IMG-LOGO

2024 ඔක්තෝබර් මස 09 වන බදාදා


පලාගල වැවක් වනසයි : ඇමැති නොදනී

වැව හාරන මුවාවෙන් වැලි හැරීමක් අනුරාධපුර පලාගල පරවහගම ග්‍රාම නිලධාරී වසමේ රත්මල්ගහවැවේ ක්‍රියාත්මක වෙන බවත් යන්ත්‍ර සුත්‍ර යොදා වළවල් හැරිම පස් සේදීම නිසා සතකුට හෝ වැවට පැමිණීමට නොහැකි බවත් කියති.

උතුරු මැද වාරිමාර්ග අමාත්‍ය එච් .බී.සේමසිංහ මහතා එකවරම කියා සිටියේ මේ පිළිබඳව තමන් කිසිම දෙයක් නොදන්නා බවය. දිගින් දිගටම ලංකාදීපය මේ පිළිබඳව ඇමැතිවරයාගෙන් කරුණු විමසා සිටියේ වසර ගණනාවක් ඉතා ප්‍රසිද්ධියේ සිය අමාත්‍යංශයේ නාමය රජයේ නාමය භාවිතා කරගෙන යන වැලි සේදීම අලෙවි කිරීම නොදන්නවා යයි පැවසීම පිළිගැනීමට නොහැකි බවයි.

දුරකථනය විසන්ධි කළ ඇමැති පැයකට පමණ පසු නැවත අපට ඇමතුමක් ගෙන මෙසේ කිවේය. ‘මම මේ ගැන වාරිමාර්ග ප්‍රධානීන්ගෙන් අහලා බැලුවා. ගොවි සංවිධානයේ ඉල්ලීමක් මත වැව හාරන්න රොන් මඩ ඉවත් කරන්න අවසර දීලා  තියෙන්නේ‘

අපට පුළුවන්ද ඒ වාරිමාර්ග නිලධාරියාව සම්බන්ධ කරගන්න යැයි අප විමසීමක් කළෙමු ‘නෑ මගේ ළග නොම්බර නෑ ගිහින් මුණගැසෙන්න‘ යයි කිවේය.

වසර දෙකකට ආසන්න කාලයක් මේ වැව හැරීම සිදුකරගෙන යන බවත් මේ වනතුරුත් සිදුකර ඇත්තේ වැලි සෝදන රොන් මඩ වලින් වැව පිරී ඇති බවත් ගොවිතැනට සතා සිව්පාවාට ජලය අහිමි කිරීමද ඉපැරණි වටිනා ගස් කොළන් ටික විනාශ කිරීම  මේ වනවිට සිදුවන බවත් අපි හෙළි කළෙමු.

මේ ප්‍රදේශය හා වැව කහල්ල පල්ලෙකැලේ වනජීවී කලාපයට අයත් ය. වනජීවී කලාපයක මේ ආකාරයෙන් යන්ත්‍ර සුත්‍ර යොදාගෙන රජයේ හා දේශපාලන අධිකාරියේ නම් කියමින් ජනතාව බියගන්වා මෙය සිදු කරන බවත් හෙට අනිද්දා වර්ෂාව ලැබුණහොත් මේ වැව විශාල අනතුරකට පත්වීමේ වැඩි ඉඩකඩක් පවතින බවත් ගම්මු කියති.

DSC09448 DSC09451 DSC09457 DSC09466 DSC09470 DSC09483 DSC09487 DSC09510



අදහස් (0)

පලාගල වැවක් වනසයි : ඇමැති නොදනී

විපුල Monday, 19 September 2016 10:35 AM

මේ යන්ත්‍රවල සද්දේ ඇහෙනවා නමුත් පොලිසියට ඇහෙන්නේ නැහැ. පොලිස්සියේ උපාය දුතයන් ඉන්නවා නමුත් ඒ යටත් පෙනේනේ නැහැ .හැබැයි ඒ ඔක්කොම මාධ්‍යයට පේනවා. දැන් අපේ ජනපති මේක පත්තරෙන් බලල මොනවහරි කරයි.(අ)

:       0       0

චුල Monday, 19 September 2016 10:17 PM

කෝ මේ ලොක්කෝ? ඔවුන් ඇස් පියාගෙන ඉන්නේ කාලා ඉවර වෙනකන්ද? මේ රටේ අනාගත පරපුරට ඉන්න තැනක් මොවුන් තියන්නේ නැහැ. (නි)

:       0       0

බමුණුසිංහ Monday, 19 September 2016 10:41 AM

යාලුවෝ කරන දේවල් මැති ඇමතිලා දන්නේ නැහැ මැති ඇමතිලා කරන දේවල් අගමැති දන්නේ නැහැ (අ)

:       0       0

බණ්ඩාර - කැකිරාව Monday, 19 September 2016 10:53 AM

යහා පාලනය කියන්නේ හුදෙක් වචනෙට සීමාවුණු දෙයක් කියල උතුරුමැද පළාතෙන් මනාවට ඔප්පු වෙනවා, අවුරුදු 18 පස්සේ මේ දේශපාලන ගොබිලුනට බලය ලැබුන නිසාම තම හිතවාදීන් සතුටු කරන ආකාරය මෙහෙමයි (බ)

:       0       0

ප්‍රියාන් Monday, 19 September 2016 10:56 AM

ජනාධිපතිතුමා මොනවත් දන්නේ නැ. (අ)

:       0       0

රූපවතී Monday, 19 September 2016 11:50 AM

මේ වගේ සිද්ධි තව කොච්චර වෙනවද?(හේ)

:       0       0

රූපවතී Monday, 19 September 2016 05:27 AM

මේවන කොට කරලා තියෙන විනාශේ මුළු රටම හාරලා වැලි ලොරිකාරයන්ට විකුණනවා තව අවුරුදු 5 ක් කළොත් මේ රටේ දෙගොල්ල මාරුවෙන් මාරුවට...?දැන් මාධ්‍ය වර්තාකරුවන් නොහිටින්න මේ රටේ ජනතාවට කිසිවෙකුගෙන් පිහිටක් නැති වීම රටක් ජනතාවක් හැටියට අපි දේශපාලුවන් ගැන ලැජ්ජාවිය යුතුයි...? (බ)

:       0       0

නිසාන් Monday, 19 September 2016 05:36 AM

මේ මොන අපරාධයක්ද? කෝ මේ මැති ඇමතිවරු? (නි)

:       0       0

ජොහැනස් Monday, 19 September 2016 01:43 PM

මගෙන් අහන්න එපා. අනේ මම නම් ඕව දන්නේ නෑනේ. (බ)

:       0       0

හිමාල් Monday, 19 September 2016 05:50 AM

ගොවි සංවිධානයේ ඉන්න අය ගැන හෙව්වා නම් දැනගන්න පුළුවන් කවුද මේක කරවන්නේ කියලා. අමාත්‍යවරයාට වැඩබිමෙන් බිමට යන්න බැහැ. ඒකට තමයි වාරිමාර්ග නිලධාරීන්, තාක්ෂණික නිලධාරීන් ඉන්නේ. (නි)

:       0       0

හර්ෂ Monday, 19 September 2016 06:07 AM

මොන පාලනේ ආවත් ඕවා නවත්තන්න බෑ. (හේ)

:       0       0

රූපවතී Monday, 19 September 2016 06:28 AM

හර්ෂ, එහෙමද?එතකොට අපි ලයිට් බිලක් නොගෙවා, වරිපනම් නොගෙවා, බදු නොගෙවා හිටියොත්, උසාවියක නඩුවකට නොපැමිණියොත් විතරද පොලිසියෙන් ඇවිල්ලා කුදලාගෙන යන්නේ? නීති හදන තැනක පාර්ලිමේන්තුවක වගකීමක් දරන මිනිසුන්ට නීතිගරුකව වැඩ කරන්න බැරි නම් ඒ මිනිසාගේ දේපල, රැකියාව සියල්ල අහෝසිවන පරිදිත් නීති සැකසිය යුතුයි. (නි)

:       0       0

සැමුවෙල් Monday, 19 September 2016 02:54 PM

රුපවති, ඔබ සහ අපි මොනවා කරන්නද, සොරකම් සහ වැරදි හදන්න ආපු අයම මේවා කරනවා නම් , එන ඡන්දය වෙනකම් බලාගෙන ඉමු. හැබැයි එතකොට රටෙන් වැඩි කොටස අකර්මන්‍ය වෙලා තියේවි. ඉතුරු කොටස වත් බේරගන්න එකතු වෙමු (බ)

:       0       0

නිරූ Monday, 19 September 2016 06:46 AM

ඇමතිතුමාට එන්න කියන්න පෙන්වන්න (බ)

:       0       0

ලුම්බිණි Monday, 19 September 2016 07:11 AM

මේ ඇමති මේක නොදන්නවා නම් මොකටද ඇමති වෙලා ඉන්නේ? (හේ)

:       0       0

අන්වර් Monday, 19 September 2016 07:13 AM

රුපවතී, ඔයා කලබල වෙන්න එපා. ඔක්කොම මේවා කරන්නේ රජයෙන් අනුමැතිය අරගෙන වෙන්න ඇති. (නි)

:       0       0

කුමාර් (ගල්ෆ්) Monday, 19 September 2016 04:19 PM

ලංකාවේ මිනිස්සු දන්නා දේටයි නොදන්න දේටයි හැම එකටම හොට දානවා, වැව හාරන්න කොන්ත්‍රාත්තුව ගත්තු මිනිස්සු අස් කරන වැලි හා පස් කන්නද? ඒවා විකුණලා ලාබ වැඩි කරගන්නවා, නිලධාරි දැනගන්න ඕනා වැඩේ හරියට කරවාගන්න පාගා ගහලා පිස්සු නටන්නේ නැතිව. (බ)

:       0       0

රණා Monday, 19 September 2016 04:36 PM

සමහර මෝඩ යෝ කියන විදියට කපුවාගේ පුතා දෙවොලේ කැත කළාට කපුවා පලි නැතිලු. ගල්ෆ් වල ඉඳල ශ්‍රී ලංකාව දිහා බලන්න එපා. (අ)

:       0       0

අසෝකා Monday, 19 September 2016 08:05 AM

රට අනිත් පැත්ත පෙරලලා හරි ඡන්දෙන් පත් වෙන්නේ රට හදන්න කියලා නේද? ඉතින් හිමාල් තමන්ගේ පළාතේ වෙන දෙයක්වත් දන්නේ නැති අය රටේ අනිත් දේවල් කොහොම දැනගනිවිද? ඒකම තමයි අද අපේ රටට වෙලා තියෙන්නෙත්.(හේ)

:       0       0

උපාලි Monday, 19 September 2016 08:04 AM

සදාචාරමත් විපක්ෂයක් නැතිද අපට මේවා ලොකු තැන්වල අසන්න. ලොකු තැන දැන ගන්නේ සිදුවීමෙන් පසුව පුවත් පත් වලින් කියල කියනවනේ. මහා ඇමැතිත් මේක අනුමත කරනවා නම් ,ඉතින් වැටත් නියරත් ගොයම් කනවා වෙන්න ඇති. (බ)

:       0       0

රන්දික Monday, 19 September 2016 08:19 AM

දැන් වත් සද්දේ නැතුව හිටියා ඇති කියලා හිතන්න බැරිද. වෙනස් වුනා කියලා වැරදි නැති හොඳ වැඩ බලාගෙන අපි අවුරුදු දෙකකට කිට්ටු කාලයක් හිටියා නේද.(හේ)

:       0       0

ඉසුරන්දි Monday, 19 September 2016 08:31 AM

තම තමන්ගේ හෙන්චයියලාට වැඩ භාර දුන්නම ඔහොම තමයි කාබාසිනියා කරන්නේ..ඊට පස්සේ ඇහුවාම කියන්නේ මම දන්නේ නැහැ කියලා.(හේ)

:       0       0

කපිල Monday, 19 September 2016 08:45 AM

තමන්ගේ ගමට ඈවිත් ගම විනාස කරනකන් බලන් ඉන්න මේ මිනිස්සු ඈවිල්ලා කවුද? විනාස කරන එවුන්ට ගහලා එලවන්නේ නැතුව..අවුරුදු 2ක් මේ ගොල්ල මොනවද කරේ? (හේ)

:       0       0

හිමාල් Monday, 19 September 2016 08:48 AM

ඔයා ඇමති වුනත් ඔයාට හැම දවසෙම හැම තැනම ගිහින් හොයන්න බෑ. ඇමතිවරු ඉන්නේ ප්‍රතිපත්ති සම්පාදනයට. ඒ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරවන්න තමයි අදාළ නිලධාරීන් ඉන්නේ. ඒ පැත්තේ ගොවි සංවිධානය නම් ඉල්ලීම කරේ, එයාලාම දන්නවා ඇති කොහොමද මෙහෙම වෙන්නේ කියලා. මොකද ගොවි සංවිධානයත් ඔය පැත්තෙම එකක්නේ.(හේ)

:       0       0

ප්‍රියාන් Monday, 19 September 2016 09:20 AM

පරිසරය විනාස කරන ඕන කෙනෙක් විනාස වෙලා යන්න ඕනේ.. (ම)

:       0       0

බෙනට් Monday, 19 September 2016 10:23 AM

ෂා .. හාරන කට්ටිය හරි ලස්සනට දන්නවා වගේ රොන් මඩ තියෙන තැන් ටික.ඕවලට තමයි දේශපාලන බලය ඉල්ලන්නේ . නැතුව රට හදන්න නෙමෙයි (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දේපොළ ගන්න වරලත් ඉංජිනේරුවා මරලා
2024 ඔක්තෝබර් මස 08 890 0

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වරලත් ඉංජිනේරුවකු, ලෝක බැංකුවේ ශ්‍රී ලංකා ශාඛාවේ තාක්ෂණික ඉංජිනේරු ලෙස කටයුතු කළ සමන් විජේසිරි මහතා මීට වසර හයකට පෙර සූක්ෂ


විදුහල්පති ඇදුරු තුම එ දවස උන්න දොස්තර සිසු ළඟය අද බෙහෙතක් ගන්න
2024 ඔක්තෝබර් මස 08 1210 0

ලෝක ගුරු දිනය වෙනුවෙන් අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහලේ 1990 සාමාන්‍ය පෙළ හා 1993 උසස් පෙළ ආදි සිසු කණ්ඩායම තමන්ට වෛදයවරුන්,හෙදියන් ඇතුලු සෞඛ්‍ය කාර්ය මණ්ඩල සා


තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීමේ දිනය දීර්ඝ කරයි
2024 ඔක්තෝබර් මස 08 82 0

මහ මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම අද (8) මධ්‍යම රාත්‍රී 12 ට අවසන් වීමට නියමිතව තිබූ අතර එය අනිද්දා (10) මධ්‍යම රාත්‍රී 12 දක්වා දීර්ඝ කර ඇතැයි


ගිනි අවිය පත්තු වී බැංකු ආරක්ෂකයා මරුට
2024 ඔක්තෝබර් මස 08 809 0

පොළොන්නරුව වැලිකන්ද නගරයේ රාජ්‍ය බැංකුවක අද(08) වෙනි දා සවස 6.00 ට පමණ ආරක්ෂකයෙකු සතුව තිබූ ගිනි අවිය පත්තු වීමෙන් ඔහු එම ස්ථානයේ දී මියගොස් ඇති බව වැලිකන්


ළිඳක තරුණයකුගේ සිරුරක්
2024 ඔක්තෝබර් මස 08 365 0

ඇල්පිටිය මහජන ක්‍රිඩාංගණය අසල ළිඳක තිබී අද (08) සවස මළසිරුරක් හමුවූ බව ඇල්පිටිය පොලිසිය පවසයි.


උපුල් තරංගට විවෘත වරෙන්තුවක්
2024 ඔක්තෝබර් මස 08 1109 0

හිටපු ක්‍රිකට් ක්‍රීඩක උපුල් තරංග මහතා අද දින මාතලේ මහාධිකරණයේදී විභාග කිරීමට නියමිතව තිබූ නඩු කටයුත්තට ඉදිරිපත් නොවීම හේතුවෙන් ඔහුට විරුද්ධව විවෘ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39484 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25727 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 357 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1177 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 399 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site