IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


ප්‍රා සභාව මළවුන් නැගිට්ටුවයි

අම්බලන්ගොඩ ප‍්‍රාදේශීය සභාවට අයත් බටපොළ පොදු සුසාන භූමියේ සොහොන් කොත් සහිත මීනිවළවල් අධිකරණ අවසරයකින් තොරව ඩෝසර් කර දමා තණකොළ පිඩැලි සහිත පස් බැම්ම ද විනාශ කැර ඇතැයි කියති.

වසර 30 කට අධික කාලයකට ඉහත දී  මිය ගිය නීතීඥවරුන්, ගුරු මව්පියන්, ගමේ පැරණි ප‍්‍රභූවරුන් හා විද්වතුන් මෙන්ම ගැමියන්ගේ සිරුරු 40 කට වැඩි සංඛ්‍යාවක් භූමීදානය කර ඇති මෙම සුසාන භූමීය ඉකුත් මස ඩෝසර් බැකෝ යන්ත‍්‍ර යොදා පස් කපා ඉවත් කර තිබේ.

මිටියාගොඩ බටපොළ විහාරස්ථානයට ඉදිරියෙන් පාරේ අනිත් පැත්තේ කදු ගැටයක පිහිටි මෙම පොදු සුසාන භූමීයට ඉහළින් ප‍්‍රාදේශීය සභාවේ ආදාහනාගාරය ද  පිහිටා ඇත.

ලංකාවේ නීතිය අනුව පොදු හෝ පවුලේ සුසාන භූමීයක වළ දමා හෝ තැන්පත් කර ඇති මළ සිරුරක් එම ස්ථානයෙන් ඉවත් කිරීමට ඥාතීන්ගේ කැමැත්ත ඇතිව ප‍්‍රදේශයේ අධිකරණයෙන් අවසර ලබාගත යුතු වේ.

එවැනි ක‍්‍රමවේදයන් කිසිවක් අනුගමනය නොකරමින් එම පොදු සුසාන භූමීයේ වල දමා තිබූ මියගිය අයගේ ඥාතීන්ගේ විරෝධතා මැද ප්‍රදේශිය සභාව විසින් සොහොන් භූමීය තුළ තිබූ මළ සිරුරු තැන්පත් කළ වලවල් හා සොහොන්කොත් සොයා ගැනීමටවත් නොහැකි වන සේ විනාශ කර දැමීම පිළිබඳව ප‍්‍රදේශවාසිහු 119 පොලිස් හදිසි ඇමතුම් අංශය වෙත පැමිණිලි කළ බව තම නම් සඳහන් කිරීමට අකමැති කීපදෙනෙකු පැවසීය.

මේ සම්බන්ධව අම්බලන්ගොඩ ප‍්‍රාදේශීය සභාවේ විපක්‍ෂ නායක කේ.කේ.ලක්‍ෂ්මන් මහතා පැවසුවේ දිගුකලක් සිට කැලෑවට යට වෙමින් තිබූ සොහොන් භූමීය නවීකරණය කිරීමට තණකොළ පිඩැලි ඇල්ලූ බවත් එය කියන තරම් සොහොන් වලට හානියක් සිදුනොවූ බවයි.

DSC06156 DSC06160 DSC06163

 



අදහස් (0)

ප්‍රා සභාව මළවුන් නැගිට්ටුවයි

ප්‍රසන්න Saturday, 23 May 2015 11:56 AM

දැන් ගොඩක් කට්ටියට මොකක් වුණත් පෙනෙන්නේ යහපාලනයේ වැරදි. (නි)

:       0       0

ඉසුරන්දි Saturday, 23 May 2015 05:19 AM

රටට ගිය කලක්. (ස)

:       0       0

ප්‍රනාන්දු Friday, 22 May 2015 09:09 PM

මේ යහපාලනයේ මහිමයද? (නි)

:       0       0

නන්දලාල් Friday, 22 May 2015 12:47 PM

මේක ඉතාම අමානුෂික සිද්දියක්. කවුරු කොහොම කීවත්, මොන සිද්ධාන්ත ගෙනහැර පැවත්, මියගිය සාමාන්‍ය හෝ උසස් ප්‍රාදේශීය වාසීන්ට මෙවැනි විදියට අගරු කිරීම ඉතාම නින්දිත ක්‍රියාවක් බව නම් නොකියාම බැරිය ...... මා සිටින රටේ මෙවැනි සිද්දියක් ඇති උනොත් එම වැරදිකරුවන්ට නඩුපවරා දඬුවම් දෙනවා. ශ්‍රී ලංකාවෙත් මෙවැනි නීති පද්ධතියක් තිබේද? (කේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අධිකරණයට අපහාස කළැයි නිලන්තට චෝදනා
2024 සැප්තැම්බර් මස 27 340 0

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ වන්දිය ලෙස නියම කළ රුපියල් මිලියන 75ක මුදල ගෙවීමට අපොහොසත් වීමෙන් අධිකරණයට අපහාස කළේ යැයි රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්


වසා දැමූ කොළඹ පාරක් ජනපති නියමයෙන් යළි අරී
2024 සැප්තැම්බර් මස 27 798 1

ශ්‍රීමත් බාරොන් ජයතිලක මාවත සහ ජනාධිපති මන්දිරය අසල පිහිටි ජනාධිපති මාවත අද සිට මහජනතාවට විවෘත කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක පොලිසියට නියෝග ක


වැඩබලන පොලිස්පති ලෙස ප්‍රියන්ත වීරසුරිය පත් කරයි
2024 සැප්තැම්බර් මස 27 491 0

වැඩබලන පොලිස්පතිවරයා ලෙස උතුරු මැද පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා අද (27) පත් කර තිබේ.


සජබේ මහ පුටු වෙනසක්
2024 සැප්තැම්බර් මස 27 838 0

සමගි ජන බලවේගයේ සභාපති ධුරය සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉම්තියාස් බාකීර් මාකාර් මහතා පත් කර තිබේ.


රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් ඉල්ලා අස්වෙයි
2024 සැප්තැම්බර් මස 27 1336 0

රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් දිනිත් චින්තක කරුණාරත්න මහතා එම ධුරයෙන් අද ඉල්ලා අස්වී තිබේ.


රණාලේ වගුරු බිමක මිනිස් ඇටකටු
2024 සැප්තැම්බර් මස 27 563 0

නවගමුව රණාල ප්‍රදේශයේ වගුරු බිමක තිබී මිනිස් ඇටසැකිලි කිහිපයක් හමු වූ බව නවගමුව පොලිසිය පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37638 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24811 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 216 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 718 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 257 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site