IMG-LOGO

2024 ඔක්තෝබර් මස 10 වන බ්‍රහස්පතින්දා


පාලකයන් යන අත මල්වතු නා හිමි පෙන්වති

(ෂේන් සෙනෙවිරත්න)

රටේ පාලකයන්ට කොතරම් හොඳ පැත්ත පෙන්වා දුන්නද ඒවා ගණන් නොගෙන ඔවුන් බලාපොරොත්තු වන ආකාරයට ගමන් කිරීමට ඔවුන්ට අවශ්‍ය වී තිබෙන බව තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මල්වතු මහා විහාර පාර්ශවයේ මහා නායක   හිමියෝ පැවැසූහ.

උන්වහන්සේ එසේ පවසා සිටියේ තැපැල් දෙපාර්තමේන්තුවට අයත් නුවරඑළිය සහ මහනුවර කෞතුක වටිනාකමකින් යුතු ඉපැරණි ගොඩනැගිලි දෙකක් ඉන්දියානු සමාගමකට විකුණා දැමීමට වත්මන් ජනාධිපතිවරයා පියවර ගැනීමට එරෙහිව මල්වතු මහනායක හිමියන් දැනුවත් කිරීම සඳහා  ඒකාබද්ධ තැපැල් වෘත්තිය සමිති පෙරමුණේ නිලධාරීන් මහා නා හිමියන් බැහැදුටු අවස්ථාවේදීය .

එහිදී එම වෘත්තිය සමිති නිලධාරීන් මහානායක හිමියන්ගෙන් ඉල්ලා සිටියේ නුවරඑළියට පැමිණෙන විදේශිකයන්ගේ ආකර්ෂණයට ලක්ව තිබෙන මෙම ඉපැරණි ගොඩනැගිල්ල විනාශ නොකරන ලෙසට මහනායක හිමියන් මැදිහත්ව ජනාධිපතිවරයා දැනුවත් කරන ලෙසයි .

එහිදී මහා නායක හිමියන් වෘත්තී සමිති නිලධාරීන් හමුවේ අදහස් දක්වමින් පවසා සිටියේ නුවරඑළියේ එම කෞතුක ගොඩනැගිල්ල වෙනත් කටයුත්තකට යොදා ගන්නවාට එරෙහිව විදේශිකයන් පවා විරෝධතාවයේ යෙදෙන අයුරු තමන් වහන්සේ දුටු බවයි .

එම ගොඩනැගිල්ල මීට පෙර දී ද මේ ආකාරයෙන් අත්පත් අත්පත්කර ගැනීමට උත්සහ කළා නේදැයි මල්වතු මහ නාහිමියන් වෘත්තීය සමිති නිලධාරීන්ගෙන් ප්‍රශ්න කර සිටි අවස්ථාවේදී ඔවුන් මහා නා හිමියන් හමුවේ පවසා සිටියේ වත්මන් ජනාධිපතිවරයා අගමැති ධූරය දැරූ 2018 වසරේ දී මේ ආකාරයෙන්ම එම ගොඩනැගිල්ල අත්පත් කර ගැනීමට උත්සාහ කළ බවයි .

 



අදහස් (3)

පාලකයන් යන අත මල්වතු නා හිමි පෙන්වති

මැක්ස් Wednesday, 08 November 2023 06:54 PM

සුද්දා හදපු බිල්ඩිමක් බේරා ගන්න තියෙන උනන්දුව... උතුරු නැගෙනහිර පුරා විද්‍යාත්මක වටිනාකම නිමක් නැති බොදු සිද්ධස්ථාන ආරක්ෂා කර ගැනීමට නොදැක්වීම කණගාටුවට කරුණකි...

:       0       0

විජිත් Wednesday, 08 November 2023 07:46 PM

රනිල් කියන්නේ ඉන්දියාවේ "වඩුග" ජාතික මිනිසුන්ගෙන් පැවත එන වඩුග ජාතිකයෙකි." ( මෙය ජාතික ලේඛනාගාරයේ ලේඛන පරීක්ෂා කළොත් ඉතාම පහසුවෙන් සොයාගත හැක.) ලෙයට ලෙය අදිනවා " කියන්නේ මෙයටයි. ඉන්දියාවට ලංකාවම විකුණන්න වුණත් මෙයා උත්සාහ කරයි. ඒ නිසා මේ මොලේ අමාරුකාරයාව බලයෙන් පහකරන්න සියලු දෙනාම පෙරට ඒමට කාලයයි.

:       1       2

රංබොඩ Wednesday, 08 November 2023 07:47 PM

මිස්ටර් බීන් හැමදාම කළේ කොටින්ට සහ අනෙකුත් අන්තවාදීන්ට පණ පොවන එකයි, රටේ වටිනා සම්පත් විදේශිකයන්ට විකුණන එකයි. එලවලාම දාපු මනුස්සයා ආයෙ ආවනේ බලයට....!

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අතරමඟදී හමුවූ තරුණිය දරුවකු තෑගි කරලා
2024 ඔක්තෝබර් මස 09 841 0

අවුරුදු තුනක පමණ දරුවකු සිටින තරුණ මවක් විසිහතර හැවිරිදි තරුණයකු සමඟ මිතුරු වී තරුණයාගේ නේවාසික කාමරයට පැමිණ දින දෙකක කාලයක් කාමරයේ ගත කර ඒම දරුවා තරු


බිරිය වී ගෝනියේ සැඟවු ලක්ෂ 15ක් සමඟ සැමියා වී ගෝනිය විකුණලා
2024 ඔක්තෝබර් මස 09 1488 0

තම දියණියගේ අත්‍යාවශ්‍ය කටයුත්තක් සඳහා ඉඩමක් විකුණා ලබාගත් රුපියල් ලක්ෂ 15ක මුදල බිරිය වී ගෝනියක සඟවා තිබියදී ඒ බව නොදැන සැමියා එම ලක්ෂ 15 ද සමග වී ගෝනිය


යතුරුපැදි අනතුරෙන් පොලිස් සැරයන්වරයෙකු මරුට
2024 ඔක්තෝබර් මස 09 322 0

පාදුක්ක බෝපේ හරහා තුම්මෝදර මාර්ගයේ දඹෝර ප්‍රදේශයේ දී අද(09)වැනි දින සවස සිදු වූ යතුරුපැදි අනතුරකින් පාදුක්ක පොලිසියට අනුයුක්තව රාජකාරි කළ පොලිස් සැරය


ජනපති - රේගු සහ දේශීය ආදායම් නිලධාරීන් අතර හමුවක්
2024 ඔක්තෝබර් මස 09 1355 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ හා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අතර හමුවක් අද (09)jවැනි දින ජන


යතුරුපැදි දෙකක් ගැටී කාන්තාවක් මරුට
2024 ඔක්තෝබර් මස 09 462 0

අවිස්සාවේල්ල - කොළඹ හයිලෙවල් මාර්ගයේ පාදුක්ක මාවතගම කොඩිගහකන්ද මාවත අසලදී යතුරු පැදි දෙකක් එකිනෙක ගැටීමෙන් අද (10)වැනි දින සවස සිදු වූ අනතුරකින් එක් යතු


ත්‍රිරෝද ගාස්තු අඩුවෙයි
2024 ඔක්තෝබර් මස 09 1178 0

ත්‍රී රෝද රථ සඳහා අයකරන ගාස්තු අද(09) සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කර තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39635 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25783 13


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 366 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1210 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 408 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site