(රන්ජන් කස්තුරි)
පොල්තෙල් මිල අධික ලෙස ඉහළ නැංවීමේ අරමුණින් පාරම්පරික පොල්තෙල් නිෂ්පාදකයන් යැයි කියා ගන්නා පිරිසක් එක්ව පොල්තෙල් ලීටර ලක්ෂ ගණනින් සඟවා වෙළෙඳපොළේ කෘත්‍රිම හිඟයක් මතුකර ඇතැයි වෙළෙඳපොළ ආරංචි මාර්ග පවසයි.
ඔවුන් කූඨ ලෙස පොල්තෙල් තොග සඟවා ගැනීමට සැලසුම් කිරීම නිසා ඉදිරියේදී තෙල් බෝතලයක මිල රුපියල් 1000 ක් පමණවීමට ඉඩ තිබෙන බවද කොළඹ තොග වෙළෙන්දෝ පවසති.
මේවනවිට වෙළෙදපොළේ පොල්තෙල් බෝතලයක සිල්ලර මිල රුපියල් 500 ක් සිට විවිධ ගණන්වලිට තිබෙන අතර සිල්ලර වෙළෙදසල් බොහෝමයක අලෙවිකරන පොල්තෙල් ප්‍රමිතියෙන් තොර ඒවා බවද පැවැසේ.
මේවනවිට ආනයනික ෆාම් තෙල් මිල පොල්තෙල් මිලට වඩා ඉහළ නිසා ෆාම් තෙල් කවලම් කිරීමට නොහැකිවීම මත නිෂ්පාදකයන් පොල්තෙල් මිල අධික ලෙස ඉහළ නැංවීමට උත්සාහ ගන්නා බවද ආරංචි මාර්ග පවසයි.
රත්නපුර කරවිට මධ්‍ය විද්‍යාලය, කටුගස්තොට ශාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලය සහ රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලයේ සිසු සිසුවියෝ ජනාධිපති කාර්යාලය න
පොහොර සහනාධාරය සම්බන්ධයෙන් බිය විය යුතු නැති බවත් ගොවීන්ගේ කුඹුරු වැඩ ආරම්භ වූ වහාම පොහොර සහනාධාරය ලබා දීමට සියලු කටයුතු සැළසුම් කර ඇති බවත් ගොවිජන සං
දේශපාලනය හා රාජ්‍ය සේවය පිළිබඳව ජනතාව තුළ ඇති අප්‍රසාදය ඉවත් වන අයුරින් වැඩ කරන බව කෘෂිකර්ම, පශු සම්පත් සංවර්ධන, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී ලාල් කා
මහනුවර කෙංගල්ල ප්‍රදේශයේ වාහන උගසට ගන්නා ආයතනයක වාහන අංගනයේ තිබී අනන්‍යතාවය සහ නීත්‍යානුකූල ලියකියවිලි ඉදිරිපත් කිරීමට නොහැකි වූ සැක කටයුතු කැබ්රි
ප්රධාන බැංකුවකට මුදල් රැගෙන යාම සදහා ආයතන වෙතින් මුදල් ලබාගැනීම සිදුකරමින් යමින් සිටියදී එකතු කරගත් මුදල් රුපියල් කෝටි හතකට අධික මුදලක් රැගෙන පළාය
රුපියල් කෝටි පන්සීයකට අධික බදු රජයට අහිමි කරමින් රේගුවට හොර රහසේ ආනයනය කළ සුඛෝපභෝගී මෝටර් රථ දෙසීයක් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධත
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
පොල්තෙල් තොග හංගලා: බෝතලයක් 1000 ක් වේවි
Nilantha Gamage Sunday, 18 June 2023 05:57 PM
පොල්තෙල් සහ කිරි නොමැතිව ආහාර පිළියෙළ කළහැකි කෑම වට්ටෝරු ප්‍රචලිත කරමු...
Dinushi Lathika Wimalasinghe Sunday, 18 June 2023 05:59 PM
පොල්තෙල් මාසයකට වර්ජනය කළා නම්... බිස්කට් කාරයෝ වගේ උනුත් හාන්සියි...
Dalpadhathu Monday, 19 June 2023 06:18 AM
ලෝකයේ පොල්තෙල් බැරලයක මිල කීයද දැන්? ඒ අනුව ගාණ තීරනය කරන්න වෙනවා...