IMG-LOGO

2025 අප්‍රේල් මස 15 වන අඟහරුවාදා


පෙර පාසල් ටීච ගෙල කපා මරලා

(ජේ.ඒ.එල්.ජයසිංහ සහ චමිල් රූපසිංහ )

පේරාදෙණිය ඉළුක්වත්ත ප්‍රදේශයේ දී විසිපස් හැවිරිදි පෙර පාසල් ගුරුවරියකගේ ගෙළ කපා  අද (07) උදෑසන ඝාතනය කර ඇතැයි  පේරාදෙණිය පොලීසිය  කියයි.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ මුරුතලාවේ පදිංචි අංජලී චාපා (25) නැමැති තරුණියකි.

පෙර පාසලේ පැවැත්වීමට සූදානම් කර තිබූ අලුත් අවුරුදු උත්සවයට සහභාගි වීම සඳහා අද පෙරවරුවේ යමින් සිටියදී  ගිනිහේන සුසාන භූමිය අසළ දී කිසිවකු  ඇයගේ ගෙල කපා මෙම ඝාතනය සිදු කර ඇතැයි  තොරතුරු අනාවරණය වී ඇතැයි පොලීසිය පවසයි.

පෙර පාසල් ගුරුවරිය නිවසේ සිට එන අතරතුර දුරකතනයෙන් කිසිවකු හා කතා කරමින් ගොස් තිබෙන බවට තොරතුරු අනාවරණය වී තිබෙන අතර ඇගේ ජංගම දුරකතනය ඔස්සේ දත්ත ලබා ගනිමින් සැකකරු හඳුනා ගැනීම සඳහා පොලීසිය පරීක්ෂණ පවත්වන බවද පොලීසිය කියයි.

සැකකරු මෙතෙක් හඳුනාගෙන නොමැති අතර ඔහු අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ පවත්වන බවද පොලීසිය කියයි.

(ඡායාරූප: චමිල් රූපසිංහ)



අදහස් (21)

පෙර පාසල් ටීච ගෙල කපා මරලා

පිටිගල මිලානෝ Friday, 07 April 2023 12:47 PM

මේ දූපගේ උපදින්න බොහෝ පින් කරන්න ඕනෙ තියලා කව්දෝ උගුර කඩාගෙන චැනල් එකක කියනවා ඇහුණා. පිටරට යන්න වීසා පෝලිම දැක්කාම තමයි කතාවේ සත්‍ය තේරෙන්නේ…

:       70       127

beau Friday, 07 April 2023 02:36 PM

අලුගෝසුවන් සුලබ රටක්. ළස්සන කාන්තාවකට පාරෙ යන්නත් බෑ, ගෙදර ඉන්නත් බෑ, කිසි ආරක්ශාවක් නෑ. පොලිස් බල්ලො ඔක්කොම නිදි, මහජනයාට ආරක්ශාවක් නෑ.

:       9       148

පැරකුම්Friday, 07 April 2023 10:08 PM

ඒ ගොල්ලො ඇහැරවන්න නම් ඩොලර් පෙන්නන්න ඕනෑ. දැක්කනේ අර මත්ද්‍රව්‍ය නඩුව අහකදාන්න කටයුතු කරපු හැටි...!

:       1       11

පැරකුම්Saturday, 08 April 2023 05:33 AM

මම කලිනුත් කිව්වා වගේ පොලිස් බල්ලන් ඇහැරවන්න “සම්තින්ග්” නැතුව බෑ.

:       1       16

අබිලින් Saturday, 08 April 2023 07:39 AM

අලුගෝසුවන් පිරුණු අලුගෝසුවන්ට උපරිමයෙන් ආරක්ෂාව දෙන රටක් පමණක් නොවෙයි හිරකරුවෙක් වුණොත් ඔවුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන්ම කැපවූ (හිරකරුවන් නිසා අනාතයෝ වුන අයගැන බලන්න කිසිම එකෙක් නැහැ) එවුන් මිසක් අගතියට පත්වූවන් ගැන නොබලන රටක් කිවවාම තමයි වඩාත්ම නිවැරැදි...!

:       1       16

සත්ත්‍යා Friday, 07 April 2023 03:25 PM

හමුදාව, පොලිසිය තියෙන්නේ පාලකයින්ගේ ආරක්ෂාවට පමණක් බව කරුණාවෙන් සලකන්න...!

:       6       141

Siurathala Friday, 07 April 2023 04:54 PM

මෙහෙම ගියොත් ජනතාව නීතිය අතට ගනීවි...

:       5       74

Nimal Friday, 07 April 2023 05:07 PM

පිටිගල මිලානෝ... ඇයි ඔයා ලංකාවට ඔයතරම් වෛර කරන්නේ...? රට ගිහින් සල්ලි ටිකක් හොයාගත්තා කියලා විතරක් පොරක් වෙන්නේ නැහැ... තමන් කියන දෙයින් තමන්ගේ හදවත තුළ කොතරම් ජරාවද තියෙන්නේ කියලා කියන්න පුළුවන්...

:       80       36

පිටිගල මිලානෝSaturday, 08 April 2023 01:28 AM

නිවටුන් නිසා තමයි මේ සුරපුර දූෂණයට ලක් වුනේ…

:       4       15

Mr Don Friday, 07 April 2023 06:53 PM

තිරිසන් මිනිස්සු... බෞද්ධ රටට ගිය කලක්.

:       4       64

sukitha Friday, 07 April 2023 08:20 PM

මෙම සිදුවීම් පාර්ලිමේන්තුවේ සහ ජනාධිපතිගේ අවදානයට යොමු විය යුතුයි. මරණයක් ගන්නේ බැරි වුණත් මරණ 25 කට වරක්වත් ජනාධිපතිගේ සහභාගිත්වය ඇතිව පාර්ලිමේන්තුවේ සමාලෝචනය විය යුතුයි. මිනී මැරීම, දියේ ගිලීම්, රිය අනතුරු ආදී සියල්ලම... ආර්ථික අර්බුධයට මේවා දෙවැනි වන්නේ නැත. එය දන්නේ එයට මුහුණ දුන් අයයි.

:       2       51

අසාධාරණ Saturday, 08 April 2023 04:26 AM

ඇත්තටම හොඳ අදහසක් කියන්න පුළුවන්... හැබැයි මේක මරණ විසිපහ කිව්වාම හොඳටම වැඩියි. අඩුම ගණනේ දැන් තත්වය අනුව සති දෙකකට වරක්වත් ආරක්ෂක කමිටුවේ මෙහෙම මිනීමැරුම් ගැන සාකච්ඡා කර සමාලෝචනයක් කළොත් හොඳයි. ඒ සමග අපාරාධකරුවන් සැඟවීම්, අතින් අල්ලාගෙන බාරදීම් සීඝ්‍රයෙන් වැඩිවෙනවා. සාමාන්‍ය ජනතාවට සහනයක් ලැබෙනවා ඉතාමත් අඩුයි. එනිසා වහාම ප්‍රතිකර්ම අවශ්‍ය වෙනවා..

:       0       15

චන්දිම Saturday, 08 April 2023 07:53 AM

දැන් ඔය ඉන්න මේ ජනාධිපතිවරයාට ඔය සිල් ගන්න ප්‍රශ්නයක් නැහැනේ. එයාට මරණ දඬුවමට අත්සන් කරන්න කිසිම අපහසුවක් නැති නිසා අඩුම තරමේ රටට සේවයක් කළා කියලා කියන්නවත් කියලා ඔය අපරාධකාරයින්ට මරණ දණ්ඩනයට අත්සන් කරන්න කියන්න ඕනෑ. ඒ ටික හරි එයාගෙන් කරගන්න ඕනෑ... එයාගේ කාලේ ඉවර වෙන්න කලින්....

:       0       13

ජයරත්න පීSaturday, 08 April 2023 12:16 PM

සාමාන්‍යයෙන් එයා සංවේදී වැඩියි කියන්න පුළුවන්. එනිසා තමයි මෙහෙම වෙන්නෙ... එයා කිව්වා මරණ දඬුවම සඳහා අත්සන් කරන්නේ නැහැ කියලා... එදා සිටම මෙහෙම දේවල් වෙන්න ගත්තා. එනිසා මේවාට ක්ෂණික පිළියම් නැත්නම් අපි ඊළඟට අනුරයියා තෝරාගනිමු... කොහොමත් ඔවුන්ට ඒවා අමාරු නොවේවි...

:       3       8

shalithaSaturday, 08 April 2023 02:02 PM

ස්ත්‍රී දූෂණ, ළමා අපචාර, මත්ද්‍රව්‍ය ඇතුළත්ව...

:       0       4

උදිතා Saturday, 08 April 2023 03:33 PM

ඒ අපේ සංස්කෘතියනේ !

:       0       6

Kumara Friday, 07 April 2023 08:44 PM

මිනීමරුවන් දෙදෙනෙකු එල්ලුම් ගහට යැව්වා නම් මෙවැනි අපරාධ බොහෝ දුරට අඩුවේවි...!

:       0       12

ranjith Saturday, 08 April 2023 12:43 PM

නීතියක්, සදාචාරයක් නැති වල්වැදුණු රටක්...

:       0       16

පිටරැටියා Saturday, 08 April 2023 02:50 PM

මිනිස්සු මේ තරම් තිරිසන් වැඩ කරන්නේ ඇයි? හැමදාම බැලුවොත් මොන යම් හරි විපතක් ගැන තමයි අහන්න වෙන්නේ...

:       0       11

Lelwala Saturday, 22 April 2023 11:11 AM

මේක තමයි රැල්ලේ ප්‍රතිඵල...

:       1       0

WellalaFriday, 28 April 2023 08:51 AM

රල්ලෙ නෙවේ, වල්ලෙ ප්‍රතිපල..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

අග්බෝපුර අනතුරකින් අයෙක් මරුට: 26ක් රෝහලට
2025 අප්‍රේල් මස 14 1247 1

මහනුවර ත්‍රිකුණාමලය ප්‍රධාන මාර්ගයේ අග්බෝපුර ප්‍රදේශයේදී බස් රථයක් කැබ් රථයක ගැටී ඉදිරියෙන් පැමිණි ලොරි රථයේ මුහුණට මූණ ගැටීමෙන් සිදුවූ අනතුරකින්


ලංගමෙත් වාර්තා ගත ආදායමක්
2025 අප්‍රේල් මස 14 1912 3

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය අවුරුදු තෙදිනේ දිනකට රුපියල් කෝටි 600 කට ආසන්න ආදායමක් උපයා ගෙන ඇතැයි ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ධ


කෝටි හතරක කුඩු ගුවන්තොටෙන් අල්ලයි
2025 අප්‍රේල් මස 14 881 0

රුපියල් හාර කෝටි පනස් ලක්ෂයක් වටිනා හෂීෂ් සහ කොකේන් මත්ද්‍රව්‍ය තොගයක් සමග ඒවා කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන ආ ගුවන් මගීන් තිදෙනකු සහ ඔවුන්ට ආධාර අන


අධිවේගයේ ආදායම කෝටි 13 පනී
2025 අප්‍රේල් මස 14 635 1

අලුත් අවුරුදු තෙදිනේ අධිවේගී මාර්ග පද්ධතියෙන් රුපියල් 134,498,800 මුදලක ආදායමක් ලැබී ඇතැයි නියෝජ්‍ය අධ්‍යක්ෂක ජනරාල් ( අධිවේගී මාර්ග නඩත්තු හා කළමනාකරන අං


ජී.එස්පී ප්ලස් කණ්ඩායම මේ මස අග දිවයිනට
2025 අප්‍රේල් මස 14 668 0

ජී.එස්.පී. ප්ලස් බදු සහනය පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා දූත කණ්ඩායමක් මේ මාසය අවසානයේ ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවස


රතිඤ්ඤා අනතුරුවලින් ගැලවෙන්න ඇස් රෝහලෙන් උපදෙස්
2025 අප්‍රේල් මස 14 280 0

රතිඥ්ඥා දල්වන විට ඇස් කන්නාඩි පළඳින ලෙස කොළඹ අක්ෂි රෝහලේ විශේෂඥ වෛද්‍යවරු ඉල්ලීමක් කරති.


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 110 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 262 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි 2025 අප්‍රේල් මස 09 865 0
NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි

ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා

Our Group Site