ඔලිම්පික් පදක්කම් 19 ක් දිනාගනිමින් ලෝක වාර්තාවක් පිහිටු වු ඇමරිකානු ජාතික පිහිනුම් කී‍්‍රඩක මයිකල් පෙල්ප්ස්, සිය 20 වැනි ඔලිම්පික් පදක්කම දිනා ගත්තේය. පෙල්ප්ස් ඊයේ (2) පැවැති මීටර 200 කේවල මිශ‍්‍ර ඉසව්ව විනාඩි 1. තත්පර 54.27 ක කාලයකින් තරගය නිමකර රන් පදක්කම දිනා ගත්තේය. බීජිං ඔලිම්පික් උළෙලේදී රන් පදක්කම් 8 ක් දිනාගත් පෙල්ප්ස්, මෙවර ලන්ඩන් ඔලිම්පික් උළෙලේදී රන් පදක්කමක් දිනාගත් පළමු කේවල ඉසව්ව මෙය වේ. පෙල්ප්ස්, ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලකදී දිනාගත් 16 වැනි රන් පදක්කම ද මෙය වන අතර ඔහු රිදී පදක්කම් දෙකක් සහ ලෝකඩ පදක්කම් දෙකක් දිනාගෙන තිබේ. මෙවර ක‍්‍රීඩා උළෙලේදී පෙල්ප්ස් මේ දක්වා දිනාගෙන ඇත්තේ රන් පදක්කම් දෙකක් සහ රිදී පදක්කම් දෙකකි. මෙවර ඔහු මීටර 200X4 නිදහස් ආර කණ්ඩායම් ඉසව්වෙන් පළමු රන් පදක්කම දිනා ගත්තේය. පෙල්ප්ස්ට මීටර 200 කේවල මිශ‍්‍ර ඉසව්ව ඉසව්වේදී අභියෝගයක් වු ඔහුගේම කණ්ඩායම් සගයා වන රයාන් ලොච් රිදී පදක්කම දිනා ගත්තේය. කෙසේ වෙතත් බදාදා පැවැති මෙම ඉසව්වේ අවසන් පූර්ව තරගයේදී පෙල්පස් පරදවා ලොච් ජය ලැබීය. මෙම ඉසව්වේ ලෝක වාර්තාවේද හිමිකරුවා වන රයාන්, විනාඩි 1. තත්පර 54.90 කින් තරගය නිම කළේය. හන්ගේරියාවේ ලැස්ලෝ කැෂී විනාඩි 1. තත්පර 56. 22 ක කාලයකින් තරගය නිමකර ලෝකඩ පදක්කම හිමිකර ගත්තේය.
විදේශයන්හි බැංකු සහ මූල්‍ය ආයතනවල කෝටි ප්‍රකෝටි ගණනින් මුදල් තැන්පත් කර ඇතැයි තොරතුරු සඳහන්වී ඇති දේශපාලනඥයන් සහ රාජ්‍ය නිලධාරින් 13 දෙනෙකු සම්බන්ධ
මහනුවර කොණ්ඩසාලය ප්‍රදේශයේ හෝටලයක නවාතැන් ගනිමින් පිරමීඩ මූල්‍ය වංචාවක නිරත වූ බවට සැකකරන චීන ජාතිකයන් සියයකට අධික ප්‍රමාණයක් මහනුවර කොට්ඨාස අපරාධ
ආපදා සහන සැලසීමේ ක්‍රියාවලිය පිලිබදව ඉදිරියේදී විශේෂ අධීක්ෂණයක් කිරීමට අපේක්ෂිත බැවින් පීඩාවට පත්වන ජනතාව වෙත දිනකට පෝෂ්‍යදායි, පිරිසිදු ආහාර වේල්
වත්කම් බැරකම් ප්‍රකාශ නැවත බාර දෙන ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225 දෙනාටම අල්ලස් හෝ දූෂණ චෝදනා චෝදනා විමර්ශන කොමිෂන් සභාව දැනුම් දී ඇත.
ජනාධිපතිවරණයට තරග කළ අපේක්ෂකයන්ට වියදම් වාර්තා බාරදීම සඳහා දුන් කාලය හෙට(13) සවස 3න් අවසන් වේ.
සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්ජිනේරු අජිත් මාන්නප්පෙරුම මහතා මෙවර මැතිවරණ සටනින් ඉවත්වීමට තීරණය කර ඇත.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
පෙල්ප්ස් සිය 20 වැනි ඔලිම්පික් පදක්කම රනින් සරසවයි
මුල්ලගේ Saturday, 04 August 2012 11:43 PM
ඇමරිකාව පරද්දන්න බැරිද? ඒගොල්ල හැමදාම දිනුම්. මොකද්ද රහස?(නු)
බණ්ඩාර Saturday, 04 August 2012 02:52 PM
අවංකවම මම සුභ පතනවා.. ඔහු ඉතාම දක්ෂයි.. සුභ පැතුම්...! (නු)
නිෂාඩ් ප්‍රීනා Monday, 06 August 2012 04:12 PM
අනේ අපිට පෙල්ප්ස් වගේ කෙනෙක් කවදා බිහිවෙයිද? (නි)
දුෂ්‍යන්ත Sunday, 05 August 2012 09:51 PM
සැබෑම දක්ෂයෙකි. සුභ පැතුම්! (නි)
ඩේවුඩ් Friday, 03 August 2012 07:01 PM
කවුරු මොනවා කිවුවත් මෙයාලා තමයි සුපිරි වැඩ කාරයෝ. (නි)