(සුජිත් හේවාජුලිගේ )
පාරේ පෝලිම් වල ඉන්න මිනිස්සු දැක්කම හිතට පුදුම වේදනාවක් දැනෙන බව සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවසීය.
මෙහෙම ඉන්න මිනිස්සුන්ගෙ මූණු බලන්නේ කොහොමදැයි හෙතෙම ප්‍රශ්න කළේය.
" මොකද මේ රටට වුණේ. මේ වගේ දෙයක් වේවි කියලා අපි කවුරුත් හිතුවද" යැයිද මන්ත්‍රීවරයා කීවේය.
වෛද්‍ය උපාධිය හදාරන තරුණ තරුණියන් අවසාන විභාගය හදාරන විට එංගලන්තයේ රස්සාවකට පාර විවෘත වන විභාගයටද එකවර පෙනී සිටින බවත් ඔවුන්ගේ අරමුණ විභාගය අවසන් වූ ගමන්ම විදේශ ගතවීම බවත් හර්ෂ ද සිල්වා මහතා වැඩිදුරටත් පැවසීය.
ජාතික ජන බලවෙග රජයේ නව කැබිනට් මණ්ඩලය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ අද (18) පෙරවරු 10ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී දිවුරුම් දීමට නියමිතව ඇත.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන අංශය විසුරුවා හැරි බව එම අධිකාරියේ උසස් නිලධාරියෙක් පැවසීය.
මන්නාරම, වෙඩිතලතිව් යුද හමුදා පුහුණු කඳවුරේ පුහුණුව ලබන සෙබළුන් අතර උණ රෝගයක් පැතිරයාම හේතුවෙන් එම කඳවුරේ සෙබළුන් පිරිසක් කඳවුර තුළ නිරෝධායනය කිරීමට
පාර්ලිමේන්තු මහ මැතිවරණයට ජාතික ජන බලවේගයෙන් ඉදිරිපත් වූ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ විද්‍යාර්ථීන් 24දෙනාගෙන් විසි දෙදෙනෙකුම පාර්ලිමේන්තුවට
සංචාරක නවසීලන්ත පිල සහ ශ්‍රී ලංකා පිල අතර තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ මහනුවර පල්ළෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දැන් පැව
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මුර්දු ප්‍රනාන්දු මහත්මිය නව අග විනිසුරු ලෙස පත්කිරීමේ නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අනුමත කර ඇත.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
පෝලිම් දැක හර්ෂත් හඬයි
Roshan Tuesday, 14 June 2022 04:25 PM
අනේ ඔයත් අර බන්දුල ගුණවර්ධන වගේ විරුද්ධ පක්ෂයේ ඉන්නකොට එක එක ඔස්තාර්ලා පොර ටෝක් දෙනවා. කරන්න කිව්වාම එක එක හේතු කියලා මගඅරිනවා... සේරම කටින් පම්පෝරි ගහන අයයි.
nimal Tuesday, 14 June 2022 04:37 PM
පාරේ පෝලිම්වල ඉන්න මිනිස්සු දැක්කාම හිතට පුදුම වේදනාවක් දැනෙන්නේ... පාරේ පෝලිම් ආරම්භ වූයේ දැනට මාස 5කට පමණ පෙර, අර 3 වීල් පැදපු කාලේ, අමතක නම් වෙන්න විදියක් නෑ. අර්බුද අවස්ථාවේ අගමැතිකම ගන්න කිව්වා, මුදල් ඇමතිකම ගන්න කිව්වා. කොන්දේසි දමමින් මොවුන් සියලුදෙනා මගහැරියා. බෝලය පාස්කළා. මහාමැතිවරණයේදී ජනතාවගේ මනාපයෙන්, වැඩි ඡන්දෙන් පාර්ලිමේන්තු පැමිණි සියලුදෙනා පෝලිම්වල ඉන්න මිනිස්සු වෙනුවෙන් පෙනී නොසිට වගකීම පැහැර හැරියා සහ තවමත් මගහරින් සිටිනවා. තනතුරු ගැන හිතලා ජනතව අමතක කළා. පාරේ පෝලිම්වල ඉන්න මිනිස්සු මේ වනවිට තීන්දුකර හමාරයි. දැන් ඉතින් හඬලා ඵලක් නෑ. කිරිපිටි තිබෙනවා. ගාන නම් ටිකක් වැඩියි.
Tharindu PereraTuesday, 14 June 2022 05:34 PM
අපොයි ඔව්, ගාණ වැඩි වුණත් කිරිපිටි තිබුණම මදෑ නේ? අනිත් ප්‍රශ්න මොනවත් ප්‍රශ්නයක් නෙවෙයි. කොච්චර කිව්වත් හොරුත් එක්ක මේ ගමන යන්න බෑ කියලා තේරුම් ගන්නෙම නැති හැටි.. මේ අඥාන මිනිසුන්...!
Nihal Wednesday, 15 June 2022 12:37 PM
බොරුවට නෙමෙයිනෙ
Nathalie Wednesday, 15 June 2022 04:03 PM
අනේ ඔයාගේ කිඹුල් කඳුළු වලට මට වමනේ ගියා.
Ralph Solomons Thursday, 16 June 2022 05:42 AM
කණගාටු වී වැඩක් නැහැ. ඔබතුමන් ලා පවා මේ තත්වයට වගකිව යුතුය. දැන්වත් මේ රටට සුදුසු නායකයෙක් හා ආනයන ආර්තිකය මෙහෙයවන්න පුලුවන් නායකයෙක් පත් කර ගත යුතුය. ණය ගැනිම දැන්වත් නතර කල යුතුය.