරයෝය. භාවිතයෙන් පසුව ඉවතට විසි කරන සැචේ ඇතුළු කුඩා ඇසුරුම් එකතු කර විනාශ කරන හෝ ප්‍රතිචක්‍රීකරණයට යොමු කරන හෝ ක්‍රියාමාර්ගයක් තවම අපේ රටේ ක්‍රියාත්මක නැත. දිරා නොයන ප්ලාස්ටික් හෝ එවැනි කෘත්‍රිම අමුද්‍රව්‍යවලින් සැකසෙන සැචේ පැකට් ඇතුළු ඇසුරුම් තහනම් කිරීම පරිසරයට සිදුවන හානිය අවම කිරීමට නිසැකවම හේතුවනු ඇත.

කාලේ බෝතලය භාවිතයෙන් පසුව පරිසරයට එකතු වීමේදී තවත් බරපතළ අනතුරක්ද පවතී. බිම වැටී කෑලි කැඩෙන බෝතලය ඒ මතින් යන ඕනෑම කෙනකුගේ පාදයේ වැදුණොත් ඇතැම්විට නවතින්නේ ලේ ගලන තුවාලයක් ඇතිවීමෙනි. සමහරු සිරිතක් වශයෙන් එය භාවිත කිරීමෙන් පසුව ඒවා පොළොවේ ගසති. එය දැන දැනම පරිසරය පමණක් නොව සෙසු ජන සමාජයද අනතුරේ හෙළීමකි. එවැනි හානිදායක ක්‍රියා වැළැක්වීමට ‘කාල’ සහ සැචේ නිෂ්පාදනය කරන ආයතනවල සහයෝගයක් නොමැතිනම් ආණ්ඩුව කළ යුත්තේ ඒවා නිපැයුම් නතර කර දැමීමට අවශ්‍ය පියවර ගැනීම මිස එම ආයතන නැලවීම නොවේ.

බෝතල්, සැචේ පැකට් සහ විවිධ ප්ලාස්ටික් සහ පොලීතින් පරිසරයට එකතු වීමෙන් සිදුව තිබෙන හානිය අප රටේ බොහොමයක් මංමාවත්වලදී පහසුවෙන් බලාගැනීමට පුළුවන. කසළ බැහැර කිරීමට අවසර ඇති ස්ථානවලට වඩා වෙනත් ස්ථානවල ඇතැම්විට විවිධ අපද්‍රව්‍ය ගොඩගසා තිබේ. ඒ අතර වැඩිපුරම ඇත්තේ දිරා නොයන පොලිතීන් සහ ප්ලාස්ටික් අඩංගු ද්‍රව්‍ය බව පහසුවෙන් හඳුනාගත හැකිය. නගරවලින් බැහැරව දුර ගමනක යෙදෙද්දී විවේක ගැනීමට සහ ආහාර ගැනීමට නවත්වන ස්ථානවලදී හතරවටේ පොලිතීන් බෑග්, සැචේ පැකට්, කාලේ බෝතල් පමණක් නොව ලන්ච් ෂීට් පවා ගොඩගසා තිබෙනු දැකගත හැක. මෙය ඉතා අප්‍රසන්න දර්ශනයක් පමණක් නොව පරිසරයට සිදුකරන බරපතළ හානියකි. මේ ක්‍රියාව අනවබෝධයකින් නොව නොසැලකිලිමත්කම සහ සිතාමතා සිදුකරන බව ඇතැම්විට පෙනී යයි. මෙවැනි හානිදායක ක්‍රියා මැඩපැවැත්වීමට තද නීති හඳුන්වා දීමේ වරදක් අපි දකින්නේ නැත. පරිසරය ආරක්ෂා වීම යනු අප සියලු‍ දෙනාගේම ආරක්ෂාවයි.

මෙහිදී සැලකිලිමත් විය යුතු තවත් පැත්තක්ද තිබේ. සැචේ පැකට් බොහෝ විට වෙළෙඳපොළට පැමිණෙන්නේ පාරිභෝගිකයාට වියදම් දැරීමේ සීමාවන් පිළිබඳ ගැටලු‍වලට පිළිතුරක් වශයෙන් වීමය. භාණ්ඩ මිල නිරන්තරයෙන් ඉහළ යාම හේතුවෙන් අවශ්‍ය ද්‍රව්‍ය මිලට ගැනීම සඳහා රටේ බහුතරයක් ජනතාව අතේ මුදල් ප්‍රමාණවත් තරම් නැත. පාසල් දරුවන්ට යම් ආහාර පාන වර්ග ලබා දීමේදී සැචේ පැකට් වෙත මාපියන් යොමුවීමට ප්‍රධානම හේතුව වන්නේ මෙයයි. වෙනත් ද්‍රව්‍ය සම්බන්ධයෙන්ද මේ ගැටලු‍ව පවතී. කාලේ බෝතලය වෙළෙඳපොළෙන් ඉවත් වුණොත් ඒ සඳහා ආදේශකය කසිප්පු වැනි විස හොර මත්පැන් විය හැකි බවද මෙහිදී කල්පනාවට ගත යුතුය.

එසේ වූ පමණින් පරිසරයට හානි සිදුවන නිෂ්පාදන වෙළෙඳපොළෙන් ඉවත් නොකළ යුතු යැයි අපි නොකියමු. සැචේ පැකට් ඇතුළු පොලිතීන් සහ ප්ලාස්ටික් ඇසුරුම් පරිසරයට එකතු වීම හේතුවෙන් සිදුවන පරිසර හානිය එතරම්ම බරපතළ බැවිනි. අවසානයේ එයින් බැටකන්නේද පොදු මහජනතාව වීම ලොකුම අවාසනාවය.

(***)



අදහස් (4)

පරිසරයට හානිකර ‘කාල’ සහ ‘සැචේ’

රොශාන් Monday, 07 September 2020 10:42 AM

සැශේ නම් අනිවාර්යයෙන් තහනම් විය යුතුයි. කාල තහනම් කළොත් කාල බොන මිනිහා බාගේ බොන්න ගන්නවා. ඒකට කරන්න ඕනෙ, කාලෙ බෝතලේ රුපියල් 30කින් විතර වැඩි කරලා, බෝතලේ ගෙනත් දුන්නාම ඉතුරු ආපසු දීමයි...

:       0       30

dhamneth Tuesday, 08 September 2020 03:22 AM

ඕස්ට්‍රේලියාවට අපිට වගේ දීර්ඝ ඉතිහාසයක් නැත. ඔවුන්ගේ ඉතිහාසය අවුරුදු 250ක් පමණවේ.

:       13       44

chokaTuesday, 08 September 2020 11:12 AM

ඉතින් අපිට පාන්ද?

:       49       6

chandima Tuesday, 08 September 2020 04:12 PM

බෝතල් වලිනුයි, සැචේ පැකට්වලිනුයි පරිසර හානි වෙනවා නම් තව මොනතරම් නිෂ්පාදන රටේ තියෙනවද? බෝතල් සහ ප්ලාස්ටික් ඇසුරුම් යොදාගන්න.

:       0       6

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

අතිරේක භෝග වගාවට 15000ක සහනාධාරයක්
2025 අප්‍රේල් මස 19 32 0

යල කන්නයේදී කුඹුරුවල අතිරේක භෝග වගාවලට රුපියල් 15000ක සහනාධාරයක් ලබාදීමට රජය තීරණය කර ඇත.


තියෙන නීති මදි නම් ජාතිවාදයට එරෙහිව අලුත් නීති හදනවා
2025 අප්‍රේල් මස 19 306 0

දරුවන්ගේ පරපුර කවදාවත් යළි යුද්ධ නොකරන රටක් ගොඩ නගන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා තලවකැලේ ජනරැළියේදී අද පැවසීය.


ආණ්ඩුව මන්තර වගේ බොරුව ජප කරනවා
2025 අප්‍රේල් මස 19 176 0

මාලිමාවේ පච දේශපාලනය නිසා බහුතරයකට ආණ්ඩුව එපා වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මින්නේරිය ජන රැලියකදී පැවසීය.


කුරුණෑගල පැරණි ස්මාරක රැසකුත් කළුගල් කොරිවලට බිලි
2025 අප්‍රේල් මස 19 431 0

කළු ගල් ව්‍යාපෘති තුනකට නිසි පරීක්ෂාවකින් තොරව කළු ගල් කැණීමේ බලපත්‍ර නිකුත් කිරීම හේතුවෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ පුරාවිද්‍යා ස්මාරක රැසකට හානි


ඇමති බංගලා වලට දෙස් විදෙස් ආයෝජකයෝත් පොරයක
2025 අප්‍රේල් මස 19 1144 0

කොළඹ ඇමති බංගලා තමන්ගේ ව්‍යාපාර කටයුතු සඳහා දෙන්නැයි දෙස් විදෙස් ආයෝජකයන් දහයකට ආසන්න පිරිසක් ඉල්ලීම් කර ඇති බව රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පා


පුංචි තරුෂි ලක්මව රනින් සරසයි
2025 අප්‍රේල් මස 19 1156 0

සෞදි අරාබියේදී දැන් පැවැත්වෙන වයස අවුරුදු 18න් පහළ ආසියානු යොවුන් මලල ක්‍රීඩා ශූරතාවලියේ මීටර 800 බාලිකා ධාවන ඉසව්වේ රන් පදක්කමක් දිනාගැනීමට තරුෂි අභිෂ


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 104 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 225 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 392 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site