(ජී. ඩබ්ලිව්.කේ.ප්‍රේමතිලක ද සිල්වා)
සිව්දෙනකුගෙන් යුත් කොල්ල කල්ලියක් මෙරට සංචාරයක් සඳහා පැමිණි පීලීපීන ජාතික කාන්තාවකගේ බෑගයේ තිබූ රුපියල් 90,000.00,ඇමරිකානු ඩොලර් 100 සහ ඕස්ට්‍රේලියානු ඩොලර් 200 ක් ගාල්ල සමනල ක්‍රීඩාංගනය අසලදී කොල්ලකා පලාගොස් ඇතැයි ගාල්ල පොලීසිය කියයි.
මෙම කාන්තාව තම බෑගය බිම තබා ජංගම දුරකතනයෙන් ඇමතුමක් ලබා ගනිමින් සිටින අතර තුරදී මෙම කොල්ල කල්ලිය එම ස්ථානයට පැමිණ ඉන් එක් අයකු බෑගය ගෙන රත්ගම වෙරළ දිශාවට දුවගොස් තිබේ.
ඒ අවස්ථාවේදී මෙම කාන්තාවද ඔවුන් ලුහු බිඳිමින් දිවගොස් ඇති අතර එතැනදී ඇය ඇද වැටීම හේතුවෙන් සීරිම් තුවාල ලබා තිබේ.
ශ්‍රී ලංකාවේ සංචාරයක් සඳහා පැමින සිටි මෙම පිලිපීන කාන්තාව රත්ගම ප්‍රදේශයේ හෝටලයක නවාතැන් ගෙන සිටි අතර ගාල්ල නගරයේ සහ කොටුවේ සිරි නැරඹීමට පැමින සිටි අවස්ථාවේදී මෙම ඇබැද්ධියට මුහුන දී තිබේ.
පසුව කළ සොයා බැලීමේදි මෙම බෑගය අතර මග දමා ගොස් තිබී සොයා ගෙන ඇති අතර එහි තිබූ මුදල් සොර කල්ලිය රැගෙන ගොස් තිබූ බවත් බෑගයේ තිබූ විදේශ ගමන් බලපත්‍රය පමනක් එහි තිබී සොයාගත් බවත් පොලීසිය කීය.
නුවරඑළිය මහා නගර සභාව මගින් සංවිධානය කරනු ලබන “වසන්ත මල් දැක්ම” වික්ටෝරියා උද්‍යානයේදී දෙදිනක් පුරා පැවැත්විණි.
මහරගම නගර මධ්‍යයේ ඇති පෞද්ගලික බැංකුවක් ඇතුළු ආයතන කිහිපයක් පවත්වාගෙන යන ගොඩනැගිල්ලක ආරක්ෂක කුටිය ගිනි තැබූ බව කියන එම ගොඩනැගිල්ලේ ආරක්ෂක නියාමකවරය
පළාත් පාලන මැතිවරණයට ජනතාවගේ උනන්දුව ඉතාම අඩු බව මැතිවරණ නිරීක්ෂකයන් වාර්තා කර ඇතැයි ෆැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා ලංකාද
ශ්රී දන්ත ධාතූන් වහන්සේ වැඳ පුදා ගෙන ආශිර්වාද ලබා ගැනීම සඳහා අද 19 වන දිනයේදීත් ලක්ෂ ගණනක ජනතාවක් සැදී පැහැදී සිටියහ.
අතීතයේ ගමේ සංවර්ධනයට වෙන් වූ මුදල් ගමට ලැබී ඇත්තේ සුළු ප්‍රමාණයක් බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවසුවාය.
හාලිඇල ප්‍රදේශයට අද (19) පස්වරුවේ පතිත වූ ධාරානිපාත වර්ෂාෂාවත් සමඟ හාලිඇල නගරයේ දුම්රිය පල හරහා උණගොල්ල මාර්ගය සම්පූර්ණයෙන්ම ජලයෙන් යටවීම නිසාවෙන් රථව
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
පිලිපීන කතගේ බෑගය සොරා ගනී
Pradeep Kumara Wednesday, 03 May 2023 08:27 AM
එන්න, ඔහොම කරලා අපි සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කරමු. කලාපයේ අනෙකුත් රටවල විශේෂයෙන්ම මාලදිවයිනෙහි විදෙස් සංචාරකයින්ට තිබෙන ආරක්ෂාව සහ පහසුකම් එක්ක බලන විට අපේ රටට මෙහෙම හරි සංචාරකයෝ එන එක අගය කරන්න ඕන. විදේශිකයින් කීප දෙනෙක්ම තම තමන්ගේ යූ ටියුබ් චැනල් වලින් අපේ රට ගැන ඉතාමත් හොද ප්‍රසිද්ධියක් ලබා දෙන මොහොතක අපි මෙවැනි ක්‍රියා කර කර ඉමු.
බී.එම්. ආර්. බස්නායක Wednesday, 03 May 2023 10:07 AM
ඉතින් සංචාරක කර්මාන්තය දියුණු වෙයිද? රටේ ගෞරවයට මොකද වෙන්නෙ? හොරුන්ට, දූෂකයින්ට නිසි දඩුවම් නොමැති නිසා මේ අපරාධ සදහටම පවතීවි.
පැරකුම්Wednesday, 03 May 2023 03:16 PM
ඔබ නිවැරදියි බොහෝවිට මෙවැනි අපරාධ කරුවන් ඇල්ලුවත් ඔවුනට ප්‍රමානවත් දඩුවම් ලැබෙන බවක් නොපෙනේ අදාල පරිදි නීති රෙගුලාසි සංශෝධනය කිරීම වහා සිදුවිය යුතුය.
Kumar (Gulf) Wednesday, 03 May 2023 05:28 PM
ඇමැතියයි, පොලිසියයි නිදි... පොලිසියට හොරුන්ගෙන් කොටහ ලැබෙනවා ඇති...