IMG-LOGO

2024 සැප්තැම්බර් මස 21 වන සෙනසුරාදා


ප්‍රා.සභාව මුන්නේෂ්වරම් ප්‍රාණඝාතය වළක්වයි

මුන්නේෂ්වරම් ශ්‍රී භද්‍රකාලි අම්මාන් කෝවිලේ වාර්ෂික මහා සත්ත්ව බිලිපූජාව මෙම වසරේදී ද නොපැවැත්වෙන බව ප්‍රධාන පූජක සිවපාක්‍ය සුන්දරම් පවසයි.

හලාවත ප්‍රාදේශීය සභාව මෙම බිලිපූජාව පැවැත්වීම සඳහා අවසරය ලබාදී නොතිබීම මීට හේතුවයි.

පෙර අවස්ථාවලදී කිසිදු බාධාවකින් තොරව සතුන් බිලිදීම සිදුවූවත් විවිධ සංවිධාන මැදිහත්ව සතුන් බිලිදීමට එරෙහිව අධිකරණයේ නඩු පැවරීම ඒ සම්බන්ධයෙන් මහජන මතයක් ඇතිකිරීමටද හේතුවිය.තීන්දුව ලබාදුන් හලාවත දිසා අධිකරණය නියෝග කළේ පළාත් පාලන ආයතනයේ අවසරය ඇතිව මෙම බිලිපූජා පවත්වන ලෙසය.

හලාවත ප්‍රාදේශීය සභාවෙන් මේ පිළිඹද විමසූ විට එහි බලධරයින් ප්‍රකාශ කළේ මෙම අවසරය ලබාදිය යුතු හලාවත ප්‍රාදේශීය සෞඛ්‍යය වෛද්‍ය අධිකාරීවරිය එම අවසරය ලබාදී නොමැති බැවින් සතුන් බිලිදීමට අවසර ලබානොදුන් බවය.

‘‘සතුන් ඝාතනය කරන්න අවසර ලබාදෙන්න නම් කොන්දේසි 6 ක් පිළිපැදිය යුතු බව අපි දේවාලයේ පූජකයින්ට දැනුම්දීලයි තිබෙන්නේ.නමුත් ඒ සම්බන්ධයෙන් ඔවුන් නිසි ප්‍රතිචාරයක් දක්වා නැහැ.ඒ නිසා බිලිපූජාවට අවසර ලබාදීම අපහසුයි.‘‘ හලාවත ප්‍රාදේශීය සෞඛ්‍යය සේවා අධ්‍යක්ෂකවරිය වන සන්ධ්‍යා හේරත් මහත්මිය පැවසුවාය.



අදහස් (0)

ප්‍රා.සභාව මුන්නේෂ්වරම් ප්‍රාණඝාතය වළක්වයි

සිල්වා Friday, 28 August 2015 02:15 PM

සතුන් ඝාතනය තුලින් ලැබෙන්නේ මොකක්ද ? එතුලින් නැවත මිනිසත් බව ලැබීම නැතිවී අපා ගතවනවා ලොකු පිනක් කරලා තියෙන්නේ නීතය තුලින් නේපාලයේ මේ දේම කරලා පසුවදා භූමිකම්පා ඇති වුණා මතකනේ (අ)

:       0       0

වසන්ජය Friday, 28 August 2015 02:31 PM

හින්දු ආගමට අනුව බිලිපූජාව අනිවාර්ය වුණත් මිට්‍ය විශ්වාසයක් මත සත්ව ජීවිත නැති කිරීම හද කම්පා කරනවා .සතුන් නොමරා ඔය පුජාව කළහැකි විකල්පයක් නැත්ද .(අ)

:       0       0

මල්කි Friday, 28 August 2015 03:01 PM

අහන්නට ලැබුණු වටිනාම ලිපිය. නිලධරිනියට තුතී. සතුන්ට අපිට වගේම නිදහසේ ඉන්න ඉඩදෙන්න.සතෙකු බිලි දී කිසිම සැපයක් නොලෙබේ. නේපාලය සිහියට ගන්න. (අ)

:       0       0

විපුල Friday, 28 August 2015 03:32 PM

බිලී පුජා ලංකාවෙන් තහනම් කරන්න ව්‍යවස්ථාවට ඇතුලත් කළ යුතුයි . (හේ)

:       0       0

හැරිස් Friday, 28 August 2015 03:50 PM

හැමදාම අවුරුද්දෙම ඔය පුජාව නතර වෙනවා නම් හොදයි.(හේ)

:       0       0

ජයනාත් Friday, 28 August 2015 04:02 PM

මා පුද්ගලිකව මෙම දේවාලයට ගොඩ වදින්නේ නැහැ. කාලී යක්ෂණිය අදහන නිසා සහ මේ දියුණු ලෝකේ පිටු දැකිය යුතු මිලේච්ඡ බිලි පූජා සිදුකරන නිසා. බොදුණුවන් ද මෙහි පුදපූජා හා ප්‍රාණයට අන් අසරණ සතෙකුගේ (තමන්ගේ ප්‍රාණය නොවේ) පණ ඔවුන්ගේ මිත්‍යා විශ්වාසයනට කැප කරනවා. බොදුනුවනි මෙම මුන්නේස්වරම් දේවාලයට යාමෙන් වලකින්න. බුද්ධ දේශනාව ප්‍රාණ ඝාතනය හා මිත්‍යා විශ්වාස අනුමත නොකරන බව ඔබ දන්නවානේ. අර ඉරිදාට තියෙන එක්තරා පුවත්පතක මිත්‍යා වපුරන අදහස් පිළිගන්න එපා. ඔවුන් පුවත් පත විකුණා ගන්න ඕනෙම පහත් දේවල් කරන උදවිය. (නදී)

:       0       0

බුද්ධික Friday, 28 August 2015 04:11 PM

කාලෙකින් අහන්න ලැබුනු සතුටුදායක ලිපියක්. මැදිහත් උන සියළු නිලධාරීන්ට ප්‍රණාමය (නදී)

:       0       0

රන්ජිත් Friday, 28 August 2015 04:36 PM

සන්ද්‍යා හේරත් ඔබට අපේ ආචාරය මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය දුන් ආදර්ශය දැන් රට පුරාම ක්‍රියාත්මක වන බව පෙනේ (නදී)

:       0       0

සමන්ති Saturday, 29 August 2015 11:27 PM

දිනකට සතුන් දහස් ගණනක් බිලිදෙන සත්ව ගොවිපලවල් ලංකාවේ කොපමණ තියෙනවද ? සැම නගරයකම කුකුලන් මරණ කඩ තියෙනවා නේද? (නදී)

:       0       0

වසන්ජය Friday, 28 August 2015 09:04 PM

දිසා අධිකරණය ඇඟ බේරාගෙන ඇති අතර සෞක්‍ය වෛද්‍ය අධිකාරී වරිය කෙලින් රාජකාරිය කර ඇති බව මේ ලිපියෙන් පෙනෙනවා (නදී)

:       0       0

රන්ජිත් බෝගොඩ Friday, 28 August 2015 11:46 PM

සෞඛ්‍ය වෛද්‍ය නිලදාරී තුමියනි උපරිම කොන්දේසි පනවන්න (නදී)

:       0       0

වයිකෝ Saturday, 29 August 2015 12:18 AM

මහත්පල, මහත් ආනිසංස ලැබෙන කුසලයක්. (නදී)

:       0       0

ගාමිණි Saturday, 29 August 2015 12:45 AM

මෙය මිනිස්කම සහ තිරිසන්කම් අතර වෙනස පෙන්නන දේවල්. "සමහරක්ට" තාම තිරිසම් ගතිය අත අරින්න අමාරුයි (අ)

:       0       0

කැනඩා දිසා Saturday, 29 August 2015 03:14 AM

මේකේ ගරු නම යන්න ඕනේ මර්වින් සිල්වාට .(අ)

:       0       0

නිහාල් Friday, 28 August 2015 10:11 AM

බිලිපුජා පවත්වන්න පුළුවන් රටකට දේවාලය අරන්යන්නයි තියෙන්නේ.අපේ අය කොච්චරවත් පිටරට යනවද දෙවාලවල් වන්දනා කරන්න. (අ)

:       0       0

නුවන් Friday, 28 August 2015 10:15 AM

කාලෙකින් අහන්න ලැබුණ සතුටුදායක පුවතක්, (අ)

:       0       0

සෑම් Friday, 28 August 2015 10:56 AM

අනේ ඉතාමත්ම හොඳ වැඩක්. අහිංසක සතුන්ට තව කාලයක් ජීවත් වීමට් ඉඩ ලබාදුන්නාට පළාත් සභාවේ සියලු දෙනාට පින්. (අ)

:       0       0

සුසන්ත Friday, 28 August 2015 10:57 AM

කොන්දේසි මතවත් සතුන් මරන්න අවසරය දෙන්න එපා. (අ)

:       0       0

නිහාල් Friday, 28 August 2015 11:15 AM

මෙහි ප්‍රණාමය මර්වින් සිල්වා මහතාටත් ලැබිය යුතයි.(නදී)

:       0       0

නවුෆල් හැරිඩ් Friday, 28 August 2015 11:27 AM

එහෙනම් මස් මාලු බිත්තර කන්න එපා. එතනත් ජීවිතයක් නැති වෙනවා (නදී)

:       0       0

සාමුලී Friday, 28 August 2015 11:30 AM

ඔව් අනේ මේ මොන නීති දාලාවත් ඔය කාලකන්නි වැඩේ කරන්න එපා. පේනවනේ නේපාලය විදපු දුක. අද ඒක නිසා එයාලගේ ජනාධිපති මැදිහත් වෙලා ඒක නවත්වලා. (නදී)

:       0       0

තිලකසිරි Saturday, 29 August 2015 07:22 AM

ඒක ඉතාම උතුම් පින්කමක්. කාන්තාවක් වෙලා ඇය ගත් කොන්ද පණ ඇති තීන්දුව අනිත් අයත් ගන්නවා නම් තවත් ගොඩක් ප්‍රාණගාත නවත්තන්න පුලුවන්. ජයනාත් කිව්ව වගේ එක්තරා පුවත්පතක ඕවා රස කරල ලිපි ගණනාවක් පල වුනා. ඒ වගේ මිනිස්සුන්ව මුලා කරනවට හෙන ගහන්න ඕනේ. (නදී)

:       0       0

සනත් ඒකනායක Friday, 28 August 2015 12:19 PM

මේ රටේ හරක් මරණ එකත් තහනම් වේවා (නදී)

:       0       0

මහින්ද ආර් කිතුල්ගොඩ සී ෂෙල්ස් Friday, 28 August 2015 12:23 PM

නව්ෆල් ....කොහොමටත් ...එකෙන් මිදෙන්න කැමති නෑ නේද ?....(අ)

:       0       0

ජයසේන Friday, 28 August 2015 12:51 PM

නිලධාරීතුමට බොහොම පිං (අ)

:       0       0

ජයනාත් Sunday, 30 August 2015 10:04 AM

සමන්ති ඔබේ කතාවත් ඇත්ත.මේ මස් පිණිස කරන සත්ව ඝාතන 80% පමණ නවත්වන්නට පුළුවන් බෞද්ධ අපටමයි. ජෛන ආගම හා බුද්ධ දර්ශනයෙන් පමණයි ප්‍රාණ ඝාතනය පිටු දැකල හා වලකින්න අවවාද කරලා තිබෙන්නේ. මන්ද බොදු දර්ශනය මිනිස් බුද්ධියට ආමන්ත්‍රණය කරනවා. බෞද්ධ දර්ශනය හරිම උතුම්. පළමුවෙන්ම කියලා තියෙන්නේ පර පන නැසීමෙන් වලකින්න කියලයි. අපි හරියට පිළිපදින්නේ නැහැ මේ උතුම් දර්ශනය, ඉතාම සීමිත පිරිසක් හැර වනවාසී භික්ෂුන් හා සමහර භික්ෂුන් ගිහියන් වැනි. මන්ද මේ තරඟකාරී ආර්ථික හා සංකීර්ණ ජීවන රටාවන්ට හුරු වන්න සිදුවී ඇති නිසා. අනිකුත් ආගම්වලට මේ ක්‍රියාව ප්‍රායෝගික නැහැ. බොදුනුවන් එක මාසයක් කිසිම මාංශ පරිභෝජනයක් අත්හැරියොත්...? මෙය විවාදාත්මක කතිකාවතක් තවමත්...!(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්ද පත්‍රිකාවේ ෆොටෝ ගහන්න ගිහින් මාට්ටු
2024 සැප්තැම්බර් මස 21 1182 0

මිටියාගොඩ පොලිස් වසමේ තෙල්වත්ත සුමනාරාම විහාරස්ථානයේ ඡන්ද මධ්‍යස්ථානයේදි තම ඡන්ද පත්‍රිකාව යාරූපගත ගතකල පුද්ගලයෙකු අද(21) උදැසන අත් අඩංගුවට ගත් බව ගා


ඡන්දෙන් පස්සේ ’’චණ්ඩි පාට්’’ දැම්මොත් වැඩ වරදී
2024 සැප්තැම්බර් මස 21 821 0

ජනාධිපතිවරණයෙන් පසු සති දෙකක් යනතුරු රට පුරා පොලිසිය සහ ත්‍රිවිධ හමුදාව දැඩි සීරුවෙන් තැබීමට කටයුතු කරන බව මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් වියානි ගුණ


බීමතින් ඡන්දපෙට්ටි අරන් ගිහින්
2024 සැප්තැම්බර් මස 21 938 0

කෑගල්ල දිස්ත්‍රික් ඡන්ද පත්‍රිකා බෙදා හැරි ස්ථානයේ සිට දැරණියගල ආසන්නව ඇහැලියගොඩ පොලිස් බල ප්‍රදේශයට අයත් ඡන්ද පෙට්ට් සහ කාර්ය මණ්ඩලය රැගෙන ගිය වෑන


ඡන්ද මධ්‍යස්ථානයක යකා නැටු කාර්යාල සහායක අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 21 1501 0

මැතිවරණ රාජකාරිවලට සම්බන්ධ කාර්යාලීය කාර්ය සහායෙකයෙකු මැතිවරණ රාජකාරි කටයුතු වලට බාධා වන අන්දමින් හැසිරිම හේතුවෙන් අත්අඩංගුවට ගත් බව නාඋල පොලිසිය


’’මැකෝ’’ මහ ඡන්දෙටත් සූදානම්
2024 සැප්තැම්බර් මස 21 609 0

නව ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවා හැරියහොත් මහ මැතිවරණය පැවැත්වීම සඳහා සූදානමින් සිටින්නැයි මැතිවරණ කොමිෂන් සභාව සියලුම දිස්ත්‍රික් තේරීම්


තැනින් තැන අදත් වැසි
2024 සැප්තැම්බර් මස 21 33 0

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වන අතර ඇතැම් ප්‍රදේශවලට මි.මී. 50 ක පමණ තරමක තද වැසි ඇත


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14569 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 162 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 100 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 141 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site