IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


පෝර ඉල්ලා ගොවීහු ඇඹිලිපිටි - රත්නපුර පාර වසති

අතිරේක බෝග සඳහා පෝර ලබාදෙන්නැයි ඉල්ලමින් වලව කලාපයේ ගොවි සංවිධාන දොළහක නියෝජිතයෝ පන්සියයකට අධික පිරිසක් ඇඹිලිපිටිය රත්නපුර ප‍්‍රධාන පාර තිඹොල්කැටිය ගොවිජන සේවා කාර්යාලය ඉදිරිපිටින් හරස් කිරිම නිසා අද (15) පෙරවරුවේ පැය ගණනාවක් එම මාර්ගයේ වාහන ගමනාගමනය ඇණහිට තිබිණි.

ඇඹිලිපිටිය සහ උඩවලව පොලිසිවල නිලධාරීන් මාර්ගයේ වාහන ගමනාගමනයට ඉඩ ලබාදීමට උත්සාහ ගත්ත ද විරෝධතාවේ නියුතු ගොවීහු පොලිසියේ ඉල්ලීමට කන් නොදී දිගින් දිගටම විරෝධතාවේ නිරත වූහ.

එම ස්ථානය හරහා ගිලන් රථ දෙකකට සහ බන්‍ධනාගාර රථයකට පමණක් ගමන් කිරිමට විරෝධතාකරුවෝ ඉඩ දුන්හ.

වලව ගොවි අයිතින් සුරැකීමේ සංවිධානය මෙම විරෝධතාව සංවිධානය කර තිබුනි.

ගොවිජන සේවා ප‍්‍රාදේශීය නිලධාරිනියගේ කාර්යාලයට විරෝධතාකරුවන් ඇතුළුවීමට ගත් උත්සාහය පොලිසිය මැදිහත්ව වැළැක්වූ අතර ගොවිජන සේවා මධ්‍යස්ථානයේ පිහිටි ගොවිජන බැංකුව ඉබියතුරු දමා වසා දැමිණි.

පසුව ගොවි නියෝජත පිරිසක් තිඹොල්කැටිය ගොවිජන සේවා මධ්‍යස්ථානයේ ප‍්‍රාදේශීය ගොවිජන සේවා නිලධාරින් සමග සාකච්ඡාවක් පැවැත්වුවද ගොවීන්ගේ ඉල්ලීමට විසදුමක් නොලැබිණි. එහිදී උණුසුම් අදහස් හුවමාරුවක් ද ඇතිවිය.

M2700001-192016215 M2700020---201621512 M2700021---120162151 M2700031--020162156



අදහස් (0)

පෝර ඉල්ලා ගොවීහු ඇඹිලිපිටි - රත්නපුර පාර වසති

බණ්ඩාර Monday, 15 February 2016 08:59 AM

ඇඹිලිපිටිය පොලිසියට කථා කරන්න (බ)

:       0       0

සේනක Monday, 15 February 2016 09:24 AM

රොහාන් ප්‍රායෝගික වෙන්න උත්සාහ කරන්න.. ඕක කියන්න ඕනි ජන්මයක් ජාතියක් නැති පාරිභෝගිකයා ගසා කන තොග වෙළෙන්දාට. මේ අහිංසක මිනිස්සු දුක්ව්දල මහන්සි වෙලා නිෂ්පාදනය කළාට අතට හම්බ වෙන්නේ සොච්චම් මුදලක්. ඕකනේ තිත්ත ඇත්ත. (ර)

:       0       0

අනුරාධ Monday, 15 February 2016 09:36 AM

"එම ස්ථානය හරහා ගිලන් රථ දෙකකට සහ බන්‍ධනාගාර රථයකට පමණක් ගමන් කිරිමට විරෝධතාකරුවෝ ඉඩ දුන්හ." බලන්න මේ මිනිස්සු කොච්චර සංවේදී ද කියල. ඇත්තෙන්ම දුකක් දැනෙනවා. (ර)

:       0       0

හිමාල් Monday, 15 February 2016 09:52 AM

ලංකාවේ පොහොර සහනාධාරයෙන් ගොඩ ගියේ පෝර ගෙන්වන සමාගම්. ඒවයේ රසායනික පෝර වලට අඛණ්ඩ ඉල්ලුමක් ඇතිවුනා. ගොවියා කාබනික පෝර භාවිතයෙන් ඈත් වුනා. (ර)

:       0       0

රොහාන් Monday, 15 February 2016 08:23 AM

අපිට කියන්න තියෙන්නේ සහන මිලට බෝග විකුණන්න කියල (ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කොළඹ පොත් මංගල්‍ය අරඹයි
2024 සැප්තැම්බර් මස 27 105 0

ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමය සිය රිදී ජුබිලිය සමරමින් කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අද (27) ආරම්භ කළේය


එළවලු මිල පහළට
2024 සැප්තැම්බර් මස 27 1026 0

වෙළෙඳපොළේ උඩරට එළවලු ඇතුලු එළවලු මිල ගණන් පහළ ගොස් ඇතැයි පාරිභෝගිකයෝ පවසති.


වෑන්රථයක් ත්‍රීරෝද රථ දෙකක ගැටී 4කට තුවාල
2024 සැප්තැම්බර් මස 27 201 0

මොනරාගල බුත්තල මාර්ගයේ හොරොම්බුව හංදිය අසලදී අද (27) දහවල් වෑන්රථයක් ත්‍රීවීල්රථ දෙකක ගැටීමෙන් සිදුවූ රිය අනතුරකින් පෙරපාසල් දරුවන් දෙදෙනෙකු ඇතුළු සි


අක්ෂි රෝහලට කෝටි 14ක වෛද්‍ය උපකරණ
2024 සැප්තැම්බර් මස 27 899 0

සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ජාතික අක්ෂි රෝහල වෙත රුපියල් මිලියන 140 කට අධික වෛද්‍ය, ශල්‍ය සහ රසායනාගාර උපකරණ භාරදීම සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීප


හිටපු පා: මන්ත්‍රීන්ගේ ආරක්ෂාව ඉවතට
2024 සැප්තැම්බර් මස 27 3591 1

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාවට ලබාදී තිබූ පොලිස් නිලධාරින් ඊයේ (27) සිට ඉවත් කරනු ලැබ ඇත.


විද්‍යුත් පාස්පෝට් තීරණයට අතුරු තහනමක්
2024 සැප්තැම්බර් මස 27 2272 1

නිසි ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුගමනය නොකොට පුද්ගලික සමාගම් දෙකකින් විද්‍යුත් විදේශ ගමන් බලපත්‍ර හත් ලක්ෂ පනස්දහසක් මිලදී ගැනීමට පසුගිය රජයේ අමාත්‍


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37728 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24867 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 223 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 731 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 259 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site