IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


පුර සබේ ඩෙංගු මෙහෙයුම අරඹයි

ඩෙංගු උවදුර මර්ධනය කිරීමේ අරමුණින්  කොළඹ මහ නගර සභාවේ මහජන සෞඛ්‍ය දෙපාර්තමේන්තුව රාජ්‍ය ආයතන පරීක්ෂා කිරීමේ  හදිසි මෙහෙයුමක්   අද (10) උදෑසන  ඇරැඹිය.

ඒ අනුව පිටකොටුව  ලංකා ගමනා ගමන මණ්ඩලයේ  ප්‍රධාන බස් නැවතුම් පොළත් ,මරදාන දුම්රිය බඩු ගබඩා අංගනයත්  සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන්ගේ  පරීක්ෂාවට  ලක් විය.

දුම්රිය ගබඩා අංගනයේ  වැහි වතුර රැදී තිබු  ස්ථානයක මදුරු කීටයන් සිට සොයා ගත් අතර  පිටකොටුව  ලංගම බස් නැවතුම් පොළෙහිද  ජලය රැදී වසා දමා තිබු  කඩ කාමර කිහිපයක්ම තිබී  සොයා ගැනිණි.

 දුම්රිය දෙපාර්තමේන්තුවටත් ලංගම ආයතනයටත්  ලිඛිතව දැනුම් දී  වහාම එම ස්ථාන සුද්ධ පවිත්‍ර කරන  ලෙසද නියෝග නිකුත් කළේය.

 කොළඹ මහ නගර සභාවේ  දිසා අංක 02 සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ජී.ඩී කේ  ලක් ප්‍රිය මහතා සහ මහජන සෞඛ්‍ය පරීක්ෂක  ලාල් කුමාර   මහතා  ඇතුළු කණ්ඩායමක් මෙම සෝදිසි මෙහෙයුමට සහභාගී වුහ.

 



අදහස් (0)

පුර සබේ ඩෙංගු මෙහෙයුම අරඹයි

රන්ජිත් Tuesday, 11 June 2013 03:32 PM

කොළොඹ වැඩිම ඩෙංගු තියෙන්නේ දෙහිවල ගල්කිස්සේ. අනේ තවමත් නගර සභාව මර නින්දේ. දෙහිවල ආසනයට මෙලතියන් ටිකක් ගහන්නවත් නගර සභාව තවම ආවේ නැහැ. අහිංසක මිනිසුන්ට නෙවේ මේ වගේ නගර සභාවලටත් ඒවායේ බලධාරීන්ටත් ලොකු දඩයක් පනවන්න ඕනේ. ජන හඬ හඳුනන කොළොඹ නගර සභාවට අපේ ප්‍රණාමය. (නදී)

:       0       0

දුමින්ද Tuesday, 11 June 2013 10:36 AM

ඩෙංගු ආවහම තමයි අපේ බහුතරයකට ඩෙංගු මතක් වෙන්නේ,වාහන හැප්පුනහම තමයි අනාරක්ෂිත ගේට්ටු මතක් වෙන්නේ. එහෙත් එහෙත් මෙතෙක් කළ දේ මොනවාද? (නි)

:       0       0

දුමින්ද Tuesday, 11 June 2013 10:38 AM

ඩෙංගු ආවමයි ඩෙංගු මතක් වෙන්නේ, වාහන හැප්පුනහමයි අනාරක්ෂිත ගේට්ටු මතක් වෙන්නේ, එහෙත් මෙතෙක් කල වැඩක් තියෙයිද ? (ස)

:       0       0

ෂාෆීක් Monday, 10 June 2013 04:04 PM

මගේ අම්මෝ මේ වගේ තව කොච්චර ඇද්ද? (ස)

:       0       0

රොෂා Monday, 10 June 2013 04:43 PM

ගෙනාපු බී.ටි.අයි. කෝ? දැන් අතිසාරේට අමුඩ ගහලා වැඩක් නැහැ නේද? (නි)

:       0       0

ධනා Tuesday, 11 June 2013 01:09 AM

මේ ප්‍රශ්නය ඉවර වෙන්නේ ඩෙංගු වලින් අපි ඔක්කොම මැරිලා ඉවර වුන දවසටද? (නි)

:       0       0

උපුල් Monday, 10 June 2013 05:08 PM

පිටකොටුව බස් නැවතුම ඔතනින් අයින් කර කැලණිය පැත්තට ගෙනියන්ඩ. මිනිසුන්ට නොනවත්වා දුවන බස් යොදන්න.(නදී)

:       0       0

උපාලි Tuesday, 11 June 2013 04:37 AM

අපේ රටේ රාජ්‍ය ආයතන බොහොමයක් හදනවා මිසක් හරියට නඩත්තු කරන්නේ නැහැ. ඒවායේ වැසිකිලි අමු අපායවල්. ආපන ශාලා අසල ඉඳුල්, රොඩු කුණු පිරිලා. වත්ත පිටිය මුළුමනින්ම නොසලකා හැරලා තියෙන්නේ. ඩෙංගු චක්‍රලේඛ එනකොට මොනවා හරි කළත් සතියෙන් සියල්ල පෙර පැවැති තත්වයට එනවා. හැම දෙපාර්තමේන්තුවකම වෙනම "ඩෙංගු පාලන නිලධාරියෙක්" සිටිය යුතුයි. (නි)

:       0       0

රජිත් ඉතාලි Monday, 10 June 2013 05:43 PM

මේ ප්‍රශ්නෙට ස්ථිර පිලියමක් නැද්ද ? (නි)

:       0       0

චතුල වෙරෝනා Monday, 10 June 2013 06:35 PM

මේ මහත්වරුන්ට යන්න තහනම් ස්ථාන අපේ පැත්තෙ නම් ඕනෑ තරම් තියෙනවා. ඒවායේ ඕනෑ තරම් මදුරු කීටයොත් ඉන්නවා. වටේ ඉන්න අසරන මිනිස්සු තමා ඒ කරදරෙනුත් පීඩා විදින්නෙ (නි)

:       0       0

සංජීව Tuesday, 11 June 2013 08:02 AM

උපාලි , ඔයාගේ වගේ මොලේ තියෙන තව අය අපේ ආණ්ඩුවේ ඉන්නවා. එකනේ ඔයාගේ ක්‍රමයට සීනි ඇමති කෙනෙක් පත් කලේ.(නදී)

:       0       0

මොහොමෙඩ් Tuesday, 11 June 2013 09:50 AM

මදුරු කීටයන් බෝවෙන ස්ථාන අතර කැලි කසල ගොඩ ගසන ස්ථානත් ප්‍රධාන තැනක් ගන්නවා.බොහෝ නගර සභාවලට අයත් ප්‍රදේශ වලට කසල රැගෙන යාමට බොහෝ තැන්වල අවදානයට ලක් කරලා නැහැ.කසල රැගෙනයන ට්‍රැක්ටර් රියැදුරන් සහ සේවකයන් ඔවුන් හිතු හිතු දිනවලට සහ වෙලාවල් වලටයි වැඩ කරන්නේ. ඔවුන්සමග කතා කිරීම පවා සමහර ප්‍රදේශවල බයානක වී ඇත. පාරවල් දෙපැත්තේ කාණුවල කුණු පිරිලා, ඒවා සුද්ද කරන්නේ නැහැ. එසේ කරත් ඒ කුණු හා පස් පාරට දමා යනවා. කාණු වල දුර්ගන්දය අසල ජනතාවට විශාල ප්‍රශ්නයක්! ඩෙංගු ව්‍යාප්තියට සම්පුර්ණයෙන් වගකීම නගර සබාවට තමයි බාරදිය යුත්තේ. දැන් දඩ ගහන මුදල් වලින්වත් මේ ක්‍රමය වෙනස් වී කාර්යක්ෂම නිලදාරීන් යොදා මේ උවදුර මැඩලීමට වහ පියවර ගත යුතුයි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පහල යාගොඩ අමුතු ඝාතනයක්
2024 සැප්තැම්බර් මස 28 1729 0

ගණේමුල්ල පොලිස් වසමට අයත් පහළ යාගොඩ ප්‍රදේශයේදී යතුරු පැදියක පිටුපස ගමන් ගත් අයෙකු පැදි කරුගේ ගෙල කපා අනතුරුව බියට පත්ව ඔහුගේද ගෙල කපාගෙන ජීවිතක්ෂයට


රනිල් නායකත්වයේ සිටිය යුතුයි:ගාල්ල යෝජනා සම්මතයි
2024 සැප්තැම්බර් මස 28 1085 0

එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස කටයුතු කළ යුතු බවට වන යෝජනාවක් ගාල්ලේ විශේෂිත එ


ඩඩ්ලිගෙන් පාලන මිලට සහල්
2024 සැප්තැම්බර් මස 28 1635 0

බලයට පත් ආණ්ඩුවට සහයෝගයක් වශයෙන් තමා 28 වෙනිද සිට සියලුම සහල් පාලන මිලට ලබාදීමට කටයුතු කරන බව අරලිය සහල් ව්‍යාපාරයේ අධිපති ඩඩ්ලි සිරිසේන මහතා පවසයි.


අපේ පත් කිරීම්වලට අපි වග කියනවා
2024 සැප්තැම්බර් මස 28 1142 0

ජාතික ජන බලවේග රජය කරන සියලු පත්කිරීම් සඳහා රජය වග කියන බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය මහනුවර දී අද (28) පැවසුවාය.


බෝවතැන්න හිස් කරයි
2024 සැප්තැම්බර් මස 28 612 0

අලුත් වැඩියා කටයුත්තක් සහ නිරීක්‍ෂණ කටයුත්තක් සඳහා බෝතැන්න ජලාශයේ ජලය ඉවත් කරන නිසා අබන් ගඟ දෙපස ජනතාව දැඩි විමසිලිමත් වන ලෙස බෝතැන්න ජලාශ භාර ඉංජිනේ


ප්‍රධාන පක්ෂ බීලි කොකු සෙල්ලමක
2024 සැප්තැම්බර් මස 28 1131 0

ඉදිරි මහ මැතිවරණයේදී බහුතර මන්ත්‍රී සංඛ්‍යාවක් දිනා ගැනීම සඳහා පොදු සන්ධාන පිහිටුවා ගැනීමට දේශපාලන පක්ෂ නම්මා ගැනීමේ විශේෂ මෙහෙයුමක් එක්සත් ජාතික ප


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37968 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25014 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 239 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 777 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 278 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site