IMG-LOGO

2024 දෙසැම්බර් මස 24 වන අඟහරුවාදා


පරාජිතයන් යළි මැතිවරණ පිටියට

(සුජිත් හේවාජුලිගේ)

පසුගිය මහ මැතිවරණයට ඉදිරිපත්වී පරාජයට පත් වූ අපේක්ෂකයන් දෙදහසකට ආසන්න පිරිසක් ඉදිරි පළාත් පාලන මැතිවරණයට  තරඟ වැදීමට අදහස් කරගෙන සිටින බව මැතිවරණ නිරීක්ෂණ සංවිධාන පවසයි

මින් වැඩි පිරිසක් පසුගිය මහ මැතිවරණයට තරග කළ ස්වාධීන කණ්ඩායම් වල අපේක්ෂකයෝ වෙති.

පළාත් පාලන ආයතන වෙනුවෙන් මීට පෙර කැඳවූ නාමයෝජනා අහෝසි කෙරුණු හෙයින් මහ මැතිවරණයට ඉදිරිපත් වූ අපේක්ෂකයන්ට එම ආයතන වෙනුවෙන් ඉදිරිපත් වීමට මෙසේ අවස්ථාව සැලසී ඇති බව මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන් කළේය.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පවසන්නේ පසුගිය මහ මැතිවරණයට සමහර අපේක්ෂකයන් ඉදිරිපත් වූයේ පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත්වීම සඳහා ප්‍රසිද්ධියක් ලබා ගැනීම  සඳහා බවයි.

මේ අතර පළාත් පාලන මැතිවරණය සඳහා මෙයට පෙර නාම යෝජනා දුන් පිරිසෙන්  හාරදහසකට වැඩි පිරිසක් විදේශගතව සිටින බව දැනගන්නට ඇත.

එසේම තවත් අපේක්ෂකයන් දෙසීයකට වැඩි පිරිසක් මියගොස් සිටින බව ආරංචි මාර්ග සඳහන් කරයි.

මහ නගර සභා විසි හතරක්ද නගර සභා 41ක්ද ප්‍රාදේශීය සභා  275ක්ද සඳහා මන්ත්‍රීවරුන් 8711 දෙනෙකු තෝරා පත් කර ගැනීම සඳහා පළාත් පාලන මැතිවරණය ළගදීම  පැවැත්වේ.

පළාත් පාලන  මැතිවරණයට මුලින් නාමයෝජනා කැඳ වූ අවස්ථාවේදී අපේක්ෂකයෝ 80672ක්  ඊට ඉදිරිපත් වූහ.



අදහස් (0)

පරාජිතයන් යළි මැතිවරණ පිටියට

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හදිසි මරණ වළක්වන්න හොඳ හදිසි ප්‍රතිකාර ඕනේ
2024 දෙසැම්බර් මස 23 103 0

අඩු සහ මධ්‍යම ආදායම් ලබන රටවල වන මරණවලින් අඩකට වඩා ශක්තිමත් හදිසි සත්කාර පද්ධතිවලින් වළක්වා ගත හැකි බව ගෝලීය දත්ත අනාවරණය කර ඇතැයි සෞඛ්‍ය හා ජනමාධ්‍ය


අපනයනවල නොවැම්බරයේ වර්ධනයක්
2024 දෙසැම්බර් මස 23 100 0

මෙරට සමස්ත අපනයන සියයට 0.04 ක වර්ධනයක් පසුගිය නොවැම්බර් මස වාර්තා වූ බවත් වෙළඳ භාණ්ඩ සහ සේවා ඇතුළුව එම මාසය තුළ සමස්ත අපනයන ඇමරිකානු ඩොලර් මිලියන 1,269.33 ක් බව


රුමේනියා තානාපතිවරිය අගමැතිනිය හමුවෙයි
2024 දෙසැම්බර් මස 23 142 0

ශ්‍රී ලංකාවේ රුමේනියානු තානාපතිනි සටිටුටා අර්හිරි මහත්මිය, සිය ධුර කාලය අවසන් කරමින් අග්‍රාමාත්‍ය කාර්යාලයේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ම


පොඩි සැත්කමකට රෝහලට ගිය ධනුජ නොකියාම ගිහින්
2024 දෙසැම්බර් මස 23 1526 0

ශල්‍යකර්මයක් සඳහා ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුලත් කළ 9 හැවිරිදි පිරිමි දරුවකු ශල්‍යකර්මයෙන් පසු පියවී සිහිය නොලබාම මිය මියගිය බවට පොලිසියට පැමිණිලි කර


මහින්ද රාජපක්‍ෂ මහතාගේ ආරක්‍ෂාව අනතුරේ
2024 දෙසැම්බර් මස 23 978 0

අයි.එස්.අයි.එස්. සංවිධානය බෝම්බ සහිත ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කිරීමේ අවදානමක් ඇතැයි බුද්ධි අංශ වාර්තාවලින් හෙළිකර තිබියදී වාර්තාවල කරුණු වසන් කරමින් ම


පරාජිතයන් යළි මැතිවරණ පිටියට
2024 දෙසැම්බර් මස 23 838 0

පසුගිය මහ මැතිවරණයට ඉදිරිපත්වී පරාජයට පත් වූ අපේක්ෂකයන් දෙදහසකට ආසන්න පිරිසක් ඉදිරි පළාත් පාලන මැතිවරණයට තරඟ වැදීමට අදහස් කරගෙන සිටින බව මැතිවරණ නි


මේවාටත් කැමතිවනු ඇති

ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 69 0
ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය

2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” 2024 දෙසැම්බර් මස 20 42 0
2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න”

මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ

සියපත ෆිනෑන්ස් පීඑල්සී හෝමාගම ශාඛාව දැන් විවෘතයි 2024 දෙසැම්බර් මස 18 177 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී හෝමාගම ශාඛාව දැන් විවෘතයි

සම්පත් බැංකු සමූහයට පූර්ණ අනුබද්ධිත දිවයිනේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 53 වැනි ශාඛාව හෝමාගම, දුම්රියප

Our Group Site