(නිමල් ජයරත්න)
කොළඹ සිට මඩකලපුව බලා ධාවනය වූ පුලතිසි දුම්රියේ ගැටීමෙන් වන අලියකු මියගොස් ඇති බව වැලි කන්ද වනජීවී නිලධාරීන් සඳහන් කරයි.
පොලොන්නරුව මඩකලපුව දුම්රිය මාර්ගයේ වැලිකන්ද පුල්ලෙයාර්අඩි ප්‍රදේශයේදී මෙම වන අලියා දුම්රියේ ගැටී ඇතැයි වැලිකන්ද අඩවි ආරක්ෂක කේ.ඩී ජානක මහතා අප කළ විමසීමකදී සඳහන් කළේය.
සෝමාවතිය රක්ෂිතයේ සිට මාදුරුඔය රක්ෂිතයට වන අලි රංචුවක් මාරු වීමේදී මෙම වන අලියා දුම්රියේ ගැටී ඇතැයි වනජීවී නිලධාරීන් සැක කරන අතර මෙම ස්ථානය අලි මාරු වන අලිමංකඩ ලෙසද හඳුන්වනු ලබන බවත් එම ස්ථානයේ දුම්රිය රියදුරන්ගේ දැනගැනීම සඳහා වේගය සීමා කරන ලෙස දැන්වීම් ගසා තිබුණද එය නොසලකා හැර දුම්රිය රියදුරන් දුම්රිය අධික වේගයෙන් ධාවනය කිරීම හේතුවෙන් මෙසේ වන අලි දුම්රියේ ගැටී මිය යෑම නිරන්තරයෙන් සිදුවන බව වනජීවි නිළධාරීන් අවධාරණය කරයි.
ගිරිතලේ වනජීවී පශු වෛද්‍ය ඒකකයේ වෛද්‍ය ඒකකයේ නිලධාරීන් විසින් සිදුකිරීමට නියමිතව ඇති අතර දුම්රියේ ගැටුණු වන අලියා එම ස්ථානයේ මියගොස් ඇති අතර දුම්රියේ ගැටී මිය යෑමෙන් පසු එම අලියා ඉවත් කිරීම සඳහා පැය තුනක පමණ මෙහෙයුමක් දියත් කිරීමටද සිදු වූ බව වැලිකන්ද වනජීවී නිලධාරීන් සඳහන් කරයි.
කඩුවෙල, බියගම, ඉහළගම සහ ජා ඇල යන ප්‍රදේශ ආශ්‍රිතව ගංවතුරට අසුව පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සදහා ආපදා සහන කණ්ඩායමක් 8 ක් ස්ථාපිත කර ඇති බව නාවික හමුදාව පව
මැතිවරණ වියදම් වාර්තා බාරදී ඇත්තේ ජනාධිපති අපේක්ෂකයන් 38 දෙනාගෙන් 30 දෙනකු පමණක් බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
නොකඩවා ඇදහැලෙන ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් කොටුගොඩ ගුරුගේවත්ත ප්‍රදේශය ගංවතුරින් යටවීමෙන් අව තැන් වී සිටි පනහකට ආසන්න පිරිසක් ඉන් මුදා ගෙන ආරක්ෂිත ස්
දින කීපයක් තිස්සේ පවතින අධික වර්ෂා හේතුවෙන් කුඩා ගඟ පිටාර ගැලීමෙන් කළුතර මාර්ග අවහිර හේතුවෙන් සද්දන්ගොඩ තරුණයකු තම සහකාරිය අගුලක ආධාරයෙන් නිවෙස කැඳ
කටුකුරුන්ද දුම්රිය ස්ථානයේදී දුම්රියේ ගැටී මියගිය තිදෙනා ගෙන් එක් අයකු සිය සිගිති පුතා රැගෙන දුම්රියට පැන දිවි නසා ගැනීමට තැත්කර ඇති බවත් අනෙක් පුද්
සැක සහිත සුඛෝපභෝගි ජිප් රථයක් ඇතුළු වාහන තුනක් පැල්මඩුල්ල සහ ඕපනායක ප්‍රදේශවලදි සොයාගත් බව පැල්මඩුල්ල පොලිසිය කියයි.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
පුලතිසි දුම්රියේ ගැටී කෙනෙරක මරුට
Bunny Preena Monday, 11 September 2023 10:17 AM
මනුස්සකම පොඩ්ඩක්වත් ගෑවිලා නැති අවිනීත රියදුරන් පිරිසක්ද මඩකලපුව දුම්රියේ සේවය කරන්නේ?
සමන් - ඕමානයMonday, 11 September 2023 03:02 PM
දුම්රිය බලධාරීන් ට පුළුවන් වේගය නියාමනය (monitor) කරන්න, GPS තාක්ෂනය මගින්. සෑම දුම්රියකම GPS උපකරණයක් සවිකර, එය කොළඹ (හෝ වෙනත් ස්ථානයක) සිට පටිගත වෙන්න සලස්වනවානම්, එය නීති පතා නිරීක්ෂනය කිරීමට හෝ, වැඩි වේගයෙන් යන දුම්රිය පිලිබඳ විස්තර වෙන්කොට ලබාගැනීම ලෙහෙසියෙන් පුළුවන්. මෙය සඳහා විශාල වියදමක් යන්නේ නෑ. (මට මතක ලෙස, පුද්ගලික බස් වල වේගය නියාමනය කිරීමට මෙම පිළිවෙල යොදන බව ප්‍රවෘති වල දැක්කා.) දුම්රිය රියදුරන් විසින් GPS උපකරණය ගලවා දෑමීම හෝ හානි සිදු කිරීම වලකන්න ලෙහෙසියෙන් පිලියමක් කල හැකියි. මේ අනුව, නීති නොතකා වැඩි වේගයෙන් ධාවනය කරන දුම්රිය රියදුරන් හඳුනාගෙන, ඔවුන්ට දඬුවම් දිය හැකියි. නිරපරාදේ වැනසෙන අලි සම්පත රැකගත හැකියි. බලධාරීන්ගේ අවධානය මෙය වෙත යොමු වේවා.
vihangaMonday, 11 September 2023 03:27 PM
පරක්කු නොවී යන්න නම් වේගෙන් යන්න වෙනවා තමයි. කරන්න ඕනෑ දුම්රිය රියැදුරන්ට දඬුවම් කරන එක නෙමෙයි. මාර්ගය දෙපස ආරක්ෂිත වැටවල් ගහන එකයි සත්තුන්ට අපක්ෂපාතීව මාරු වෙන්න පුළුවන් විදියේ වැඩපිළිවලක් හදන එකයි.
සුනෙත් හේමන්ත Monday, 11 September 2023 11:17 AM
සියලු දැන්වීම් කර ඇතිනම් ඇයි දුම්රිය රියදුරන්ට එරෙහිව තීරණ නොගන්නේ.