IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


පරා මාළුවා අක්කරපත්තු ධීවරයන්ට සල්ලි බෙදයි

අක්කරපත්තු ධීවරයෝ අද (09) වාර්තාගත පරා මාළු තොගයක් අල්ලා ගත්හ.

එක් මාළුවකුගේ බර කිලෝ හයක් පමණ වේ.

මාළු තොගයේ වටිනාකම රුපියල් කෝටියක් පමණ වෙතියි කියති.‍

මෙම මාළු කොළඹ, මහනුවර, නුවරඑළිය, අනුරාධපුරය, පොළොන්නරුව, කුරුණෑගල, කෑගල්ල වැනි නගර වලට යෑවීමට නියමිතය.

DSCN1523 DSCN1524 DSCN1528 DSCN1530



අදහස් (0)

පරා මාළුවා අක්කරපත්තු ධීවරයන්ට සල්ලි බෙදයි

වෙනුර Monday, 10 November 2014 07:10 AM

මෙවර හොද මාළු අස්වැන්නක්.(හේ)

:       0       0

කුමාර් Sunday, 09 November 2014 10:49 AM

මෙච්චර මාළු දැක්ක ගමන් සමහරවිට, සතුන් මැරීම ගැන මහා විරෝධයක් එන්න පුළුවන්, නැත්තන් ඉඳල හිටලා එකෙක් දෙන්නෙක් අහුඋනාට පව් වගේ පේන එකක් නෑ. (නදී)

:       0       0

අශෝක Sunday, 09 November 2014 11:01 AM

ලෝකේ වැඩියෙන්ම දුක් විදලා මැරෙන සතා තමා මේ අහිංසකයා. කාටද කරදර යාලුවනේ. මේවා ප්‍රදර්ශනය කරන එකයි වරද (නදී)

:       0       0

හිරන්ත Sunday, 09 November 2014 11:02 AM

ලංකාවේ කොච්චර මාලු ලාබ උනත් වත්තල මාබෝලේ මාලු ලෑල්ලේ මිළ නම් හෙල්ලෙන්නේ නැහැ කවදාවත් (නදී)

:       0       0

ගජේන් Sunday, 09 November 2014 05:48 PM

ඒ දවස්වල සුනාමිය එන්න කලිනුත් ගොඩක් මාළු අහුවුණාලු. ඒක ඇත්තද? කෝකටත් ප්‍රවේශමෙන්. (නි)

:       0       0

වසන්ත Sunday, 09 November 2014 11:16 AM

ඇයි මාලුවල වැලි කවලම් කරලා ඇතිලියේ වැලි කවලම් කරන්නේ ? (නදී)

:       0       0

නෆ්ලාන් Sunday, 09 November 2014 06:46 PM

අනේ හොඳයි. මේ මිනිසුන්ට සෑහෙන සතුටක් ඇති (නි)

:       0       0

බටුගෙදර Sunday, 09 November 2014 11:38 AM

හරක් මරණ එක නවත්වනකොට දැන් මාළු අල්ලන්න පටන් අරන්. කෝ අර සංවිදාන. අහිංසක සත්තු නේ මේ මැරෙන්නේ ? (නදී)

:       0       0

ඉසුරන්දි- දෝහා Sunday, 09 November 2014 11:51 AM

අනේ මන්දා අපේ මිනිස්සු මොන මොන පැතිවලින් හිතනවද කියලා. එහෙනම් ඉතින් ධීවර කර්මාන්තය තහනම් කරන්න ඕනේ අපේ රටේ. (නදී)

:       0       0

නාලක Sunday, 09 November 2014 11:54 AM

මෙව්වා හොඳ නැද්ද ? (නදී)

:       0       0

නිමේෂ් Sunday, 09 November 2014 07:49 PM

ඡන්දෙත් ළඟ කාලේ ලැබුණ වාසනාවක්! (නි)

:       0       0

සඳුන් Monday, 10 November 2014 01:51 PM

දැන් අපේ මාළු යුරෝපයෙනුත් ගන්නේ නැති ඒකේ.අපේ රටේම වික්කා නම් මොකද වෙන්නේ.(හේ)

:       0       0

නසීර් Sunday, 09 November 2014 07:48 PM

මේක නම් වාසනාවක් (නි)

:       0       0

ප්‍රියන්ත Monday, 10 November 2014 01:51 PM

මෙච්චර මාළු හම්බවෙලත් ඇයි මාළු ගණන්.(හේ)

:       0       0

වරුණ Monday, 10 November 2014 08:24 AM

ඉතින් ප්‍රිශාන් ගරු කටයුතු උත්තම සේවාවක් කරන නඩුකාර උන්නාන්සේටත් මිනිස්සු කතාකරන්නේ නඩු කාරය කියලනේ ?ඕක මිනිස්සු උපහාසෙට කියන එකක් නෙවේ මිනිස්සුන්ගේ භාෂාව හසුරවන අකරයෙයි ගැටලුව තියෙන්නේ?සර් කාරයා ප්‍රින්සිපල් කාරයා බස්කාරය කාර් කාරය බයිසිකල් කාරයා ඇවිල්ල හැප්පුවනේ මගේ ඇගේ කියලනේ කියන්නේ (බ)

:       0       0

ගාමිණී Sunday, 09 November 2014 12:20 PM

සමහර අය කියනවා මේ මාලු පවු අනේ දස වද දෙනවා අහිංසක සත්තු අරකයි මේකයි කියා. ඒ කියන අයට මාළු කන්න හොඳයි. ඒ මාළු මැරෙනවා දැක්කහම තමා පින් පවු මතක් වෙන්නේ. (නදී)

:       0       0

සුදත් ශ්‍රී Sunday, 09 November 2014 08:38 PM

සත්‍යපාල, මොනයම් හේතුවක් නිසා හෝ "සුරංගනීට මාළු ගෙනාවා" තමයි තවමත් විදේශිකයින් අතර ජනප්‍රියම සිංහල ගීතය. (නි)

:       0       0

ෆස්රුල් ගෆූර් - කටාර් Sunday, 09 November 2014 12:36 PM

ඉසුරන්දි - දෝහා, ඕවා ගණන් ගන්න එපා සමහරු අදහස් ලියන්නේ හරියට "කොහෙද යන්නේ මල්ලේ පොල්" වගේ. මොනවා හරි ලියන්න ඕනේ නිසා ඔහේ ලියනවා. (නදී)

:       0       0

ටිකිරි බණ්ඩා Sunday, 09 November 2014 12:44 PM

"එක් මාළුවකුගේ බර කිලෝ හයක් පමණ වේ. මාළු තොගයේ වටිනාකම රුපියල් කෝටියක් පමණ වෙතියි කියති".‍ මාළු බද්දක් අාව කියල අපිට නම් කුණු කුණු ගාන්න එපා හොඳද. (නදී)

:       0       0

සමන්ත Sunday, 09 November 2014 01:05 PM

ඉසුරන්දිගේ කතාවත් සමග මමත් එකග වෙනවා. අපිව වතුරේ ගිල්ලලා විනාඩියක් තිබ්බොත් කොච්චර වදයක් වේදනාවක් දැනෙනවද? මාලුවෙක් වතුරෙන් ගොඩට ගත්තහම ඒ හා සමාන වේදනාවක් මරණය දක්වාම විඳිනවා. කකුළුවෝ වගේ සත්තු පන පිටින් නටන වතුරකට දානවා. අපිට මෙහෙම කලොත් කොච්චර වේදනාවක් ඒවිද? මත්ශ්‍ය කර්මාන්ත අපේ වගේ බෞද්ධයන් විශාල පිරිසක් ඉන්න රටක තහනම් කරලා ආදර්ශයක් දුන්නොත් වැරැද්දක් නැහැ කියල මමත් හිතනවා (නදී)

:       1       0

බන්දුල පෙරේරා Sunday, 09 November 2014 01:27 PM

ටිකිරි බණ්ඩාට බය වෙන්න වෙන්නේ මී හරක්ට බද්දක් දැම්මොත් තමයි. බය වෙන්න එපා ඔබ තුමාගේ ආණ්ඩුව එනකම් එහෙම වෙන්නේ නැහැ. (නදී)

:       0       0

තීක්ෂණ Monday, 10 November 2014 01:56 AM

කින් බෙනට්ගේ අදහස කියෙව්වහම හිතෙනවා කොච්චර මෝඩද කියලා? එළවලු වලයි ප්‍රාණියෙකුගෙයි වෙනස අඳුරගන්නත් බැහැ (නි)

:       0       0

තීක්ෂණ Monday, 10 November 2014 01:57 AM

මාළුවෙක් වතුරෙන් උඩට ගත්තහම දඟලන්නේ මොනතරම් වේදනාවෙන්ද? (නි)

:       0       0

සේකර Monday, 10 November 2014 02:03 AM

අපේ තරුණ පරපුරේ බොහෝ දෙනෙක් මස් මාළු වලින් වැළකී සිටීමේ හොඳ ප්‍රවණතාවක් තිබෙනවා. ඇතැම් අය පාපය පාපයක් විදිහට නොදැක මිත්‍යාදෘෂ්ටියෙහි එල්බ සිටිනවා. "පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි" කියලා අපි පරම්පරා ගානක් උදේ හවස කියූ ජාතියක්. මේ මත්ස්‍ය කර්මාන්තය රටේ ව්‍යාප්ත වුණේ පරදේශක්කාරයෝ අපේ රට ආක්‍රමණය කිරීමෙන් පසුවයි (නි)

:       1       0

නාලනී Monday, 10 November 2014 02:09 AM

ඇතැම් අයගේ ප්‍රතිචාර දැක්කහම හිතෙනවා පන්සලක් පැත්ත පළාතේ යන්නේ නැති මිනිස්සුත් කොච්චර අපි අතර ඉන්නවද කියලා. (නි)

:       0       0

තිලක් Monday, 10 November 2014 02:10 AM

මේවා මීගමු ගෙනගොස් කරවල කරමුද? (නි)

:       0       0

තරංග Sunday, 09 November 2014 01:46 PM

ගොන් හරක් වගේ ප්‍රතිචාර දාන්න එපා. මෙහෙම හැමදාම මේ මිනිසුන්ට මාළු අහුවෙන්නේ නැහැ. මේ මින්ස්සු බොහොම දුක් මහන්සි වෙලා තමයි ජීවිතය ගැට ගහ ගන්නේ. නිකන් මෝඩ ප්‍රතිචාර දාන්න එපා. මේක නවත්තන්න කියලා. (නදී)

:       0       1

නිමල් රන්ජිත් Monday, 10 November 2014 02:13 AM

සත්තු මරන අය යළි යළිත් මේ ආකාරයෙන් දුක්විඳලා මරුමුවට පත්වෙනවා. අපිට මේ අය යහපත් මාර්ගයට අරගෙන වෙනත් කර්මාන්තයකට පුරුදු කරන්න පුළුවන් නම් හොඳයි (නි)

:       0       0

මහේෂ් Monday, 10 November 2014 03:28 PM

අනේ මන්ද පවු වැඩකට කොහොමද මිලක් දෙන්නේ.(හේ)

:       1       0

සමන් සිල්වා Sunday, 09 November 2014 01:59 PM

කොහේ මාළු ලාබ උනත් පානදුර නගරයේ මාකට් එකේ මාළු වෙළද සලේ කවමදාවත් මිල බහින්නේ නැහැ. එ්කට හේතුව තිබෙන මාෆියාව කිසිම ප්‍රමිතිකුත් නැහැ (නදී)

:       0       0

දිලිප් Monday, 10 November 2014 02:50 AM

ඔබගේ ජීවිතය ජයගන්න මෙයම ප්‍රමාණවත් නොවුණාට මෙමඟින් ඔබට ලොකු අස්වැසිල්ලක් ලැබෙන්න ඇති (නි)

:       0       0

ජයන්ත Sunday, 09 November 2014 02:03 PM

ඔබට මතකද මේ ආණ්ඩුවේ එක ඇමති කෙනෙක් කිවේ උතරු නැගෙනහිර මාළු කවුරුත් අල්ලන්නේ නැති හින්ද වයසට ගහිල්ල කියල කිව්වා. මම හිතන්නේ මේ වයසක මාළු රැලක් වෙන්න ඕනි (නදී)

:       0       0

රොෂාන් Monday, 10 November 2014 10:36 AM

ඇත්තටම සත්තු මරණ එක හොඳ වැඩක් නෙමේ (බ)

:       0       0

ටිකිරි බණ්ඩාර Sunday, 09 November 2014 02:17 PM

මේ යන ක්‍රමයට ඉදිරියේදි මොනවා වෙයිද දන්නෙ නැහැ.ඉවසීමෙන් ඉන්නකෝ. (නි)

:       0       0

කින් බෙනට් Sunday, 09 November 2014 02:18 PM

එළවලු පිහියෙන් කෑලි කෑලි වලට කපනකොට එළවලු වලට කොච්චර වේදනාවක් දැනෙනවා ඇද්ද? ඒ හින්දා අපි මස් කන්න එපා , මාළු කන්න එපා කියනවා වගේම එලවලුත් කන්න එපා කියමු (නි)

:       0       1

රෝහණ Sunday, 09 November 2014 02:32 PM

ගොන් හරක් වගේ ප්‍රතිචාර දාන්න එපා (නදී)

:       0       0

නුවන් Monday, 10 November 2014 04:55 PM

ධීවර කර්මාන්තය කියන්නේ ගොඩක් දුප්පත් මිනිස්සු රැකියාව වශයෙන් කරන කර්මාන්තයක්. අනික ඉඳලා හිටලා මිසක් මේ වගේ හැමදාම මාළු ලැබෙන්නේ නැහැ (නි)

:       0       0

ටිකිරි බණ්ඩා Monday, 10 November 2014 04:10 AM

මෙහේමවත් මාළු ටිකක් අපේ මිනිසුන්ට ලැබෙන්නේ දෙවියන්ගේ පිහිට නිසයි.දැනටමත් චීනය සමග ගහල තිබෙන ගිවිසුම් අනුව චීන විසාල දොර යාත්‍රා 34 කින් අපේ සිංහ කොඩිය ගහගෙන අපේ රටේ දේස සිමාව තුල ඉන්න මාළු ටික අල්ල ගන්නවා.බන්දුල පෙරේරා ඒ ගැන හිතල ඔලුව පිස්ස්සු කර ගන්න ඕනේ නැහැ.උදෙන්ම ගිහින් දේශප්‍රේමින්ට කතිරේ ගහල තියෙන දෙයක් කාල බුදිය ගන්න. (බ)

:       0       1

ටිකිරි බණ්ඩා Monday, 10 November 2014 04:10 AM

ප්‍රනාන්දු.බලන්නකෝ සිද්ද වෙන්නේ මොකක්ද කියල.මේ තමයි රටේ බත් කන හරක්ට සහ නොකන හරක්ට ලැබෙන අවසානම අවස්තාව. මේ අවස්තාව රට ගැන, රටේ අනාගත දරු පරම්පරාව ගැන හිතන්න තියෙන අවසානව අවස්තාව.මේ අවස්තාව මග හරිනවා කියන්නේ........කවදාවත් සමාවක් නම් නැහැ. (බ)

:       0       0

ටිකිරි බණ්ඩා Monday, 10 November 2014 04:12 AM

අපේ රටත්,රටට අයිති මුහුදත් දෙකම විකුනම් කාල ඉවරයි.චීන දොර යාත්‍රා 34 කින් අපේ කොඩිය ගහගෙන අපේ මාළු ටික අල්ලාගෙන චීනෙට අරන් යනවා.රටේ බත් කන හරක්ට ඒ ගැන එච්චර දැනීමක් නැහැ. (බ)

:       0       0

රන්ජිත් Sunday, 09 November 2014 02:51 PM

සමන් සිල්වා දීවර ඇමති ඔබගේ කලාපේ නේද එතුමා බලන් ඉන්නේ යුරෝපෙට මාළු පටවන්න විතරද ?(නදී)

:       0       0

ප්‍රියාල් Monday, 10 November 2014 05:05 AM

මේ මාළුන්ට කියන්නේ ලෙන පරා කියල. මේ හොදම පරා මාළු නෙවේ . (බ)

:       0       0

මලිත් Sunday, 09 November 2014 03:07 PM

පානදුරේ මාළු හරිම ගණන්. වෙළඳුන්ට ඕනෑ ඕනෑ විදියට වෙළඳාම් කරන්නේ. කිසිම මිල පාලනයක් නැහැ. (නි)

:       0       0

ගුනවර්දන Sunday, 09 November 2014 03:13 PM

කොහොම උනත් රාජිත ඇමති තුමාගේ ලොකු කයිවාරු නම් තියෙනවා පම්පෝරිත් එක්ක. රටට වැඩක් කරන ඉස්සල්ලා තමන්ගේ පැත්තට වැඩක් කරන්න. (නදී)

:       0       0

සරත් Sunday, 09 November 2014 03:31 PM

මෙතන තමයි ඉන්නේ ඔක්කොම අවිහිංසාවාදියෝ, දේශමාමකයෝ ආගමට දහමට ලැදි ලංකාවේ ඉන්න හොඳම මිනිස්සු ටික. අදහස් ටික බැලුවහම වෙන රටකද ඉන්නේ කියලා හිතෙනවා. (නි)

:       0       0

සිරිසේන Monday, 10 November 2014 05:59 AM

තමිල්නාඩුව ගණන්කාරකමට බදාගෙන කනවා. (බ)

:       0       0

වරුණ Monday, 10 November 2014 06:15 AM

මම සමන් සිල්වා එක්ක එකගයි බෝට්ටු එන මෝදර වැල්ලත් පානදුරේ මාළු ලෑලි වලත් සුසන්ත මාවත ගාව තියෙන බෝට්ටු පොලෙත් ලේසියෙන් මාළු ගාන අඩුවෙන්නේ නැහැ මමනම් දැන් පානදුරේ මාළු ගන්නේ නැහැ උදේ 5.35 කෝච්චියේ නැගල යනවා පැලියගොඩ මාළු මාර්කට් පානදුරේ තෝරු කෙලවල්ලෝ රුපියල් 800/1000 යි පැලියගොඩ රුපියල් 550/600 යි ලින්නෝ කිලෝව රුපියල් 130-150 පානදුරේ ලින්නෝ කිලෝව 320/- රුපියල් 1500 ක් අරන් පැලියගොඩ ගිහාම මාළු කිලෝ 3/4 ක් ගෙන්න පුළුවන් බොරුද කියල ඕගොල්ලොත් ගිහින් බලන්න ලාබෙ කොහොමද කියල ?මගවියදම් යන්න එන්න රු 100 ක් වත් නැහැ.(හේ)

:       0       0

ප්‍රිශාන් Monday, 10 November 2014 06:34 AM

ධීවර ජීවිතය කියන්නේ මොකක්ද යනුවෙන් සලකල බලන කල අවන්කවම ඒ විඳින දුකට මිනිස්සු නියම වටිනාකමක් දෙනවද? කුඩා එහෙම ඒ මිනිස්සුන්ට වටිනා කමක් දෙන්නේ? "මාළු කාරයා" කියල හංවඩු ගහන සමාජයක "මහා මුහුද" ඒ මිනිස්සුන්ට සම්පතක්.... ඒ සම්පතින් දුන්න තුටු පඳුරක් මේක.(හේ)

:       0       0

ජෙසිකා - සයිප්‍රස් Sunday, 09 November 2014 10:19 AM

අපේ රටට දෙවි පිහිටයි (නදී)

:       0       0

චන්ද්‍රසිරි Sunday, 09 November 2014 04:32 PM

පුදුම "වෙජිටේරියන්ස්ලා" ටිකක්නේ මෙතන ඉන්නේ (නි)

:       0       0

සත්‍යපාල Sunday, 09 November 2014 10:28 AM

මාළු මාළු මාළු දැන් ගෙනාපු මාළු සුරන්ගනිට මාළු ගෙනාවා කියලා කියන සින්දුව මතක් වුනා.(හේ)

:       0       0

අමීර් Sunday, 09 November 2014 10:31 AM

සිංහල දේශයේ වටිනාකම.(හේ)

:       0       0

හේමන්ත Sunday, 09 November 2014 10:37 AM

පාප කන්දරාවක මහත! මිනිසුන්ට දස වැඩ දුන්නු අය තමයි මලු වෙලා නැවත එන්නේ. (හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දුම්රිය පාර අයිනේ මළ සිරුරක්
2024 ඔක්තෝබර් මස 01 26 0

මිය ගිය පුද්ගලයෙකුගේ මළ සිරුරක් අද( 1) අඹේපුස්ස කීනදෙනිය දුම්රිය මාර්ගය ආසන්නයේ තිබී සොයා ගත් බව මීරිගම පොලිසිය කියයි .


අත්‍යවශ්‍ය වියදම් මුදල් නිදහස් කිරීමේ බලය මුදල් ලේකම්ට
2024 ඔක්තෝබර් මස 01 515 0

අක් මුදල් නිදහස් කිරීම සඳහා පවතින සීමාවන් ඉවත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත .


සල්ලි නොගෙන වැඩ කරන ජනාධිපති උපදේශකවරු
2024 ඔක්තෝබර් මස 01 1197 0

ආර්ථික කටයුතු හා මුදල් ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක දුමින්ද හුලන්ගමුව මහතාත් ආර්ථික කටයුතු හා මුදල් ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය ඒ. ඒ. ජේ. ප්‍රනාන්දු ම


වෙන්දේසියේ මල් වට්ටියට ලක්ෂ 7්ක්
2024 ඔක්තෝබර් මස 01 158 1

කරුවලගස්වැව ප්‍රාදේශීය ශාසනාරක්ෂක බල ප්‍රදේශයට අයත් මූණමල්ගස්වැව ශ්‍රී සුබෝධාරාම විහාරස්ථානයේ අභිනව විහාරමන්දිරය ඉදිකිරීමට ආධාර පිණිස සංවිධානය


ජපන් මහ මැතිවරණය ඔක්තෝබර් 27 වැනිදා
2024 ඔක්තෝබර් මස 01 82 0

කඩිනමින් මහ මැතිවරණයක් පැවැත්වීමට, ජපානයේ පාලක ලිබරල් පක්ෂයයේ නව නායකයා මෙන්ම, නව අග්‍රාමාත්‍යවරයා ද වන 67 හැවිරිදි ෂිගුරු ඉෂිබා තීරණය කර ඇත.


ජනපති ජුලී චන්ග් හමු වෙයි
2024 ඔක්තෝබර් මස 01 825 1

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකාවෙි එක්සත් ජනපද තානාපතිනි ජුලී චන්ග් මහත්මිය අතර හමුවක් අද (01) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38399 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25302 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 265 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 882 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 317 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site