IMG-LOGO

2025 මාර්තු මස 10 වන සඳුදා


පරිසරය වනසා රට අගාධයට ගෙන යන්නෝ


ගම්පහ මහ නගර සභා සීමාවට අයත් බදුවතුගොඩ ප්‍රදේශයේ අන්නාසි වත්තකට ගලි බවුසර්වලින් මළ අපද්‍රව්‍ය බැහැර කිරීමක් සිදු කෙරෙන බවත් මේ නිසා ළිං ජලය පවා අපවිත්‍ර වන තත්ත්වයක් පවතින බැවින් මීට විසඳුමක් අවශ්‍ය බව ගම්පහ මහ නගර සභාවේ මෙවර මාසික රැස්වීමේදී එහි ස්වාධීන මන්ත්‍රී සිරිනාථ කුරුප්පු මහතා ප්‍රකාශ කළ බව සඳහන් පුවතක් අප පුවත්පත ඉකුත්දා වාර්තා කළේය.

මෙහි ඍජුවම කියන කතාවක් මෙන්ම කියැවෙන කතාවක්ද තිබේ. කියන කතාව වන්නේ ගලි බවුසර්වලින් බදුවතුගොඩ ප්‍රදේශයේ අන්නාසි වත්තකට අපද්‍රව්‍ය බැහැර කරන බවය. කියැවෙන කතාව නම් අදාළ මහ නගර සභා මන්ත්‍රීවරයා තම වගකීම මැනවින් හඳුනාගෙන ඇති බවය. නගර සභාවක වගකීම වන්නේ අදාළ නගර සභා බල ප්‍රදේශයේ ජනතාවගේ ගැටලු ප්‍රශ්න සොයා බලා ඒවාට විසඳුම් දීමය. ප්‍රාදේශීය සභාවක වගකීම වන්නේ අදාළ බල ප්‍රදේශයේ ජනතාවගේ ගැටලු ප්‍රශ්න සොයා බලා ඒවා විසඳීමය.

නගරසභාවක, ප්‍රාදේශීය සභාවක වගකීම එය වුවද බොහෝ නගර සභාවලත් ප්‍රාදේශීය සභාවලත් සිදුවන්නේ එම වගකීමට පරිබාහිර දේය. ලෝක දේශපාලන තත්ත්වය ජාතික තලයේ දේශපාලනය සම්බන්ධ මෙලෝ හසරක් නැති වාද විවාද සිදුවෙයි. තම තමන්ගේ පක්ෂවල ගැටලු සම්බන්ධයෙන් මෙන්ම ජයග්‍රහණ සම්බන්ධ පාරම්බෑම්ද පරාජය සම්බන්ධ මැසිවිලිද අසන්නට ලැබේ. එකිනෙකාට බැණ අඬගසා ගැනීම් ගුටි බැට හුවමාරුවීම් දක්වා වර්ධනය වෙයි. ඒ අතරවාරයේ ජනතාවගේ ප්‍රශ්න පිදුරුතලාගල කඳු මුදුනත් පසුකර යන තරමට වර්ධනය වේ. එහෙයින් ප්‍රදේශයේ සිදුවන පරිසර විනාශයත් එමගින් ජනතාව පත්වන පීඩාවත් සම්බන්ධයෙන් අවධානය යොමු කළ ගම්පහ මහ නගර සභාවේ මන්ත්‍රීවරයාටත් ජනතාවගේ ප්‍රශ්න සංවාදයට බඳුන් කිරීමට ඉඩ හසර වෙන් කළ සියලුම සභිකයන්ටත් ප්‍රණාමය පිරිනැමිය යුතුය.

ගම්පහ නගර සභා සීමාවට අයත් බදුවතුගොඩ ප්‍රදේශයේ අන්නාසි වත්තකට ගලි බවුසර්වලින් මළ අපද්‍රව්‍ය බැහැර කිරීම කිසිසේත්ම සුළුකොට තැකිය යුතු කාරණාවක් නොවේ. මෙම ක්‍රියාදාමය වූ කලී මුළු රටම වෙළාගත් මාරාන්තික ව්‍යසනයකි. මුළු මහත් පරිසර පද්ධතියටම අණවින රැගෙන එන කොඩිවිනයකි.

ඇතැමකුට අනුව ඇළ දොළ ගංගා යනු තමන්ගේ සියලු අපද්‍රව්‍ය බැහැර කිරීමට ඇති තැනකි. ඇතැම් සුපිරි හෝටල් මෙන්ම මහා මන්දිරවල අපද්‍රව්‍ය කෙළින්ම බැහැර කෙරෙන්නේ අසළ ඇති ඇළ දොළ ගංගා වෙතය. ඇතැම් කම්හල්වල අපද්‍රව්‍ය බැහැර කෙරෙන්නේද විවෘත පරිසර පද්ධතියටය. එම අපද්‍රව්‍යවල අති විෂ රසායනික සංඝටක පසට මුසුවී උල්පත් ජලය හා එක්වේ. එවිට එම ජලය පානය කළ නොහැකිය. ජලය යනු මිනිසාගේ මූලික අවශ්‍යතාවකි. ළිං ජලය බීමට ගත නොහැකිව අසරණ වන ජනයා බීමට ජලය ඉල්ලා වීදි බැස අරගල කරති. එම අරගල අවසානයේදී ලෙයින්, කඳුළෙන් හා මරණයෙන් කෙළවර වේ. රතුපස්වල සිද්ධිය නමින් ඉතිහාසයට එක් වූ ඛේදවාචකය එයට කදිම නිදසුනකි.

බොහෝ රෝහල්වල අපද්‍රව්‍ය ඉවත් කිරීමේ කාර්ය පෞද්ගලික සමාගම්වලට බාරදී ඇත. මළ සිරුරවල ඉවත් කරන අභ්‍යන්තර කොටස්, රුධිරය, පුළුන්, ගෝස්, වෙළුම්පටි ආදී එකී නොකී අපද්‍රව්‍ය බැහැර කිරීම සෞඛ්‍යාරක්ෂිතව සිදු කළ යුතුය. එහෙත් ඇතැම් සමාගම්වලට එම කාර්යයෙහි ඇති බැරෑරුම්කම සම්බන්ධයෙන් ප්‍රමාණවත් අවබෝධයක් නොමැති බව මාධ්‍ය වාර්තා නිදසුන්ය. රෝහල් අපද්‍රව්‍ය එළිමහනට බැහැර කළ හා කුඹුරු යායන්ට බැහැර කර පලාගිය අවස්ථා සම්බන්ධ ප්‍රවෘත්ති ඉකුත් සමයේ මාධ්‍ය වාර්තා කළේය.

පරිසර සංරක්ෂණය සම්බන්ධයෙන් කොතෙක් කතා කළද එය ජීවමාන යථාර්ථයක් බවට පත් කිරීමට සමත් පරිසරයක් තවමත් නිර්මාණය වී නොමැති බව සත්‍යයකි. නිවෙසෙහි අපද්‍රව්‍ය එළිමහනට, මහ පාරට බැහැර කරන හෝටල්වල අපද්‍රව්‍ය මහ පාරට බැහැර කරන අවස්ථා සමාජයේ තවමත් සුලබය. පරිසර සංරක්ෂණය සම්බන්ධයෙන් උද්යෝගිමත් බවක් සමාජය තුළ වේ නම් එබඳු සිද්ධි බහුලව වාර්තා වීමට ඉඩක් නැත.

ගම්පහ මහ නගර සභාවට අයත් බදුවතුගොඩ ප්‍රදේශයේ අන්නාසි වත්තකට ගලි බවුසර් වලින් මළ අපද්‍රව්‍ය බැහැර කිරීමේ සිදුවීම එයට හිමි නිසි බරින් හඳුනාගත යුතු වන්නේ එහෙයිනි. පරිසර සංහාරකයන්ට වැට බැඳීමකින් තොරව පරිසර සංරක්ෂණය යථාර්ථයක් නොවන බව ඒකාන්ත වශයෙන්ම ඔප්පු වූ සත්‍යයකි.

(***)



අදහස් (6)

පරිසරය වනසා රට අගාධයට ගෙන යන්නෝ

Raveendra Friday, 18 September 2020 06:18 AM

අපගේ මේ සුන්දර මාතෘභූමියේ දශක කීපයක සිටම සිදුවෙමින් පවතින ගැටළු පිළිබඳව ඉතා හොඳ අවබෝධයකින් සකස්කරන ලද මෙම ලිපිය දියවන්නාව 225 මෙන්ම සියලුම පුරවැසියන්ටද පැහැදිලිව කියවීමට හැකි වේවා යන්න අපගේ ප්‍රාර්ථනයයි. "මමත්වය" පෙරදැරි කරගත් මමත්වයටම මූලික තැනදී තමන්ගේ සියලු වැඩකටයුතු කරන සමාජයක වෙනත් කෙනෙකුගේ හෝ නූපන් අනාගත පරපුර වෙනුවෙන් පරිසරය ආරක්ෂා කිරීම ගැන කතාකිරීමෙන් අවසානයේ අපගේ දෙමාපියන්ටද නොමිලේම ඉතාම සුන්දර වචනවලින් පිං අනුමෝදම් කරගැනීමක් ලබාගත හැක. නමුත් නිවැරදි දෙය කතාකිරීමට අප කිසිවිට පසුබට වියයුතු නැත. බියවිය යුතුද නැත යන්න අපගේ අදහසයි.

:       20       126

lanzu Friday, 18 September 2020 01:34 PM

හැබැයි මේක දැන් ලෝකයේ හැම රටකම වගේ සිද්ද වෙන දෙයක්... යුරෝපය සියයට 90ක් ගොවියන් භාවිතා කරන දෙයක්. මළපහ කියන්නෙත් පොහොර...!!! 

:       1       39

විජේ Tuesday, 22 September 2020 02:00 AM

ගම්පහ නගරාධිපති ටිකක් වැඩක් කරන කෙනෙක්, ටිකක් සාධාරණ විසඳුමක් හොයාගනීවි කියලා හිතනවා...

:       0       0

Champa Friday, 18 September 2020 05:08 PM

හොඳ ලිපියක්. එක්තරා රටක් අපනයනය කරපු කොමඩුවල රසේ වෙනසක් හින්දා, ඒවා එවන රටෙන් හොයලා බලපුවාම කොමඩුවලට දාලා තියෙන්නේ මළ අපවිත්‍ර සමඟ එන වතුර කියලා දැනගෙන වහාම ඒ සැපයුම කැන්සල් කළාලු. නමුත් ලංකාව නම් කවදාවත් ඒ වගේ දේවල් ආහාරයට ගන්න දේ සමඟ සම්බන්ධ කලේ නැහැ... නමුත් ලංකාව අපද්‍රව්‍ය බැහැර කරන්නේ හරිම අවිධිමත් විදිහට. නීති තිබුණට දේශපාලකයන් ව්‍යාපාරිකයන්ගෙන් අල්ලස් අරගෙන ඒ නීති කිසිවක් තකන්නේ නැතුව වැඩ කරනවා... ලංකාවේ පරිසරය ආරක්ෂා කරන්න නම් බින්දුවේ ඉඳලාම පටන් ගන්න ඕනේ. පරිසරය විනාශ කිරීම බරපතල වරදක්... නමුත් ලංකාවේ උසාවිය ගමේ කෙහෙල්කන් හොරෙකුට දෙන දඬුවමවත් පරිසරයට හානි කළ පුද්ගලයෙකුට දෙන්න බයයි, දේශපාලනය හයිය නිසා...

:       1       43

ajith Saturday, 19 September 2020 08:43 AM

හරිම වැදගත් තේමාවක්... හුඟක් රටවල්වල මළපහවලින් ගෑස්, විදුලිය සහ පොහොර නිපදවමින් පවතිනවා. ඒත් එයාලට මෙකෙන් කිසිම හානියක් නැහැ. ස්පාඤ්ඤය, නෙදර්ලන්තය, ප්‍රංශය, ජර්මනිය වගේ රටවල් ඉතාම සූක්ෂම විදිහට කරනවා.. අන්න ඒ ක්‍රමය තමයි අපි ඉගෙන ගන්න ඕනේ...

:       1       0

wijeSaturday, 19 September 2020 07:39 PM

මොකද මෙතන මේ අකමැත්ත ප්‍රකාශ කරලා තියෙන්නේ? පොහොර වලට දෙන්න ලෝබ නම්, අනිත් පැත්ත හැරිලා කන්නයි තියෙන්නේ..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

එසැණ පුවත්

විපක්ෂ නායකතුමාට ඕන නම් ආපහු බස් දෙන්න’’
2025 මාර්තු මස 10 631 0

විපක්ෂ නායකතුමාටත් ඕන නම් නැවත පාසල් වලට බස් පරිත්‍යාග කරන්න අවස්ථාව තිබෙන බව කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රීනී කෞශල්‍යා ආරියරත්න මහත්මිය:-(ජා.ජ.බ) පාර්ලිම


සරසවි ඇදුරන්ගේ පර්යේෂණ-ශාස්ත්‍රීය දීමනා කපලා
2025 මාර්තු මස 10 215 1

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ පර්යේෂණ සහ ශාස්ත්‍රීය දීමනා පහත හෙලා තිබෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.


මොළයයි හදවතයි ඇති මිනිහෙක් හදන්න අධ්‍යාපනය වෙනස් කරනවා
2025 මාර්තු මස 10 125 3

මොළය විතරක් නොව හදවතක් තිබෙන පරපුරක් අවශ්‍ය නම් අධ්‍යාපනය අනිවාර්යයෙන්ම පරිවර්තනය කළ යුතු බව අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍


මාස දෙකේ සිඟිත්තෙක් මහා පාරේ දමා ගිහින්
2025 මාර්තු මස 10 372 0

අම්බලන්ගොඩ මාදම්පේ දේවගොඩ ප්‍රදේශයේ මහ පාර අයිනේ දමා ගිය කුඩා බිළිදෙකු අද උදේ සොයාගත් බව අම්බලන්ගොඩ පොලීසිය කියයි.


බොරු දින දමා වාහන ගෙන්වලා : රේගුව ඇහැ ගහගෙන
2025 මාර්තු මස 10 1446 7

ශ‍්‍රී ලංකාව වසර 5 කට පසුව පසුගිය පෙබරවාරි පළමු වැනිදා වාහන ආනයන සීමා ඉවත් කිරීමට කටයුතු කිරීමත් සමග මෙරටට පළමුව පැමිණි එන්.වයි.කේ නෞකාවේ වාහන 197 ක් මෙරට


ලෝක ප්‍රසිද්ධ ඇමෙරිකානු ගායක ඇලෝයි බ්ලැක් කටුනායකට
2025 මාර්තු මස 10 989 1

ලෝක ප්‍රසිද්ධ ඇමෙරිකානු ගායක ඇලෝයි බ්ලැක් මහතා ශ්‍රී ලංකාවේ තෙදින සංචාරයක් සදහා අද(10 ) උදෑසන කටුනායක ගුවන් තොටුපොළ ට පැමිණියේය .


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 45 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 88 0
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 179 1
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

Our Group Site