IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


ප්‍රා මන්ත්‍රීත් වීදි නාට්‍යයට ගහයි

අතුරුදන් වූවන්ගේ යැපෙන්නන්ගේ සංවිධානය ඇතුළු සිවිල් සංවිධාන 20 ක පමණ සහභාගීත්වයෙන් එප්පාවල නගරයේ පැවති ‘වීදියේ විරෝධය‘ වැඩසටහන වාර්තා කිරීමට ගිය ‘අද‘ පුවත්පතේ මාධ්‍යවේදී තිසර සමල් මහතා මැර ප්‍රහාරයකින් තුවාල ලදහ. මැරයෝ ඔහුගේ වීඩියෝ කැමරාවද වැනසූහ. පවුල්වාදය තේමා කරගත් වීදි නාට්‍යය බැලීමට පැමිණි පිරිසකටද මැරයන් පහරදී ඇතැයි කියති.

ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු ඇතුළු පිරිස මේ ප්‍රහාරය එල්ල කර තිබේ.

මාධ්‍යවේදියාට පහරදීමට පෙර මැරයන් ‘වීදියේ විරෝධය‘ පිරිසටද පහරදී ඇතැයි කියති.

තලාව ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු හා උතුරු මැද පළාත් සභා දේශපාලඥයකුගේ ගෝල පිරිසක් තිසර සමල් මහතාට මෙම පහරදීම සිදු කැර ඇතැයි කියති.

 

 

  New-Picture-(1)

New-Picture-(2) New-Picture1

New-Picture-(1)gg New-Picture-(2)ffff New-Picture-(3)kk

New-Picture

 

 



අදහස් (0)

ප්‍රා මන්ත්‍රීත් වීදි නාට්‍යයට ගහයි

යසිරු Saturday, 06 December 2014 03:59 AM

රටේ ඔක්කොටම මුඛවාඩම් දාන්න පුළුවන් නම් සමහරු කැමති වේවි. (දිල්)

:       0       0

සරසි Saturday, 06 December 2014 04:04 AM

ප්‍රාදේශීය මන්ත්‍රීවරු කියලා පත් කරගෙන ඉන්නේ යන්තම් අට පාස් මැරයෝ ටිකක් . පුද්ගලයා දිහා බලලා ඡන්දේ දෙනවා වෙනුවට පක්ෂෙට ඡන්දෙ දෙන්න ගියාම වෙන දේවල් තමයි මේ. (හේ)

:       0       0

මොහොමඩ් Friday, 05 December 2014 03:54 PM

දැන් ලොකු වැඩක් කළා කියල හිතාගෙන ඇති මේ අයට නිසි දඩුවම් ලබා දෙන්න (දී)

:       0       0

දිල්ශාන් Saturday, 06 December 2014 04:14 AM

ඔය වගේ වැඩ නිසා තමයි ජනතා විරෝධයක් ඇති වුනේ. මාධ්‍ය නිදහසක් ඇත්තේ නැහැ. ඔය වැඩ නවත්වන්න නම් දේශපාලුවන්ගේ ආධාර කරුවන් පාගා දැමිය යුතුයි. එය කරන්න පුළුවන් හැමෝම එක්වීමෙන්. ආධාර කරුවන්ගේ බල බිඳුන දවසට දේශපාලු බලයත් ඉවරයි. රටට නියම නිදහස ලැබෙන්නේ එදාට.(හේ)

:       0       0

බන්දුල පෙරේරා Friday, 05 December 2014 03:57 PM

අමුතු අමුතු සංවිධාන එළිබැහැලා. අපි නම් දන්නවා මේ කවුද, මොනවද කරන්නේ කියලා. හෙට අනිද්දා වෙනකොට අතුරුදන්වූවන්ගෙන් යැපෙන්නෝ නෙමෙයි කට්ටිය එකතුවෙලා අතුරුදන්වුවොත් පාරට බස්සාවි. (නි)

:       0       0

දිසානායක Saturday, 06 December 2014 04:17 AM

දැන් හොදටම ඉවසුව ඇති ,(හේ)

:       0       0

පියල් Friday, 05 December 2014 04:03 PM

දේශපාලනය කියන්නේ වැසිකිලි වලක් (දී)

:       0       0

බන්දුල පෙරේරා Saturday, 06 December 2014 04:31 AM

සත්‍ය පාල මහත්තයාගේ වයස කීයද අම්මප..හරියට මොන්ටිසෝරි ළමයි වගේනේ..හමුදාවට පොලිසියට අත තිබ්බම කන්න වුනේ එකදාස් නමසිය බර ගණන්වල ඉදල..ඒවගේම මැතිවරණයකදී විපක්ෂය ගුටි කෑවෙත් ප්‍රජාතන්ත්‍රවාදය ඇති වුනු දවසේ ඉදල.. ඒවා බලය හුවමාරු වීම අනුව ඕන පැත්තකට පොදු ඉරණම.. ගහපු එකනම් වැරදියි. ..ඒත් මේ කවුද..කාවද අතුරු දැන් වෙලා තියෙන්නේ..මොන හේතුවකටද අතුරුදන් වෙලා තියෙන්නේ කියල හිතෙන්නේ නැද්ද මේ දාගෙන ඉන්න ජැකට් එකෙනුයි මේ බැනර් එකෙනුයි.මෙයාලට ගුටි කන තරමට තමයි ගාන කැපෙන්නේ.එයාලට ඕන කරන්නෙත් එක..කවුරුවත් ගැහුවේ නැත්නම් තමන් තමන්ට හරි ගහ ගන්නවා..ඒකත් මේ නාට්‍යයේ කොටසක්...එක හින්ද වැඩිය හිත කරදර කරගන්න එපා,, (ස)

:       0       0

බන්දු Friday, 05 December 2014 04:20 PM

මම නම් කියන්නේ බය නිසා තමයි මෙහෙම කරන්නේ (දී)

:       0       0

මලින්ද Friday, 05 December 2014 04:30 PM

නීතියක් නැද්ද (දී)

:       0       0

ආශා Saturday, 06 December 2014 05:49 AM

අපේ වාසනාවට ඉදිරියේදී මෛත්‍රී පාලනයක් (නදී)

:       0       0

කුමාර Friday, 05 December 2014 04:48 PM

හොඳටම බයවෙලා වගෙයි. (දී)

:       0       0

එප්පාවල සුනිල් Saturday, 06 December 2014 06:01 AM

අපි කාල ඇඳල ඉන්නෙ රජතුමා අපිට දෙන දේන දේවල් වලින්. අපි එතුමා ආරකෂා කරන්ඩ ඕනේ. (නදී)

:       0       0

චාමලි Friday, 05 December 2014 05:17 PM

ඉහළින් ලියා ඇති කට්ටියම දුන් ජන බලයේ මහිමය තමයි මේ ප්‍රදර්ශනය වෙන්නේ (නි)

:       0       0

මොහමඩ් Friday, 05 December 2014 05:27 PM

පුදුම වීරයෙක් නේද? අගයන්න වටිනවා (නි)

:       0       0

අශෝක Friday, 05 December 2014 06:03 PM

රටේ නීතියක් නැහැ කියලා නැවතත් ඔප්පුකර පෙන්වා තිබෙනවා. (නි)

:       0       0

චන්දන Friday, 05 December 2014 06:07 PM

ගමේ මෝඩයන්ට ගුටිකෙළි... ලොකු අයට සැණකෙළි ... මෙහෙමත් මෝඩ මිනිසුන් ඉන්න රටක්! (නි)

:       0       0

පුබුදු Friday, 05 December 2014 10:28 AM

අපගේ බලවත් කණගාටුව. ජනවාරි වලින් පස්සේ හරියාවි.(හේ)

:       0       0

අජිත් කරුණාරත්න Friday, 05 December 2014 10:34 AM

මේ පරාජයේ වියරුවයි.(හේ)

:       0       0

බටංගල Friday, 05 December 2014 10:37 AM

ප්‍රාදේශීය නායකත්වයට ඉස්කෝලේ ගිහින්වත් නැති උන් දාගත්තම මේවගේ වැඩ හරිම ලේසියි. මේ කට්ටියව මීළඟ පාර පළාත් සභාවටත් ඊළඟට පාර්ලිමේන්තුවටත් යවන්නේ අපේම මෝඩයෝ. (බ)

:       0       0

නන්දන Friday, 05 December 2014 06:30 PM

මිනිසාට මිනිසුන් පහර නොදෙයි. මෙවන් අය මිනිසුන් ලෙස හැඳින්විය හැකිද? (නි)

:       0       0

සිංහ Friday, 05 December 2014 06:32 PM

99%ක් මේකේ මිනිස්සු වැදගත් විදිහට මේ වැඩේ හෙළාදැකලා අදහස් දාලා තියෙනවා. හැබැයි මම දැක්කා එක් කෙනෙක් කියලා තියෙනවා මේ උද්ඝෝෂණය කරන්නේ 'කොටිලු', 'ඩොලර් වලටලු'....මම ඔහුගෙන් ඉල්ලන්නේ මැරයින් ඇවිල්ලා තමන්ගෙ පවුලේ කෙනෙකුත් උස්සනතුරු, නැත්නම් තමුන්ගේ සහෝදරියක් බිරියක් පැහැරගෙන යනතුරු ඔය "ඩොලර්/ විදේශ කුමන්ත්‍රණ/ රට පාවාදීම්" වගේ සුරංගනා කතා අහ අහා ඉන්න කියලයි (නි)

:       0       0

දහම් Friday, 05 December 2014 10:44 AM

යුද්දෙ දින්නා රටේ විශාල සංවර්ධනයක් වෙනවා (බ)

:       0       0

සත්‍යපාල Friday, 05 December 2014 07:07 PM

අති නින්න්දිතයි. පාරවල් හැදුනට,තව තව දේවල් තිබුනට රට දියුණු වෙලා නැහැ. තම දේශපාලන අදහසට විරුද්ධ මතයක් දැරීම නිසා පහරදෙන මරාදමන,වාහනයක් පොඩි අනතුරකට ලක්වුණාම හමුදා කඳවුරකින් පැමිණ පහරදීම,පොලිස් නිලධාරියාට තමන් නිවැරදි බව කීවිට අපහාසාත්මකව බැනවැදීම සහ එය නිවැරදි බව පොලිස් ලොක්කන්ම ප්‍රකාශ කිරීම රටක නීතියක් නැති බවට කදිම නිදසුන්ය. පෞරුෂයක් කොන්දක් ඇති මිනිසුන් අසාධාරණයක් වෙනුවෙන් කතාකරනවිට නිල බලය විසින් ඔවුන් යටකර දැමීමෙන් නිවට නියාළු ජාතියක් බිහිවේ. (නි)

:       0       0

උපාලි Friday, 05 December 2014 07:11 PM

ප්‍රාදේශීය සභා මන්ත්‍රී කෙනෙකුට මෙහෙම ප්‍රසිද්ධියේ, පොලිසිය බලා සිටියදී මහජනතාවට මැර ප්‍රහාර එල්ල කරන්න පුළුවන් නම් රටේ නීතිය ගැන කවර කතාද? (නි)

:       0       0

නිශාන්ත Friday, 05 December 2014 11:54 AM

පහරදීම වැරදියි. හැබැයි ඔය සිවිල් සංවිධාන සහ ඒවට කඩේ යන අයට තියෙන්නෙ මිනීමරු කොටියාට සිදුවුන පරාජයේ වියරුව සහ ඩයස්පොරාවේ ඩොලර් වල රස. (ර)

:       0       0

ජයවර්දන Friday, 05 December 2014 08:16 PM

වෙනදාට පිටු බාගයක් විතර අදහස් දාන අපේ බන්දුල පෙරේරා මහත්තයා මේ දවස් වල සද්ද වහලා ඉන්නේ ඇයි (නි)

:       0       0

සමරනායක Friday, 05 December 2014 12:57 PM

නිශාන්ත ඔබතුමාත් තුර්කි වැසියෙක්ද? (දිල්)

:       0       0

කාලිංග Friday, 05 December 2014 01:00 PM

නිශාන්ත මහත්තයෝ, ඔය හැම දෙයකටම දාන ඩයස්පොරාව ඩොලර් කතාව හොදයි ඔබතුමන් වගේ කොන්දේ බැදපු චීන්නුන්ට , ඩොලර් මේ මිනිස්සු දැකලවත් නැතුව ඇති,මේක තමයි සැබෑවටම වියරුව , අදහස් ප්‍රකාශ කරන්න තියෙන අයිතිය සහ ඇත්ත දැනගැනීමේ නිදහස අහුරනවා කියන එක තමයි නැවතත් ඔප්පු වුණේ මේ (දිල්)

:       0       0

සේන Saturday, 06 December 2014 08:21 AM

මැර දේශපාලනයට තිත තැබිය යුතුයි (නදී)

:       0       0

කුමාරසිරි Saturday, 06 December 2014 08:21 AM

89-90 කාලයේ ඔය වීදී නාට්‍ය කාරයෝ කොහෙද හිටියේ ? තියන නිදහසෙන් අයුතු ප්‍රෙයා්ජන ගන්නවා කියන්නේ ඕකයි. (නදී)

:       0       0

බන්දුල පෙරේරා Friday, 05 December 2014 01:34 PM

අමුතු අමුතු සංවිධාන එලි බැහැලා...අපි නම් දන්නවා..මේ කවුද..මොනවද කරන්නේ කියලා; හෙට අනිද්දා වෙනකොට අතුරුදන් වූවන්ගෙන් යැපෙන්නෝ නෙමෙයි අතුරුදන් වුවොත් කට්ටිය එකතුවෙලා පාරට බස්සාවී..ඩොලර් ඒ තරමට රසයි..(හේ)

:       0       0

වී.වර්ණකුලසුරිය Friday, 05 December 2014 11:06 PM

හැසිරීම අනුව කුලියට පැමිණ ඇති කට්ටියකුත් සිටින බව පෙනීයනවා. අසරණ පොලිසිය ගැනත් කණගාටු හිතෙනවා.නීතියක් එක්ක පොලිසියක් කවදා රටේ ගොඩ නැ‍ඟේවිද? (නි)

:       0       0

චානක. Saturday, 06 December 2014 09:10 AM

මේවා යවන්න වතිකානුවට පෙන්වන්න මැර බලය ක්‍රියාත්මක වන හැටි. මෙහෙව් රටකට එන එක එතුමාගේ ජීවිතයට ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. පාප් තුමා ගෙන්වන්නේ ඡන්ද වාසියට කියා ඔවුන්ට පහදා දෙන්න (නදී)

:       0       0

යක්කල Saturday, 06 December 2014 03:40 PM

මිනිහෙක්ට ගහනකල් පොලිසිය බකන් නිලන් හිටියද (දී)

:       0       0

වසන්ත Friday, 05 December 2014 01:44 PM

නිශාන්ත හරි. (නි)

:       0       0

සේනානායක Friday, 05 December 2014 11:58 PM

නිශාන්ත, ඔය කියන කතා කුණු කූඩෙට දාලා ගොඩක් කල් (නි)

:       0       0

සමන්ත Friday, 05 December 2014 02:07 PM

මාධ්‍ය වේදීන්ට ගහලා ඉල්ලන් කන්න තමයි හදන්නේ (දී)

:       0       0

පැතුම් Saturday, 06 December 2014 01:11 AM

මේ අතුරුදන්වූවන්ගේ යැපෙන්නො කියන්නේ කොහොම අතුරුදන්වූවන්ද? මුහුදු ගිහින් අතුරුදන්වූවන්ද? නැත්නම් කොටි හමුදාවේ සේවයට ගිහින් වෙඩි කාලා අතුරුදන්වූවන්ද? සිවිල් සංවිධාන කියන්නේ මොනවාද? කැලේ මාරුවුණාට කොටියාගෙ පුල්ලි වෙනස් වෙන්නේ නැහැ. කට්ටියම ඒ ගැනත් හිතන්න (නි)

:       0       0

ජනක පි කුමාර Saturday, 06 December 2014 09:47 AM

දෙවන ලෝක මහා යුද්දය ජයගත් එංගලන්තේ වින්ස්ටන් චචිල් ශ්‍රීමතා පිළිබඳව එංගලන්ත ජනතාව ගත් තීන්දුව පිළිබඳව අපේ ජනතාවටද අවබෝදයක් ලබා දිය යුතුය. (නදී)

:       0       0

ආසිරි Saturday, 06 December 2014 01:31 AM

නිශාන්ත, මේ අය රජරට කලාකරුවන් ඇතුළු රටට ආදරය කරන මිනිස්සු. (නි)

:       0       0

ක්‍රිෂ්ණ Friday, 05 December 2014 02:28 PM

මේක මහා කරුම කාලයක් (දී)

:       0       0

ධනුෂ්ක Saturday, 06 December 2014 01:56 AM

අපි ඡන්දය දෙන්නේ මෛත්‍රීට විතරමයි (නි)

:       0       0

සමන්ත Friday, 05 December 2014 02:57 PM

මේ මිනිස්සුන්ට නිතිය ක්‍රියාත්මක කරන්න කවුරුත් නැහැනේ (දී)

:       0       0

සමින්ද Friday, 05 December 2014 02:57 PM

මිනිස්සුන්ට ගහන එක හරි ලොකු දෙයක් කියලාද හිතන්නේ (දී)

:       0       0

සසිරු Saturday, 06 December 2014 02:21 AM

ලෝකයේ දුප්පත්ම ජනාධිපති පිටිසර ගම්මානයක ගොවිපළක්, කොළපැහැති තහඩු සෙවිලි කළ නිවසක්, අක්‍රමවත්ව තැනින් තැන වැවුණු තණකොළ සහිත මිදුලක්, එළිපත්තේ, සේදීමට නියමිතව මල්ලකට දමා ඇති කිළිටි රෙදි මල්ලක් සහිතව ජීවත්වෙන කෙනෙක්. ජනාධිපතිවරයෙකු ගැන පැවසූ පමණින් අපිට මැවෙන චිත්ත රූපයට හාත්පසින් වෙනස් ජීවන රටාවක් සහිත මොහු හොසේ මුහිකා. උරුගුවේ රාජ්‍යයේ ජනාධිපතිවරයා. (නි)

:       0       0

ලුම්බිණි Saturday, 06 December 2014 02:21 AM

වැරදි කළ මිනිසුන්ට ඒ කළ වැරදි ගැන කතාකරනකොට බොහොම තරහා යනවා. (නි)

:       0       0

රොකී Saturday, 06 December 2014 02:21 AM

මොනවද මේ සිවිල් සංගම් කියන්නේ? තරුණ බෞද්ධ සංගම්, සාහිත්‍ය සංගම්, එහෙම නැත්නම් අවමංගල්‍ය ආධාර සංගම් වගේ ඒවාටද? අසාධාරණයට එරෙහිව නැඟී සිටින්න, අදහස් ප්‍රකාශ කරන්න අයිතියක්, විරුද්ධ මත දරන්න අයිතියක් අවශ්‍ය නැහැ කියලද මුන්නැහෙලා කියන්නේ? (නි)

:       0       0

අසංක Friday, 05 December 2014 03:02 PM

අපේම වැරදි තමයි ඔය (දී)

:       0       0

ටානිටා Friday, 05 December 2014 03:14 PM

බොහොම හොඳ වැඩක් උසස් වීමක් දෙන්න වටිනවා (දී)

:       0       0

ටෙනිසන් Saturday, 06 December 2014 02:33 AM

පේනවා නේද කට්ටියගේ තරම! (නි)

:       0       0

ප්‍රසාත් Friday, 05 December 2014 03:16 PM

මේ මාධ්‍ය අගයක් නොදන්නා අය ඔහොම හමා (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

රජරට සරවියේ නව තාක්ෂණ පීඨය විවෘත කරයි
2024 ඔක්තෝබර් මස 02 426 0

අනුරාධපුර, ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ නව තාක්ෂණ පීඨය විවෘත කිරීම විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරත


සවස් කාලයේදී වැස්ස වැඩිවෙයි
2024 ඔක්තෝබර් මස 02 131 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවල, සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිබව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


හිටපු ඇමැති රොත්තක් තවම රජයේ බංගලාවල
2024 ඔක්තෝබර් මස 02 1908 0

හිටපු අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් අතුරින් රජයේ බංගලා තවමත් බාරදී ඇත්තේ තිදෙනකු පමණක් බව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, අධිකරණ, පළාත් සභා, පළාත



ජිමී කාටර්ට අවුරුදු 100 යි
2024 ඔක්තෝබර් මස 02 2369 0


මැති සබේ හිටපු අය කෑමටත් පොලු තියලා
2024 ඔක්තෝබර් මස 01 3751 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් පාර්ලිමේන්තුවෙන් ගත් ආහාර වෙනුවෙන් හිඟ බිල්පත් රැසක් පියවා ගැනීමට ඇති හෙයින් එම මුදල පියවා ගන්නා තෙක් පසුගිය මස මන


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38560 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25376 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 275 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 927 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 327 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site