පසුගිය අගෝස්තු නම වැනිදා බුලත්සිංහල දේවමිත්තාරාමය අසලදී සිදු වූ අනතුරක් වාර්ථා නොකලැයි බුලත්සිංහල ප්‍රාදේශීය සභාපති තුසිත කුලරත්නගේ කැබ්රිය අද පොලිස් අත් අඩංගුවට ගත්තේය.
විහාරස්ථානයේ බෝධි පූජාවකට ගිය ළමයෙකු කැබ්රියේ හැපුනු පසු එම අනතුර වාර්ථා නොකළැයි පොලීසිය කියයි.
පොලීසිය අධිකරණයට කරුණු දක්වා වාහනය අත්අඩංගුවට ගත්තේය.
ළමයාගේ කකුල බිදී ගොස් ඇතැයි රෝහල් ආරංචි මාර්ග කියයි.
පාර්ලිමේන්තුව අද( 24) මධ්‍යම රාත්‍රී විසුරුවා හැරීමට නියමිතව ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.
යාපනය පොන්නාලෙයි මුහුදු ප්‍රදේශයේ ධීවර කටයුතුවල නිරතවු ධීවරයකු තෙප්පම පෙරැළී දියේ ගිලී මියගොස් ඇති බව වඩ්ඩුකෝඩ්ඩෙයි පොලිසිය පවසයි.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කොළඹ දවටගහ මුස්ලිම් පල්ලියට ගොස් මවුලවිතුමන්ලා හමුවී ආශිර්වාද ලබා ගත්තේය.
බුත්තල පොලිස් වසමට අයත් අඹකොළවැව ප්‍රදේශයේ වගා ළිඳකට වැටීමෙන් දෙදරු පියෙකු මියගොස් ඇතැයි බුත්තල පොලීසිය පවසයි.
2024 ජනාධිපතිවරණයෙන් ජනාධිපති ලෙස තේරී පත්වූ අනුර කුමාර දිසානායක මහතා වසර පහක කාලයක් සඳහා ජනාධිපති ධුරය බාර ගත් බව ප්‍රකාශයට පත් කරමින් අති විශේෂ ගැසට්
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ප්‍රා සභාපති කැබ්රිය අත් අඩංගුවට ගනී
රසිකා Saturday, 07 September 2013 05:55 AM
අපි දන්නා විදියට තුසිත කුලරත්න කියන්නේ හොද සභාපති කෙනෙක්. ඔහුට ප්‍රදේශයේ මිනිස්සු ආදරෙයි. හැබැයි මේ වගේ දේවල් වලින් ඔහුගේ නමට ලොකු කැළලක් ඇතිවෙනවා. මෙහි ඇත්ත තත්වය කුමක්ද කියලා හොයන්න පොලිසියට බාරදෙමු. (නි)
ජයා Saturday, 07 September 2013 08:08 AM
රියැදුරා නෙමෙයි, වහනය වැරදියි වගේ ,අනේ මෙහෙම රටක් (නි)
අචිනි Saturday, 07 September 2013 10:03 AM
ඇත්තටම මේ ලංකාවේ වුන සිද්දියක් ද පුදුමෙනුත් පුදුමයි.(නදී)
සමීර Saturday, 07 September 2013 10:28 AM
අපිට කන්න වෙනවා මේ පාරත් පස්.(නදී)
රෝහණ Friday, 06 September 2013 07:39 PM
අනේ මන්දා මේ මිනිස්සු ගැන.හැබැයි ඉතින් මොනවා කලත් අපේ මිනිස්සු ගිහින් නැවත පත් කර ගන්නවානේ.
පිටිගල Friday, 06 September 2013 07:46 PM
ඕක නේ අපි කියන්නේ පොලිසියට මොකක්ද වෙලා කියල. මොකටද ඔය අත් අඩංගුවට ගත්තේ. නීතිය ක්‍රියාත්මක කරන්නද? ප්‍රදෙසිය සභා පළාත් සභා මැති ඇමති වරු ඒවා වාර්තා කරන්න ඕන නැහැ. පොලිසියට තියෙන්නේ ඕන නම් ගුටිත් කළා සැලියුට් ගහන්න විතරයි. (දී)
ද සිල්වා බෙර්ලින් Saturday, 07 September 2013 10:33 PM
අනේ අපේ රටට ගිය කලක්! සෑමදිනකම පුවත් පත්වල ප්‍රාදේශීය සභාවක සාමාජිකයෙකුගේ හපන්කමක් ගැන කියවන්න පුළුවන්. නැහැ (නි)
අනුර Friday, 06 September 2013 09:25 PM
අශ්චර්වයේ සැප වහනෙන් පේනවා මරපල්ලා අපි ඔක්කොම යට කරලා (අ)
නිමන්ත Friday, 06 September 2013 09:34 PM
නීතියේ පිහිට තමයි (දී)
අහිංසක Friday, 06 September 2013 11:02 PM
මම හිතුවා ඒත් බාල අපචාරයක් කියලා (නි)
අමිල Sunday, 08 September 2013 10:15 AM
ඊට පස්සේ මොකද වෙන්නේ
ලලිත් Friday, 06 September 2013 11:24 PM
මෙහෙමත් මිනිස්සු! (නි)
අනුර Saturday, 07 September 2013 12:31 AM
රියැදුරාව නොවේද අත්අඩංගුවට ගත්තේ? (නි)
ඩන්ස්ටන් ද සිල්වා Saturday, 07 September 2013 12:42 AM
වාහනය විතරක් අත්අඩංගුවට අරගෙන තියෙන්නේ රියදුරු නැතුවද වාහනය පාරේ ගිහින් තියෙන්නේ? හරි අපුරු සොයාගැනීමක් පොලිසියේ (නි)
උපාලි Saturday, 07 September 2013 01:38 AM
පොලිසිය කොයිතරම් නිර්භීත වැඩක්ද කරලා තියෙන්නේ?දැන් ඉතින් කැබ් රිය රිමාන්ඩ් කරයිද? මං මේ දන්නේ නැති හින්දයි අහන්නේ. (නි)