IMG-LOGO

2024 ඔක්තෝබර් මස 10 වන බ්‍රහස්පතින්දා


“පරිසරය රකින්නන්ම පරිසරය කනවා“

පරිසරය විනාශ කරන්නන්ට ඉඩ දී පරිසරය රකින්නට කැප වී සිටින රාජ්‍ය ආයතන නිහඬව සිටින බවට ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා එම ආයතන ප‍්‍රධානීන්ට චෝදනා කළේය.

 පස් කඳු කපා හෙළන්නට වැලි ගොඩදමන්නට මෙන්ම කැලෑ කපන්නට ද බලපත‍්‍ර ලබා දී ඇත්තේ  පරිසරය රකින්නට කැපවී සිටින ආයතන විසින්ම බවත් බලපත‍්‍ර ලබා දුන් පසු සිදුවන්නේ කුමක් දැයි නිකමටවත් ඔවුන් සොයා බලා නැතැයි පෙනෙන බවත් හෙතෙම සඳහන් කළේය.

මහනුවර කොළඹ මාර්ගයේ ඉදිකිරීම් සඳහා පස් කපා ගැනීමට යැයි කියමින් පස් කපා ගැනීමට ඉකුත් ජනවාරියේ බලපත‍්‍ර නිකුත් කොට ඇති බවත් තවමත් අරඹා නැති මාර්ගයකට මාස දහයක් තිස්සේ කැපූ පස් දැමුවේ කොතැනක දැයි ජනාධිපතිවරයා ප‍්‍රශ්න කළේය.

අඹේපුස්ස ඔරලෝසු කණුව අසල කන්ද සම්පූර්ණයෙන් කපා අවසන් කොට ඇති බවත්, අලව්ව ප‍්‍රදේශයේ ගමකට පානීය ජලය සපයන දිය උල්පත ඇති කන්දක් ජනතා විරෝධය නොතකා කපා ඇති බවත් කී සිරිසේන මහතා එය කපන්නට ඉඩ නොදුන්නොත් පොලිසි ගෙන යන බව පවසා ජනතාව බිය ගන්වා ඇති බවත් සඳහන් කලේය.

මේ ප‍්‍රදේශයේ ජනතාව අතර තමන්ට දැඩි අප‍්‍රසාදය පළවන අතර ඊට හේතුව මෙම පස් කැපිම බව ඔත්තු සේවා දන්වා සිටීම නිසා සොයා බලා වහාම එහි පස් කැපීම් නැවැත්වූ බවත් ජනාධිපතිවරයා ප‍්‍රකාශ කළේය.

එහි පස් කැපීම් බලපත‍්‍රලාභියා පස් කපා ඇත්තේ “මේක ජනාධිපති ගේ  ඕඩර් එකක්“ යැයි  කියමින් බව ජනපති කීවේය.

DSC_0864 DSC_0881 DSC_0901 DSC_0917 DSC_0926 DSC_0989 DSC_0993



අදහස් (0)

“පරිසරය රකින්නන්ම පරිසරය කනවා“

චාමර Friday, 21 October 2016 02:50 AM

පරිසරය රකින්නන් කියලා කියන්නේ රස්සාවක් කරන කට්ටිය. ඒගොල්ලෝත් හදන්නේ කාලා බිලා ජීවත්වෙන ක්‍රමයක් හොයාගන්න. සුපිරි පාරවල් වල සුපිරි වාහන වලින් යන්න. අපේ කටියත් හිතා ඉන්නේ කල්පනා කරන දේවල කටින් කිව්ව පළියට මැජික් වගේ පහළකරන්න පුළුවන් කියලා. (නි)

:       0       0

අමනි Thursday, 20 October 2016 12:01 PM

හරියට හරි ජනාධිපතිතුමා. මහවැලියේ වැලි හාරපු එවුන් ගැනත් ඔහොම හොයලා කියන්න.(අ)

:       0       0

කුමාර් (ගල්ෆ්) Thursday, 20 October 2016 12:02 PM

ආරංචියේ හැටියට පවුලේ අයම පරිසරය කනවා කියාලයි පොළොන්නරුවේ මිනිස්සු කියන්නේ. (අ)

:       0       0

සුසන්ත Thursday, 20 October 2016 12:10 PM

බලයේ ඉන්න අයම පරිසරය විනාශ කරනවා.(හේ)

:       0       0

ලසන්ත Thursday, 20 October 2016 12:15 PM

ඔබතුමා හරියට හරි.(හේ)

:       0       0

නුවන් Thursday, 20 October 2016 12:14 PM

මේ ගැන සොයා බලන්න.(හේ)

:       0       0

සංජීව Thursday, 20 October 2016 12:26 PM

දූර දර්ශී නායකයෝ නැති වුනාම වෙන දේවල් තමයි මේ ..(හේ)

:       0       0

මවින්ත Thursday, 20 October 2016 12:39 PM

පරිසරය රකින්න තියෙන නීති හොඳටම ඇති. ක්‍රියාත්මක වෙන්න නැති එක තමයි ප්‍රශ්නේ. (හේ)

:       0       0

අසංග Thursday, 20 October 2016 12:45 PM

ඒක නම් ඇත්ත.(හේ)

:       0       0

පීරිස් Thursday, 20 October 2016 01:14 PM

විල්පත්තුව ගැන මොකද කියන්නේ.(හේ)

:       0       0

රොෂාන් Thursday, 20 October 2016 01:18 PM

කැලා කපන, පස් කඳු කපන, වැලි ගොඩ දමන, හොරුන් තමයි අපේ ජාතික වීරයෝ. එතුමා මේ කිසිවක් නොදැන ඇයි අපේ වීරයින්ට දෝෂාරෝපණය කරන්නේ? අනික රජයෙන් ඔය බලපත් දෙන අය ඕවා කලාම පරිසරයට හානි සිදුවෙන්නෙත් නැහැනේ. අනික පරිසරය වුණත් දන්නවා. පරිසරය තිබෙන්නේ, දේශපාලක හෙන්චයියන්ගේ පරිභානය සඳහා කියල.(අ)

:       0       0

සජීව Friday, 21 October 2016 03:38 AM

විල්පත්තුවෙන්ම පටන්ගමු නේද? (නි)

:       0       0

නරාත් දේශප්‍රිය Thursday, 20 October 2016 01:46 PM

මෙය දන්නේ නෑ එයා කව්ද කියල. ඔය කැලා විනාශ කොරන ඔවුන්ට ලොකු ලොකු ඇමතිකම් දීල තියෙන්නේ අපිද ? කටේ කයිවාරු විතරයි. මෙයා පත් කරපු අපිට ගහන්ට ඕනේ .කාලෙන් කාලෙට ජෝක් කරන මෙයට වැඩිය හොදය බන්දු සමරසිංඝ ජනාදිපති කරනම්. (අ)

:       0       0

භද්‍රානි Thursday, 20 October 2016 02:14 PM

බලාගෙන ගියාම අපිට තියෙන ප්‍රශ්නෙමනේ ජනාධිපති තුමාටත් තියෙන්නේ? ඒ නිසා අපි දෙගොල්ලොම එකතු වෙලා උඩ ඉන්න දෙයියන්ටවත් කියමු මේ ප්‍රශ්න ටික අපිට විසඳලා දෙන්න කියලා? (අ)

:       0       0

ගගන Friday, 21 October 2016 05:49 AM

අතුරුගිරියේ අරංගල කුඹුරු ටික රැකදෙන්න. ගොවිජන සේවා එකේ ඉන්න අය කුඹුරු ගොඩකරන්න බලපත්‍ර දෙන බව දන්නේද? (ම)

:       0       0

චමින්ද Thursday, 20 October 2016 03:47 PM

අනේ මොකටද අපි මේවට උත්තර දීලා ලේ පුච්චාගන්නේ? (නි)

:       0       0

ශශිකා Thursday, 20 October 2016 03:53 PM

මේ රටේ අක්කර දහස් ගණනක් කැලේ කපනවා කියලා මෙතුමා දන්නේ අදද..? (නි)

:       0       0

සිල්වි Thursday, 20 October 2016 04:30 PM

දැන් අපිට මොකද කරන්න කියන්නේ? ඕකට තමා රටේ ජනාධිපති කෙනෙක් ඉන්නේ (නි)

:       0       0

ටෙරන්ස් Thursday, 20 October 2016 05:09 PM

රටම නැතිවෙලා තියෙද්දී පරිසරය ගැන මොන කතාද? (නි)

:       0       0

විජිත් Thursday, 20 October 2016 05:27 PM

සහතික ඇත්ත ජනාධිපතිතුමනි. පරිසරය භාර ඔබතුමාට තමයි. අර රටට හානිකර විනාශකාරී පෝර්ට් සිටියට නැවතත් අවසර දුන්නේ ඇයි? (නි)

:       0       0

විකුම් රංගන Thursday, 20 October 2016 06:28 PM

පුලුවන්නම් කතාව පැත්තකින් තියලා විධායක බලය පාවිච්චි කරලා වැරදිකාරයින්ට දඬුවම් කරලා පෙන්වන්නකෝ (නි)

:       0       0

විජිත් Thursday, 20 October 2016 08:36 PM

එතකොට අර පරිසරය විනාශකරන, චිනාට බයේ ආයෙත් හදන පෝර්ට්සිටිය හදන්න මිගමු පැත්තේ මුහුද හාරලා වැලිගන්න එක පරිසරය කෑමක් නොවෙයිද. (නි)

:       0       0

සුසන්ත Thursday, 20 October 2016 10:50 PM

ඕවා මොනවද, රට රකින්න කියලා ආ උදවිය රටම කන්නේ. රටේ නායකයෝ ජාත්‍යන්තරය ගහන ගහන හැම පදේටම උඩ පැන පැන නටන්නේ. එහෙවු එකේ ඕක අහන්නත් දෙයක්ද. (නි)

:       0       0

අනිල් Thursday, 20 October 2016 10:52 PM

එහෙනම් ඉන්නකෝ, අපිවත් ඕකට මොනවාහරි කරන්න. ඔබතුමාට බොහොම ස්තුතියි අපේ අවධානය යොමුකළාට (නි)

:       0       0

සුසන්ත Thursday, 20 October 2016 10:56 PM

හැබෑට කවදද ඔය කොළඹ නුවර අධිවේගේ වැඩ පටන්ගන්නේ? දැන් අවුරුදු 2ක් වෙන්න ආවා. තාම කාණුවක්වත් කපලා නැහැ නේද පාරේ? අනේ අර කලින් ආණ්ඩුව තිබුණා නම් දැන් පාරේ වැඩ බාගයක් ඉවරයි. මිනිස්සු ඔය පාරේ යනවා කොළඹ ඉඳන් අඩුගානේ අඹේපුස්ස හරියටවත්! වෙනසක්නේ ඕනෑ කළේ. ඔය ලැබිලා තියෙන්නේ මදි නොකියන්න. අවුරුදු 5 ඉවර වෙන්න කලින් කිලෝමිටරයක්වත් හදාගන්න පුළුවන් වුණොත් තමා ලෝක පුදුමේ! (නි)

:       0       0

අනිල් Thursday, 20 October 2016 10:58 PM

සහතික ඇත්ත සර්. (නි)

:       0       0

සරත් Thursday, 20 October 2016 11:59 PM

ඇයි සමහර රට රකින්නෝත් රට කන අවස්ථා තියෙන්නේ (නි)

:       0       0

සමරගේ Friday, 21 October 2016 12:13 AM

අභය භුමි පිටින් ගිලින අයව දැන දැනම ළඟට අරන් ඇමතිකම් දීපු ආණ්ඩුවටත් ඒකේ වගකිවයුත්තන්ටත් බැන්නා නම් නරකද? (නි)

:       0       0

සරත් Friday, 21 October 2016 01:46 AM

හැමදාම කරන්නේ කාටහරි බනින එක විතරයිනේ. වැරැද්ද හදන්න පියවර ගන්න. කටින් වැඩ විතරක් වැඩක් නැහැ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දෙදරු පියා ඝාතකයා වසර තුනකට පසු අල්ලයි
2024 ඔක්තෝබර් මස 10 354 0

70 හැවිරිදි වයෝවෘද්ධ දෙදරු පියාට පහරදී ගෙල මිරිකා ඝාතනය කර විදේශගතව සිට මෙරටට පැමිණ රහසිගතව සැඟව සිටි කුරුඳු තලන්නෙකු වසර තුනකට පසු අත්අඩංගුවට ගත් බව ම


හඳට සමාන බොරු හඳක් හදලා
2024 ඔක්තෝබර් මස 10 609 0

අනාගතයේ දිනෙක සඳ මත පය තබන ගගනගාමීන්ට පුහුණුව දීමේ අරමුණින්, ජර්මනියේ දැවැන්ත පර්යේෂණාගාරයක් තුළ කෘත්‍රිමව, සඳ මතුපිට නිර්මාණය කර ඇති බවත්, මේ වනවිටත්


දුම්රිය රියදුරුගේ අවධානයෙන් මවගේ- දියණියගේ දිවි බේරෙයි
2024 ඔක්තෝබර් මස 10 931 0

කැළණි වැලි දුම්රිය මාර්ගයේ අවිස්සාවේල්ල හිගුරල සහ මිරිස්වත්ත උප දුම්රිය ස්ථාන අතරතුර දුම්රිය මාර්ගය හරහා නිදා සිටි තරුණ මවක් සහ තුන් හැවිරිදි දියණිය


හරිනිගේ - විජිතගේ මුද්දර සිහිවටන තිළිණ පමණයි
2024 ඔක්තෝබර් මස 10 1547 0

අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවියට සහ අමාත්‍ය විජිත හේරත් මහතාට තැපැල් දෙපාර්තමේන්තුවෙන් නිකුත් කරන ලද්දේ ඔවුන්ගේ රුව සහිත සිහිවටන තිලිණයක් පමණක


ට්‍රම්ප්-පුටින් හිතවත්කම් අලුත් පොතකින් එළියට
2024 ඔක්තෝබර් මස 10 526 0

කොවිඩ් වසංගතයත් සමග රුසියාවේ කොවිඩ් පරික්ෂා කිරීමේ කට්ටල හිඟයක් ඇතිවූ අවස්ථාවේදී එවකට ඇමෙරිකානු ජනපතිව සිටි ඩොනල්ඩ් ට්‍රම්ප් රුසියානු ජනපති ව්ලැදි


සටන් විරාමයකට හිස්බුල්ලා කැමතියි
2024 ඔක්තෝබර් මස 10 991 0

ලෙබනනයේ සටන් විරාමයකට, තමන් කැමැත්ත පළ කරන බව එරට ක්‍රියාත්මක හිස්බුල්ලා සංවිධානය පවසයි. විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් හිස්බුල්ලා සංවිධානයේ නියෝජ්‍ය


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39713 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25821 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 32 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 375 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1239 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site