IMG-LOGO

2025 අප්‍රේල් මස 21 වන සඳුදා


‘‘ප්‍රහාරයක් ගැන තොරතුර ලැබුණු සැනින් ක්‍රියාත්මක වුණා.‘‘

(ගයාන් සූරියආරච්චි)

ආරගම්බේ සිද්ධිය සම්බන්ධයෙන් විවිධ කටකතාවලට රැවටී රට අර්බුදකාරී තත්ත්වයකට පත් නොකරන ලෙස මහජන ආරක්ෂක අමාත්‍ය විජිත හේරත් මහතා පැවැසීය.

මෙම තත්ත්වය උපයෝගී කරගෙන බියවැද්දීම් දේශපාලන වාසි ලබාගැනීම් සිදුනොකරන ලෙස සමහර දේශපාලනඥයන්ට අවධාරණය කර බවත් වගකිව යුතු රජයක් ලෙස සෑම ආරක්ෂක පියවරක්ම මේවන විට අරගෙන ඇති බවද අමාත්‍යවරයා කීය.

ඔහු ඒ බව පැවැසූවේ අද (24) මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

ජනාධිපතිවරණයට පෙර සිට මෙම අනතුරු ඇගවීම සිදුකර තිබූ අතර එය  ඉන්දීය බුද්ධි අංශ මගින් අනාවරණය කළ අනතුරු ඇගවීමක් නොවන බවත් ලොවපුරා රටවල සිටින ඊශ්‍රායල ජාතිකයන් සම්බන්ධයෙන් පවතින තත්ත්වයක් බවත් අමාත්‍යවරයා කීය.

එහිදී අදහස් දැක්වූ විජිත හේරත් මහතා වැඩිදුරටත් කියා සිටියේ මේවන විට රජයක් වශයෙන් විදේශ සංචාරකයන් සම්බන්ධයෙන් ගතයුතු සෑම ආරක්ෂක පියවරක්ම ඉතා පැහැදිලිව සහ ශක්තිමත්ව අරගෙන ඇති බවත් එබැවින් කිසිදු බියක් චකිතයකින් තොරව සංචාරකයන්ට ලංකාවේ සංචාරය කළ හැකි බවද අමාත්‍යවරයා කීය.

කිසිදු බියකින් තොරව හෝටල් සහ සංචාරක ක්ෂේත්‍ර පවත්වාගෙන යන ලෙසත් ඒ ඒ හෝටල්වලට ආරක්ෂක විධික්‍රම පවත්වාගෙන යන ලෙස දැනුම්දී ඇති බවත් විජිත හේරත් මහතා කීය.

පොතුවිල් සහ ආරුගම්බේ ප්‍රදේශයේදී මේවන විට සැකපිට පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවත් ඔවුන් විදේශික ජාතිකයන් නොවන බවත් මහජන ආරක්ෂක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය.

අත්අඩංගුවට  සැකකරුවන් සම්බන්ධයෙන් තවමත් විමර්ශන සිදුකරමින් පවතින අතර  මෙම තර්ජනාත්මක බලපෑම මීට මාසයකට පමණ පෙර සිට විදෙස් බුද්ධි අංශ මගින් ලැබී තිබූ බවත් ඒ සම්බන්ධයෙන් එම තොරතුරු ලැබුණු දා පටන් එම ප්‍රදේශවල පොලිස් ආරක්ෂාව වැඩි කළ බවත් විජිත හේරත් මහතා පැවසීය.

ජාතියක් වශයෙන් අපේ රටේ ජනතාව ඉලක්ක කරගෙන කැළැඹීමක් ඇති කරන බවට බුද්ධි අංශ වාර්තා තොරතුරු අනාවරණය කර නොමැති බවත් ඒ සම්බන්ධයෙන් අනවශ්‍ය බියක් ඇති කර නොගත යුතු බවත් අමාත්‍යවරයා කීය.

මෙවන විට ඊශ්‍රායල ජාතිකයන් 575 දෙනකු මෙරට රැදී සිටින බවත් ඊශ්‍රායලයෙන් කළ නිවේදනයෙන් පසු  ඊශ්‍රායල ජාතිකයන් පිරිසක් මෙරටින් පිටව ගොස් ඇති බවත් හේරත් මහතා පැවැසීය.

 

(ඡායා සුමුදු හේවාපතිරණ)



අදහස් (11)

‘‘ප්‍රහාරයක් ගැන තොරතුර ලැබුණු සැනින් ක්‍රියාත්මක වුණා.‘‘

ජයනාත් Thursday, 24 October 2024 03:05 PM

එය තවත් පාස්කු ප්‍රහාරයක් නොවේවා.

:       0       0

නිමල් Thursday, 24 October 2024 03:15 PM

කොහොමද ඉස්සර මෙහෙම පණිවුඩයක් ගියා නම් කට්ටිය වැළලෙන්න හදන හැටි ⁣බොරු බිය ඇති කරනවා කියලා.

:       57       72

නිමල් Thursday, 24 October 2024 03:18 PM

කොහොමද? ඉස්සර නම් මෙහෙම පණිවුඩයක් ගියා නම් කට්ටිය වැළලෙන්න හදන හැටි බොරු බිය ඇති කරනවා කියලා.

:       52       41

de silva berlin Thursday, 24 October 2024 03:32 PM

වැරදිලාවත් මේගොල්ලන්ට කවුරුහරි ප්‍රහාරයක් එල්ල කලා නම් පාඩුව අපේ සංචාරක කර්මාන්තෙට අනුන්ගේ ප්‍රශ්න නිසා අමාරුවේ වැටෙන්නේ දහ අතේම ණය වෙලා ඉන්න අපි අර රනිල්ගේ කාලේ යුක්‍රේන් රුසියානු යුද්දේ තිබෙන කාලේ රුසියාවට සහ යුක්‍රේනයට නිදහස් වීසා නොමිලේ දීලා මෙහෙ ගෙන්න ගෙන උන් මේ බාබර් සාප්පු , රෙස්ටුරන්ට එහෙම දාලා අපේ තුට්ටු දෙකෙට කෙලියා. මේ වගේ මෝඩ වැඩ නොකළ යුතුයි. යුද්ධ තිබෙන රටවල මිනිස්සුන්ට වීසා දෙනකොට හොඳට බලල දෙන්න ඕනේ. ඊයේ පෙරේද පලස්තීනෙට වීසා ලිහිල් කරන්න කියලා එහේ තානාපති අපේ ජනාධිපතිගෙන් ඉල්ලුවා , එහෙම කලා කියලා අපට ලැබෙන ආර්ථික වාසියක් නැහැ, ඕනේ නම් ත්‍රස්තවාදියෝ ඒවි , සංචාරක වීසා ලිහිල් කරන්න ඕනේ යුධ නැති සල්ලි යහමින් වියදම් කරන මධ්‍යම යුරෝපේ , ජපානේ , නවසීලන්තේ , ඔස්ට්‍රේලියාව වගේ රටවල මිනිස්සුන්ට පමණි.

:       35       85

පිටිගල මිලානෝ Thursday, 24 October 2024 04:04 PM

ප්‍රශංසනීයයි ඇමති තුමනි.

:       73       53

Jayamanna Thursday, 24 October 2024 04:19 PM

මේකත් බොරුවක්. වාර්තා වූ පරිදි ඔක්තෝබර් 07 වැනි දින Raw වෙතින් පණිවිඩය ලැබිණි. ඔවුන් ඒ ගැන ක්‍රියා කළේ නැහැ. ඔවුන් ක්‍රියා කළේ එක්සත් ජනපද තානාපති කාර්යාලය පුරවැසියන්ට අවවාද කළ විට පමණි.

:       50       127

බද්රානි Thursday, 24 October 2024 08:41 PM

කොයි රටක බුද්ධි අංශ තොරතුරු ලැබුණත්, ප්‍රහාරයක් සිදු වුනේ නැහැ. වෙනත් රටක මෙවැනි කරුණකට සමස්ත රටම තම රටේ ආරක්ෂාව ගැන සලකා එකාමෙන් එකට එක්ව තීන්දු තීරණ වලට එලබියත්, මේ අමනයින්ගේ පාරාදීසයේ එහෙම නැහැ.. මොවුන් බලාගෙන ඉන්නේ විරුද්ධ පාක්ෂිකයින් බලය හොබවන සමයක මේ රටේ බෝම්බ ප්‍රහාරයක් හෝ විනාශයක් සිදු වේවා යන්නයි. සියලු තොරතුරු දැනගෙන සියල්ල සැලසුම් කොට පාස්කු ප්‍රහාරය සිදුකළේ කවුරුන්ද යන්න තව දුරටත් රහසක් නොවේ. මේ හොර ජාතිවාදී, ආගම්වාදී, දේශපාලන හොර කල්ලිය මළමිනී මතින් බලය ලබා ගැනීමට තව දුරටත් උත්සාහ කිරීම අරුමයක් නොවෙයි. අනික, එලොව වටා සිටින ඊශ්‍රායල් වැසියන්ට ප්‍රහාරයක් එල්ල කිරීමට සැලසුම් කිරීමත් හාස්‍ය හා ජුගුප්සා ජනකයි. ඒ වගේම ජාත්‍යන්තරය වුණත් දන්නවා මෙවැනි ඕනෑම පාදඩ ක්‍රියාවක් කිරීමට සුදුසුම ස්ථානය මේ ශ්‍රී ලංකාව බව... ලංකාවේ පාදඩයින් මෙවැනි නින්දිත ක්‍රියා කිරීමට හපන්නු බවත් ඔවුන් අවබෝධ කරගෙන ඇති.. කතාවට නම්, ප්‍රෞඩ ජාතියක්ලු... සල්ලි වලට හා බලයට මොවුන් නොකරන තුප්පහි නීච ක්‍රියාවක් නැහැ.. ලැජ්ජා වෙයල්ලා තිරිසන් මිනිසුනේ...!

:       0       0

Toni Thursday, 24 October 2024 10:29 PM

පච තමයි...

:       0       0

Susa Thursday, 24 October 2024 11:47 PM

ලෝකයේ බොහෝ රටවල්වලට ඊශ්‍රායල් සහ අනිකුත් ත්‍රස්ත කණ්ඩායම් අතර යුද්ධයෙන් බලපෑම් තිබුණාට හැම රටටම මේ වගේ නිවේදන නිකුත් කරලා නෑ. උදාහරණයක් ලෙස ඕස්ට්‍රේලියාවේ විදේශ කටයුතු දෙපාර්තමේන්තුව මගින් පවත්වන smart traveller වෙබ්සයිට් එකේ ලංකාව ගැන විශේෂයෙන්ම සඳහන් කර තිබෙනවා. ආරුගම්බේ ප්‍රශ්නය නිසා. ඉන්දියාව ගැන ඔවුන්ගේ ත්‍රස්තවාදී කටයුතු ගැන සඳහන් කරාට මැද පෙරදිග යුද්ධය නිසා ප්‍රශ්නයක් තියෙනවා කියලා නෑ. මාලිමාව දැන් අපේ හිටපු පාලකයින් වගේ අපිව රවට්ටන්න හිතන්න එපා. ඔබලා කියන දේ අපිට ඉන්ටර්නෙට් එකෙන් චෙක් කරන්න පුළුවන්. ඒ මහින්දලා රනිල්ලා ඔය වගේ දේවල් කිව්වේ ඔවුන් ඇත්තටම තොරතුරු තාක්ෂණය එක්ක හැදුණු අය නොවන නිසා. ඒත් විජිතලා, අනුරලා තාම අවුරුදු 50 ගනන්වල අය. ඔබලා දැනගන්න ඕනෑ දැන් ඉන්න අවුරුදු 60 ගනන්වල අය පවා ස්මාර්ට් ෆෝන් පාවිච්චි කරලා ඉන්ටර්නෙට් බලලා පුරුදු අය කියලා. ඕක දන්න නිසා වෙන්න පුළුවන් හරිනි අමරසූරිය ඕවාට කතා නොකර ඉන්නේ...

:       0       0

lankaputha Friday, 25 October 2024 07:00 AM

කියන්නා කෙසේකීවත් අසන්නා සිහි බුද්ධියෙන් ඇසිය යුතුය... ඔබට දැණුනාද ආරක්ෂාවේ වෙනසක්..? ඔක්තෝබර් 7 දින සිට...? නැතිනම් වෙනස දැණුනේ ඇමෙරිකානු එම්බසිය නිවේදන නිකුත්කළ පසුද?

:       0       0

Lasa Friday, 25 October 2024 08:17 AM

අර ජයමාන්න කියලා අදහස් දාලා තියෙන කෙනා රාජ්‍ය බුද්ධි අ‍‍‍‍‍ංශ වලට ඔත්තු දෙන දින වකවානු පවා දන්න හා ආරක්ෂක අංශ ක්‍රියාත්මක කළයුතු ආකාරය මනාව දන්නා කෙනෙක් වගේ... අනේ නොදන්නා මගුලක් කතා නොකර රට අවුලුවන මෝඩ කතා නොකියා ඉන්න. ඉස්සර ආණ්ඩු නෙමෙයි රට කරන්නේ දැන්...!

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

ලංකාව ඩොලර් ලක්ෂ 13 ක එජා සාමාජික ගාස්තුව ගෙවයි
2025 අප්‍රේල් මස 20 308 0

ශ්‍රී ලංකාව, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජිකයකු ලෙස 2025 වසර සඳහා සාමාන්‍ය අයවැයට ගෙවිය යුතු ඇමෙරිකානු ඩොලර් ලක්ෂ 13 ක පමණ මුදල සම්පූර්ණයෙන් ගෙවා අවසන්


බද්ද ගැන කතා කරන්න මුදල් නියෝජ්‍ය ඇමති ඇමරිකාවට
2025 අප්‍රේල් මස 20 232 0

එක්සත් ජනපදය විසින් පනවන ලද තීරු බද්දට යම් සහනයක් ලබා ගැනීම සඳහා මුදල් හා ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා ඇතුළු කණ්ඩාය


පානදුරාවාදයේ ලේඛන හතරක් ලෝක උරුම ලේඛන අතරට
2025 අප්‍රේල් මස 20 82 0

මෙම වසරේ ලෝක ලේඛනයට මතක සටහන් ලෙස එක්කළ ලෝක උරුම ලේඛන අතර මෙරට 1873 දී සිදුවූ පානදුරාවාදය සම්බන්ධ ලේඛන හතරක් තිබෙන බව යුනෙස්කෝ සංවිධානය පසුගියදා ප්‍රකාශ


චයිනා හාබර් චෝදනාව මාර්ග සංවර්ධන අධිකාරිය ප්‍රතික්ෂේප කරයි
2025 අප්‍රේල් මස 20 537 0

මීට වසර 15 කට පමණ පෙර විවෘත කරන ලද දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාව-දොඩන්ගොඩ කොටස ඉදිකිරීම සඳහා රුපියල් බිලියන 7.91 ක හිඟ මුදලක් රජය ගෙවීමට තිබෙන බවට චයිනා හා



සැබෑ මිනිස්සුයි - රොබෝ මිනිස්සුයි මැරතන් දුවයි
2025 අප්‍රේල් මස 20 718 0

මානව රූපී රොබෝවරුන් සහ මිනිස් තරඟකරුවන් කරටකර තරඟ වැදි හාෆ් - මැරතන් තරඟයක් චීනයේ බෙයිජිං නුවරදී පසුගියදා පැවැත්වුණේය.


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 348 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 261 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 414 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site