IMG-LOGO

2024 සැප්තැම්බර් මස 20 වන සිකුරාදා


‘පැල්පත් නොකඩනු’

මාලිගාවත්ත ඇපල්වත්ත ප්‍රදේශයෙහි පැල්පත් ඉවත් කිරීමට නාගරික සංවර්ධන අධිකාරිය ගෙන ඇති තීරණයට එරෙහිව එම පැල්පත්වාසීන් සහ එක්සත් ජාතික පක්ෂය ඇතුළු විපක්ෂයේ දේශපාලන  පක්ෂ කිහිපයක්  අද (10) මාලිගාවත්තේදී උද්ඝෝෂණයක් කළේය.

එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මංගල සමරවීර,රවී කරුණානායක,ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණේ නායක මනෝ ගනේෂන් ,නව සම සමාජ පක්ෂයේ නායක වික්‍රමබාහු කරුණාරත්න යන මහත්වරුද එහි වුහ.



අදහස් (0)

‘පැල්පත් නොකඩනු’

මහේෂ් Tuesday, 10 December 2013 02:49 PM

වතු නැති කරනවා නම් කොලඹ හැම වත්තක්ම නැති කරන්න. එක තැනක අයින් කරලා තව තැනක ඉතුරු කරන්නේ කොහොමද? (නදී)

:       0       0

නිරෝෂන් Tuesday, 10 December 2013 02:53 PM

අනේ මේ අසරණයෝ විශ්වාස කරලා ඇවිත් ඉන්නේ මේ අයවද?? මඟ අත ඇරලා යයි. (ස)

:       0       0

බන්දුල පෙරේරා Tuesday, 10 December 2013 03:07 PM

කොළඹ නගරයේ අනවසර ඉදි කිරීම් 99% ක් වෙන්නේ කාගෙන්ද කියල කියන්න අවශ්‍ය නැහැ...ගහගන්න පුළුවන් හැම තැනකින්ම මොකක් හෝ අටවා ගෙන ඒකට හිමිකම් කීම තමයි කට්ටියගේ උපක්‍රමය..මෙයාලව ඉවත් කරනවා නම් ඒකට යම් ක්‍රියා මාර්ගයක් අරගෙන ඇති නීත්‍යානුකූලව..නීතියක් තියෙනවා නම් එම නීතිය ක්‍රියාත්මක විය යුතුයි..ජාති ආගම දේසපාලන බේද නොසලකා සියලු අනවසර ඉදිකිරීම් ඉවත් කර නගර මංමාවත් පදික වේදිකා මහජනයාට විවෘත කරවිය යුතුයි... (ස)

:       0       0

විජේ Tuesday, 10 December 2013 03:17 PM

කොළඹ නගරය නවීකරණය වෙද්දී එහි එක් ප්‍රතිපලයක් තමයි අනවසර ඉදිකිරීම් කඩා ඉවත් කිරීම.අද යු.එන්.පි.ආණ්ඩුවක් සිටියත් කරන්නේ ඒකම තමයි..මේ වෙනකොට එල්ලෙන්න වැල් නැතුව ඉන්න විපක්ෂෙට මේ වගේ පොඩි සිද්ධීන් පේන්නේ පිදුරු ගහත් පොල් ගහක් වගේ.සාමාන්‍ය මිනිස්සු කරන විරෝධයකට හොම්බ දාලා ලකුණු දාගන්න බලනවා.මේ අනවසර ගෙවල් කැඩුනට ඒ වෙනුවට ඊට වඩා හොඳ ගෙවල් ලැබෙනවා. (ස)

:       0       0

මොහමඩ් Tuesday, 10 December 2013 08:56 PM

අපිත් කියන්නේ මේවා කඩන්න අයිතියක් නැහැ.අත නොතබනු! (නි)

:       0       0

සජී Tuesday, 10 December 2013 03:31 PM

මෙතන වෙලා තියන්නේ වැලේ වැල් නැති දේශ පාලුවො ටිකක් පෝස්ටර් ටිකක් මිනිසුන්ට බෙදා දීලා එයාලව කුලප්පු කරලා පාරට බස්සවලා තියන්නේ. ඒකයි ඔක්කොම එකම විදිහේ පෝස්ටර්. මේ මිනිස්සුත් කැමති නැතුව ඇති මේ නරකාදී වැඩ වලින් ඉවත් වෙලා හොඳ නිවාසයකට යන්න.(නදී)

:       0       0

සිතු Tuesday, 10 December 2013 03:34 PM

විජේ, එල්ලෙන්න වැල් නැතුව ඉන්නේ විපක්ෂය නෙමෙයි අපි.(නදී)

:       0       0

ෂෆීක් Tuesday, 10 December 2013 03:35 PM

ඔසන් සලාම් - කටාර්, නිවැරදි කියමනක්. ඒ වගේම මේ මිනිස්සුන්ට වටහා දිය යුතුයි ඉදිරියට ඔවුන්ට ලැබෙන්න යන නිවාසවල, පරිසරයේ තිබෙන වටිනාකම. (ස)

:       0       0

ජීවක Wednesday, 11 December 2013 12:25 PM

ටිකක් ඉන්න මොහොමඩ්. ඔන්න අපි ඔයා කියන දේ ඇහුවා..අත තියන්නේ නැහැ යන්ත්‍ර වලින් ඉවර කරලා දෙන්නම්. ටිකක් ඉන්න. (ස)

:       0       0

තිලක් - ඩුබායි Tuesday, 10 December 2013 04:28 PM

ඔසාන් සලාම් - කටාර්. ඔබගේ අදහස නිවැරදියි. (ස)

:       0       0

ටිකිරි බණ්ඩා Tuesday, 10 December 2013 04:30 PM

මේ යන ක්‍රමයට අපේ නිවෙස් වලින් පන්නන දවසත් වැඩි ඈතක නැහැ. (ස)

:       0       0

තිලක් - ඩුබායි Tuesday, 10 December 2013 04:35 PM

දැන් ලංකාවේ අසරණයන්ට ඉතිරි වෙලා තිබෙන්නේ මාවත් දෙකකි.එකක් මැරෙන එක. අනික මැරෙන්න හෝ උද්ඝෝෂණ කරන එක. (ස)

:       0       0

ඔසන් සලාම් - කටාර් Tuesday, 10 December 2013 01:18 PM

ප්‍රථමයෙන්ම කළයුතු වන්නේ තමන් ජීවත්වූ නිවෙස් ඔවුන්ගේ ඇස්පනා පිටම කඩා දැමීම නොව ඔවුන් වෙනුවෙන් නිවෙස් තනා එහි ඔවුන් පදිංචි කර ඉන්පසුව කඩා ඉවත් කිරීමයි. ලොව කිසි කෙනෙකුත් තමන් ජීවත් වන්නාවූ නි‍වාස තමන් ඉදිරියේ කඩා දැමීම අනුමත නොකරති. එසේ කිරීම මිනිස් අයිතිවාසිකම් උදුරා ගැනීමකි. (ස)

:       0       0

නිහාල් Tuesday, 10 December 2013 01:25 PM

මේ දේශපාලකයින් ක්‍රියා කරන්නේ මේ මිනිසුන් පාරට ඇදල දානවා වගේ.(නදී)

:       0       0

මොහාන් Tuesday, 10 December 2013 01:25 PM

මෙම අනවසර ඉදිකිරීම් කඩා දැමීමට පෙර ඔවුන් සදහා විකල්පයක් දිය යුතුයි. මෙම පිරිසට කොලඹ නගර සීමාවෙන් පිට ගෙවල් ලබා දෙන්න.(නදී)

:       0       0

මදු Tuesday, 10 December 2013 01:30 PM

මේවා කඩා ඉවත් කරන්න ඕනි තමයි .වැලේ,වැල් නැති තමන් කරන්නේ මොක්ක් ද කියල දන් නැති පක්ෂයකට අවස්ථා වාදී සුළු තරයකට ලකුණු දා ගන්න මේක ලොකු අවස්ථාවක් වේයි . (නදී)

:       0       0

ප්‍රවීන් Tuesday, 10 December 2013 01:34 PM

වික්‍රම බාහුට බැරිද තමිල් නාඩු වෙන් පැලක් අටවා ගෙන ලංකාවට වද නොදී ඉන්න.(නදී)

:       0       0

මොහොමඩ් Tuesday, 10 December 2013 01:37 PM

මේ සමහර අයට ගෙවල් දෙක තුන තියනවා. මේ ගැන හොයා බලන්න ඕනි. මේ මුණු වල කිසිම කණගාටුවක් පේන්න නෑ. (නදී)

:       0       0

දයා අලහාකෝන් Tuesday, 10 December 2013 01:37 PM

මේ දුප්පත් මිනිසුන්ගේ පැල්පත්වලට ගිහිල්ලා පිල උඩ ඉදගෙන ඉදලා ඒ මිනිස්සුන්ගේ ඡන්දයෙන් බලයට ඇවිත්ලා දැන් ඒ පැල්පත් දකිනිකොට ලැජ්ජා හිතිලද මෙහෙම කරන්නේ. සුපිරි නගරයක් කරන්න හදන සුපිරි දේශපාලකයිනේ මේ සුපිරි වැඩ කරන්න කලින් මේ මිනිස්සුන්ට ඉන්න තැනක් හදලා දෙන්න. (නදී)

:       0       0

සරසී Tuesday, 10 December 2013 01:44 PM

මේ මිනිස්සුන්ට ගෙවල් එපා නම් ඔහොමම ඉන්න දෙන්න. එයාල කැමති ඇති ඒ ජිවිතේට. (ස)

:       0       0

චමත් ඉතාලිය Tuesday, 10 December 2013 01:46 PM

නාගරික සංවර්ධ අධිකාරිය මේ අයව අයින් කරන්න කලින් මෙයාලාට වෙන තැනකින් ඉඩම් දීලා ගෙවල් හදාගත්තාට පස්සේ මේ පැල්පත් කැඩුවා නම් තමයි හොඳ.... ඒත් අපි කිව්වා කියල ඕවා අහන කෙනෙක් ඉන්නවාද? (ස)

:       0       0

ශිරෝමි- පිළියන්දල Tuesday, 10 December 2013 01:49 PM

දුක් වෙන්න එපා මිනිසුනේ. ඔයාලට ඔය අපායට වඩා හොඳ ගෙවල් ලැබෙයි. (ස)

:       0       0

කුමාර Tuesday, 10 December 2013 01:56 PM

ඇපැල් වත්ත ගැන පසුගිය දවස්වල පුවත් පත්වල විස්තර තිබුනා.හොඳ ඒවා නොවෙයි.නමුත් කූඩැල්ලව කොට්ටෙ උඩ තියන්න බැරිකමකුත් තියෙනවා. (ස)

:       0       0

සාමා-ඇමරිකාව Tuesday, 10 December 2013 01:57 PM

චෝගම් වලට පාරවල් හදන්න, වරායවල් හදන්න, ගුවන් තොටුපොළ හදන්න ඕන තරම් අපේ රටේ සල්ලි තියනවා. දුප්පත් මිනිස්සුන්ට ගෙයක් හදල දෙන්න, ජීවන වියදම අඩු කරන්න විදිහක් නැහැ කොමිස්ගන්න, පගා ගහන වැඩ නිසා.(නදී)

:       0       0

සේනානායක Tuesday, 10 December 2013 01:59 PM

ලගදිත් පැල්පත් අයින් කරපු අයට ගෙවල් බෙදලා දුන්නා. වන්දිත් එක්ක. මෙයාලටත් ක්‍රමයක් හදල ඇති. අනවසර ඉදිකීරිම නම් ප්‍රශ්නයක් වෙයි. හැබැයි මේ යන විදියට මිනිස්සුන්ව පාරට ඇදලා දාන්නත් බැරි නැහැ. ඔය සහභාගී වෙලා ඉන්න පක්ෂ වල අයනම් මිනිස්සුන්ට අනුකම්පාවට නෙවෙයි අනුන්ගේ පහනෙන් එලිය බලල ජන්ද ගන්න ආව අය. (නදී)

:       0       0

විජිත පොන්සේකා Tuesday, 10 December 2013 01:59 PM

මංගල සමරවීර ,රවී කරුණානායක, වික්‍රමබාහුට හරි සතුටුයි.(නදී)

:       0       0

කුමාරන Tuesday, 10 December 2013 02:17 PM

ඔතන ඉන්නා 99% ගෙවල් තියෙනවා.ඔය පැල්පත් මුල් කොටගෙන ගොඩක් නීති විරෝධි වැඩ කරනවා.ඒවාට රැකවරණය දෙන්නෙ කුහක දේශපාලුවෝ.ඒක නිසා ඉවත් කරන්නම ඕනී.ඔතන ඉන්න ඔය නායකයන්ට ගොඩක් වේදනාවක් තිබේ නම් ඒ අයගේ නිවාස ඉදිරිපිට මෙම පැල්පත් පිහිටුවා ගන්න කියන්න. (ස)

:       0       0

රන්ජනී Tuesday, 10 December 2013 02:37 PM

කුමරන,මේ ඇත්තමද? මෙයාලගේ මුහුනු වලින් නම් ඒ බවක් තමා පේන්නේ. පැල්පත් තියෙන තරමට මෙයාලට වාසි ඇති. (නදී)

:       0       0

සදුන් Tuesday, 10 December 2013 02:43 PM

කොටින් ට කඩේ යන රැලම එකට එකතු වෙලා ! මංගල,වික්‍රම බාහු,රවී ලා ගැන බහුතර ජනතාව දන්නවා . (නදී)

:       0       0

පිටබැද්දර ජයා Tuesday, 10 December 2013 02:45 PM

ඕසන් සලාම් ඔය කියන විදියටම වැඩේ කරන්න කියල නාගරික සංවර්දනේට කියමු.(නදී)

:       0       0

එ.ඩී දයාරත්න - ඕස්ට්‍රේලියාව Tuesday, 10 December 2013 02:48 PM

මංගලත් ඔය දේම කළා. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මැතිවරණය නිරීක්ෂණයට පිටරටින් 116ක්
2024 සැප්තැම්බර් මස 20 5 0

ජනාධිපතිවරණය නිරීක්ෂණය කිරීම සඳහා ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂණ සංවිධානවල 116 දෙනෙක් මෙරටට පැමිණ සිටිති.


වෝකි ටෝකි පිපිරීම පිටුපස ඊශ්‍රායලය?
2024 සැප්තැම්බර් මස 20 42 0

වෝකි ටෝකි සහ පේජර් යන්ත්‍ර පුපුරුවා හරමින් ලෙබනනයට එල්ලවූ ප්‍රහාර මාලාව ඊශ්‍රායලය යුද ප්‍රකාශ කිරීමක් ලෙස සැළකිය හැකි බවත් එම ප්‍රහාරවලට නියත වශයෙන්


හොර ඡන්දයට වසරක සිර දඬුවමක්
2024 සැප්තැම්බර් මස 20 113 0

ජනාධිපතිවරණයේදී හොර ඡන්ද දමා මහාධිකරණයෙන් වරදකරුවකු වන පුද්ගලයෙකුට වසරක හිර දඬුවම් හෝ රුපියල් ලක්ෂ දෙකක දඩ මුදලකට යටත් වීමට සිදුවන බව මැතිවරණ කොමි


පත්තලගෙදරට ජ්‍යෙෂ්ඨ නිලධාරින් 20ක් ඇවිත් නෑ
2024 සැප්තැම්බර් මස 20 423 0

ජනාධිපතිවරණ ඡන්ද මධ්‍යස්ථාන සඳහා කැඳවීම් කර තිබූ ජ්‍යෙෂ්ඨ ඡන්ද ස්ථානාධිපතිවරු 20 පමණ පිරිසක් රාජකාරී සඳහා වාර්තා නොකිරීම හේතුවෙන් කොළඹින් පිරිසක් ගෙ


සරසවි කඩඉම නිකුත් වෙයි
2024 සැප්තැම්බර් මස 20 548 0

අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල මත විශ්ව විද්‍යාලවල ඒ ඒ උපාධි පාඨමාලා සඳහා සිසුන් ඇතුළත් කර ගන්නා අවම Z ලකුණු විශ්ව විද්‍යාල ප්‍රති


ජ‘පුර යළි විවෘත කරයි
2024 සැප්තැම්බර් මස 20 82 0

තාවකාලිකව වසා දැමූ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය ලබන අඟහරුවාදා (24 වැනිදා) යළි විවෘත කරන බව එම විශ්වවිද්‍යාලයේ පාලන අධිකාරිය පැවසීය.


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14546 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 128 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 93 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 138 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site