IMG-LOGO

2024 ඔක්තෝබර් මස 07 වන සඳුදා


පෙරහර ඉවරයි මහනුවරත් ඉවරයි

මහනුවර ඇසල පෙරහර මංගල්‍යයයේ අවසන් රන්දෝලි පෙරහැර වීදි සංචාරයෙන් පසු පෙරහර නැරඹීම සඳහා  පැමිණි ජනතාව මාර්ග දෙපස හා වාඩි වි සිටි ස්ථානවල අපද්‍රව්‍ය දමා නගරය අපවිත්‍ර කර තිබෙනු දැකිය හැකි විය.

මහනගර සභා සේවකයින් යොදා ඒවා ඉවත් කිරීමට සිදුවූ අතර පෙරහර ආරම්භවීමට පෙර සිටම අපද්‍රව්‍ය තැන තැන නොදමන ලෙස දැනුම්වත් කිරීම් රැසක් සිදුකර තිබිණි.

IMG_1512 IMG_1514 IMG_1517

 

මහ මග කුණු දැමීම වැළැක්වීමට කළ යුතු සුදුසුම ක්‍රියාමාර්ගය කුමක්ද ?



අදහස් (0)

පෙරහර ඉවරයි මහනුවරත් ඉවරයි

චාමිකා ලක්ශාණි Saturday, 20 August 2016 03:33 AM

වැඩිවශයෙන් කුණු දමන භාජන තැනින් තැන තියලා කව්රැහරි බිමට විසි කරනවා දුටු තැන දඩ නියම කරන බවට දැන්වා සිටීම හැර මෙයට විකල්පයක් නම් සිතාගත නොහැක. සමහර මිනිසුන්ගේ ජන්ම ගති වෙනස් කීරීම අපහසුය. මෙය තමාගේම සිතට නැගී ආ යුතු දෙයක් මිස බලෙන් කල හැකි දෙයක් නොවෙයි (රේ)

:       0       0

අසෝකා Friday, 19 August 2016 11:32 AM

ඔබල සියළුදෙනා හරි. ඒත් ඔය පෙරහැර කරලා ලැබෙන අදායමෙන් නගර සභාවට තව කීප දෙනෙක් දින ගණනක වැටුප් ගෙවලා ඕවා ශුද්ධ කරන්න බැරි ඇයි? අනික මේ වගේ වෙලාවල් වලදී මිටවැඩිය ලොකු කුණු බාල්දි තියන්නත් ඒවා නිතර හිස් කරන්නත් වැඩිපුර සේවකයන් යෙදිය යුතුයි. (නි)

:       0       0

පාල Friday, 19 August 2016 02:46 AM

කෝ අර අපේ “සිංහ ලේ“ කට්ටිය එහෙම? (නි)

:       0       0

ප්‍රියා Friday, 19 August 2016 02:52 AM

කසළ බඳුන දැක දැක ඒවා හැම තැනම විසිකරන ජාතියක් අපේ අය. මේකටත් සමහරු දේශපාලනේ ගාවාගන්න එක තමයි දුක. ඕක පක්ෂ පාටකින් තොරව කළ දෙයක් කියලා පේනවනේ (නි)

:       0       0

රොහාන් Friday, 19 August 2016 03:18 AM

නීති දැඩි නොකර ලංකාවේ මිනිස්සු කවදාවත්ම හදන්න බැහැ. ඒක නිසා මේ සඳහා දැඩි නීතිමය ක්‍රියාමාර්ග අනුගමනය කළ යුතුය. (ම)

:       0       0

සචිත් Friday, 19 August 2016 03:43 AM

රටක් හැදෙන්නන්ම් විනයක් තියෙන්න ඕනි. අපේ රටේ ගොඩක් මිනිස්සු ගාව නැත්තෙම ඒ දේ තමයි. මේවා කරන්න අය ඉන්නවානේ, අපි මොකටද ඒවා කරන්න යන්නේ කියන ආකල්පය තමයි තියෙන්නේ.(ම)

:       0       0

සොපි Friday, 19 August 2016 12:00 PM

විදේශිකයෝ මේවා දැක්කහම අපි ගැන මොනතරම් අප්‍රසන්න හැඟීමක් ඇතිකරගන්නවා ඇද්ද...? අපි අපි ගැනම ලැජ්ජා වියයුතුයි නේද? (නි)

:       0       0

රාමා Friday, 19 August 2016 03:46 AM

විනෝදයට කෝච්චියට බස්වලට ගල් ගහන රටේ ඕවත් වැඩද? මේ දේවල් මේ විදියට සිද්ද වෙන්න ගත්තාම රටට වෙන දේ හිතා ගන්න පුළුවන් (ම)

:       0       0

ටිකිරි බණ්ඩා-නුගේගොඩ Friday, 19 August 2016 12:48 PM

සාලිය ද සිල්වා, සත්‍යම සත්‍ය අදහසක්. (නි)

:       0       0

ටිකිරි බණ්ඩා-නුගේගොඩ Friday, 19 August 2016 12:44 PM

පොඩ්ඩක් කතරගම දේවාලය පිටුපස බලන්නකෝ. අපේ අය ගැන හිතාගන්න පුළුවන්. (නි)

:       0       0

ආලෙෂ් Friday, 19 August 2016 05:01 AM

මෙහෙමත් මිනිස්සු තියන දේ රැකගන්න බැරි හැටි කිසි අගයක් නෑ... (ම)

:       0       0

සිරිවර්ධන Friday, 19 August 2016 06:49 AM

අවුරුදු දහස් ගණනක ඉතිහාසය ඇතුළේ ඔය වගේ පොඩි දේවල් එච්චර ප්‍රශ්නයක් වෙලා නෑ, මොකද අපි දඬු මොනර හදපු වගේ ලොකු වැඩ නේ කරලා තියන්නේ (ම)

:       0       0

බෙනට් Friday, 19 August 2016 02:57 PM

දෙවෙනි පින්තුරේ දැක්කම සන්සාරේම කලකිරෙනවා . එතන හිටපු පිරිස ඉතාම පහත් පන්තියේ නුගත්ම පිරිසක් බවයි මෙයින් පෙනෙන්නේ . ඔවුන්ගේ ගෙවල් දොරවල් වලත් මෙවැනිම ජිවිතයක් ගත කරනවා ඇති . (අ)

:       0       0

නිමල් Friday, 19 August 2016 07:48 AM

ඒවා කතා කරලා වැඩක් නෑ දවසක් තමන්ගේ කාර් එකෙන් කාලා සිලි බෑග් එක එළියට දැම්ම මම ඇහෙව්වා එහෙම හොදද කියල මට එයා දන්නා කුනුහරපයකුත් කියල ගියා . මට එදා හිතුන කාර් එක සල්ලි දීල ගත්තට මොලේ සල්ලි දීල ගන්න බැහැ කියලා (බ)

:       0       0

නන්දලාල් ද සිල්වා - ප්‍රංශය Friday, 19 August 2016 07:45 AM

බමුණුසේන මොකද සිංහල මිනිස්සු විතරද ඔය වගේ කැත, අශීලාචාර වැඩ කරන්නේ ? (බ)

:       0       0

දිසානායක Friday, 19 August 2016 07:50 AM

අපේ මින්සුන්ට තියෙන තරම් ජාතික ආලයක් වෙන කිසිම රටක මනුස්සයෙක්ට ඒ අයගේ රටට නැහැ වගේ පෙන්නන්නේ . පත්තර වල ටීවී වල සමාජ වෙබ් අඩවිවල මේ ලේ කකියන මිනිසුන්ගේ අඩුවක් නැහැ . එ්ත් මෙන්න මේකයි අපේ මිනිසුන් බහුතරයකගේ ඇත්ත තත්ත්වේ . ගිය තැනක් තව මනුස්සයෙක්ට යන්න ඉතුරු කරන්නේ නෑ. කිසිම හැගීමක් නැහැ තමන් ජීවත්වෙන රට ගැන (බ)

:       0       0

ශ්‍යාම් Friday, 19 August 2016 03:25 PM

මේ වගේ අය ටොයිලට් ගිහින් හෝදල එනවද කියලත් සැකයි..ඇත්තටම දළදා වහන්සේට තුන් හිතක හරි ගරුත්වයක් තියනව නම් මෙහෙම කරන් නෑ,,ඕකයි අපේ රට හැමදාම වලේ (අ)

:       0       0

අජිත් Friday, 19 August 2016 08:11 AM

අපේ රටේ මිනිස්සු කවදාවත් හැදෙන්නෙ නැහැ. (බ)

:       0       0

ශානක Friday, 19 August 2016 08:13 AM

රජින්දගේ කතාව හරියට හරි. (බ)

:       0       0

සහන් Thursday, 18 August 2016 04:49 PM

ගමේ බයියෝ අාවාම ඔහොම තමයි.(හේ)

:       0       0

අනුරාධ Friday, 19 August 2016 08:10 AM

මගේ අදහස නම් මේ රටේ හැම කෙනෙක්ම යම් කාලයකට හමුදාවට යැවිය යුතුයි විනය, පිළිවෙල, ගුණයහපත්කම් ආදි දේ ඉගෙනගන්න.එතකොට හැදිලා එයි (බ)

:       0       0

ප්‍රබෝද Thursday, 18 August 2016 05:41 PM

මේවා පොඩි කාලේ ඉඳන්ම පුරුදු කරන්න ඕනෑ වැඩ. අපේ මිනිස්සු තාම ප්‍රාථමික අවදියේ ඉන්නේ. අනාගත පරපුරවත් ආත්මාර්ථකාමී නොවෙන පිරිසක් බවට පත්කරගමු. මේකට දෙමව්පියන්ගේ සහ ගුරුවරුන්ගේ කැපවීම තිබිය යුතුමයි. (නි)

:       0       0

ඩිල්ෂාන් Thursday, 18 August 2016 05:51 PM

මේ දාන කුණු ටික හරි දාන එක නවත්වන්න ඕනෑ නම් ආරක්ෂ අංශ පරීක්ෂා කරන තැනකින් හෝ කලින් මහජනතාව දැනුවත්කොට මේ තත්වය අවම කරගන්න තිබුණා නේද? (නි)

:       0       0

රජින්ද Thursday, 18 August 2016 06:19 PM

දැන් තේරෙනවානේ රට ගැන කැක්කුමක් නැත්තේ මොකද කියලා. මුලින්ම මිනිස්සු ළඟ මනුස්සකම සහ විනයක් තියෙන්න ඕනෑ. එතකොට අනෙක්වා ඉබේම හැදෙනවා. අපේ රටේ මිනිස්සු හැසිරෙන්නේ තනිකරම වනචාරි විදිහට. තිත්ත ඇත්ත ඔන්න ඕකයි. (නි)

:       0       0

විද්‍යා Thursday, 18 August 2016 07:03 PM

පාර්ලිමේන්තුවේ අය හැසිරෙන විදිය දකිනකොට, අනිත් මිනිස්සු ගැන මොන කතාද? (නි)

:       0       0

සාලිය ද සිල්වා Friday, 19 August 2016 09:01 AM

ගෝත්‍රිකයින් ජිවත් වන රටක මොන කුණු ගැන කතාද...මුළු රටම කුණු ගොඩක්.(හේ)

:       0       0

වි. ජයපාල Friday, 19 August 2016 09:03 AM

ඕකත් සංස්කෘතියේම කොටසක්ද?(හේ)

:       0       0

නන්දලාල් ද සිල්වා - ප්‍රංශය Thursday, 18 August 2016 07:31 PM

බීරි අලින්ට වීණා ගැයීමෙන් වැඩක් තිබේද? පරිසරය අවලක්ෂණ නොවෙන විදියට, නගර සභා මඟින් මඟ දෙපස කසල බඳුන් සවිකර, ඒවාට කසල නොදමන අයට එරෙහිව දඩ ගැසීමේ ක්‍රමයක් ආරම්භ කළොත් මෙවැනි අශීලාචාර වැඩ සමහරවිට අඩුවෙන්න පුළුවන්. (නි)

:       0       0

හේවා Thursday, 18 August 2016 07:46 PM

තව අවුරුදු කල්පයක් ගියත් අපේ මිනිසුන්ව නම් හදන්න බැහැ (නි)

:       0       0

බිමල් Friday, 19 August 2016 09:30 AM

අපේ ලාංකිකයන් ඔස්ට්‍රේලියාවට ගියාම ඉස්සෙල්ලාම ඉගෙන ගන්නේ මොකද දන්නවාද ? කසල , අදාළ බඳුන් වලට දමා නියමිත විදියට බැහැර කරන්නේ කොහොමද කියලා. පොදු වැසිකිලි පිරිසිදුව පාවිච්චි කරන්නත් ඉගෙන ගන්නේ එහෙදි. ඒ මොකද රැකියාවක් ලැබෙනකන් බොහොමයක් වෘත්තිකයන් පිරිසිදු කරන රැකියාව තමයි කරන්නේ . මේවා කටක් ඇරලා කියන්නේ නැහැ. (අ)

:       0       0

කමනි Friday, 19 August 2016 09:30 AM

තමන්ට ඕන තැනක කුණු ටිකක්වත් දාන්න බැරි නිදහස මොකටද? (අ)

:       0       0

සුපුන්‍ Thursday, 18 August 2016 08:31 PM

මේවා ඉතින් පුදුම වෙන්න දේවල්යැ? අපේ පෞඪ ලාංකිකයා යන තැන ඔහොමනෙ. (නි)

:       0       0

යසස් Friday, 19 August 2016 09:49 AM

අපේ මිනිස්සුන්ගේ බොරු උද්දච්ච කම නං තියනවා අපි සිංහල අරකද මේකද කියලා. ඒත් කරන්නේ සත්තුවත් කරන්නේ නැති අසික්කිත වැඩ. (අ)

:       0       0

ශාන්ත Thursday, 18 August 2016 10:26 PM

බස් එකේ හා දුම්රියේ වීදුරුවෙන් එළියට කුණු දමන මිනිස්සු ඉන්න රටේ මේවත් වැඩද. අනික මේ වගේ කටයුතු වලදී නගර සභාව මීටවඩා උවමනාවෙන් කටයුතු කරන්න ඕනෑ. මම නවසීලන්ත නරයකදී දැක්කා පෙරහැර පස්සෙන් අන්තිමට එන්නේ නගර සභාවේ කණ්ඩායමක් හා කුණු ලොරියක්. පෙරහැර අවසන් වෙනකොට පාරත් පිරිසිදු කරලා ඉවරයි. ඒවගේම මිනිසුන්ගෙන් වැටෙන කුණු අහුලන්න වෙනම කට්ටිය පාර දෙපැත්තේ දාලා ඉන්නවා (නි)

:       0       0

නන්ද Friday, 19 August 2016 09:55 AM

නියම ශ්‍රද්ධාවකින් නොවෙයි මේවා බලන්න යන්නේ. ඒ අය අහලකවත් ශ්‍රද්ධාව, ප්‍රඥාව නැහැ. තියෙන්නේ "සෝභන චෛතසිකෙ" පමණයි. (අ)

:       0       0

ප්‍රනාන්දු Friday, 19 August 2016 10:36 PM

ශ්‍රී ලාංකිකයින් වැඩි පිරිසක් ඉතාමත් අලසයි. ඔවුන් පළමුව සිතන්නේ බඩ ගැන. එබැවින් ශ්‍රී ලංකාව එක තැන කුණු ගොඩක් සේ පල්වෙයි, ඉහත රූප වලින් පෙනෙන මහනුවර සේ. (නි)

:       0       0

රජිත් මංජලු වීරසූරිය Friday, 19 August 2016 09:59 AM

2006 ඉතාලියේ නාපෝලිවල මේරියන්ස් සහභාගි වූ සංදර්ශනයක් තිබ්බා. එකේ තිබිච්ච බියර් විස්කි හිස් බෝතල් නගර සභාවෙන් එකතුකරලා පහුවෙනිදා පත්තරේ දාල තිබුන. විසාල බෝතල් කන්දක ෆොටෝ එකක් අද වෙනකොට නාපොලියේ කිසිම භූමියක් දෙන්නැ ලංකාවේ කිසිම උත්සවයකට නොමිලේ නගර සභාව විසින් සියලු වියදම් අයකරගෙන තමයි පිට්ටනිය දෙන්නේ එක දිනකට යුරෝ 4000 ත් 5000 ත් අතර අයකරනවා ඒ සිද්දියෙන් පස්සේ (අ)

:       0       0

බමුණුසේන Thursday, 18 August 2016 11:42 PM

ඕක සිංහල මිනිසුන්ගේ හැටි! (නි)

:       0       0

අජිත් Thursday, 18 August 2016 11:48 PM

අපි දියුණු රටක් නොවෙන්න එක හේතුවක් තමයි මේක. අපේ අය තමන්ගේ හතර මායිමේ හැර අනිත් හැමතැනම අපවිත්‍ර කරනවා. (නි)

:       0       0

ටෙනිසන් Friday, 19 August 2016 12:55 AM

අපේ රටේ මිනිස්සු කවදාවත් හැදෙන්නෙ නැහැ (නි)

:       0       0

ප්‍රසන්න Friday, 19 August 2016 01:10 AM

අපේ රටේ අයට පඩි වැඩිකර බඩු මිල අඩුකළාම ඇතිනේ (නි)

:       0       0

කැළුම් Friday, 19 August 2016 01:42 AM

දඩ කොළ දෙන්න. නැතුව මොවුන්ව හදන්න බැහැ (නි)

:       0       0

ලොකුලියන Friday, 19 August 2016 01:57 AM

අපේ මිනිසුන්ගේ ජන්ම ගති යවන්න බැහැ (නි)

:       0       0

අරවින්ද Friday, 19 August 2016 10:48 AM

ඔය තම සිංහලයාගේ මානසිකත්වය. (හේ)

:       0       0

අතුල Friday, 19 August 2016 10:59 AM

ප්‍රබෝද හරි. මේවා තමන් කරොත් දරුවොත් කරනවා. පරිසරයට ගහට සතාට ආදරෙන් හිටියොත් දරුවොත් දරුවන්ගේ දරුවොත් එම පාරේම යනවා. (හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඉකුත් රජය කාලයේ අධිවේගයත් අවභාවිත කරලා
2024 ඔක්තෝබර් මස 07 1331 0

’’එස් පාස් ’’ විශේෂ අවසර පත්‍රය සහ ඉහළ පෙලේ දුරකථන ඇමතුම් මගින් ඉකුත් රජයන් සමයේ අධිවේගී මාර්ගය භාවිතා කරමින් සිදුවූ අභාවිතාවය නව ජනපති බලයට පත්වීමත්


ඊශ්‍රායල හමාස් ගැටුම ආරම්භ වී වසරක්
2024 ඔක්තෝබර් මස 07 261 0

ඊශ්‍රායලය, ගාසා තීරයේ හමාස් සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් ගුවනින් මෙන්ම ගොඩබිමින් ද ප්‍රහාර ආරම්භ කර අද (7) ට වසරක් සපිරේ.


නව අල්ලස් කොමිසම කොටඋඩ
2024 ඔක්තෝබර් මස 06 2224 0

දූෂණ විරෝධී නව පනත් කෙටුම්පත බලාත්මක වී වසරකට වැඩි කාලයක් ගතවී ඇතත් ඒ පනතේ විධිවිධාන ප්‍රකාරව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ස්වාධීන ආයත


ගොඩගැහුණු පැමිණිලි අවසන් කරන්න දින 14ක්
2024 ඔක්තෝබර් මස 06 1234 0

පොලිස් ස්ථානවල ගොඩ ගැසී ඇති විවිධ පැමිණිලි ඉදිරි සති දෙක තුළ අවසන් කළ යුතු බවට වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා නියෝග කර ඇති බව පොලිස් මාධ්‍ය


මහ මැතිවරණයට එන්නේ පක්ෂයේ ලකුණෙන්
2024 ඔක්තෝබර් මස 06 663 0

ඉලංගෙයි තමිල් අරුසු කච්චි පක්ෂය එම පක්ෂයේ ලකුණ යටතේ ඉදිරි මහ මැතිවරණයට තරග වදින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ සුමන්තිරන් මහතා පැවසීය.


ජලය නොමැති ගම්මාන පහක්
2024 ඔක්තෝබර් මස 06 445 0

ගම්පොළ බෝවල ප්‍රදේශයේ පිහිටි ගම්මාන පහක් තුල පරම්පරා කිහිපයක් පුරා ජල අවශ්‍යතා සපුරා ගැනීමට නොහැකි වීමෙන් දරුවන් හදා වඩා ගැනීම සීමා කිරීම හා ගම්මාන හ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39233 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25613 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 329 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1099 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 384 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site