IMG-LOGO

2024 දෙසැම්බර් මස 16 වන සඳුදා


පරිසරය රකින්න තරුණයෝ පෙරට

(ශාන්ත රත්නායක)

මේ දිනවල සිදුවන වන විනාශයට එරෙහිව ශ්‍රී ලංකා වනසත්ව හා ස්වභාව ආරක්ෂාක සංගමය සංවිධානය කර ලද නිහඩ විරෝධතාවයක් අද කොලඹ නෙලුම් පොකුණ ඉදිරිපිට පැවැත්විය.

එහිදී සත්ව හිංසනය පිටු දැකීම හා රටේ පවතින වන විනාශයන් වහා නවත්වන ලෙස බල කරමින් නිහඩ උද්ඝෝෂණයක සංවිධානය කර තිබුණි.


 



අදහස් (13)

පරිසරය රකින්න තරුණයෝ පෙරට

Raveendra Friday, 19 March 2021 03:29 PM

ඔලමොට්ටල පාලකයින් වන විනාශයක් වෙන්න ඉඩදීලා බලන් ඉන්න එක ගැන අමුතුවෙන් කියන්න ඕනේ නෑ.. හැබැයි මෙතෙන්ට උද්ඝෝෂණය කරන්න ඇවිල්ලා ඉන්න නෝනලා ගැන නම් කියන්න ගොඩක් දේවල් තියෙනවා. අලින්ගේ, බල්ලන්ගේ නැට්ටේ එල්ලිලා ඩොලර් හොයන නෝනා ඒ පාර කැලෑ ටික කපන එක විකුනන් කන්න ඇවිල්ලා. මේ ළමාතැනීලාට අර තබ්බෝව පැත්තේ වෙන ඒවා ඇහෙන්නේ, පේන්නේ නැතුව ඇති.. ඒවා සුද්දන්ට මාකට් කරගන්න බැරි හින්දා වෙන්න ඇති. කොහොම වුණත් රට රකින්න ආව පුටින්ගෙන් 69 ලක්ෂයක දේශප්‍රේමීන්ට රටේ පරිසරේ රැක ගන්න පාරට බැහැලා උද්ඝෝෂණ කරන්නත් වුණා අන්තිමට...

:       8       8

sunanda Friday, 19 March 2021 03:30 PM

මේ අය නිකම් නගරබදට වෙලා බොරු සෝබන වැඩ කරන්නේ නැතිව, කරුණාකර ඈත ගම්වලට ගොස් දිනපතා දුප්පත් ගොවීන්ට සිදුවන වල් අලි පහරදීම් නවත්වන්නට බැරිද...?

:       13       7

සිරිමෙවන්Saturday, 20 March 2021 11:06 AM

මෝඩ කතා කියන්න එපා... ඇයි මෙයාලා ගිහින් වල් අලින්ව හොඬින් අල්ලලා විසි කරන්නද?

:       4       10

ajithSaturday, 20 March 2021 06:55 PM

ඇත්ත. පාර අයිනේ බැනර් එකක් ගහනවා වගේද වල් අලි එලවන එක?

:       0       0

පොඩි මල්ලි Friday, 19 March 2021 07:22 PM

ඕවා තමා කොළඹ හතේ පොෂ් නෝනලා විනෝදෙට කරන උද්ඝෝෂණ.. ඕක පිටිපස්සේ ඉන්න කට්ටිය කව්රුද කියලා අපිට පේනවා. ඇත්තම කතාව මෙයාලා යන්න ඕනෑ පරිසරය විනාශ වෙන තැනට. එතන ගිහින් ඒ මිනිස්සුන්ට විරුද්ධව කරන දෙයක් කරන්න. අනික හැමෝම ගස් කපලා පරිසරේ විනාශ කරන කල් මෙයාලා ඔහේ ඉන්නවා. ඒවා කරන අනතුරේදී හොයන්න ඕනකමක් නෑ. ඔක්කොම බොරුවට කෑ ගහනවා.. ඔයාලාගෙයි දේශපාලුවන් අතරයි වෙනසක් නෑ..

:       13       8

Raveendra Saturday, 20 March 2021 01:38 AM

තරුණ පිරිස් පරිසරය රැකුම වෙනුවෙන් ඉදිරිපත්වීම අප හදවතින්ම අගය කරන්නෙමු. හැබැයි දරුවනේ ඔය සටනට කිසිඳු නම් සම්බන්ධ කිරීමකින් වළකින ලෙස අප ඔබලාට දෙන අවවාදයකි. මක්නිසාදයත් දේශපාලුවන් යනු පොදුවේ ගත් කළ තමන් උපන් දේශය පාළු කරන, පරිසරය කෙසේ හෝ විනාශ කිරීමට උර දෙන නිවටයින් ජාතියකි. එවන් නිවටයින්ට අපි කොළ , අපි නිල්, අපි රතු කියා කිසිදු වෙනසක් නොමැත. කන්න ඕනෑ වූ විට හැලිකිඹුලාද දියකුකුල් මස් ලෙස "ගිල දමන මහා කාලකන්නි මූසලයන් ජාතියකි."

:       1       17

විජිත් Saturday, 20 March 2021 09:44 AM

බොහොමත්ම ඇත්ත රවින්ද්‍ර, මම ලියන්නට සිටිදේ ඔබ ලියා ඇති නිසා ආයෙත් ලියන්නට යන්නේ නැහැ. මේ සටන කෙසේ හෝ අපි ජය ගත යුතුයි. " ...අපි මේ පරිහරණය කරන ඉඩකඩම්, අපි හුස්ම ගන්න වාතය, බොන ජලය, ගස් කෝලන්, සතා සීපාවා.. වැනි පරිසරයට අයිති සියලුම දේවල් අපට ලැබී තිබෙන්නේ අපේ නෑයින් හෝ ඥාතීන්ගෙන් නොව, මේවා අනාගතයේ ඉපදෙන පරම්පරාවෙන් අප ණයට ඉල්ලාගත් දේවල්. අප " යන්නට " කලින් ඒ සියලුදේම නැවතත් ඊළඟ පරම්පරාවට " තිබු ලෙසම " බාරදිය යුතුවේ. එයයි මේ ලෝකයේ සදාතනික - නොවෙනස්වන " සොබාදහමේ සදාකාලික ගිවිසුම "...!!! අපි ඒ ගිවිසුම රකින්නට සොබාදහම් නීතියෙන් (මිනිසා හදාගත් නීතියට වඩා බොහෝ බලවත් අාධ්‍යාත්මය හා බැඳී ඇති විශ්ව නිතිය) බැඳී සිටිනවා.

:       0       11

helaya Saturday, 20 March 2021 03:32 AM

69 ලක්ෂයක් සමග 2/3 වාසේ..

:       4       8

BamunuarachchiMonday, 22 March 2021 12:05 PM

වන සංහාරය ගැන එපමනද දන්නේ? ඔහෙලා වගේ අය ඔයිට වඩා යමක් දැනගෙන ඉන්න විදියකුත්නැ නැහැනේ.

:       0       0

රන්ජිත් Saturday, 20 March 2021 09:28 AM

ගමට ගිහින් නාහෙන් අඬ අඬා කියනවා "කවුරු වුණත් ප්‍රශ්නයක් නැහැ. පරිසරය විනාශ කරනවා දැක්කොත් විරුද්ධ වෙයල්ලා" කියලා. විරුද්ධ වුණාම ගෙදරට පොලිසිය යවනවා. මාර වැඩක් ලංකාවට වුනේ...

:       2       11

Senevi Saturday, 20 March 2021 10:05 AM

මේ බැනරයේ තියෙන්නේ "ජෛව සංහාරය නවතනු" කියලයි. ඉතින් ඒ පාඨයට විරුද්ධ අයගේ පාඨය "ජෛව්‍ය සංහාරය සිදුකරනු" යන්න විය යුතුයි. ඔය කියන සිතුවම යකඩ පුවරු වල සවිකර ප්‍රදර්ශනය කිරීමට අදාල මුදල්ගෙවා කොළඹ නගර සභාවෙන් අවශ්‍ය අවසර පත්‍රයක්ද ලබාගෙන තිබුණු බව කියන නමුත් එම පුවරුව ගැලවූ අවස්ථාවේදී එතැනට පැමිණි පොලිස් පරිසර කොට්ඨාශයේ අධ්‍යක්ෂ SSP රොෂාන් රාජපක්ෂ මහතා එය එසේ නොවන බව කියයි. ඊටත් වඩා ඔහු " පරිසරය ගැන මෙහෙම කතිකාවක් හරි ඇවිල්ලා තියෙන්නේ මේ අපේ රජය ආවාට පස්සෙනේ" යනුවෙන් ප්‍රකාශ කරනු ප්‍රවෘත්ති වාර්තාවල අපි දුටුවෙමු. පොලිස් නිලධාරියෙකු යනු රාජ්‍ය සේවකයකු මිස කිසියම් "ආණ්ඩුවක" සේවකයකු නොවේ. දේශපාලන පක්ෂපාතීත්වයෙන් යුතුව මේ රජය අපේ, මේ රජය අපේ නොවේ යැයි කියා කටයුතු කරන්නට ඔවුන්ට අයිතියක් නැත. මෙවැනි ඉහළම මට්ටමේ පොලිස් නිලධාරීන් මේ ආකාරයෙන් ප්‍රසිද්ධියේම "මේක අපේ රජය" යනුවෙන් හඳුන්වමින් ආණ්ඩුවට පක්ෂපාතීත්වය පෙන්වීම තුළින් පැහැදිලි වන්නේ යුක්තිය පසිඳළීමේ ක්‍රියාවලිය අපක්ෂපාතීව සිදුවන්නට ඇති ඉඩකඩ සීමිත බව නොවේද?

:       1       14

don perera Saturday, 20 March 2021 07:35 PM

හොඳ වැඩක්... පරෙස්සමෙන්...!!! සුදු වෑන් එන්න බැරි නැහැ.

:       0       0

Bamunuarachchi Monday, 22 March 2021 11:38 AM

පරිසරය රකින්න ඉදිරියට එන්න. හැබැයි මෙයින් දේශපාලන වාසිගන්න බලාගෙන ඉන්න එවුන්ගේ අතකොලු වෙන්න එපා.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සියලු කොටස් මිල දර්ශකය ඒකක 14,500 පනී
2024 දෙසැම්බර් මස 16 85 0

කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය ඉතිහාසයේ පළමු වරට අද (16) ඒකක 14,500 සීමාව ඉක්මවීය.


ජගත් කුමාර සජබෙන් ඉවත් වෙයි
2024 දෙසැම්බර් මස 16 717 0

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරකුව සිටියදී පසුගිය ජනාධිපතිවරණයේදී සමඟි ජනබලවේගයට සහයෝගය දැක්වූ ජගත් කුමාර මහතා සමඟි ජනවේගයෙන් ඉ


තොරතුරු තාක්ෂණ සිසුවියන් සිව් දෙනා රටවල් 27ක් පරදයි
2024 දෙසැම්බර් මස 16 254 0

බෘනායි රාජ්‍යයේ පැවති (2024 දෙසැම්බර්) ආසියානූ පැසිපික් ජාත්‍යන්තර තාක්ෂණ තරඟාවලියට සහභාගි වූ ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ විශ්ව විද්‍යාලයේ ( ස්ලිට් කැම්ප


අඟුලානේ ඇළක බිලිඳු සිරුරක්
2024 දෙසැම්බර් මස 16 209 0

මොරටුව අඟුලාන ලක්ෂපතිය ප්‍රදේශයේ ඇළ මාර්ගයක තිබී බිළිඳු මළ සිරුරක් අද (16) හමු වූ බව මොරටුව මූලස්ථාන පොලිසිය කියයි.


අධිකරණ ඇමතිගෙන් සී.අයි.ඩි.යට පැමිණිල්ලක්
2024 දෙසැම්බර් මස 16 351 0

පාර්ලිමේන්තු නිල වෙබ් අඩවියට ව්‍යාජ දත්ත ඇතුළත් කර තිබීම සම්බන්ධයෙන් අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා අපරාධ පරීක්ෂණ දෙ


රජයේ තීරණයෙන් ගම්බද සිසුනට අසාධාරණයක්
2024 දෙසැම්බර් මස 16 698 0

5 වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමුවන ප්‍රශ්න පත්‍රයේ පිටවූ බව කියන ප්‍රශ්න තුන සඳහා නිදහස් ලකුණු දීමට තීරණය කිරීමට පදනම් වී ඇති විද්වත් කමිටුව වාර්තාව අනු


මේවාටත් කැමතිවනු ඇති

NSBMහි වාර්ෂික උපාධි ප්‍රදානෝත්සව සතිය අති උත්කර්ෂවත් ලෙස පැවැත්වේ 2024 දෙසැම්බර් මස 12 195 0
NSBMහි වාර්ෂික උපාධි ප්‍රදානෝත්සව සතිය අති උත්කර්ෂවත් ලෙස පැවැත්වේ

මෙරට ප්‍රමුඛතම උපාධි ප්‍රධාන ආයතනයක් වනAnchor NSBM හරිත සරසවියෙහි 2024 වර්ෂය සඳහා වන Anchorඋපාධි ප්‍රදානෝත්සව සතිය ඉකුත් දෙසැම්බර් 09 වැනි දින හෝමාගම පිටිපන NSBM හරිත

මෙරට කීර්තිමත් ව්‍යාපාර ප්‍රධානී සුජීව මුදලිගේ මහතාට ගෞරව ආචාර්ය උපාධියක් NSBMහි වාර්ෂික උපාධි ප්‍රදානෝත්සවයේදී 2024 දෙසැම්බර් මස 11 204 0
මෙරට කීර්තිමත් ව්‍යාපාර ප්‍රධානී සුජීව මුදලිගේ මහතාට ගෞරව ආචාර්ය උපාධියක් NSBMහි වාර්ෂික උපාධි ප්‍රදානෝත්සවයේදී

මෙරට කීර්තිමත් වරලත් ගණකාධිකාරී සහ ව්‍යාපාර ප්‍රධානි, සුජීව මුදලිගේ මහතාට එක්සත් රාජධානියේ ප්ලිමත් (Plymouth) විශ්වවිද්‍යාලය විසින් ගෞරව ආචාර්ය උපාධියක්

ශ්‍රී ලංකාවේ දැනුම සහ නවෝත්පාදන අංශයේ වර්ධනය සහ අන්තර්කරණය 2024 දෙසැම්බර් මස 10 102 0
ශ්‍රී ලංකාවේ දැනුම සහ නවෝත්පාදන අංශයේ වර්ධනය සහ අන්තර්කරණය

නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වය පරිදි මෙරට ආර්ථික පරිවර්තනයකට සැරසෙන අවස්ථාවක ස්‍රීඝ්‍ර වර්ධනය සඳහා අන්තර්කරණය හා සාධාරණ ධනය බෙදාහ

Our Group Site