IMG-LOGO

2025 මාර්තු මස 31 වන සඳුදා


පරිසර යුක්ති කේන්ද්‍රය ගොනු කළ පෙත්සම සලකා බැලීම 15දා

(තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ)

අලි ඇතුන් හා සම්බන්ධ ජාතික සැලැස්මක් සකස් කරන ලෙසත් ,හබරණ ප්‍රදේශයේ සිදු වන අලි මරණ සම්බන්ධයෙන් වගකිවයුත්තතන් වහා අත්අඩංගුවට ගෙන , ඒවා සම්බන්ධයෙන් නිසි ලෙස විමර්ශනය කරන ලෙසට වනජීවී අධ්‍යක්ෂවරයා, පරිසර අමාත්‍යවරයා සහ පොලිස්පතිවරයා ඇතුළු බලධාරීන්ට නියෝග කරන්නැයි ඉල්ලා පරිසර යුක්ති කේන්ද්‍රය ගොනු කළ පෙත්සම අභියාචනාධිකරණය හමුවේ ලබන ඔක්තෝබර් 15 වැනිදා සලකා බැලීමට නියමිතය.

ඒ අනුව මෙම පෙත්සමේ වගඋත්තරකරුවන්ට එදිනට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට නොතීසි දන්වා යවන්නැයි අභියාචනාධිකරණය එම පෙත්සම්කාර පාර්ශ්වයට දැනුම් දෙන ලදී.

මෙම පෙත්සම අභියාචනාධිකරණ සභාපති විනිසුරු ඒ.එච්.එම්.ඩී.නවාස් සහ විනිසුරු සෝභිත රාජකරුණා යන මහත්වරුන්ගෙන් යුතු අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම පෙත්සම ඉකුත්දා සලකා බැලිණි.

පරිසර යුක්ති කේන්ද්‍රය ගොනු කළ මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් වනජීවී අධ්‍යක්ෂ ජනරාල් , පරිසර අමාත්‍යවරයා , පොලිස්පතිවරයා ඇතුළු පිරිසක් නම් කරනු ලැබ සිටිති.

පෙත්සම්කරුවන් සිය පෙත්සමෙන් පෙන්වා දෙන්නේ රටේ පවතින නීතියට අනුව අලි සම්බන්ධයෙන් කළමනාකරණ සැලැස්මක් සැකසීම පරිසර අමාත්‍යවරයාට හා වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයාට බලය පැවතියද , එවැනි සැලැස්මක් සැකසීමට ඔවුන් කටයුතු නොකරන බවය.වන සත්ත්ව හා වෘක්ෂලතා ආඥා පනතේ 68 (අ) වගන්තිය ප්‍රකාරව වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයාට කටයුතු කළ හැකි බවත් , ඒ අනුව පරිසර අමාත්‍යවරයාගෙන් විමසා ජාතික සහ පාරිසරික ප්‍රතිපත්ති හා උපමාන වලට අනුකූලව වන ජීවීන් හා ඔවුන්ගේ වාස භූමි , ජෛව විවිධත්ව සංරක්ෂණය සඳහා සැලසුම් සකස් කළ යුතුව තිබුණද ඔවුන් එම වගකීම් පැහැර හැර ඇතැයි පෙත්සම්කාර සංවිධානය සිය පෙත්සම මඟින් පෙන්වා දේ.

එබැවින් වර්තමානයට ගැලපෙන ලෙසින්  අලි ඇතුන් හා සම්බන්ධ ජාතික සැලැස්මක් සකස් කරන ලෙසත් ,හබරණ ප්‍රදේශයේ සිදු වන අලි මරණ සම්බන්ධයෙන් වගකිවයුත්තතන් වහා අත්අඩංගුවට ගෙන , ඒවා සම්බන්ධයෙන් නිසි ලෙස විමර්ශනය කරන ලෙසට වනජීවි අධ්‍යක්ෂ ජනරාල් , පරිසර ඇමති සහ පොලිස්පතිවරයාට නියෝග කරන්නැයි ද පරිසර යුක්ති කේන්ද්‍රය සිය පෙත්සමෙන් ඉල්ලා සිටි.

පෙත්සම්කාර පරිසර යුක්ති කේන්ද්‍රය වෙනුවෙන් රවින්ද්‍රනාත් දාබරේ , සවන්ති පොන්නම්පෙරුම , නිල්මල් වික්‍රමසිංහ යන නීතීඥවරුන් පෙනී සිටියහ.

 



අදහස් (0)

පරිසර යුක්ති කේන්ද්‍රය ගොනු කළ පෙත්සම සලකා බැලීම 15දා

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

දේශබන්දුට විරුද්ධව යෝජනාවක් ගේන්නේ කොහොමද?
2025 මාර්තු මස 31 99 0

දේශබන්දු තෙන්නකෝන් මහතාගේ බලය ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණයෙන් නැතිකර අැති හෙයින් ඔහු නොදරන පොලිස්පති ධූරයක් සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීමට මන්ත්‍රීවර


කෝටි 25ක යාත්‍රා අනතුර ගැන මහවත්තගෙන් පැය 4ක ප්‍රකාශයක්
2025 මාර්තු මස 31 226 0

ත්‍රිකුණාමලය වරායේ ස්ථානගත කර ඇති නවීණ නියමු යාත්‍රාවක් නීති විරෝධීව පරිහරණය කිරීමේදී අනතුරකට ලක්ව රුපියල් කෝටි 25 කට අධික අලාභයක් කළේ යැයි කියන සිද්ධ


හිටපු අමාත්‍ය ටිරාන් පැය හයකට පසු සී.අයි.ඩීයෙන් පිටව යයි
2025 මාර්තු මස 31 76 0

මාතර වැලිගම හෝටලයක් අසල 2023 වර්ෂයේ සිදු වූ වෙඩි තැබීම සම්බන්ධයෙන් හිටපු මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පැය 06කට ආසන්න කාලයක් අපරාධ පරීක්ෂණ දෙපාර්ත


මියන්මාරයට ශ්‍රී ලංකාවෙන් මානුෂික - මුදාගැනීමේ ආධාර
2025 මාර්තු මස 31 382 0

භූමිකම්පාවෙන් පීඩාවට පත් මියන්මාර ජනතාවට මානුෂික ආධාර සහ මුදාගැනීමේ කණ්ඩායම් වාහාම යැවීමට ශ්‍රී ලංකා රජය තීරණය කර තිබේ.


මහා පරිමාණ ඉදිකිරීම්වල වර්ධනයක අපේක්‍ෂාවක්
2025 මාර්තු මස 31 151 0

ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය ලෙස හදුන්වන ‘සමස්ත ක්‍රියාකාරකම් දර්ශකය’ පසුගිය පෙබරවාරි මාසයේ දර්ශකාංක 55.6 ක් දක්වා ඉහළ ගිය බව ශ්‍රී ලංකා මහ බ


පො.එ.පේ අපෙක්ෂිකාව කුඩු සමග මාට්ටු
2025 මාර්තු මස 31 913 1

පොදුජන එක්සත් පෙරමුණ පක්ෂයෙන් මෙවර පානදුර නගර සභා අපේක්ෂිකාවක ලෙස තරග වදින කාන්තාවකට අයත් අයිස් මත්ද්‍රව්‍ය සමග අනුරාධපුර, ශාවස්තිපුර ප්‍රදේශයේ හෝට


මේවාටත් කැමතිවනු ඇති

Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක. 2025 මාර්තු මස 31 20 0
Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක.

මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය

ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක් 2025 මාර්තු මස 21 657 0
ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක්

ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 744 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

Our Group Site