IMG-LOGO

2024 නොවැම්බර් මස 18 වන සඳුදා


පරිසර නියමුවෝ ජනපති අතින් සම්මාන ලබති

(අංජුල මහික වීරරත්න)

ලොව පළමු ජාත්‍යන්තර පරිසර විශ්වවිද්‍යාලය ශ්‍රී ලංකාවේ ස්ථාපිත  කරමින් දේශගුණ විපර්යාසවලට මුහුණදීම සඳහා ලෝකයට සහාය ලබාදෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. දේශගුණික විපර්යාස අද ලෝකයටම අභියෝගයක් වුවද ඒ පිළිබඳ පර්යේෂණ සිදු කිරීමට මධ්‍යස්ථානයක් නොමැති බව පෙන්වා දුන් ජනාධිපතිවරයා රටවල් රැසක් සහභාගී කර ගනිමින් එම කටයුත්ත සිදු කිරීමට ශ්‍රී ලංකාව මුල පුරා ඇති බව ද කියා සිටියේය. 

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ අද (11) පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවති 10 වන පරිසර නියමු ජනාධිපති පදක්කම් ප්‍රදානෝත්සවය අමතමිනි.

 ‍ විශිෂ්ඨ සේවා ගුරු උපහාර හා විශිෂ්ඨ පාසල , විශිෂ්ඨ සේවාවක් සිදු කළ ප්‍රාදේශීය පරිසර නිලධාරීන් හා කාර්යාල ද මෙහිදී ඇගයීමට ලක් වූ අතර පරිසර නියමුවන් 129 දෙනකු සඳහා ජනාධිපති පදක්කම් පිරිනැමිණි. 

පරිසර නියමු ජනාධිපති පදක්කම ජාතික පරිසර නියමු වැඩසටහනේදී ලබා ගත හැකි ඉහළම පදක්කම වන අතර විශ්වවිද්‍යාල ප්‍රවේශයේදී එම පදක්කම්ලාභීන්ට අතිරේක ළකුණු හතරක් හිමිවේ. 

විශිෂ්ඨතම පාසල ලෙස ජනාධිපති පරිසර නියමු පදක්කම් ලාභීන් 14 දෙනෙකු බිහි කළ අරලගංවිල විලයාය ජාතික පාසල සම්මාන ලැබූ අතර වැඩිම ජනාධිපති පදක්කම් ලාභීන් පිරිසක් (25) බිහි කිරීමට මග පෙන්වනු ලැබූ මධ්‍යම පරිසර අධිකාරියේ මධ්‍යම පළාත් කාර්යාලය විශිෂ්ඨතම කාර්‍යාලයට හිමි සම්මානය දිනා ගත්තේය.



අදහස් (3)

පරිසර නියමුවෝ ජනපති අතින් සම්මාන ලබති

විසිල් Friday, 12 May 2023 07:21 AM

දේශගුණික විපර්යාසයන්ට දියුණු රටවල දායක භාරය තුල නොදියුණු රටවලට හිමි විය යුතු කොටස ඩොලර් වලින් ඉපයීමට උත්සාහ ගැනීම අගය කල යුතුය. රනිල් මහත්තයෝ රට තුල දේශපාලන විපර්‍යාසයක් වීමට ඉඩ හරින්න. පවුල් පරම්පරා දේශපාලනය නිසා රට විනාශ වී ඇත. (ඔබත් පරම්පරා දේශපාලනයේ නිසා අකමැති ඇති ) දියුණු රටවල් පාලනය කරන්නේ පවුල් කිහිපයකට අයිති ගොන් කබ්බන් කිහිප දෙනෙකු නොවේ. සමාගම් පාලනය අපට අවශ්‍ය නැත.

:       0       0

Perera Friday, 12 May 2023 10:27 AM

දැන් එතකොට ලෝක පරිසර විපර්යාසවලට විසඳුම් හොයන්නේ ඔය චායාරූපයේ ඉන්න වෙන්න විද්වතුන් සෙට් එකද ?

:       1       0

දමයන්ති Friday, 12 May 2023 12:50 PM

ජනාධිපතිතුමා මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය පතල් සදහා අනුමැතිය දෙන්නෙ ඔප්පුව බලා අයිති කරුගේ හා අදගොවියාගේ කැමැත්ත මත පමණයි එහෙම බලපත්‍ර අරගෙන බැකෝ යන්ත්‍ර මගින් පතල් කැපුවම අවට නිවාස වලට හානියක් වෙනවාද ජල උල්පත් සිදීයාමට ඉඩ තිබේද කදුවැටි නාය යයිද කිසිවක් බලන්නෙ නැහැ ඒ නිසා පරිසරයට ඇල්මක් දක්වන ඔබතුමා ඒ ගැනත් අවධානය යොමුකරනවා නම් ඉතාමත් හොදයි

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පාරිභෝගික අධිකාරියේ විමර්ශන අංශය විසුරුවයි
2024 නොවැම්බර් මස 17 1110 0

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන අංශය විසුරුවා හැරි බව එම අධිකාරියේ උසස් නිලධාරියෙක් පැවසීය.


උණ රෝගයක් හේතුවෙන් සෙබලු පිරිසක් නිරෝධායනයට
2024 නොවැම්බර් මස 17 398 0

මන්නාරම, වෙඩිතලතිව් යුද හමුදා පුහුණු කඳවුරේ පුහුණුව ලබන සෙබළුන් අතර උණ රෝගයක් පැතිරයාම හේතුවෙන් එම කඳවුරේ සෙබළුන් පිරිසක් කඳවුර තුළ නිරෝධායනය කිරීමට


ජපුරෙන් පාර්ලිමේන්තුවට ආදී විද්‍යාර්ථයින් 22ක්
2024 නොවැම්බර් මස 17 1214 0

පාර්ලිමේන්තු මහ මැතිවරණයට ජාතික ජන බලවේගයෙන් ඉදිරිපත් වූ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ විද්‍යාර්ථීන් 24දෙනාගෙන් විසි දෙදෙනෙකුම පාර්ලිමේන්තුවට


නවසීලන්තය ලකුණු 209 යි
2024 නොවැම්බර් මස 17 127 0

සංචාරක නවසීලන්ත පිල සහ ශ්‍රී ලංකා පිල අතර තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ මහනුවර පල්ළෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දැන් පැව


නව අගවිනිසුරු මුර්දු ප්‍රනාන්දු
2024 නොවැම්බර් මස 17 838 0

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මුර්දු ප්‍රනාන්දු මහත්මිය නව අග විනිසුරු ලෙස පත්කිරීමේ නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අනුමත කර ඇත.


ගුවන් ගමන් තුනක් අවලංගු කරයි
2024 නොවැම්බර් මස 17 2472 0

කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් යානා 03 ක් තාක්ෂණික දෝෂවලට ලක් වීම නිසා , ගුවන් ගමන් වාර කීපයක් අවලංගු කර , තවත් ගුවන් ගමන් වාර කීපයක්


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 345 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 630 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1794 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site