IMG-LOGO

2024 ඔක්තෝබර් මස 06 වන ඉරිදා


‘පාලම් කතාව බොරු‘

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව යා කරමින් තලෙයිමන්නාරමේ සිට පාලමක් ඉදිකිරීමට ඉන්දියා  රජය හෝ ශ්‍රී ලංකා රජය කිසිදු සාකච්ඡාවක් පවත්වා නැතැයි මෛත්‍රීපාල සිරිසේන ජනපති පැවසීය.

එවන් අමනෝඥ හා දේශද්‍රෝහි ක්‍රියාවන් රජය කිසිසේත් සිදු නොකරන අතර රජය අප්‍රසාදයට පත් කිරීමට කරන මෙම ප්‍රකාශ  තරයේ ප්‍රතික්ෂේප කරන බව ද ජනපති කිවේය.

තලවතුගොඩ, ගනේලන්ද විහාරස්ථානයේ අද (10) පස්වරුවේ පැවති උත්සවයකට එක්වෙමින් ජනපති ඒ බව සඳහන් කළේය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් බෞද්ධාගම පිළිබද ඡේද ඉවත් කරමින් මේ රට අනාගමික රටක් ලෙස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් කිරීමට නව රජය සූදානම් වන බවට පටු දේශපාලන අන්තවාදීන් ගෙන  යන අසත්‍ය ප්‍රචාර ද තමා තරයේ ප්‍රතික්ෂේප කරන බව සිරිසේන මහතා කීවේය.

 



අදහස් (0)

‘පාලම් කතාව බොරු‘

ලලිත් සෞදි Thursday, 11 August 2016 05:47 AM

මම නම් කියන්නේ මේ පාලම කොහොමහරි ඉක්මනින් හදන්න. ලෝකය ගැන දන්නේ නැති මිනිස්සු මේවට විරුද්ධ වුණාට බලන්න සෞදි අරාබියයි බහරේනයයි කිලෝමීටර් 25 දිග පාලමකින් යා කරලා තියෙන්නේ. එ්කෙන් රටවල් දෙකටම වාසියි. නිකන් මේ දෙහිවල පාලම වගේ එහාට මෙහාට යන්න ඒවායින් බැහැ, සල්ලි අය කරනවා. මේ අපේ මිනිස්සු හිතන විදිහට ඕනෑම හොරෙකුට තක්කඩියෙකුට එයින් යන්න බැහැ. බලන්න ලංකාවයි ඉන්දියායි අතර පාලමක් හැදුවොත් දඹදිව යන්නම කොයිතරම් ලේසිද? (නි)

:       0       0

වින්සන්ට් Thursday, 11 August 2016 05:49 AM

දහම් මහතා කියනවා වගේ දේශපාලකයන් බොරු කියන එකේ සීමාවක් වගේම දේශපාලකයන්ගේ පුත්තු හොරකම් කරන එකෙත් සීමාවක් තිබිය යුතුයි නේද? (නි)

:       0       0

ඉන්ද්‍රා Wednesday, 10 August 2016 08:01 PM

ගරු ජනාධිපතිතුමනි, ඔබතුමාව පත්කර ගත්තේ වැටුණු රට බේරාගැනීම සඳහා. කෙසේ වෙතත් පාලම් අපට එපා. නව ගිවිසුම් අපට එපා. මෙහෙම වෙන්න ගියොත් පහුගිය රජයට වුණදේම මේ රජයටත් වේවි (නි)

:       0       0

වින්සන්ට් Wednesday, 10 August 2016 08:19 PM

කොහොමහරි දැනගෙන මෙහෙම ජනතාව දැනුවත් කරන එකත් ඉතා වැදගත්ය. නැත්නම් දේශපාලන අනාථයන් කියන දේ පිළිගන්නා සමහරක් අය මුලාවීමට පුළුවන්. (නි)

:       0       0

රවී Wednesday, 10 August 2016 08:27 PM

ජනතාවගේ සිහින විනාශකරන්න එපා (නි)

:       0       0

සිරි Wednesday, 10 August 2016 08:27 PM

මගේ අම්මෝ, එ්ක කියන්න ගිය කල්?? (නි)

:       0       0

මොහාන් Wednesday, 10 August 2016 09:04 PM

අනේ මන්දා මොනවා වෙයිද කියලා ඉදිරියේදී? (නි)

:       0       0

රන්ජි Wednesday, 10 August 2016 09:48 PM

චතුරි, ඔයාගේ මොළය කරවෙලා වගේ පෙනෙන්නේ. රජයේ ඇමති කෙනෙක් තමයි ඉන්දියාවේදී පාලම ගැන කිව්වේ, අව්වේ ගිය අය නොවෙයි. (නි)

:       0       0

බන්දුල Wednesday, 10 August 2016 10:01 PM

මේක බොරුවක් කියලා කියන්න මේ වෙනකම්ම හිටියද. (නි)

:       0       0

බමුණු ආරච්චි Wednesday, 10 August 2016 10:05 PM

චතුරි දකින්නේ පාද යාත්‍රාව විතරද? අර කාගෙවත් කාර්වල හෝන් ගහනකොට, කුස්සිවල වළං පිඟන් සද්ද කරන්න කියනකොට ඔයා කොහෙද හිටියේ (නි)

:       0       0

ජයවීර Thursday, 11 August 2016 06:19 AM

ලලිත් මහතා සමඟ මම එකඟයි. ඔබට ජය! (නි)

:       0       0

මහින්ද ආර් කිතුල්ගොඩ සී ෂෙල්ස් Wednesday, 10 August 2016 10:44 PM

සමහරවිට ඔබතුමාටත් ආරාධනාපත් දෙයි එ්ක විවෘත කරන්න. පත්තරේ දැම්මොත් නම් හොඳයි (නි)

:       0       0

දමිත් Wednesday, 10 August 2016 11:26 PM

ජනපතිතුමනි, කොළඹ වරාය බදු රහිත විවෘත වරායක් කරලා මේ පාලම ඉදිකරන්න. මේ පාලම ඉදිකරලා දුම්රිය මාර්ගයක් ඉදිකරන්න. ඉන්දියාවටත් විශාල ආර්ථික වාසි සැළසෙනවා. ලංකාවෙත් කොළඹ නගරය හා වරාය විශාල දියුණුවක් ලබනවා. ඇයි මේ දේ කරන්න පසුබට වෙන්නේ. කව්රු දේශපාලන වාසි වෙනුවෙන් විරුද්ධ වුණත් ඒවාට සැළෙන්න එපා. (නි)

:       0       0

සාගර Thursday, 11 August 2016 06:41 AM

එහෙම නම් සොරිම තමයි. අර වැට් බද්ද වගේ පාලම හැදෙන එක අනිවාර්යයි. මොකද එතුමා වැට් එක ගැන කිව්වීත් ඔහොමනෙ (නි)

:       0       0

තුෂාර Thursday, 11 August 2016 12:13 AM

පොඩ්ඩක් මේක කියවලා බලන්නකෝ. http://www.ndtv.com/india-news/india-sri-lanka-bridge-on-cards-nitin-gadkari-1394494 (නි)

:       0       0

නදී Thursday, 11 August 2016 06:50 AM

පිටරට වල තිබෙන ප්‍රශ්න මේ රටට ගෙනෙන්න එපා ලලිත්. ඔබට මේකේ බරපතලකම නොතේරෙන නිසා තමා මේ වගේ ප්‍රකාශ කරන්නේ. (නි)

:       0       0

නන්දලාල් ද සිල්වා - ප්‍රංශය Thursday, 11 August 2016 06:59 AM

ඒකාබද්ධ විපස්ෂය යැයි කියාගන්න මේ අය පාලමක් ගැන කතා කරන්න පටන්ගත්තේ පැරදුන රජ යළිත් පුටුවේ හිඳුවා වංචා, දුෂණ, ඒ කාලේ කරපු මදාවිකම්, තක්කඩිකම් ආදිය යට ගහන්න මිස වෙන මොනවාටද? (නි)

:       0       0

ශශිකා Thursday, 11 August 2016 12:29 AM

චතුරි, මේ ප්‍රකාශය කරලියට ආවේ ඉන්දීය අමාත්‍යවරයෙකුගෙන් නොවේද? ඔහුත් ඔබ කියන ලෙස පාද යාත්‍රා ගියාද..?? (නි)

:       0       0

රංග Thursday, 11 August 2016 07:28 AM

වැරැදුණාට පස්සේ දැන් කියනවා බොරු කතා කියල අායිමත් අපි රැවටෙන්නේ නැහැ මහත්තයෝ (බ)

:       0       0

දහම් Thursday, 11 August 2016 01:25 AM

දේශපාලකයෝ බොරු කියන එකෙත් සීමාවක් තියෙන්න ඕනෑනේ. නේද? (නි)

:       0       0

රූපවතී Thursday, 11 August 2016 07:40 AM

ඔයාල තොත්ත බබාලා ගානටද. රටේ බුද්ධිමත් පුරවැසියන්ව දකින්නේ ? එහෙම දෙයක් රනිල් සමග ඉන්දියාවේ අගමැති කතා නොකළානම් හින්දු ටයිම්ස් පුවත්පතේ පල කරනවාද? ඉන්දිඅන් රජය ලැබූ ලොකුම ජයග්‍රහණය තමයි ඉන්දියාව සහ ශ්‍රී ලංකාව දෙරට අතර ඉදිවෙන පාලම,(බ)

:       0       0

මුණසිංහ Thursday, 11 August 2016 01:41 AM

ඒ කියන්නේ බොරු කියලා ජනතාව මුලා කරන ඇමතිවරුත් ආණ්ඩුවේ ඉන්නවා. නේද? (නි)

:       0       0

සිල්වි Thursday, 11 August 2016 04:27 PM

පාලම හැදුවා කියලත් ඉදිරියේදී දැනගන්න වෙන්නේ පත්තරෙන් තමා. (නි)

:       0       0

ජනහිත Thursday, 11 August 2016 02:35 AM

කවුරු ඇත්ත කියනවද, කවුරු බොරු කියනවද කියලා මට හිතා ගන්න බැහැ. ඔය කියන කතාව අපි ඇත්ත කියලා පිළිගනිමු. එතකොට ඒ බොරුව හැදුනේ කොහොමද? මම අහලා තියනවා හැම බොරුවකම ඇත්තක් තියනවා කියලා. (නි)

:       0       0

කවිඳු Thursday, 11 August 2016 04:53 PM

නැහැ ඉතින් ඔබතුමාත් නොදැන, පත්තරෙත් නොදා කරපු දෙයක්ද දන්නේ නැහැනේ ඔය පාලම...

:       0       0

බණ්ඩාර - කැකිරාව Thursday, 11 August 2016 08:43 AM

මෙතුමා මෙහම කීවට රනිල් අගැමති තුමා එක්ක වෙන කතාවක් කියාවි.අන්තිම දේ පාලම හදල විතරක් නෙමෙයි කොළඹ සිට තමිල්නාඩුවට දුම්රිය ගමන්වාරයක් ආරම්භ කරාවි.එවිට අපිට කරදරයක් නැතිව දඹදිව වදින්න යන්න පුළුවන්. ඒ නිසා මේ පාලම හදන එක කොච්චර හොදයිද. (බ)

:       0       0

සෙනරත් Thursday, 11 August 2016 03:00 AM

ඇත්ත ඇත්ත. මෙතුමා ඒක දැනගන්න විදියක් නැහැ තවම. (නි)

:       0       0

ජයසිරි Thursday, 11 August 2016 03:03 AM

ගින්නක් නැතුව දුමක් නගින්නේ නැහැනේ (නි)

:       0       0

හිරාන් Thursday, 11 August 2016 04:08 AM

චතුරි, පාද යාත්‍රාව ගැන විතරක් උලුප්පන්න එපා, ඔයාට මතක නැද්ද දැන් ඉන්න අය ඒ කාලේ ආණ්ඩුවට විරුද්ධව පොළේ ගියා, කොල්ලුපිටිය හන්දියේ හෝන් නාද කළා. රටේ තියෙන ප්‍රශ්න සියල්ල ජාතිත්‍යන්තරයට මවලා පෙන්නුවා. තව කියන්න බොහෝ තියෙනවා. අනේ චතුරි ඔයාට සතුටුද දැන්. (නි)

:       0       0

හිරාන් Thursday, 11 August 2016 04:11 AM

මෙතුමා හදන්නේ නැහැ කියලා කිවුුවොත් එ්ක අනිවාර්යෙන් හදනවා කියලා අපි හිතාගන්නවා. වැට් එක ගහන්නේ නැහැ කියලා පුරසාරම් දෙඩුවට පහුවෙනිදා වැට් එක ක්‍රියාත්මකයි. අපිට තේරෙන දෙයක් තමයි තීන්දු තීරණ ගන්නේ මෙතුමා නොවන බව. අපට තිබෙන්නේ යහපාලනය ගැන කළකිරීමක් පමණි. (නි)

:       0       0

චතුරි Wednesday, 10 August 2016 03:50 PM

පාද යාත්‍රාවෙන් පසුව. කට්ටියම විකාර කතා. දොඩවනවා අව්වට වෙළුන වැඩිකමට දිය පට්ටා ඇවිත් තියෙන්නේ ඔලුවේ. වේදනාව වැඩි කමට මේ කතා කියන්නේ (රේ)

:       0       0

මොහාන් Wednesday, 10 August 2016 04:00 PM

අයියෝ ජනාධිපතිතුමනි , ගම්මන්පිල මහත්තයාගේ ආතල් කඩන්න එපා.(රේ)

:       0       0

ඉසුරන්දි Thursday, 11 August 2016 04:54 AM

එහෙම නොවෙනවා නම් ලොකු දෙයක්. පේනවනේ, අද මුළු ලෝකෙම ඉන්දියා ආක්‍රමණ එමටයි. (නි)

:       0       0

තුසිත Thursday, 11 August 2016 04:58 AM

ඉන්දියා ගිහින් එකක් කියනවා. ලංකාවේ අපට එකක් කියනවා. දෙවියෝවත් දන්නේ නැතුව ඇති මොකද වෙන්නේ කියලා (නි)

:       0       0

පාලිත වීරතුංග Wednesday, 10 August 2016 04:45 PM

ජනාදිපති තුමා මෙයත් පත්තරයේන්ද දැනගත්තේ(රේ)

:       0       0

ධම්ම Wednesday, 10 August 2016 04:56 PM

මේ ඔබතුමා අපට කියන දේ. එහෙත් සිදුවෙන්නේ අනෙකක්. උදා: වැට් බද්ද. උදාහරණ තව ඕන තරම් දෙන්න පුළුවන්.(රේ)

:       0       0

නුවන් Thursday, 11 August 2016 05:04 AM

බොරු කතා හදන එකයි මේ හැමදේටම මුල.(හේ)

:       0       0

උද්දික Thursday, 11 August 2016 05:11 AM

පාලමක් හැදුවොත් ලංකාවත් ඉංදියාවේ ප්‍රාන්තයක් තමයි.(හේ)

:       0       0

ආසිරි Thursday, 11 August 2016 05:17 AM

එහෙනම් හොදයි.(හේ)

:       0       0

දයාන් Thursday, 11 August 2016 05:12 AM

ජාත්‍යන්තර විනිසුරන් මෙරටට නොගෙන් වීම මෙන්ම, පාලම් කතාවද යථාර්තයක් නොවේවා ! (හේ)

:       0       0

මහේෂ් ඩුබායි Thursday, 11 August 2016 02:07 PM

මෙයා නෑ කියුවනම් ඉතින් අනිවාර්යයෙන් ඔය පාලම හදනවමයි. මෙයා නමට ජනාධිපති . (බ)

:       0       0

රත්නායක Wednesday, 10 August 2016 07:15 PM

සමහර දේශප්‍රේමීන්ගේ පවුල් ඇමෙරිකාවේ සැපට ජීවත්වෙනවා කියලා අපි දන්නවා (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ගොඩගැහුණු පැමිණිලි අවසන් කරන්න දින 14ක්
2024 ඔක්තෝබර් මස 06 25 0

පොලිස් ස්ථානවල ගොඩ ගැසී ඇති විවිධ පැමිණිලි ඉදිරි සති දෙක තුළ අවසන් කළ යුතු බවට වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා නියෝග කර ඇති බව පොලිස් මාධ්‍ය


මහ මැතිවරණයට එන්නේ පක්ෂයේ ලකුණෙන්
2024 ඔක්තෝබර් මස 06 58 0

ඉලංගෙයි තමිල් අරුසු කච්චි පක්ෂය එම පක්ෂයේ ලකුණ යටතේ ඉදිරි මහ මැතිවරණයට තරග වදින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ සුමන්තිරන් මහතා පැවසීය.


ජලය නොමැති ගම්මාන පහක්
2024 ඔක්තෝබර් මස 06 87 0

ගම්පොළ බෝවල ප්‍රදේශයේ පිහිටි ගම්මාන පහක් තුල පරම්පරා කිහිපයක් පුරා ජල අවශ්‍යතා සපුරා ගැනීමට නොහැකි වීමෙන් දරුවන් හදා වඩා ගැනීම සීමා කිරීම හා ගම්මාන හ


හෙට සිට රාජ්‍ය බුද්ධි සේවයට නව අධ්‍යක්ෂකවරයෙක්
2024 ඔක්තෝබර් මස 06 642 0

නියෝජ්‍ය පොලිස්පති ධම්මික ප්‍රියන්ත මහතා රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ ලෙස පත් කරනු ලැබ සිටින අතර ඔහු හෙට (07) වැනි දා එම තනතුරේ වැඩ භාර ගැනීමට නියමිතය.


ජීවිත ආරක්ෂාවට දුන් ‍ෂොට්ගන් නැවත භාර දෙන්න
2024 ඔක්තෝබර් මස 06 547 0

අරගලයෙන් පසු ජීවිත ආරක්ෂාව සඳහා රිපීටර් වර්ගයේ ෂොට් ගන් තුවක්කු මිලදී ගත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටද එම අවි නැවත භාරදෙන ලෙස ආරක්ෂක අමාත්‍යා


එවරස් කන්දේ උස වෙනස් වෙලා
2024 ඔක්තෝබර් මස 06 746 1

අරුන් ගංගා ද්‍රෝණියේ පාෂාණ සහ පස් ඛාදනය වීමෙන්, ලොව උසම ශිඛරය ලෙස සැලකෙන එවරස්ට් කන්ද වසරකට මිලිමීටර් 2 කින් ඉහළ යමින් පවතින බව නවතම අධ්‍යයනයකින් හෙළි ව


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39187 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25599 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 328 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1091 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 381 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site