IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


පැරිස් රණවිරු සමරුව 8 වැනිදා

1992 දී ජනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව මහතාගේ පූර්ණ ආශීර්වාද මැද ඇරැඹු ප්‍රංශයේ ශ්‍රි ලාංකිකයන්යේ සංගමය විසින් අභීත රණවිරු පස්වැනි සැමරුම බ්‍රහස්පතින්දා (08) සවස හතරට පැරිස් නගරයේ රූ ඩුසිලි, 55 ස්ථානයේ පවත්වන බව එහි සභාපති මහේෂ් පිරිස් මහතා කියයි.

තවද ආරක්ෂක අමාත්‍යශ තොරතුරු අනුව විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ගේ සමිති සමාගම් අතරින්  තම සංගමය ආරක්ෂක අමාත්‍යශයේ රෝහල් සහ එහි ස්ථානවලට ආධාර ලබාදුන් සමිති සමාගම් අතරින්  දෙවැනි ස්ථානයේ පසුවන බවද පීරිස් මහතා පවසයි.

 

 

 



අදහස් (0)

පැරිස් රණවිරු සමරුව 8 වැනිදා

නලින් යහම්පත් Wednesday, 07 May 2014 10:52 PM

මම පැරිස් නුවර 1977 සිට ජිවත් වෙන කෙනෙක් . ලේක්කෝ ගලබොඩ කියන ඔය ශාක්‍ය ජයවර්දන කරපු සමිතියක් නැහැ . පළමු සමිති සංවිදානය ඇති කලේ මරුන නිලවීර සහෝදරයා . 1977 කාලයේ සිට කන්න බොන්න නැති අයට කන්න බොන්න දීල සති අන්තයේ විනෝදයක් දුන්නේ , අදත් නිහඬව සිටිනා ලාමර්ක්ස් උමන් දුම්රිය පොළ ගව ජිවත් වූ චන්ද්‍රා සේනානායක සහෝදරයා . ඔහු පැරිසියේ කල සේවය නිහඩය . අදත් ඔහු නිහඩය . ඔය ගලබඩ කියන කෙනා පැරිස් වල ජිවත් නොවන ඉතාලියේ ජිවත් වන කෙනෙක් නිසා කරුණු නොදෙන සාවධ්‍ය තොරතුරු ලියනවා . ශාක්‍යජයවර්දන ගෙන පැරිස් නුවර කවුරුත් දන්නවා . මම ශාක්‍ය ජයවර්දනගේ යහළුවෙක් ඔහුගේ පවුලේ යහළුවෙක් . නමුත් මෙය තමා ඇත්ත (දී) ;

:       0       0

සුජාත - පැරිස් Thursday, 08 May 2014 11:52 AM

පැරිස් වල ජීවත්වන තම දේශයට, ජාතියට, ආගමට ආදරය කරන සියලුම දෙනා ගැන හරිම ආඩම්බරයි.යහපත් දෙයක් කිරීම අගය කරන්න.තමන්ට කරන්න බැරි යහපත් ක්‍රියාවක් තව කෙනෙක් කරාම හෙළා දකින්න එපා.තව තවත් යහපත් දේ කිරීමට ඔබ සැමට දහිරිය ශක්තිය ලැබේවා!!! (ස)

:       0       0

වියන්ගොඩ Thursday, 08 May 2014 12:38 PM

ප්‍රංශයේ පළමු සිහල සංවිධානය බිහි කළේ නිලවීර මහතාය. ඔහු දැනට ජීවතුන් අතර නැත. ප්‍රංශයේ පළමු බෞද්ධ සංවිධානය පටන් ගත්තේ කරුණානායක මහතාය. ඔහුත් දැනට ජීවතුන් අතර නැත. පසුව ලංකාවේ 1983 සිංහල දෙමළ යුද්ධය නිසා මෙහි පැමිණි බොහෝ දෙනා නොයෙක් වර්ගයේ සමිති සංවිධාන පටන් ගත්තා. දැනට පැරිසිය තුළ පමණක් සිංහලයන් කරනා සංවිධාන 30 කට වඩා තිබේ. සමහර සංවිධාන වල නම් ලංකාවේ නගර වල නම් වලින් ලියාපදිංචි කර තිබේ. අවංකව කිවුවොත් මේ සමිති සංවිධාන නිසා ප්‍රංශයේ සිංහලයන්ගේ බෙදීමක් මිස එකමුතුවක් මම දැක නැත. එයට හොඳම පිළිතුර මෙහි දකිනා ප්‍රංශයේ සිටිනා අයගේ ප්‍රතිචාරයයි. මෙය ලිවුවේ කාටවත් පහර ගැසීමට නොවේ. සමහරුන්ට චිත්ත පීඩා ඇතිවන්නට පුළුවන් බව දන්නවා. සමාවන්න (නි)

:       0       0

ටිරෝන් Thursday, 08 May 2014 01:39 AM

මමත් වසර 30 ක් විතර පැරිසියේ ජිවත් වෙනවා ,,,,, ඔය නලින් යහම්පත් කියන සමහරක් දේවල් ඇත්ත ,,,, වැඩි කොටසක් බොරු (ස)

:       0       0

අසෝකා Thursday, 08 May 2014 01:39 AM

1982 වර්ෂයේ මහේන්ද්‍ර නිලවීර විසින් ප්‍රංශයේ ප්‍රථම ශ්‍රී ලංකික සංවිධානය ඔහුගේ බලවත් අවශ්‍ය තාවය නිසාම සිදුවිය. සිංහලයන් වැඩ ඇරී එනතුරු උමං දුම්රිය අසල රැදී සිටිමින්. මුද්දර ගාස්තු පවා තමන් විසින්ම දරමින් එදා ඒ සේවය කල බව නොදන්නා අයට දැනගැනීම සදහා කිව යුතුව ඇත. සිංහල දෙමල කලබල අවස්ථාවේදී සිංහල සියලු දෙන එකරැස් කරමින් කටයුතු කීමට ඉදිරිපත් වුයේද ඔහුය.(ස)

:       0       0

ගන්දර සයිමොන් Wednesday, 07 May 2014 05:22 PM

පිනට දන් දුන් දෙය 'දුන්නා' යැයි කීම එහි අරුත වෙන පැත්තකට ගෙනයාමක් ලෙස මම දකිමි. දකුණු අතින් දුන් දෙය වම් අතටවත් නොකියා සිටීම පිනට දීම ලෙස මම දකිමි. (නි)

:       0       0

රණා Thursday, 08 May 2014 04:15 AM

ප්‍රංශයේ ඉන්න සමහර රට පාවා දෙන කට්ටිය ගැන අපි දන්න නිසා මේවා දකිනකොටත් හිනා යනවා (නි)

:       0       0

මංගලිකා Thursday, 08 May 2014 01:38 PM

මේවායේ වටිනා කම තේරෙන්නේ ඒ යුද්ද අත්දැකීමකට මුහුණ දුන් කෙනෙක් පමණයි (දී)

:       0       0

ගන්දර සයිමොන් Thursday, 08 May 2014 01:49 PM

යුද්ධය ලංකාවෙත් කොටසකට වෙළඳ ව්‍යාපාරයක් වුණා . රටින් පිට සිටිනා අයටත් වෙළඳ නොවුවත් වෙනත් ක්‍රමයක වාසිදයාක ව්‍යාපාරයක් වුණා. රට වෙනුවෙන් දිවි දුන් අපේ රණවිරුවන්ගේ නාමයෙන් ගසා කන ඔවුන්ගේ නමින් වෙනත් ප්‍රයෝජන ලබන බොහෝ දෙනෙක් යුද්ධය අවසන් වුනාට කැමති නැහැ. ඔබට කළ හැකි දේ රණවිරුවන් කරන්නට ඔබට තනිවම හෝ පුළුවන්. ඔබට මාසිකව හෝ අවුරුද්දට වරක් ආධාර කිරීමට යුධ හමුදා නිල අංශයෙන් ගිණුමක් සහ ටෙලිෆොන් නොම්මර සපයා තිබෙනවා. හොඳ සිතින් කවුරු කළත් හොඳක්. දුන් දෙය සුවඳය කියා කියනවනෙ. (ස)

:       0       0

පරාස බ්රුස්සෙල්ස් Wednesday, 07 May 2014 07:00 PM

හොද වැඩක්. ඔබ සංගමයට සුභ පැතුම්. තව තවත් දෛර්‍ය දෛර්ය වාසනාව ලැබේවා! (නදී)

:       0       0

නන්ද පැරිස් Wednesday, 07 May 2014 07:21 PM

ඒ කාලේ නම් විදේශ, දේශීය හැම සමිතියක්ම හමුදාවට ආධාර සහ යුදමය නොවන උපකරණ තෑගි කළා. (නි)

:       0       0

නිලන්ති Thursday, 08 May 2014 10:11 AM

හොඳ දෙයක් කවුරු කළත් අගයන්න පුරුදු වෙන්න. අපේ රට බේරාගත් රණවිරුවන්ට මාගේ උත්තමාචාරය.(නදී)

:       0       0

ට්‍රයිකෝ රන්ජිත් Wednesday, 07 May 2014 07:58 PM

පැරිසියේ තිබෙන ශ්‍රී ලාංකික සමිති සංවිදාන අසීමිත නිසා. මේවයේ පසු පස මොනවා වෙනවද දෙයියෝ තමා දන්නේ.(නදී)

:       0       0

අකුරුගොඩ පැරිසිය Thursday, 08 May 2014 11:15 AM

යහම්පත් කියා ඇති දෙයින් සත්‍ය 5% ක් විතරයි. මෙයා 'කෙන්ද කන්ද' කරන්න බොහොම දක්ෂ පුද්ගලයෙක්. ශාක්‍ය ජයවර්දන මහතා පැරිසියට සහ සිංහලයන්ට විශාල සේවයක් කළ කෙනෙක්. (ස)

:       0       0

දයානන්ද Wednesday, 07 May 2014 09:35 PM

යුද්ධය නිමාකල අපේ මහා විරුවන් අගයන්න අවශ්‍යමයි (දී)

:       0       0

ලේක්කෝ ගලබඩ Wednesday, 07 May 2014 09:42 PM

එක එක සමිති සමාගම් විවිධ නම් වලින් දාගෙන කැගැහුවට පැරිසියේ මුලින්ම මහජන සේවයේ යෙදුන ශාක්‍ය ජයවර්ධන මහතා වැනි අය නිසා තමයි මේ ගොල්ලන්ට මෙහෙම වත් දෙයක් කරන්න ඉඩ සැලසුනේ. පැරිසියට රිංගාගත් යන එන මන් නැති අයට එදා කෑම ටික සහ ඉන්න තැනක් සොයා දෙන්න තමයි ශාක්‍ය ජයවර්දනලා මහන්සි වුනේ. මේක 'කනයෝ පණ්ඩිතයෝ' වන කාලයක්. ඉතාලියේත් මේ ටිකමයි වෙන්නේ.(නදී)

:       0       0

තුෂාරිකා Thursday, 08 May 2014 11:23 AM

මෙතන අදහස් දාල තියෙන ගොඩක් අයට සම්මා දිට්ඨිය නැහැ වගේ පේන්නේ.තමන්ට මේවගේ දෙයක් කරන්න බැරිනම් කරන දෙයක් අගය කරන්න වත් පුරුදු වෙන්න. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ෆොන්සේකා රට ගොඩනගන්න සිහිනයක් දකී
2024 සැප්තැම්බර් මස 24 770 0

රටේ පැවති දූෂිත, දුර්දාන්ත, අකාර්යක්ෂම හා අදූරදර්ශි රාජ්‍ය පාලනය වෙනුවට ගොඩනගන්නට බලාපොරොත්තු වූ රට පිලිබඳව තවමත් සිහින දකින බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆ


අනුරට රට කරගෙන යන්න පුළුවන්
2024 සැප්තැම්බර් මස 24 1421 0

අනුරට රට කරගෙන යාමට හැකියාව තිබෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.


පහේ පේපරේ ප්‍රශ්න තුනක් පිට කළ ගුරුවරයෙක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 24 406 0

මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් වට්ස්අප් මාර්ගයෙන් බෙදා හැරි බව කියන ශිෂ්‍යත්ව ගුරුවරයෙක් අද (24) අපරාධ පරීක්ෂණ දෙපාර


කුඩා දැරියක පැහැර ගත් 17 හැවිරිදි අයෙක් සැකපිට
2024 සැප්තැම්බර් මස 24 907 0

පියාගේ තුරුලේ නිදාගෙන සිටි 5 හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් අපයෝජනය කිරීමට සූදානම් වෙද්දී මවගේ විමසිලිමත්භාවයත් සමග දැරිය අත්හැර දමා පලා ගොස් සිටියද


නීතිඥ සංගමයෙන් ජනපතිට ලිපියක්
2024 සැප්තැම්බර් මස 24 2227 0

මාතෘ භූමිය පුරා දේශපාලනමය, සමාජීය සහ ආර්ථිකමය ලෙස පැතිර තිබු දුෂිත සංස්කෘතිය මෙන්ම අකාර්යක්‍ෂම රාජ්‍ය පරිපාලනය තුරන් වනු ඇතැයි අපේක්‍ෂා කරන බව 09 වන වි


කොටි නිල ඇඳුම් පෙරියකුලම් කැලෑවක
2024 සැප්තැම්බර් මස 24 336 0

පෙරියකුලම් ප්‍රදේශයේ කැලෑවක පොහොර බෑග් කිහිපයක දමා වල දමා තිබූ කොටි සංවිධානයේ නිල ඇදුම් කට්ටල තුනක් අද (24) සොයා ගැනීමට හැකි වූ බව නිලාවේලි පොලිසිය කියය


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 35643 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24095 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 166 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 505 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 220 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site