(දයාරත්න ඇඹෝගම සහ රෝහණ චන්ද්‍රදාස මලවර ආරච්චි)
ශ්‍රී ලංකාවේ 2025 වර්ෂය වන විට ඇස්තමේන්තුගත එච් අයි වී ආසාධිතයින් සංඛ්‍යාව 4,700 ක් පමණ වනු ඇතැයි ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්ධන ඒකකයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය්‍ය වින්ද්‍යා කුමාරපේලි මහත්මිය අනුරාධපුරයේදි පැවසිය.
වසර 2030 වන විට මෙරටින් උතුරු මැද පලාත තුල එච්.අයි.වී. ඒඩ්ස් ඇතුළු ලිංගාශ්‍රීත රෝග මර්දනය කිරීම කළ හැක්කේ කෙසේ ද යන්න පිළිබඳව ඒකාබද්ධ වැඩපිළිවෙලක් සකස් කිරීම අරමුණු කරගනිමින් උතුරු මැද පළාත් ඒඩ්ස් කමිටුව අනුරාධපුර,විජයපුර පිහිටි පළාත් සෞඛ්‍ය පුහුණු මධ්‍යස්ථාන ශ්‍රවණාගාරයේදි රැස්විය.
එම කමිටු රැස්විමේදි අදහස් දක්වමින් ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්ධන ඒකකයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය වින්ද්‍යා කුමාරපේලි මහත්මිය මේ බව පැවසුවාය.
මෙහිදි වැඩිදුරටත් අදහස් දක්වමින් ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්ධන ඒකකයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය්‍ය වින්ද්‍යා කුමාරපේලි මහත්මිය මෙසේද පැවසුවාය.
“මෙරටින් පළමු ඒච්අයිවි රෝගියා වර්තා වී ඇත්තේ 1987 වසරේ දී යි. වර්තමානය වන විට ඇති සංඛ්‍යා ලේඛන අනුව මෙරටින් හදුනාගෙන ඇති එච්අයිවි ආසාදිතයින් සංඛ්‍යාව 3,409 කි. එහෙත් අසාධනය වීමේ ප්‍රතිශතය අතින් ගත් කළ රට තුල මෙය පැතිර යාමේ අවදානම ඇත්තේ ඉතා අඩුවෙනි. එය ප්‍රතිශතයක් වශයෙන් ගත් විට 0.1% පමණ වේ. එම තත්ත්වය උදාකරගත හැකිව ඇත්තේ දැනුවත් කිරීම් හා රෝගීන් හදුනාගැනීම් සදහා විධිමත් වැඩපිලිවෙළක් ක්‍රියාත්මක වන හෙයිනි”.
“කෙසේ වෙතත් පෙරට වඩා ඒඩ්ස් රෝගීන් වාර්තාවීමේ වැඩි බවක් දක්නට ලැබෙනවා. උතුරු මැද පළාත තුල යම් කැපී පෙනෙන වර්ධනයක් පවතින අතර පොලොන්නරුව දිස්ත්‍රික්කයෙන් ආසාධිතයින් වාර්තාවීම වැඩි වි තිබෙනවා. මෙරට සියලු දිස්ත්‍රික්ක අතරින් ඒඩ්ස් රෝගීන් වාර්තාවීම අතින් පොලොන්නරුව දිස්ත්‍රික්කය පස්වන ස්ථානයට පත්ව තිබෙනවා.”
“ පිරිමි සමලිංගික ක්‍රියා හේතුවෙන් වැඩි වශයෙන් එච්අයිවි රෝගය සැදිම බහුලව දක්නට ලැබෙනවා. මීට අමතරව ලිංගික ශ්‍රමිකයින්ගෙන් , ලිංගික සංක්‍රාන්තිකයින්ගෙන් , වෙරලාශ්‍රිත පිරිස් වලින් (beach boys), විවිධ ඖෂධ වර්ග එන්නත් කරගන්නා අයගෙන් ද රෝගය පැතිරයාම සිදුවනවා. කෙසේ වෙතත් එච්අයිවි ආසාධිතයින් හදුනාගැනීම සදහා වසරකට මිලියනයක පමණ පිරිසක් පරීක්ෂා කිරිම් කරනවා. මේ සදහාම රට පුරා සායන 40ක් ක්‍රියාත්මකයි. 2025 වර්ෂය වන විට ශ්‍රි ලංකාවේ ඇස්තමේන්තුගත ඒඩ්ස් ආසාධිතයින් සංඛ්‍යාව 4,700 ක් පමණ වෙනවා”. වසර 2030 වන විට මෙරටින් ඒඩ්ස් තුරන් කිරිම අරමුණු කරගනිමින් සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු කරමින් සිටින බවද විශේෂඥ වෛද්‍ය වින්ද්‍යා කුමාරපේලි මහත්මිය පැවසුවාය.
මෙහිදි අදහස් දැක්වු අනුරාධපුර ශික්ෂණ රෝහලේ ලිංගාශ්‍රිත හා ඒඩ්ස් මර්දන ඒකකයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය අජිත් කරවිට මහතා මෙසේ පැවසිය.
“මේ වන විට අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් ආසාධිතයින් 148 දෙනෙකු හදුනාගෙන තිබෙනවා. පළමු වරට දිස්ත්‍රික්කයෙන් ආසාධිතයකු හමු වී ඇත්තේ 2002 වසරේ දී යි. දැනට හමු වී ඇති රෝගීන්ගෙන් 21 දෙනෙකු මියගොස් තිබෙනවා. දැනට ප්‍රතිකාර ලබමින් සිටින පිරිස 110 කි. මෙම පිරිසෙන් 83 දෙනෙකු පිරිමි පුද්ගලයින් වන අතර 27 දෙනෙකු කාන්තාවන්”. මෙහිදී විශේෂඥ වෛද්‍ය අජිත් කරවිට මහතා කියා සිටියේ අනුරාධපුර දිස්ත්‍රික්කය තුල වසරකට ආරක්ෂිත ලිංගික ඇසුර සදහා කොණ්ඩම් එක්ලක්ෂ විසිදහසක් බෙදාහරින බවයි.
පසුගිය රජයේ අමාත්‍යවරුන් භාවිත කළ වාහනම මෙම රජයේ කැබිනට් අමාත්‍යවරු සහ නියෝජ්‍ය අමාත්‍යවරු භාවිත කරනු ඇතැයි රජයේ නිලධාරියෙක් ප්‍රකාශ කළේය.
කර්මාන්ත අමාත්‍යවරයාට අමාත්‍යංශයෙන් දෙන දුකථනයේ රුපියල් 24,220 ක හිඟ බිලක් ඇති බවත් දුකරථන සමාගමෙන් තමන්ට කථා කර එය ගෙවන ලෙස දැනුම් දුන් බවත් නව කර්මාන්ත
ශ්‍රී ලංකා නාවික හමුදාවේ බුද්ධි තොරතුරකට අනුව මාලදිවයින් වෙරළ ආරක්ෂක බළකාය විසින් අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 344 ක් සහ කොකේන් මත්ද්‍රව්‍ය කිලෝ 124 ක් සමග මෙර
පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට ලැබුණු ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර දෙකෙන් එක් මන්ත්‍රී ධුරයක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට
විදුලි ගාස්තු අඩු කිරීමේ යොජනා ඉදිරිපත් කිරීම ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රමාද කිරීම හේතුවෙන් මෙම වසරේ විදුලි ගාස්තු අඩු කිරීමට නොහැකි තත්වයක් ඇති වී ඇත
ජාතික ලැයිස්තු මන්ත්‍රීධුර ගැන කිසිදු අර්බුධයක් නොමැති බවත් ඒවා ගැන ඉදිරියේ දී දැනුම් දෙන බවත්ස මගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
පොලොන්නරුවේ HIVආසාදිතයින් වැඩිවෙලා