(නිමල් ජයරත්න)
පොළොන්නරුව දිස්ත්‍රීක් පාරිභෝගික නිලධාරීහු පිරිසක් පොළොන්නරුවේ ප්‍රධාන පෙලේ සහල් මෝල් හා අනෙකුත් සහල් මෝල්වල පවතින සහල් හා වී තොගයන්හි සංචිතයන් හා සහල් නිෂ්පාදන ක්‍රියාවලිය පිළිබඳව අද දින සොයා බැලූහ
පාරිභෝගික සේවා අධිකාරියේ සභාපතිවරයාගේ හා අධ්‍යක්ෂ ජනරාල් වරයාගේ උපදෙස් පරිදි මෙම නිරික්ෂණ චාරිකාවට එක් වූහ.
පොළොන්නරුව මහා පරිමාණ වී තොග රැස් කරන හා සහල් නිෂ්පාදනය කරනු ලබන මින්නේරිය සී.පි.පුර ප්‍රදේශයේ පිහිට් නිපුන සහල් නිෂ්පාදන ආයතනය හා වැලිකන්ද,සිංහපුර ප්‍රදේශයේ පිහිටි රත්න සහල් නිෂ්පාදන ආයතනයේ මේවනවිට පවතින වී තොග සහ සහල් තොග පරීක්ෂාවට ලක්කර එම සහල් හා වී තොගවල දත්ත රැස් කළේය.
මෙහිදී නිපුන සහල් ආයතනයේ සභාපති සිරිපාල ගම්ලත් මහතා මෙම පරීක්ෂාව සදහා පැමිණි පාරිභෝගික නිලධාරීන් වෙත පවසා සිටියේ තම ආයතනය වෙත රජයේ පාලන මිළට සහල් වෙළදපොල වෙත අඛණ්ඩව ලබා දෙන බවත් රජයේ පාලන මිළට වඩා අඩුවෙන් රුලියල් 219 ක් වැනි මිළකට තොග වෙලදුන් වෙත සහල් අලෙවි කිරීමට කටයුතු කරන බවයි.
ඒ අනුව නාඩු සහල් කිලෝවක් රුපියල් 220ක් වන රජයේ පාලන මිළට පාරිභෝගිකයින්ට සහල් අලෙවි කල හැකි බවයි.
තමන්ට නාඩු සහල් කිලෝවක් නිෂ්පාදනය කිරීම සදහා රුපියල් 225ක මුදලක් වැය වෙන බවත් රුපියල් 219ක් වන මෙම මිළ ගණන් යටතේ සහල් අලෙවි කිරීමෙන් එක් සහල් කිලෝවකින් රුපියල් 6ක පාඩුවක් සිදුවන බවත් එම පාඩුව දරා ගණිමින් රජයේ පාලන මිළට සහල් අලෙවි කිරීමට කටයුතු කරන බව ද ඔහු කියා සිටියේය.
මේ අතර පොළොන්නරුව දිස්ත්‍රීක්කයේ පිහිටි අනෙකුත් මහා පරිමාණ වී මෝල් වන වැලිකන්ද රත්න සහල් ආයතනයේ හා පොළොන්නරුව ඇතුමල්පිටිය ප්‍රදේශයේ පිහිටි අරලිය සහල් ආයතනවලටද පොළොන්නරුව පාරිභෝගික අධිකාරියේ නිලධාරීන් ගොස් එම ආයතන වල ගබඩා කර ඇති වී හා සහල් ප්‍රමාණයන්හි සංචිත පිලිබද තොරතුරු සංඛ්‍යා ලේඛන ලබා ගැනීමට කටයුතු කරනු ලැබූහ.
පස්සර බිබිල මාර්ගයේ 13 කනුව ප්‍රදේශයේ දී මාර්ගය ට විශාල ගල්පර්වත පස්කදු කඩා වැටීමෙන් දින හතක් පුරා වසා දමා තිබූ පස්සර බිබිල මාර්ගය රථ වාහන ධාවනය සදහා යල
රනිල් ලේසියෙන් කාගේවත් ප්‍රාණ ඇපකාරයෙක් කරගන්න පුළුවන් යැයි සිතීම විහිළුවක් බව හිටපු අමාත්‍ය වෛද්‍ය රාජ්‍ය සේනාරත්න මහතා මාධ්‍ය හමුවකදී අද (24)පැවසීය.
පොලිස් මාධ්‍ය කොට්ඨාසය සම්බන්ධකර ගැනීම සදහා නව දුරකතන අංකයක් හදුන්වාදී ඇත.
රුපියල් අසූ නව ලක්ෂ අනූ හත් දහසක් පමණ වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට ගෙනැවිත් , කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින
යාපනය නල්ලූර් ප්‍රදේශයේ පිහිටි නිවසකින් රුපියල් එක්කෝටි පනස්ලක්ෂයකට ආසන්න වටිනාකමින් යුතු මුදල් හා රණ් භාණ්ඩ තොගයක් කොල්ලකෑමේ සිද්ධියක් සමබන්ධයෙන
මහ කන්නයේ කුඹුරු වැඩ ආරම්භ වි මඩ වැඩ අවසන් වෙමින් පවතියද හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවල ගොවීන්ට තවමත් සහනාධාර පොහොර මුදල් නොලැබී ඇති බව ගො
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
පොලොන්නරුවේ සහල් තොග ගැන පාරිභෝගික අධිකාරිය සොයයි
රවන Sunday, 27 October 2024 11:00 PM
මෙවන් රංගන ගිය රජයේ හිටපු නිලධාරිනුත් කලා හාල් මිල අඩු වුණේ නෑ. නිලධාරින් කැමරා නැතිව ගිහිල්ලා හාල්මිල අඩු කරලා පෙන්නන්න.
kumara Monday, 28 October 2024 03:01 AM
සගවා ඇති තැන දැක්කාම කියන්න පුලුවන්. ඔය ගොඩවල් අයින් කළාම ඒවා යට වෙනම බංකරයක් වගේ එකක් ඇති. ඕවා අයින් කරවන්න වෙනත් තැනකට. ඔතනම තමා සගවපු තොග ඇත්තේ.
Lalla Monday, 28 October 2024 07:31 AM
තොග තමන්ගේම ගබඩාවල තිබුනේ අතීතයේ. දැන් ගොවීන් සහල් මෝල් සමග බද්ධ වෙලා අවසන්.තොග පවත්වාගෙන යාමට ගොවීන් උදව් වෙනව.අනෙක රජය නොදෙන දේවල් ලොකු සහල් ව්‍යාපාර ගොවීන්ට කරල දෙනබව ආරංචිය. සී සෑම පටන් අස්වනු නෙලීම දක්වාම...
prasanna Tuesday, 29 October 2024 04:03 PM
හංගපල්ලා, මිනිස්සු දැන් පුන්නක්කු කන්නෑ.